වැලිකඩ බන්ධනාගාර කැරැල්ලේදී නමගිය අපරාධකරුවෝ 11 දෙනකු වෙඩිකා මරුමුවට පත්වූ බව පොලිසිය කියයි. අසරප්පුලිගේ ජෝතිපාල හෙවත් කපිල, කංකානම්මලාගේ මල්නිදු නිලේන්ද්‍ර පැල්පොල මාලන්, ටී. එච්. ලෙස්ටර් ද සිල්වා (පෝරකයට නියමවී සිටි තිදෙනෙකි) මොහොමඞ් විජය රෝහණ හෙවත් ගුණ්ඩු (ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින්නෙකි) මලික් සමීර පෙරේරා හෙවත් කොණ්ඩ අමිල (ආයුධ සහ කුඩු සඳහා සිරදඬුවම් විඳින්නෙකි* ඒ.එම්. තිස්ස කුමාර (ස්ත‍්‍රී දූෂණ සඳහා සිරදඬුවම් විඳින්නෙකි) අස්වර්ඞීන්, හර්ෂ ශ්‍රී මනිකීර්ති පෙරේරා හෙවත් මංජු ශ්‍රී හර්ෂ (කෝට්ටේ රජමහා විහාරයේ හිමියන් දෙනම ඝාතන සැකකරුවෙකි) නිර්මල අතපත්තු (කුඩු නඩුවකදී වැරදිකරවකු විය) තුෂාර චන්දන හෙවත් කළු තුෂාර (මිනීමැරුම් හා මංකොල්ලකෑම් වලට හවුල්වී සිරදඬුවම් විඳින්නෙකි) ආර්. සුසන්ත පෙරේරා (මාළිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණයේ සිරමැදිරිය කඩා පැන ගිය සිරකරුවෙකි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිලන්තලා, ලංකලා වගේ හිතන අය නම් අද ලංකාවෙ ගොඩක් අඩුයි. (නි)
මේ වගේ අයට වියදම් කර කර මොකට කන්න දිදී තියාගෙන ඉන්නවද? (නි)
ඔබ තුමාලට මගේ ප්‍රණාමය ඔය විදියට මාස් පතා කරන්න. (ස)
පාතාලයේ අය ඔක්කොම මැරුන දාට මේක ලස්සන රටක් වෙයි. නැත්තම් නීතිගරුක මිනිහෙකුට ලංකාවෙ ඉන්න වෙන්නෙ නැහැ තව ටික කලකින් (ස)
නීච භංග රාජයෝගය (ස)
නියමයි , අනිත් හිර ගෙවල් වලටත් මේක තමයි වෙන්න ඕනි (ස)
පාතලේ අය වෙඩි තියලා මරන්න එපා නම් ලංකලගේ ගෙදර ගිහින් නවත්වන්න (ස)
එස්.ටී.එෆ් එකට මාගේ ප්‍රනාමය (ස)
මරන්නෝ මරණයෙන්ම සැනසෙති. (නි)
නොහිතූ දෙයක්ද ?? දිගුකාලීන සැලැස්මක්ද ?? (ස)
ඒත් මැරෙන්න ඕන ගොඩක් අය පොලිස් ආරක්ෂාව මැද නිදැල්ලේ (ස)
මෙයාලා ඇතුළේ රජකරගෙන හිටියේ. ඉතාම හොද වැඩක් තමයි මේ කරලා තියෙන්නේ. (නි)
ඔය වැලිකඩ සිද්ධියට සහයෝගය දීලා කිසිවක් නොදන්නා ගාණට ඉන්න නිලධාරීන්ට දැඩි දඩුවම් දෙන්න ඕනෑ. (නි)
ඔවුන්ට සීනි දාලා වෙඩි තියන්න තිබුණේ, කූඹි කාලා මැරෙන්න. (නි)
