බ්‍රිතාන්‍ය ගුවන්සේවයේ සමාරම්භක ගමන වාර්තාකිරීම සඳහා එම සමාගමේ ආරාධනාවෙන් ලංකාවට ගිය මාධ්‍යවේදීන් අතරින් "ඩේලි ටෙලිග්‍රාෆ්" පුවත්පතේ වාර්තාකරු ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය පිළිබඳව ලියා ඇත්තේ ඉතාම අසුභවාදී විස්තරයකි.
අප්‍රේල් 17 වෙනිදා නිකුත්වූ පුවත්පතේ පලවී ඇති එම වාර්තාවේ දැක්වෙන්නේ සංචාරක කර්මාන්තය වේගවත්ව වර්ධනය කරගැනීම සඳහා විශාල රුකුලක් බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ නැවත පැමිණීම තුලින් ලැබේය යන බලාපොරොත්තුවක් ශ්‍රී ලංකා බලධාරීන් අතර තිබුණද එය එලෙසින්ම සිදුවේද යන්න පිළිබඳව කිසිම විශ්වාසයක් තැබිය නොහැකි බවය.
සංචාරක හෝටල්වල නැවතී ඉන්නා විදේශ සංචාරකයින්ගේ ගමන් බලපත්‍ර අංක ඇතුළු පෞද්ගලික තොරතුරු තමන්වෙත සපයන ලෙසට ශ්‍රී ලංකා පොලිසිය නිකුත්කර ඇති ආඥාපත්‍රයක් පිළිබඳව පසුගිය දිනෙක කළ එළිදරව්ව විදේශ සංචාරකයින් වික්ෂිප්තභාවයට පමුණුවන කරුණක් බව එම වාර්තාව ආරම්භයේම දක්වා ඇත.
මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත්කිරීම මඟින් සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය බාර නිලධාරීන් උත්සාහ කරන්නේ සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමද නැත්නම් අනවශ්‍ය පරීක්ෂාකාරී වීමක්ද යන ප්‍රශ්නය මෙහිදී මතුවන බවද එහි දැක්වෙයි.
2011 නත්තල් දවසේ තංගල්ල හෝටලයකදී අමානුෂික අන්දමින් ඝාතනය කළ බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් සහ ගිය මාසයේ නුවර ප්‍රදේශයේදී සංචාරකයින් දෙදෙනෙකුට සිදුකල පහරදීම් පිළිබඳවද එම වාර්තාව උලුප්පා දක්වා ඇත.
තමන් සමඟ මෙම සංචාරයට එක්වූ මාධ්‍යයවේදීන් කොළඹදී පිළිගත් උණුසුම් ආකාරය ඔහු දකින්නේ වැඩකට නැති දෙයක් ලෙසිනි.
"මෙතරම් උනන්දුවකින් පත්තරකාරයෙක් පිලිගන්නවා අපි නම් ජීවිතේට දැක නැතැයි" එම වාර්තාකරු ලියා ඇත.
එම වාර්තාවේ තවදුරටත් දක්වා ඇත්තේ "ඉතාම දැකුම්කලු රටක් වුවත් ආර්ථික පරිහානියකට පත්ව ඉන්නා ශ්‍රී ලංකාව මොන අන්දමකින් හෝ දියුණුවීමට උතසාහ කරන බවක් පෙනෙන්නට ඇති බවයි. හොඳ ආදායම් මාර්ගයක් ලබාගත හැකි සංචාරක කර්මාන්තය ඒ සඳහා හොඳ පිටුවහලක් වනබව රජය අඅවබෝධ කරගෙන ඇත. අපගේ පැමිණීම හැම පුවත්පතකම මුල් පිටුවේ පළවී තිබුණි. රුපවාහිනි සහ ප්‍රවෘත්ති වාර්තාකරුවවෝ ද කැමරා ශිල්පීහු ද අප වටා වහවැටී සිටියහ.අප ගිය ගිය තැන අප පසු පස කැරකෙමින් සිටි ඔවුන්ගෙන් ගැලවීමක් නැතිවිය. මෙය අප පුදුමයට පත්කළ අත්දැකීමක් විය." කියාය.
බ්‍රිතාන්‍ය ගුවන්සේවයේ යානය කටුනායක ගුවන්තොටුපළට පැමිණීම දැක බලා ගැනීමට විශාල පිරිසක් රොක් වී සිටිබව කියන එම වාර්තාව "එතැන සිටි සංචාරක මඟපෙන්වන්නකුයානය ගුවන්පථය දිගේ ගමන්කරනු බලාසිටියේ දරාගත නොහැකි ප්‍රමෝදයකින් සතුටු කඳුළු සලමින් "බවද කියයි.
එම වාර්තාවේ ශ්‍රී ලංකාවට එරෙහිව එල්ලවී ඇති මානව හිමිකම් චෝදනා පිළිබඳවද සඳහන් කිරීමට උත්සාහයක් ගෙන තිබුණි. රජයේ බලවතුන්ගේ සම්බන්ධතාවයන් ඇතිව රට පුරා අලුතින් ඉදිකෙරෙන මහා පරිමාණයේ හෝටල් සංකීර්ණ නිසා කාලාන්තරයක් තිස්සේ විවිධ දුෂ්කරතා මැද්දේ පවත්වාගෙනගිය ස්වාධීන සංචාරක හෝටල් වැසී යාමේ තර්ජනයක් ඇතැයි කියන එම වාර්තාව "සදාචාරාත්මක නොවන සංචාරක ප්‍රවර්ධන ක්‍රියාදාමයන් හා ව්‍යාපෘතින් පිළිබඳවද" විවේචනයක් කරයි.
එම වාර්තාවේ දැක්වෙන එකම ගුණාත්මක කරුණ වන්නේ ශ්‍රී ලංකාවේ ඔවුන් ගතකළ දින තුන ඇතුලත හමුවූ සියලුම ශ්‍රී ලාංකිකයින් කරුණාබර, ත්‍යාගශීලී, විශේෂයෙන්ම මිත්‍රශීලී හිතේ බරක් නැති ගුණ ගරුක මිනිසුන් බවයි. මුළු රටේම ආරක්ෂා සහගත බවක් තමන්ට දැනුණ බව සඳහන් කැර ඇත.
බ්‍රිතාන්‍ය ගුවන්සේවය ශ්‍රී ලංකාවට පියාසර කරන්නේ ගැට්වික් ගුවන් තොටුපළෙන් වුවද ඩේලි ටෙලිග්‍රාෆ් වාර්තාවේ සාවද්‍ය ලෙසට දක්වා ඇත්තේ හීත්රෝ ගුවන්තොටුපළෙන් බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට හිතෙන විදියට ඔවුන් කියන කතාව ඇත්ත. (නි)
බල්ලෙක් බිරුවාට කන්දක් පෙරලේද? අදහසක් පමණයි හොදේ. (නි)
එයා කියලා තියෙන කතාව සම්පූර්ණ ඇත්ත.මගේ ගම වැලිගම. මේ පැත්තේ සුද්දෝ ඉන්නේ ගෙවල්වලින් ලාබෙට ගත්ත කාමරවල, කන්නෙ අපි කන හෝටල් වලින්, යන්නේ සාමාන්‍ය බස්වල. හුගාක් අය කඩේ ගිහින් දවසට ඕනෑ කරන බඩුත් ගන්නවා. හැබැයි ඔක්කොම සෙල්ලම් බලවතුන්ගේ අධීක්ෂණය ඇතිව ඉදිකරන හෝටල් පටන් ගන්නකල් විතරයි. ඊට පස්සෙ නීති දාවි ගෙවල්වල සංචාරකයෝ නතරකරගන්න බැහැ කියලා. (නි)
ලංකාවට විරුද්ධව වුනත් කියලා තියෙන්නෙ ඇත්ත නේද?(නදී)
හා බොරුද ??? (නි)
ගුවන් සමාගමකට මෙතරම් පිළිගැනීමක් අවශ්‍ය නැහැ . ඔහුගේ කතාව ඇත්ත . ලංකාව ලස්සන උනත් එකෙන් ප්‍රයෝජන ගන්න දන්නා කට්ටිය අඩුයි . (නදී)
මේක ගුවන් යානයක්ද නැත්නම් පිටසක්වල යානයක්ද?(නදී)
ලංකාවේ වගේ පුංචි දේටත් සැණකෙළි තියන මෝඩ පාලකයෝ ඉන්න රටක් ලෝකේ කොහෙවත් නැහැ.(නදී)
ලංකාව ඉන්නේ 65% ක්ම 'බත් කන' අය නිසා මොනවා කළත් ප්‍රශ්නයක් නැහැ (නි)
මේ යානයෙන් අපේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පහරක් වදින්නේ නැද්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
හරියටම හරි. පෙරහරේ ලස්සන පෙනෙන්නේ ඉන්න අයට මිසක් පෙරහරේ යන අයට නෙමෙයි. (නි)
මෙම ගුවන් යානයෙන් ලංකාවට එන සංචාරකයන් ප්‍රමාණය වැඩි වීමක් වෙන්නේ නැහැ . මොකද ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සහ වෙනත් ගුවන සමාගම් ලංකාවේ සිට යුරෝපයට පියාසර කරනවා. මේකෙන් වෙන්නේ ලංකාවේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අදායම අඩු වෙන එක විතරයි. (නදී)
සැණකෙළි දාන්න තිබුනේ බ්‍රිටිෂ් යාර්වේය්ස් එක ලංකාවට ආවේ නැත්නම්. මේකෙන් වෙන්නේ අපේ එයාර් ලයින් එක වැටෙන එක. ලංකාවට එන සංචාරකයන්ගේ ගුවන් ටිකට් වලින් එන සල්ලි යන්නේ එංගලන්තෙට. (නි)
අවුරුදු 15 කට පස්සේ බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ යානයක් ලංකාවට පැමිණීමත්, ගුවන් නියමු ලංකික කපිතාන් මැදිවක පුතත් නිසයි මේ හරසර පිලිගැනිම කරලා තියෙන්නේ. අනාගත සංචාරක කර්මාන්තයට රුකුලක් වන පරිදි. ගුවන් සමාගමේ පිනා ටිනට් එකකින් ඇවිත් කොහොමද මාධ්‍ය කාරයාගේ වැඩ.(නදී)
ශ්රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන අදායම් මාර්ග දෙකක් මේ නිසා අඩු වෙනවා නේද? එකක් මාලදිවයින අනෙක යුරෝපයේ සිට ලංකාව හරහා ඉන්දියාවට යන මගීන්. (නි)
ලංකාවේ ගුවන් නියමුවෝ ඕන තරම් එමිරේට්ස්, එතිහාර්ඩ් සහ අනිකුත් ගුවන් සමාගම් වල සේවය කරනවා. (නු)
නියමයි (නු)
ඔව් කතාව ඇ.ත්ත.(නදී)
මේකත් නිකම් හරි මත්තලටත් යනවලුද ? දන්නේ නැති නිසයි අහන්නේ.(නදී)
මේකට හේතුව හෙන්චයි බේරා ගැනීමට මිනි මැරුම් යට ගැහීම. වර්ණනාවක් ලියා ගැනීමට අනවශ්‍ය සත්කාර නමැති අල්ලස් දීම .(නදී)
මේ මෝඩයෝ දන්නේ නැහැ නියම මාධ්‍යෙව්දියෝ එක්ක ගනුදෙනු කරන්න. ඒ ගොල්ලෝ එක්ක ගනුදෙනු කිරීම හරියට දැලි පිහියෙන් කිරි කපනවා හා සමානයි. ඒකයි මාධ්‍යෙව්දීන්ගෙයි පත්තරකාරයන්ගෙයි වෙනස.(නදී)
පසුගිය කාලෙ ලංකාවට ආපු හිපියොත් අපේ කට්ටිය රතු පලස එලලා මල් මාලා දාලනේ පිළිගත්තේ. ලංකාවට එන හුඟක් සංචාරකයෝ ඔය කියන තරම් වියදම් කරන්නේ නැහැ. අපේ රටේ වැඩියෙන්ම තියෙන්නේ සරුව පිත්තල වැඩ නිසයි අපිට කවදාවත් දියුණුවක් දකින්න නොලැබෙන්නේ. සෞදියේ එහෙම ඉන්න අය දකිනවා ඇතිනේ මෙහෙ තියෙන සුවිසල් සංවර්ධන වැඩ. හවස ගෙදර එනකොට හදමින් තිබුණු අධි වේගී මාර්ගය පහුවෙනිදා උදේ යනකොට ජනතාවට විවෘතයි. හැබැයි රජ තුමාවත් වෙන ප්‍රභූ වරයෙක්වත් නෙවෙයි. වැඩ බිමේ ඉන්න බර යන්ත්‍ර ක්‍රියාකරුම කොන්ක්‍රීට් බාධක ඉවත් කරනවා, පාර විවෘතයි. ඒත් අපේ රටේ පොදු වැසිකිලිය විවෘත කරන්නත් ජනාධිපති හෙලිකොප්ටර් එකෙන් වඩින්න ඕනේ. (නදී)
මේ මිනිහව උල තියන්න ඕන. ඩුබායි වල පාස් පෝර්ට් කොපි සී.අයි.ඩී යොමු නොකර හෝටල් කාමරයකට යන්න වත් බෑ.(නදී)
මම වැඩ කරන්නේ ඩුබායි හොටෙල් එකක. මෙහෙ නවතින්න එන හැම විදෙශිකයෙකුම තමන්ගේ විදේශ ගමන් බල පත අනිවාර්යයෙන්ම තමන්ගේ තොරතුරුත් සමග තමන් නවතින හෝටලයට ලබා දිය යුතුයි. මෙය අනිවාර්යයි අපි එම තොරතුරු චිඩ් එකට යැවිය යුතුයි. එහෙම නම් එහාට ඔය බ්‍රිතාන්‍ය ජාතිකයෝ කොයි තරම් එනවාද ? මෙම මාධ්‍යවේදියා තනිකරම බොරුවක් පල කර තිබෙන්නේ.(නදී)
හෙන්චයියෝ බේරාගන්ට මිනීමැරුම් යට ගැහුවම ඔහොම වෙනවා.(නදී)
මොනවා උනත් සුද්ද ඇත්ත කියලා තියෙනවා.(නදී)
නැති වර්නනා අනවශ්‍යයි. පිළිගැනීම් නමැති අල්ලස දුන්නේ ඇයි?(නදී)
සුද්දන්ටත් ප්‍රදර්ශනවාදේ පෙන්නුවද? . දැන් කියන්න ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියලා.(නදී)
ගාමිණී මැදිවක පුතා විතරද පිටරට ගුඋවන් සේවාවේ ඉන්නේ. ඕකට කියන්නේ පන්ති බේදය.(නදී)
අපේ රට මොන තරඟ සන්දර්ශන වාදේට යට වෙළාද කියන දේනේ මේකෙන් කියන්නේ.(නදී)
අලුත් තෙල් ඇමති පිළිගන්ට ලක්ෂ 100 ක් ගියාලු. ඔන්න අපේ ප්‍රදර්සන වාදී කම.(නදී)
2012 ශ්රී ලන්කන් ගුවන් සේවයේ පාඩුව කෝටි2050.(නදී)
ගාමිණී සුද්දන්ට ප්‍රදර්ශවාදේ, අල්ලස හුරු නෑ.(නදී)
අර කෝකටත් කෑ ගහන බෞද්ධ කට්ටිය ප්‍රදර්ශනවාදෙට මොකෝ කියන්නේ.(නදී)
දිට්ටදම්ම වේදනීය කර්මේ.(නදී)
කියල තියන කතාව සම්පුර්ණ ඇත්ත.(නදී)
ඕනෑම රටක හෝටල් වලින් ගමන් බලපත් කොපියක් ගන්නවා. නමුත් පොලිසියට විස්තර නම් දෙන්නේ නෑ.(නදී)
මිනිස්සු කිරිබත් කෑවේ නෑල්ලුද. අරක්කු බාගෙට බත් පැකට් එකට ආපු මිනිස්සු හිටියේ කියල ලියල නෑල්ලුද ?(නදී)
ලංකාවේ වැඩ කරන්නේ චින්නුයි ඉන්දියන් කාරයොයි කියල ලියලා නැද්ද?(නදී)
ගමගේ බ්‍රිතාන්‍ය ගුවන් සේවය ආවත් නැතත් අපේ සේවේ පාඩුවටයි දුවන්නේ. ගිය අවුරුද්දේ පාඩුව කොටි 2050 කියල වාර්තා කියන්නේ.(නදී)
මේ රට ලෝකෙන් ගන්න ණය ගැන එහෙම කියලා නැද්ද? (නි)
ඕනෑම දෙයක් ඕනෑවට වැඩිය ඕනෑම නැහැ කියන්නේ ඕවට තමයි. අපි ආගන්තුක සත්කාර දන්නා නිසා පැමිණි සැම දෙනාව සාදරයෙන් පිළිගත් නිසා අපිට ඔහොම වෙලා මදි. (නි)
ඇයි අපේ ලොකු ලොක්කන්ගේ විස්තර දාලා නැද්ද? (නි)
සමහරුන්ට නම් හරි සතුටුයි වගේ. (නි)
මට හිතෙන විදියට නම් ඒ වාර්තාව මේ කියන තරම් අසුබවාදී එකක් නෙවෙයි. මෙතනින් කියවලා බලන්න. http://www.telegraph.co.uk/travel/destinations/asia/srilanka/10001113/Sri-Lanka-banks-on-return-of-British-Airways.html
ලංකාවට බැන්නට අපි කලබල වෙන්න නරකයි. (නි)
මේ කියන මැදිවක පුතා මොන දේශපාලනයකට සම්බන්ද කෙනෙක්ද ?(නදී)
බටහිර රටවලට ඇතුල්වන ඕනෑම සංචාරකයකු පිළිබඳව සියලුම විස්තර එම රටවල ආරක්ෂක අංශ වලට ලබා ගතහැකි ක්‍රමවේද සකස්කර ඇත. ලංකාව වැනි රටකද එවන් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම කිසි ලෙසකින් වරදක් නොවේ. (නි)
එම ගුවන් සමාගමින්ම නේද මාධ්‍යවේදීන්ට ආරාධනා කළේ? (නි)
සුද්දන්ව උඩින් තියන්න යන අයට මේක හොද පාඩමක්. (නි)
එයාල අපේ රටේ සම්පත් සුරාගෙන කෑවා මදිවට තව විවේචනය කරන්නත් එනවා. (නි)
ශ්රී ලංකන් සේවයේ ගුවන් ආගන්තුක සත්කාරයන් හොද නැත. ආදායම අඩුවීමට හේතුව ලෙස මා දකින්නේ එයයි. (නි)
උපුල්,ඔයා හරියට හරි. (නි)
මෙයාලා හවායි දූපත් වල සංචාරක ව්‍යාපාර කොපි කරන්න ගිහිල්ලා කියලයි මට නම් හිතෙන්නේ. (නි)
කෙනෙක් සැළකුවත් වැරදියි නොසැළකුවත් වැරදියි. ඔය හිතේ බරක් නැති අපේ මිනිස්සුන්ගෙන් ඉගෙන ගන්න දේ බොහොමයි. (නි)
කුරේ , මොකද මේ බෞද්ධකම මේවට ගාවගන්නේ? ඔයාට දැන් මානසික ලෙඩක් තියