IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


පත්වීම් බාරගන්න ගිය පවුල් සෞඛ්‍ය සේවිකාවෝ 15 ක් යාපනයේදී අතරමං වෙති

(විනීතා එම් ගමගේ)

උතුරේ පත්වීම් බාරගැනීම සඳහා නවක පවුල් සෞඛ්‍ය සේවිකාවන් 15 දෙනෙකු යාපනය නල්ලුර් හි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට යන විටත් එම කාර්යාලයේ නිලධාරීන් මෙම පත්වීම් පිළිබඳ කිසිවක් නොදන්නා බව දැන්වීමෙන් නවක නිලධාරීනියන් බලවත් අපහසුතාවයට පත්ව ඇතැයි වාර්තා වේ.

ඔවුන් 15 දෙනා බස්නාහිර හා ආසන්න පළාත්වල පිරිස් වන අතර අද (10) දිනයේ යාපනය නල්ලුර්හි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී පත්වීම් බාරගන්නා ලෙස සඳහන් පත්වීම්  ලිපි පසුගිය 27 වැනිදා  කොළඹ දී පැවැති උත්සවයක දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම නිලධාරිනියන් වෙත දෙනු ලැබීය.

එම නිලධාරියන් 15 දෙනා ඊයේ (9) දුම්රියෙන් එහි ගොස් ඇති අතර අද (10) උදෑසන පත්වීම් බාරගැනීමට ගිය අවස්ථාවේ දී මේ පිළිබඳ කිසිවක් නොදන්නා බැවින් කොළඹට දන්වා විසඳුමක් දෙන තෙක් කාර්යාලයේ රැඳී සිටින්නැයි දන්වා තිබේ.

ඒ අනුව එම නිලධාරිනියන් නල්ලුර් හි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ අද (10) සවස 5 වනතුරු රැඳී සිට තිබේ. පසුව ඔවුනට හෙට දිනයේ මුලතිව් බලා පිටත් වන්නැයි ලිපි බාර දී ඇති අතර එම ලිපි සම්පුර්ණයෙන් දෙමළ භාෂාවෙන් ලියා ඇත.



අදහස් (14)

පත්වීම් බාරගන්න ගිය පවුල් සෞඛ්‍ය සේවිකාවෝ 15 ක් යාපනයේදී අතරමං වෙති

jagath Tuesday, 10 March 2020 02:04 PM

හා හා... ආණ්ඩුව විසිරෙව්වට පස්සේ දෙන පත්වීම් වලංගු නෑ.

:       0       2

mihira s Tuesday, 10 March 2020 02:29 PM

ඔහොම වෙලා මදි... තව දීපල්ලා මේ පාරත්...

:       0       46

Nimal ... Tuesday, 10 March 2020 03:00 PM

ඔන්න දේශපාලන වැඩ. මේක ලංකාවනේ. පාලකයොත් ලංකාවේ. නිලධාරීනුත් ලංකාවේ. අහෝ රටකට ගිය කලක්. නැවත ඇතුන් ලවාවත් යථාතත්වයකට අද්දවන්න බැරි වෙයි ලේසියෙන්.

:       0       44

Abbud Dassa Tuesday, 10 March 2020 03:08 PM

මෙය සාධාරණය. මොවුන් වව්නියාවට පත්කළානම් කාටත් තේරුම් ගත හැකිය. උගත් දෙමළ ගැහැණු ළමයි රස්සාවල් නැතිව සිටින විට කොළඹින් ගැහැණු ළමයි වින්නඹුකමට යාපනේ යැවීම සිනහ ගන්වන කාරණයකි. මෙම දෙමළ ජනතාවගෙන් සිංහල තේරුම් ගන්න පුළුවන් ජනතාව ඉතාම ස්වල්පය. ඉතින් වින්නඹුකම් කරන්නේ කොහොමද ?

:       0       3

chinthaka Tuesday, 10 March 2020 05:35 PM

මුස්ලිම් මනුස්සයෙක් හිත රිදුනොත්, දෙමල මනුස්සයෙක්ගේ හිතට දුකක් ආවොත් වල්ගේ උස්සන් ගිරිය පුප්පන "සහජීවන" සාම කඩකාරයින්ට මේ සිංහල නිලධාරීන්ට සුළුජාතින් කරන කෙනෙහිලිකම් පේන්නේ නැහැ. ඒ අතින් මේ අසාධාරණ කම් ලොවට නිරාවරණය කරන ලංකාදීපයට අපේ ප්‍රණාමය පුදකරමු...