අපිනම් කියන්නේ කමක් නැහැ කියලා
කුඩු අල්ලන්න මොකටද මරණ දණ්ඩනයට නියම වුණු සිරකරුවන් සිටින සිරමැදිරියට යන්නේ? (නි)
එක හොද වැඩක්, මෙයාලට කන්න බොන්න දෙන එකත් ඉතුරුයි (ස)
මිනිසත් කම ලබා ගැනීමත් පිනක් , ඒ දේ තේරුම් ගන්න
මෙතන අදහස් දාලා තියෙන්නේ මතුපිටින් බලලා. අකුරු කියවීමේ හැකියාව තිබුණාට ඒක බුද්ධිය නෙමෙයි. සිද්ධ වුණු දෙය ගැන වැටහීමක් නැතුව, අපේ රටේ මානව හිමිකම් වලට කිසිම තැනක් නැහැ. පාතාලකාරයෝ, අපරාධකාරයෝ හරි කියන්න නෙමෙයි හදන්නේ. යම් දෙයක් තමන්ට හෝ තම නෑසියන්ට සිදුවෙනවා නම් අසධාරණයේ තියෙන භයානකකම වැටහෙන්නේ නැහැ. අපි අකමැති වුනත් එකක් පිළිගන්න ඕනෑ. තවම අපි නොදියුණු පිරිසක්, සංස්කෘතිකව සහ සදාචාර මට්ටමින්. නැත්නම් මිනිස්සු මැරුණහම මෙහෙම සතුටුවෙන ජාතියක් ලෝකේ කොහෙවත් නැහැ. (නි)
පවට පින දෙන්න නොහැක
අපරාදේ කුඩු කප්පිත්තා හිටියා නම් එයාවත් මරලා දාන්න තිබුණා. (නි)
හාමුදුරුවෝ මරපු අයනම් විදෙව්වා මදි (ස)
මිනීමැරීම සාධාරණීකරණය කරනවා නෙමෙයි. ඒත් මේ පාතාලයෝ නිසා පවුල් කීයක් නම් අනාථ වෙලා ඇද්ද? (නි)
මින්සත් කම ලැබ කුමට උපන්නෝ
සතුටුයි. (නි)
අර කහවත්තේ මිනී මරණ අය කහවත්තෙදිම මරන්න ඕනි..වැලිකඩ ගෙනාවොත් රජ සැප තමයි (ස)
මේවා වෙන්නේ දුෂිත බන්ධනාගාර නිළධාරින් නිසා. මෙම ආයනනවලට ගාඩ්ලා වෙනුවට හමුදා නිළධාරින් පත්කරන්න කියලා මම යෝජනා කරනවා. (නි)
මධුසංඛ, ඔයා කතා කරන්නේ මොන මානව හිමිකම් ගැනද? (නි)
මෙහි පාලනය හමුදාව අතට දුන්නොත් නරකද? මොකද ඒ ගැන කට්ටිය කියන්නේ? (නි)
අබේපිටිය ගාථනයේ ' පොට්ටයා' ට මොකද වුණේ ? මැරුනද ? (ස)
අපිට මොවුන්ට පමණක් වරද පටවන්න බැහැ. පවතින අධ්‍යාපන ක්‍රමයේ විෂමාචාරයනුත් මෙවැනි අපරාධකරුවන් බිහිවීම කෙරෙහි බලපානවා. (නි)
පාතාලය නැති කරන්න ඕනේ
මෙවැනි මෙහෙයුම් වසරකට වරක් හෝ කිරීම හොදයි යන්නයි මගේ අදහස වන්නේ. (නි)
ආරක්ෂක අංශයේ වැඩ තමයි (ස)
මොනවා උනත් පව් මෙ මනුස්සයො. මිනුස්සු මොනම විදියකින්වත් නීතිය අතට නොගත යුතුයි. (ස)
පාතාලය නැතිකරන්න නම් පාතාලයේ මුල් උදුරලා දැමිය යුතුයි. (නි)
