IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


පාතාලයේ රොත්තක් ඉන්දියාවේ දී මාට්ටු

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පාතාල ලෝකයේ ප්‍රබල නායකයකු ලෙස සැලකෙන ගනේමුල්ල සංජීව සහ ඔහුගේ ප්‍රධානතම වෙඩිකරු ලෙස සැලකෙන ගොත අසංක නැමැත්තා ඉන්දියාවේ දී එරට ආරක්ෂක අංශ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබෙන බවට ආරංචි පැතිර යමින් පවතින බව මේ රට මෙරට බුද්ධි අංශ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

පාතාල මර්ධන කටයුතු වල නිරතව සිටින පොලිස් කණ්ඩායම් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී 2018 වසරේ දී ඉන්දියාවට පලාගොස් තිබුණේ මන්නාරමට ගොස් එහි සිට බෝට්ටුවකින් යැයි එම බුද්ධි අංශ නිලධාරියා වැඩිදුරටත් කීය.

ඉන්දියාවට පලාගිය ගණේමුල්ලේ සංජීව නැමැත්තා ඔහුගේ ගෝලයා වන ගොත අසංක සමඟ එක් වී මෙරට සිටින ඔවුන්ගේ ගෝලබාලයන් මෙහෙයවමින් මත්ද්‍රව්‍ය ජාවාරම් ,කප්පම් ගැනීම් සහ මනුෂ්‍ය ඝාතන සිදුකරන බවට දපොලිසියට තොරතුරු ලැබී ඇතැයි කියති.

කුමන හේතුවක් මත ඉන්දීය ආරක්ෂක  මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගත්තේ දැයි යන්න ගැන තවමත් නිශ්චිත තොරතුරු ලැබී නොමැති බව ද බුද්ධි අංශ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවට නිල වශයෙන් තවම දැනුම්දීමක් කර නොමැති බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරීහු වෙන් කළ විමසුමකදී කීය.

ඔවුන් දෙදෙනා ඉන්දියාවේදී අත්අඩංගුවට පත්ව සිටින බවට ආරංචි පැතිර යන බව ද පොලිස් මූලස්ථානයේ එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා ද තහවුරු කළේය .

 



අදහස් (3)

පාතාලයේ රොත්තක් ඉන්දියාවේ දී මාට්ටු

de silva Monday, 21 August 2023 08:11 AM

පාතාල කාරයින්ට සහ කුඩු කාරයින්ට උසාවියෙන් ලැබෙන මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න ඕනේ. එහෙම නැතිනම් ඔවුන්ව දුරකථන අවහිර කරවන්න විශේෂ සිර ගෙදරක රඳවන්න ඕනේ. හිරගෙදර ජේලර්ලා මුදල් අයකර ඔවුන්ට දුරකථන ලබාදෙන නිසා... ඔවුන් හිරගෙදර තුළ සිට කප්පම් ගැනීම, මිනීමැරීම සහ කුඩු ජාවාරම ක්‍රියාත්මක කරනවා.

:       0       17

කිරිපුතා Monday, 21 August 2023 09:28 AM

මෙහෙට ගෙනැල්ලා නිදොස් කොට නිදහස් කරමු...

:       0       16

wedage Monday, 21 August 2023 10:54 AM

එතකොට ඛන්ජිපානි ඉම්රාන් මට්ටුවෙලා නැද්ද

:       0       12

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කිරීමට ආසන්නයි’’
2024 ඔක්තෝබර් මස 14 516 0

ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමග ශ්‍රී ලංකාව පසුගියදා එළඹී ගිවිසුම් සියලුම අවශ්‍යතාවයන් මෙන්ම ඉලක්ක වලට අනුකූල බව මෙරට නිල ණය හිමියන්ගේ කමිටුව සහ ජාත්


වියදම් වාර්තා දුන් ජනපති අපේක්ෂකයෝ මෙන්න
2024 ඔක්තෝබර් මස 14 5966 2

ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන්දෙනාගෙන් 35 දෙනෙකු මැතිවරණ වියදම් වාර්තා මැතිවරණ කොම්ෂන් සභාවට භාරදී ඇත.


‘අවුරා ලංකා’ සභාපතිගේ රහස් ප්‍රකාශයේ පිටපතක් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 14 1460 0

රහස් පොලිසියේ ඇතැම් උසස් නිලධාරීන් තමන්ගෙන් රුපියල් කෝටි ගණනින් කප්පම් ලබාගෙන තම ධනය කොල්ලකෑ බවත් ඒ බව ඔප්පු කිරීමට තමන් සතුව ඔඩියෝ සහ වීඩියෝ සාක්කි ඇ


වැස්ස තවත් දීර්ඝ වෙයි
2024 ඔක්තෝබර් මස 14 2461 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පවතින ගිගුරුම් සහිත තද වැසි එළැබෙන 16 සහ 17 යන දින දක්වා පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තවේ ජ්‍යෙෂ්ඨ කාළගුණ විද්‍යාඥ මලිත්


කාත්තන්කුඩියේ දැරියක් පාපැදියෙන් ඇවිත් අගමැතිනියට ලිපියක් දෙයි
2024 ඔක්තෝබර් මස 14 4628 2

ළමා හා තරුණ පරපුර මත් උවදුරින් බේරාගන්නැයිද ළමා අපයෝජන වැලැක්වීමට පියවර ගන්නැයි ද ඉල්ලා සිටීම සඳහා කාත්තන්කුඩියේ දැරියක් පාපැදියෙන් කොළඹ පැමිණ අද (14)


සමාජ ශාලා වටලා රටබීම අල්ලයි
2024 ඔක්තෝබර් මස 14 1136 0

සුරාබදු බලපත්‍ර නොමැතිව බත්තරමුල්ල හා තලවතුගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය රාත්‍රී සමාජ ශාලා තුනක් වටලා රටබීම ලීටර 793 ක් අත් අඩංගුවට ගත් බව පාදුක්ක සුරාබ


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 400 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 450 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1411 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site