IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


පොදු රද මඩුළු සමුළුව ලංකාවේ

මෙවර පොදු රාජ්‍ය මණ්ඩල රජ්‍ය නායක සමුළුව මේ වසරේ නොවැම්බරයේ දී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අද තීරණය කෙළේය.

ලන්ඩන් නුවර පොදු රාජ්‍ය මණ්ඩල විදේශ අමාත්‍ය ක්‍රියාකාරී කමිටු රැස්වීමේදී මෙම තීරණයට එළැඹීයේය. රටවල් 9ක  පොදු රාජ්‍ය මණ්ඩල විදේශ අමාත්‍යවරු ඊට සහභාගී වූහ. සභාපති බංගලාදේශ විදේශ ඇමැති ආචාර්ය දීප මොන් මහතාය. උප සභාපති ඕස්ට්‍රේලියා විදේශ අමාත්‍ය බොබ් කාර්, මහලේකම් කමලේෂ් ෂර්මා සහ ප්‍රකාශක රිචඩ්වුකු යන මහත්වරු පවත්වනු ලැබූ  මාධ්‍ය හමුවදී මේ තීරණය ප්‍රකාශ කළහ.

ශ්‍රී ලංකාවේ අයහපත් මානව හිමිකම් වාර්තාවක් නිසා පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුව ශ්‍රී ලංකාවේ නොපවත්වන ලෙස රාජ්‍ය නොවන සංවිධාන ගණනාවක්ම විදේශ අමාත්‍ය කමිටුවෙන් ඉල්ලා සිටි අතර ශ්‍රී ලංකව  පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවෙන් තහනම් කරන ලෙස පොදු රාජ්‍ය මණ්ඩල නීතිවේදීන්ගේ සංගම් ද බලපෑම් කෙළේය.



අදහස් (0)

පොදු රද මඩුළු සමුළුව ලංකාවේ

මාලක Saturday, 27 April 2013 11:59 AM

සිසිර, උම්බෑ කියන්න එපා, සතා අදුන ගනීවි. පුරාජේරු කතා නොකියා වර්තමාන ලංකාවෙන් උදාහරණ දෙන්න ආදර්ශමත් දෙයකට. (නි)

:       0       0

සදුන් Saturday, 27 April 2013 06:28 PM

මේක අපේ ජයක්.හැබැයි උදම් ඇනීම පසෙකලා නිවැරදිව කටයුතු කරන්න ඕනෑ (නි)

:       0       0

හේවාවිතාරණ Saturday, 27 April 2013 03:10 AM

ලෝකයේ ඉතා කුඩා රටක් වුණත් අහිංසක මිනිස්සුන්ගේ ධෛර්යමත් මොළ සහ නිර්දෝෂීභාවය හේතු කොටගෙන දෙවියෝ වුණත් බලනවා (නි)

:       0       0

පාල Saturday, 27 April 2013 12:09 PM

සිසිර, දුමින්ද සිල්වා පිළිගන්න හිටපු සෙනග ඇමරිකාවෙන් ආපු අයද? එංගලන්තෙන් ආපු අයද? කුහකයෙක් නොවී අදහස් දාන්න (නි)

:       0       0

උපාලි Saturday, 27 April 2013 06:11 AM

අපි හොඳට මානව හිමිකම් රකින කට්ටියක් බව අන්තිමට හරි තේරුම් ගත්තනේ. හරිම සන්තෝෂයි. (නි)

:       0       0

ප්‍රනාන්දු Saturday, 27 April 2013 07:00 AM

ගොඩක් සතුටුයි, ශ්‍රී ලංකා මාතාවට ජය වේවා! (නි)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 27 April 2013 07:32 AM

අපේ රට ගැන හිතනකොට ආඩම්බරයි තමයි. ඒත් අර උපුල් කියන්න වගේ හෙට මොනවා මිල වැඩි කරයිද කියලා හිතෙනකොට ඇඩෙනවා. (නි)

:       0       0

අමිල කටුනායක Saturday, 27 April 2013 07:34 AM

ඒකේ බරත් ජනතා අපිට දරන්න වෙයිද? (නි)

:       0       0

නීල් Saturday, 27 April 2013 09:19 AM

ඕක උගුලක්! ඔය දරහැව අපේ ඇඟේ ගහන්නේ ආදරේට නෙමෙයි. (ස)