පාතලය නවත්වනවාට ජනපතිතුමාට ස්තූතියි (ස)
මොවුන මෙහෙම යන්න යන එක මහජන මුදල් ඉතුරුවීමක්. (නි)
රට පුරාම තියෙන්නේ බුදුපිළිම. ඒත් ලංකාවෙ ජීවිතය හරිම ලාභයි. (නි)
මේ අය මෙහෙම මරනවා නම් කුඩුකාරයින්ව සහ අපරාධකාරයින්ව නිර්මාණය කරන අපේ සමහර ඇමති ගොල්ලන්ටත් මීට වැඩිය දඩුවමක් දියයුතුයි. (නි)
මධුසංඛට මානව හිමිකම් පෙනෙයි, ඔය පාතාලයෝ ඇවිල්ලා එයාගේ පවුලේ අයටත් වැඩක් දුන්නා නම්. (නි)
ලකී කියන විදියට ඔක්කොම මැරුවොත් අපිට ඇමති තුමාලා කොහෙන් හොයාගන්නද?(නු)
පනාගොඩ , ඕකටත් ඉතාලියට අපහාස වෙන විදිහට මොනවා හරි කිව්වා නම් නේද හරි? (නි)
බලාගෙන යද්දි යූඑන්පීයයි,ජේවිපියයි විතරයි හිරකාරයෝ ගැන දුක හිතිලා කෑ ගහන්නෙ. අදහස් දාලා තියෙන සාමාන්‍ය මිනිස්සු හැමෝම වැඩේඩ කැමතියි වගේ. (නි)
එල්ලුම් ගහ දරුණු වැඩියි වගේ නම් මෙහෙම මෙහෙයුම් මාස තුනකට පාරක්වත් කළාට කමක් නැහැ. (නි)
අවුරුද්දට දෙතුන් පාරක් මේ විදියේ මෙහෙයුමක් කළානම් මකලාවත් හදන්න බැරි මේ වගේ පාතාලයෝ සෑහෙන ප්‍රමාණයක් අඩුකරගන්න පුළුවන්. එය රටට සහ සමාජයට ලොකු සහනයක්. මේක සැළසුම් කරලා හෝ කළා නම් ඒකත් ලොකු දෙයක්. (නි)
වැරදිකරුවන්ට දෙවියන්ගේම පිහිටයි. (නි)
හමුදාව සහ පොලිසිය විසින් කරන මෙම සේවයට තුති පුදමි. (නි)
අරයා මැරුණද? ඇතුළෙද? පැන්නද? (නි)
එස්. ටී. එෆ් හා කමාන්ඩෝ බටයින්ට සුබ පැතුම් (ස)
මෙයාලා ඔහොම ස්වර්ගයටම යවන්න ඕනි .එහේ ගියොත් මෙහේ ආපහු එන්න බෑ...ඒක අපට වාසනාවක් (ස)
මොනවා වුණත් වියයුතු දෙයක් නොවිය යුතු ලෙසට සිද්ධ වෙලා. (නි)
නියමයි. ඔක්කොම පාතාලයෝ මරන්න ඕනෑ. සුභ පැතුම්! (නි)
හරිනම් අපි රතිඤ්ඤා පත්තු කරන්න ඕනෑ. (නි)
සොබා දහමේ දඬුවමක් වගේ තව එක වරක් හිර ගෙයි කඩන්න අවස්ථාවක් සිරකරුවන්ට ලබා දෙන්න. රජයේ වියදම් වගේම සංසාරයේ ගෙනයන සසර බරත් අඩුවෙයි. අර ප්‍රාදේශීය සභා සභාපති ඉන්න හිර ගෙදර නම් වඩා හොඳයි. (නි)
නිවන් සැප ලැබේවා කියන්න නරකයි. (නි)
STF එකට හා හමුදාවට අපේ සුබ පැතුම් (ස)
තව පාරක් සෝදිසිකරලා ඕක ඇතුලේ ඉන්නේ අනිත් අපරාධකාරයොත් ඉවරයක් කරලා දැම්මනම් හරි (ස)
