පාදුක්ක මාවතගම ගෙදරක විසූ 65 හැවිරිදි කාන්තාවක මින් මදවේලාවකට පෙර සාලය මැද මරාදමා ඇතැයි පොලීසියට පැමිණිළි කැර ඇත. ගෙදර අල්මාරිය අවුස්සා ඇති බවත් ඇගේ බෙල්ලේ තුවාල ඇති බවත් ඝාතනය සිදුවෙද්දී ගෙදර වෙනත් අය නොසිටි බවත් දැනගන්නට ඇත.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරු නිදැල්ලේ. පොලිසීය නිදි වගේ. ගෙවල් බිඳීම් ඉහලයි. නොකා නොබී හරි ජනතාවට නිදහසේ රෑ නිදා ගැනීමටවත් නොහැකියි. අනේ අපේ රටට ගිය කලක්. (නි)
ඇස් ගෙඩි වලට හෙන ගැහිලද නිලධාරියනේ? (නි)
බන්දුල ඔය නීතියට බැනලා වැඩක් නැහැ. මේක කරන මිනිහගේ හිත වෙනස් වෙන්න ඕනේ එකට ඕනේ හොඳ දර්මය අපේ සේනාවට කියන්නකෝ මේකට මොනවා හරි කරන්න කියල..(ස)
මේකට සීයට සීයක්ම හේතුව මිනිස්සුන්ගේ දහම පිරිහීම, අනේ සේනාව කරුණාකරලා මිනිසුන්ගේ හිත් වලට දර්මය ඇතුළු කරන්න වෛරය වෛරය ඇතුළු කරන්නේ නැතිව.. (ස)
ශක්තිමත්, බුදධිමත්, ක්‍රියාශීලී, මහජන විශ්වාසය දිනා ගත් විපක්‍ෂයක් නැතිකම තමයි මේ සැමදේටම මුල. අලිය බීරි නම්, වීණා වාදනයෙන් ඇති වන සෙත කුමක්ද? අලි මදිවට හරක් කිව්වා වගේ අපේ අලියගෙ කොන්දත් පණ නැහැ. (නි)
රටක් ගොඩ නගන්න නම් පළමුව රටේ හොද නීතියක්,සදාචාරයක් තියෙන්න ඕනෑ. එහෙම නැතුව වෙන වර්ධනය සංවර්ධනයක් වෙන්නේ නැහැ. (නි)
මේක ආශ්චර්යමත් ලංකාවනේ. (නි)
අම්මේ, තාත්තේ, අයියේ, නංගියේ, අපි ඉස්සර බය වුණේ බෝම්බ වලට. දැන් බයවෙන්නේ රෑ වෙනකොට. රට මෙතරම් විනාශයකට පත්වෙලත් අපේ විපක්ෂයේ කටවල් ඔක්කොම වැහිලා. පාලකයන් නිතිය කුණු වලට දාලා, හොරුන්ට කුඩුකාරයන්ට, මිනීමරුවන්ට, තක්කඩියන්ට, දාමරිකයන්ට දේශපාලකයන්ගේ සියලු ආශිර්වාද ලැබිලා. වයසක අම්මා අප්පච්චි ගෙදර තනියම තියලා ගමනක් යන්න බයයි. දෙමාපියන්ගේ ජිවිත අනතුරේ හොරුන්ගෙන්. (නි)
ලංකාව මේ තත්වයට අද දැමු බලධාරීන්ට අපේ විරෝධය! ඔය පටන් ගත්තා විතරයි. (නි)
රටක නීතිය හැමටම සාධාරන වෙන්න ඕනෑ. නමුත් අපේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ දෙවිදියකට. අපරාධ වැඩිවෙන්න හේතුවත් මේකම වෙන්න බැරිද...? (නි)
කොන්ද කෙලින් තියාගෙන නීතියක් ක්‍රියාත්මක කරන්න , පාතාලය මෙල්ල කරන්න පොලිසියට උපරිම බලතලය දෙන්න (නි)
තුන්වන පන්තියේ රටවල් වල නීති ලිහිල් වැඩි එකයි මෙතන තිබෙන වැරැද්ද. (නි)