:       2       11

samare Tuesday, 10 March 2020 06:47 PM

ගුණ්ඩු... ගුණ්ඩු ඡන්ද ගුණ්ඩු.. ඔය සෞඛ්‍ය සේවිකා මහත්මියන්ගෙන් මම ඉල්ලා සිටින්නේ මෙපමණයි. රැකියාව ගන්න. එ්ත්.. ඡන්දය වෙන කාටහරි දෙන්න.

:       0       72

රසික Tuesday, 10 March 2020 08:03 PM

දෙමළ භාෂාව දන්නෙ නැති අයට යාපනේට පත්වීම් දීලා කොහොමද රස්සාව කරන්නෙ? ඒ පළාතෙන් සුදුසුකම් තියෙන අය හිටියෙම නැද්ද පත් කරන්න කොළඹ අයව යවන්නේ ?

:       0       3

ලුම්බිණි Tuesday, 10 March 2020 11:34 PM

කොහොමද අපේ රටේ වැඩ? අනික සෞඛ්‍ය සේවිකාවන් ගන්න අගමැති ලියුම් දෙන්නේ කොහොමද? අගමැති සෞඛ්‍ය ඇමති නොවෙයි නේද?

:       0       28

ජෝන් සිල්වා Wednesday, 11 March 2020 01:04 AM

මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබෙන අවස්ථාවක පත්වීම් දීම තහනම් වන්නේ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ රජයන්ට පමණද? මෙය පත්වීමක් නොව පුහුණුවෙන් පසුව අනුයුක්ත කිරීමක් නම් අගමැති කාර්යාලයෙන් ලිපි යැව්වේ ඇයි? එහෙමනම් ලිපි යවන්න තිබුනේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකට නේද?

:       0       22

Pina Wednesday, 11 March 2020 02:04 AM

MR ට ජයවේවා !

:       18       134

rocky Wednesday, 11 March 2020 02:37 AM

මේ රටේ මිනිස්සු. කවදත් කෙලින්නේ පිස්සු.

:       0       5

lalithm Wednesday, 11 March 2020 02:54 AM

"නුඹ නාඬන් නුඹ නාඬන් ඕව අපිට හොඳ පාඩම්". හිටපු අයත් ඉන්න අයත් ඔක්කොම එක බෝට්ටුවේ.

:       0       24

nilala Wednesday, 11 March 2020 03:28 AM

මැකෝ මේ පත්වීම් වලංගුද ?

:       0       58

Pradeep Wednesday, 11 March 2020 04:24 AM

පවුල් සෞබ්‍ය සේවිකාවන් පත්කළ යුත්තේ අදාළ පළාතෙනි. ඔවුන්ට තම ප්‍රදේශයේ වැසියන් ගැන අවබෝධයක් තිබෙන නිසා වැඩකිරීම පහසුයි. අනික මොවුන්ට දෙමළ භාෂාව හැසිරවීමටත් නොහැකි නම් ඔවුන් අදාළ වැසියන් සමග අදහස් හුවමාරු කර ගන්නේ කෙසේද..? කරුණාකර මෙවැනි පත්කිරීම් නොකරන්න. කුමන රජයකින් හෝ අප මෙවැනි දෙයක් බලාපොරොත්තු නොවෙමු...

:       14       22

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ජනපති මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී
2025 අප්‍රේල් මස 25 63 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) පෙරවරුවේ මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.


ඉඩම් කොමිසමේ දූෂණ: කෝප් විමර්ශනයක්
2025 අප්‍රේල් මස 25 143 0

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාර


දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුවට ඇමැති කාමරයක්
2025 අප්‍රේල් මස 25 392 1

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුවේ කටයුතු සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇමතිවරුන්ට වෙන් කෙරෙන කාමරයක


විජිත වතිකානයට
2025 අප්‍රේල් මස 25 565 3

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය පිළිබඳ අවමංගල පූජෝත්සවයට සහභාගීවීමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජි


රනිල් ලබන සඳුදා අල්ලස් කොමිසමට එන බව කියයි
2025 අප්‍රේල් මස 25 477 4

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබ


පාප් වහන්සේට ශෝකය පළ කරන්න රනිල් යයි
2025 අප්‍රේල් මස 25 695 5

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ වතිකාන තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම ප


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 769 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 371 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 520 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site