අපිට තේරෙනවා කියන්න හදන දේ. මැරුන එක සාධාරණීකරනය කරන්නනේ හදන්නේ. මිනිහෙත් වැරදිකරුවෙක් වෙන්නේ උපතින් නොවේ. සමාජයෙන්. (නි)
හොඳ ඳෙයක් වුණේ (ස)
ඔන්න ඔහේ කමක් නෑ එහෙනම් (ස)
අවි ගත්තෝ අවියෙන්ම නැසෙති
මොකද කවුරුත් සද්දේ නැත්තේ.. අපරාධකරුවෝ මැරුණ එක හොඳ නැද්ද ?? (ස)
ඉතා හොදයි. (නි)
කරුමේ කියන්නේ ඔන්න ඕකට
අපරාදේ තව ගොඩක් අය මගහැරිලා නේද . මීට වඩා වැඩක් කරන්න තිබුණා (ස)
පාතාලය නැති කරන්න ඕනේ
මේක සැලසුම් කල එකක් .මේක ලංකාවේ අලුත්ම ක්‍රමය (ස)
මේක සැළසුම් කළ එකක්. දැන් මේක තමයි අලුත්ම විදිය. (නි)
මේක සැලසුම් සහගත දෙයක් (ස)
අපි මොනවා කියන්නද
නියමයි. (නි)
හොද වැඩේ. (නි)
පෝරකයට නියම වෙච්ච අය පොරකෙන් නිමකරනවා මිසක් උඩබලන් වෙඩි තියලා නෙවෙයි (ස)
අනේ සාධු! (නි)
හමුදා නිලධාරීන් රට වෙනුවෙන් ලොකු යුතුකමක් ඉටුකළා. (නි)
හොදම දඩුවම. නියමයි (නි)
හරිම හොඳයි නේද? (නි)
ඇත්තටම මෙහෙම කට්ටිය මරලා දාන එකමයි හොද. (නි)
මේ විදියටම ඉදිරියටත් ගොඩින් සිද්ධිය බේරාගන්න පුලුවන් නම් රටේ අසරණ මිනිස්සුන්ගේ සල්ලි ඉතුරුයි. (නි)
පාතාලය කියලා එහෙම වෙඩි තියලා මරලා දාන්න කාටවත් කිසිම අයිතියක් නැහැ. (නි)
කෙළින්ම එල්ලුම් ගහේම එල්ලලා දැම්මා නම් උණ්ඩ ටික ඉතුරු කරගන්න තිබුණා. (නි)
නඩු අඩු කිරීමට නව සොයාගැනීමක්. (නි)
සමාජයට සැනසිල්ලක්. (නි)
සොබාදහමේ අපූර්වතම අවස්තාවක් (ස)
අනේ වාසනාවන් රටට (ස)
හමුදා කඳවුරකට බන්ධනාගාරය භාර දෙන්න (ස)
දූෂිත නිලධාරීනුත් මේ සමග එලවා දමන්නයි තිබුණේ (ස)
මේ අයට නිසි දඩුවම් ලබාදෙන්න. (නි)
කවුරු වුණත් සිරගෙදරකදී මෙලෙස මියයාම අනුමත කළ නොහැකියි. (නි)
මොනවා උනත් මේක අනුමත කරන්න බෑ.. මේක අපේ රටට ලොකු අපකීර්තියක් (ස)
මේක බෞද්ධ රටක්. මේක ලිබියාවක් වෙන්න දෙන්න බැහැ. මේ වැඩ වැරදියි. (නි)
නියමයි. (නි)
නන්දිකඩාල් සිද්ධියට පස්සේ අහපු හොඳම සිද්ධිය (ස)
රටට හොදක් වෙයි
අපි කියලා මොනවා කරන්නද
හොද වැඩසටහනක්. (නි)
උනේ හොඳ දෙයක්. කමාන්‍ඩෝ බලකායට ස්තූතියි (ස)
මෙවැනි මිනිසුන් මේ සමාජයෙන් තුරන්වීම සතුටක්. (නි)