:       0       0

සුදේශ් Friday, 26 April 2013 09:32 PM

ජය වේවා!!!!!! බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නේ නැහැ කීයන්නේ ඕකට තමයි..ජය වේවා!!!!! (ස)

:       0       0

ගාමිණී සිරි Friday, 26 April 2013 09:37 PM

මේකත් අනා ගන්නේ නැතිව කරගත්තොත් නම් හොඳා. ආසියාවේ රටවල් මේ අවස්ථාවේ දුන් සහයෝගය සදා අමතක නොකළ යුතුයි . (ස)

:       0       0

උදය Friday, 26 April 2013 09:37 PM

ලංකාව යුද්ධය දිනුව හා සමානව එංගලන්ත ඇමෙරික ආදී සියලු රටවල් ලංකාව ඉදිරියේ ඉතාම සුළු කලකදී දන ගහන බව ස්ථීර බව ලියල තියාගන්න (ස)

:       0       0

සුනිල් Friday, 26 April 2013 09:49 PM

ජය නියතයි ලංකාවේ (ස)

:       0       0

නිරෝෂන් Saturday, 27 April 2013 10:47 AM

මොන මොන දේවලින් වුණත් අපේ බඩටම තමයි වදින්නේ. (නි)

:       0       0

හේවා Sunday, 28 April 2013 01:20 AM

මොනවා කියන්නද කියලා මම දන්නේ නැහැ (නි)

:       0       0

සිසිර Saturday, 27 April 2013 10:59 AM

කොස්වත්ත. උපුල් හරි. කා ළගද වැරදි නැත්තේ? නමුත් අපි ළඟ ඔය ඇමෙරිකන්කාරයට,එංගලන්තකාරයට වඩා ගොඩාක් වටින හොඳ ගති ගුණ තිබුනා සහ අදටත් තියෙනෙවා. තමුන් ඉපදුන රට. තමුන්ගේ මිනිස්සු පහත්කොට සලකන්න එපා.අද ඔය හැම කෙනාම අපේ ඔළුවට අත හෝදන්න එන්නේ ඔය නිසා තමයි. වින්සන්, ඔයා අදහස් දාන්න කලින් ඔයා ලියන්නේ මොනවද කියා හරියට තේරුම් ගන්න. ඔය ඇමෙරිකාව අද ලෝකෙට දෙන ගින්දරට කවදා හරි සෝමාලියාවට වඩා පහලට යන බව මතක තියා ගන්න. (නි)

:       0       0

වින්සන් Friday, 26 April 2013 10:12 PM

උදය, ලිදේ ඉන්න ගෙම්බෙක් වෙන්න එපා. එංගලන්තේ ඇමෙරිකාව දන ගහන්නේ ඒ අය පල්ලි ගියාම. (නි)

:       0       0

ඉම්රාන් Saturday, 27 April 2013 11:05 AM

ලාංකිකයෙක් වීම ගැන ඉතාමත් ආඩම්බරයි....,ජය වේවා ශ්‍රී ලංකා මාතා ! (ස)

:       0       0

දිනේෂ් Friday, 26 April 2013 10:26 PM

ලංකාවේ සල්ලි ලංකාව තුලම තියා ගන්න ( දී)

:       0       0

මොහාමෙඩ් Saturday, 27 April 2013 11:07 AM

තමිල්නාඩුවට කනේ පාරක්... (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Saturday, 27 April 2013 01:32 PM

අපේ අයගේ තියන එක දුර්වලකමක් තමා හැම දෙයක්ම ඍනාත්මකව සිතීම. කවදාවත් අපේ චිත්ත ධෛර්යය දුර්වල වෙන්න ඉඩ නොතබන්න. මෙම සමුළුව අපට ලැබීම අපි ලැබූ ජයක් හැටියට සළකන්න.සාර්ථක සමුළුවක් සදහා සුභ පැතුම්. (නි)

:       0       0

අරුණ Saturday, 27 April 2013 11:11 AM

නීල් ගේ කතාවෙත් ඇත්තක් තියෙනවා වගේ. ජය පැන් බීමෙනුත් ලංකාව 4 වෙනියටලු .බොහො හොදයි පරෙස්සමෙන් .... අඩමානයට වඩා අවදානය වඩා වැදගත් (නි)

:       0       0

සමන් - ඕමානය Friday, 26 April 2013 11:04 PM

අප ලබා ඇති ජයග්‍රහණය ගැන ඉතා සතුටුයි. නමුත්, ඉදිරියේදීත් බාධක අපමණක් ඇති බව සළකාගෙන, ඒවායින් ජයගැනීම සඳහා රටේ යහ පාලනයත්, සාධාරණත්වයත්, නීතියත් නිසි පරිදි ස්ථාපනය කිරීමට පාලක පක්ෂය අධිෂ්ඨාන කරගතයුතු බව රට වෙනුවෙන් ඉල්ලා සිටිමි. ජය වේවා! (නි)

:       0       0

දේවා Saturday, 27 April 2013 11:21 AM

ජයවේවා

:       0       0

උපුල් Saturday, 27 April 2013 11:27 AM

අර චැනල් 4 වගේ අපිට කොටින්ගෙන් සිදුවුණු සියලු ම්ලේච්ච ක්‍රියා යොදලා වීඩියෝ එකක් නිර්මාණය කරලා මේ රාජ්‍ය නායකයින්ට පෙන්විය යුතුයි. (නි)

:       0       0

කංකානම Friday, 26 April 2013 11:33 PM

ඒ වුණාට අපේ මන්ත්‍රීතුමෙක් කියන හැටියට නම් ඕක වෙන්න බැහැ. අනේ පව් එතුමා! (නි)

:       0       0

සදරුවන් Friday, 26 April 2013 11:45 PM

බුදු දහම පවතින තාක් ලංකාව විනාශ කළ නොහැක. (නි)

:       0       0

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය. Friday, 26 April 2013 11:55 PM

ආඩම්බරයි. සත්‍ය කවදත් ජය ගනීවි. (නි)

:       0       0

කොස්වත්ත Friday, 26 April 2013 11:55 PM

උදය, බොරුවට පිස්සු කියවන්න එපා. අපි ලගත් ගොඩක් වැරදි තියනවා හදා ගන්න. මතක තියාගන්න. (නි)

:       0       0

හේරත් Friday, 26 April 2013 11:57 PM

ලක් වැසි අපි ජය පැන් බොමු. අපි එක් වෙමු එක කොඩියක් යට. (නි)

:       0       0

සමන් Saturday, 27 April 2013 12:10 AM

තවත් අඩියක් ඉදිරියට....... (නි)

:       0       0

අනුර Saturday, 27 April 2013 12:28 AM

අපිට වෙන වැඩ තියෙනවා මිට වඩා (දී)

:       0       0

උපුල් Saturday, 27 April 2013 12:44 AM

හෙට වෙනකොට මොන මොනවා වැඩි වෙයිද දන්නේ නැහැ. (නි)

:       0       0

විජේ Saturday, 27 April 2013 11:46 AM

කොස්වත්ත, වින්සන්, පල්ලි ගියාම විතරමද දන ගහන්නේ? (නි)

:       0       0

සුපුන් Saturday, 27 April 2013 11:52 AM

මේකට කීයක් වියදම් කරයිද දන්නෙ නැහැ (නි)

:       0       0

චතුල වෙරෝනා Saturday, 27 April 2013 01:55 AM

යන්තම් ඇති (නි)

:       0       0

මාලක Saturday, 27 April 2013 11:54 AM

සිසිර, ඒකද ඔය අර සිල්වා මේ සිල්වාලා එලියට යන්නේ? කොහෙද ඔය හොද ගති තියෙන්නේ? දිනකට මිනීමැරුම් දෙකක් සිදුවෙන්නේ නිකන්ද? (නි)

:       0       0

මාලක Saturday, 27 April 2013 11:56 AM

සිසිර, ඉතිහාසේ ගැනයි රජතුමන්ලා ගැනයි පුරාජේරු නොකියා ලංකාවේ වර්තමාන ප්‍රායෝගික ලෝකෙන් ආදර්ශමත් උදාහරණ අරන් පෙන්වන්න. (නි)

:       0       0

ගාමිණී-කුවෙයිට් සිට Saturday, 27 April 2013 02:13 AM

කෝ මේ ලංකාවට විරුද්ධව අදහස් දාන එන්ජීඕ කට්ටියට ආවඩන නඩය.කටවල් වැහිලද? ලියන්න දෙයක් නැද්ද? ජය නියතයි ලංකාවේ ! (නි)

:       0       0

නාරද Saturday, 27 April 2013 11:58 AM

කරුණා කරලා වෙන රටක තියන්න (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 616 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 1416 0

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන


අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 01 1324 0

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.


අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 375 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 337 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 2386 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38450 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25330 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 269 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 903 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 326 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site