මෙතැන තියෙන අදහස් වගකිවයුතු එක පුද්ගලයෙක්වත් කියවනවා නම්..... වෙලා තියෙන දේ සාරාංශ ගතකරලා මෙතැන තියෙනවා. ඇමෙරිකාව හදන්න කලින් මේ ටික කියවලා ක්‍රියාමාර්ග ගන්නවා නම් තවම පරක්කු නැහැ. (නි)
මොන කරුමයක්ද මන්දා, හැමදාම අහන්න ලැබෙන්නේ ඔය වගේ සිදුවීම් (නි)
අනේ දෙවියනි මෙහෙමත් අපරාධ. මෑණියනි, ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ඇති නැති පරතරයෙන් ලෝකයේ පලවෙනි රට බ්‍රසීලය. 2 ලංකාව. බලධාරින් මේ ගැන සැළකිලිමත් වුවහොත් අවුරුදු 5ක් ඇතුලත අපට මේ හැමදේම ගොඩනගාගත හැකිවේවි. (නි)
මුදල දේවත්වයේ ලා සලකන, මනුස්සකම තඹේකට මායිම් කරන්නෙ නැති රටක වෙන මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන්? (නි)
මිනීමරුවන් නිදහස් කිරීමේ පල විපාක. ඔහොම යං.(නදී)
ඕක තමයි පහුගිය කාලයේ පෙන්නපු ආශ්චර්යය. රටක නීතිය වල්වැදී මිනීමරුවන් ප්‍රසිද්ධියේ නිදහස්වෙලා යනකොට කවුද අපරාධ කරන්න බයවෙන්නේ? (නි)
දැන්වත් රජය තේරුම් ගන්න ඕනෑ රටේ ජනතාව ලෝකෙට ණයකරමින් ගුවන් පාලම්, අධිවේගී පාරවල්, වරායවල්, ගුවන් තොටුපොළවල් කරලා වැඩක් නැහැ. වුවමනා රැකියා අවස්ථා කියලා. මේ අපරාධ සිද්ධ වෙන්නේ ජීවත්වෙන්න තරමට මුදල් නැති නිසා. පහසුකම් තියෙන්න ඕනෑ තමයි. ඊට කලින් මිනිස්සු ජීවත් වෙලා ඉන්න ඕනෑ. (නි)
ශ්රී ලංකා මහජනතාව වෙතටයි. මෙන්න ඔබ හැම බලාපොරොත්තු වුණ ආසියාවේ ආශ්චර්යය . දැන් නම් හරියටම ඉෂ්ට වෙලා කියලා අපට දකින්න පුළුවන් නේද. (නි)
දැන් නම් අප රට සාර්ථක ලෙස "පිළිවෙතින් පෙළ ගැහෙනවා " වගේ... බණ, පිරිත්, ලොකු ලොකු පෙරහැර, උත්සව සැණකෙළි අස්සේ දිගට හරහට මරනවා, මරාගන්නවා. මිනීමරුවෝ නිදහස් වෙනවා. (නි)
දැන්නම් බලා ඉඳලා බැහැ වගෙයි. (නි)
ඉස්සර කාලේ නම් අපේ රට බුදුන්ගේ දේශය, වර්තමානයේ මිනී මරුවන්ගේ දේශය වෙලා.(නදී)
දෙවියනේ...... තව පාරවල් කාපට් කරමු, නාමල් උයන් හදමු, එයාපෝට් ,වරායවල් හදමු. මේ රටේ මනුස්සකම බල්ලට ගිහින් තව කීදෙනෙක් මේ වගේ මරාදානකම් අපි උඩබලන් ඉමු. විපක්ෂයට සහ ආන්ඩුවට අපේ ආදර ස්තූතිය පුදමු.(නදී)
ඉන්දන විදුලි බිල බස් ගාස්තු වැඩිවීම රාජ්‍ය අංශයේ දුසනය වැඩිවීම සම්පත් සමසේ බෙදී නොයාම විරැකියාව නිසා මිනිස් ජීවිත වියරු වැටුණු මිනිසුන් අතින් අකාලයේ විනාස වීම මොනතරම් අපරාදයක්ද ?(නදී)