මෙවර පොදු රාජ්‍ය මණ්ඩල රජ්‍ය නායක සමුළුව මේ වසරේ නොවැම්බරයේ දී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අද තීරණය කෙළේය.
ලන්ඩන් නුවර පොදු රාජ්‍ය මණ්ඩල විදේශ අමාත්‍ය ක්‍රියාකාරී කමිටු රැස්වීමේදී මෙම තීරණයට එළැඹීයේය. රටවල් 9ක පොදු රාජ්‍ය මණ්ඩල විදේශ අමාත්‍යවරු ඊට සහභාගී වූහ. සභාපති බංගලාදේශ විදේශ ඇමැති ආචාර්ය දීප මොන් මහතාය. උප සභාපති ඕස්ට්‍රේලියා විදේශ අමාත්‍ය බොබ් කාර්, මහලේකම් කමලේෂ් ෂර්මා සහ ප්‍රකාශක රිචඩ්වුකු යන මහත්වරු පවත්වනු ලැබූ මාධ්‍ය හමුවදී මේ තීරණය ප්‍රකාශ කළහ.
ශ්‍රී ලංකාවේ අයහපත් මානව හිමිකම් වාර්තාවක් නිසා පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුව ශ්‍රී ලංකාවේ නොපවත්වන ලෙස රාජ්‍ය නොවන සංවිධාන ගණනාවක්ම විදේශ අමාත්‍ය කමිටුවෙන් ඉල්ලා සිටි අතර ශ්‍රී ලංකව පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවෙන් තහනම් කරන ලෙස පොදු රාජ්‍ය මණ්ඩල නීතිවේදීන්ගේ සංගම් ද බලපෑම් කෙළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොස්වත්ත, වින්සන්, පල්ලි ගියාම විතරමද දන ගහන්නේ? (නි)
ඒකේ බරත් ජනතා අපිට දරන්න වෙයිද? (නි)
ඕක උගුලක්! ඔය දරහැව අපේ ඇඟේ ගහන්නේ ආදරේට නෙමෙයි. (ස)
මොන මොන දේවලින් වුණත් අපේ බඩටම තමයි වදින්නේ. (නි)
කොස්වත්ත. උපුල් හරි. කා ළගද වැරදි නැත්තේ? නමුත් අපි ළඟ ඔය ඇමෙරිකන්කාරයට,එංගලන්තකාරයට වඩා ගොඩාක් වටින හොඳ ගති ගුණ තිබුනා සහ අදටත් තියෙනෙවා. තමුන් ඉපදුන රට. තමුන්ගේ මිනිස්සු පහත්කොට සලකන්න එපා.අද ඔය හැම කෙනාම අපේ ඔළුවට අත හෝදන්න එන්නේ ඔය නිසා තමයි. වින්සන්, ඔයා අදහස් දාන්න කලින් ඔයා ලියන්නේ මොනවද කියා හරියට තේරුම් ගන්න. ඔය ඇමෙරිකාව අද ලෝකෙට දෙන ගින්දරට කවදා හරි සෝමාලියාවට වඩා පහලට යන බව මතක තියා ගන්න. (නි)
ලාංකිකයෙක් වීම ගැන ඉතාමත් ආඩම්බරයි....,ජය වේවා ශ්‍රී ලංකා මාතා ! (ස)
තමිල්නාඩුවට කනේ පාරක්... (නි)
නීල් ගේ කතාවෙත් ඇත්තක් තියෙනවා වගේ. ජය පැන් බීමෙනුත් ලංකාව 4 වෙනියටලු .බොහො හොදයි පරෙස්සමෙන් .... අඩමානයට වඩා අවදානය වඩා වැදගත් (නි)
ජයවේවා
අර චැනල් 4 වගේ අපිට කොටින්ගෙන් සිදුවුණු සියලු ම්ලේච්ච ක්‍රියා යොදලා වීඩියෝ එකක් නිර්මාණය කරලා මේ රාජ්‍ය නායකයින්ට පෙන්විය යුතුයි. (නි)
අපේ රට ගැන හිතනකොට ආඩම්බරයි තමයි. ඒත් අර උපුල් කියන්න වගේ හෙට මොනවා මිල වැඩි කරයිද කියලා හිතෙනකොට ඇඩෙනවා. (නි)
මේකට කීයක් වියදම් කරයිද දන්නෙ නැහැ (නි)
සිසිර, ඒකද ඔය අර සිල්වා මේ සිල්වාලා එලියට යන්නේ? කොහෙද ඔය හොද ගති තියෙන්නේ? දිනකට මිනීමැරුම් දෙකක් සිදුවෙන්නේ නිකන්ද? (නි)
