පුද්ගලික බස් සේවකයිනට මේ වසරේ නිල ඇඳුම ලැබී නැත. ගිය වසරේ ලැබුණු නිල ඇඳුම් පැරණි වීම නිසා නොඅඳින බව බස් සේවකයෝ කියති. බස් හිමියන් මෙම සේවකයිනට වසරකට නිල ඇඳුම් දෙකක් දියයතු වුවත් මේ වසරේ එසේ දී නොමැති බව පෙනෙන බවත්, මේ වසර අවසානයේදී තම සංගමය විසින් නිල ඇඳුම් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියයි. බස් සේවකයිනට නිල ඇඳුම අනිවාර්ය කලේ රජයෙනි. බස්නාහිර පළාත තුළ ක‍්‍රියාත්මක වන මෙම නීතියට යටත්ව බස් සේවකයෝ 20500ක් සිටිති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිල ඇඳුම් දුන්නට කීයෙන් කී දෙනෙක්ද ඇදුම් අඳින්නේ?
ඒ පාර නිල ඇදුම් සෙල්ලමක් පටන් ගත්තද?
පුද්ගලික බස් හෙමින් යන එකයි, කරච්චල් සංගීතයයි නැවැත්තුවානම් හොදයි
හැමදාම මේගොල්ලන්ගේ කරච්චලේ ඉවරයක් නෑ
ඊලගට නිල ඇදුම් දීලා ආයි ගාස්තු වැඩි කරයිද දන්නේ නෑ
මගීන්ගේ පවට උපන් කෙනෙකුත් මේ අතර ඉන්න බව අපි දන්නවා
බස් රථ තුළ කරච්චල් සංගීතය වහාම නවත්වන්න.අපේ රටේ විනය ගරුක රියදුරෝ ඉන්නේ අතලොස්සයි.හැමදේම මුදලට යටවෙලා
ඔය කෑ ගහන අයගේ බස් වල ඉන්න අය නිල ඇදුම් ඇද ගෙනද දන්නේ නැ ඉන්නේ
නිල ඇදුම් දෙද්දී රියදුරාටයි කොන්දොස්තරටයි පාට දෙකකින් දුන්න නම් තමයි හොද
නිල ඇදුම් දීම කෙසේ වෙතත් දුර ගමන් සේවා බස්වල වේගය පාලනය කරන්න වැඩ පිළිවෙළක් යෙදුවොත් හොදයි
ප්‍රයිවට් බස් වල කොන්දොස්තරවරු මගීන්ට කතා කරන්නවත් දන්නේ නෑ.ගොඩක් දෙනෙකුගේ හැසිරීම අන්තිමයි
ඇඳුම් ඇඳන් ඉන්න පුළුවන් වැඩ ද මේ ගොල්ල කරන්නේ?
නිල ඇදුමින් මගීන්ට වැඩක් නෑ.ඒත් කරච්චල් සංගීතය නතර කරන එක නම් හරි වටිනවා.මොකද බස් එකේ යන හැමෝටම සංගීතෙට සවන් දෙන්න මානසිකත්වයක් නෑ
නිල ඇදුම නෙවෙයි මේ මිනිස්සුන්ගේ විනය හදන්න ඕනි. නැත්නම් හැමදාම මිනිස්සු දෙතුන්දෙනෙක් මහමග මැරෙයි.
මේගොල්ලන්ට නිල ඇදුම් නෙමෙයි දෙන්න ඕනි යට ඇදුම්