සිසිර, ඉතිහාසේ ගැනයි රජතුමන්ලා ගැනයි පුරාජේරු නොකියා ලංකාවේ වර්තමාන ප්‍රායෝගික ලෝකෙන් ආදර්ශමත් උදාහරණ අරන් පෙන්වන්න. (නි)
කරුණා කරලා වෙන රටක තියන්න (දී)
සිසිර, උම්බෑ කියන්න එපා, සතා අදුන ගනීවි. පුරාජේරු කතා නොකියා වර්තමාන ලංකාවෙන් උදාහරණ දෙන්න ආදර්ශමත් දෙයකට. (නි)
සිසිර, දුමින්ද සිල්වා පිළිගන්න හිටපු සෙනග ඇමරිකාවෙන් ආපු අයද? එංගලන්තෙන් ආපු අයද? කුහකයෙක් නොවී අදහස් දාන්න (නි)
අපේ අයගේ තියන එක දුර්වලකමක් තමා හැම දෙයක්ම ඍනාත්මකව සිතීම. කවදාවත් අපේ චිත්ත ධෛර්යය දුර්වල වෙන්න ඉඩ නොතබන්න. මෙම සමුළුව අපට ලැබීම අපි ලැබූ ජයක් හැටියට සළකන්න.සාර්ථක සමුළුවක් සදහා සුභ පැතුම්. (නි)
මේක අපේ ජයක්.හැබැයි උදම් ඇනීම පසෙකලා නිවැරදිව කටයුතු කරන්න ඕනෑ (නි)
මොනවා කියන්නද කියලා මම දන්නේ නැහැ (නි)
උදය, බොරුවට පිස්සු කියවන්න එපා. අපි ලගත් ගොඩක් වැරදි තියනවා හදා ගන්න. මතක තියාගන්න. (නි)
මේකත් අනා ගන්නේ නැතිව කරගත්තොත් නම් හොඳා. ආසියාවේ රටවල් මේ අවස්ථාවේ දුන් සහයෝගය සදා අමතක නොකළ යුතුයි . (ස)
ලංකාව යුද්ධය දිනුව හා සමානව එංගලන්ත ඇමෙරික ආදී සියලු රටවල් ලංකාව ඉදිරියේ ඉතාම සුළු කලකදී දන ගහන බව ස්ථීර බව ලියල තියාගන්න (ස)
ජය නියතයි ලංකාවේ (ස)
උදය, ලිදේ ඉන්න ගෙම්බෙක් වෙන්න එපා. එංගලන්තේ ඇමෙරිකාව දන ගහන්නේ ඒ අය පල්ලි ගියාම. (නි)
ලංකාවේ සල්ලි ලංකාව තුලම තියා ගන්න ( දී)
අප ලබා ඇති ජයග්‍රහණය ගැන ඉතා සතුටුයි. නමුත්, ඉදිරියේදීත් බාධක අපමණක් ඇති බව සළකාගෙන, ඒවායින් ජයගැනීම සඳහා රටේ යහ පාලනයත්, සාධාරණත්වයත්, නීතියත් නිසි පරිදි ස්ථාපනය කිරීමට පාලක පක්ෂය අධිෂ්ඨාන කරගතයුතු බව රට වෙනුවෙන් ඉල්ලා සිටිමි. ජය වේවා! (නි)
ඒ වුණාට අපේ මන්ත්‍රීතුමෙක් කියන හැටියට නම් ඕක වෙන්න බැහැ. අනේ පව් එතුමා! (නි)
බුදු දහම පවතින තාක් ලංකාව විනාශ කළ නොහැක. (නි)
ආඩම්බරයි. සත්‍ය කවදත් ජය ගනීවි. (නි)
ජය වේවා!!!!!! බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නේ නැහැ කීයන්නේ ඕකට තමයි..ජය වේවා!!!!! (ස)
ලක් වැසි අපි ජය පැන් බොමු. අපි එක් වෙමු එක කොඩියක් යට. (නි)
තවත් අඩියක් ඉදිරියට....... (නි)
අපිට වෙන වැඩ තියෙනවා මිට වඩා (දී)
හෙට වෙනකොට මොන මොනවා වැඩි වෙයිද දන්නේ නැහැ. (නි)
යන්තම් ඇති (නි)
කෝ මේ ලංකාවට විරුද්ධව අදහස් දාන එන්ජීඕ කට්ටියට ආවඩන නඩය.කටවල් වැහිලද? ලියන්න දෙයක් නැද්ද? ජය නියතයි ලංකාවේ ! (නි)
ලෝකයේ ඉතා කුඩා රටක් වුණත් අහිංසක මිනිස්සුන්ගේ ධෛර්යමත් මොළ සහ නිර්දෝෂීභාවය හේතු කොටගෙන දෙවියෝ වුණත් බලනවා (නි)
අපි හොඳට මානව හිමිකම් රකින කට්ටියක් බව අන්තිමට හරි තේරුම් ගත්තනේ. හරිම සන්තෝෂයි. (නි)
ගොඩක් සතුටුයි, ශ්‍රී ලංකා මාතාවට ජය වේවා! (නි)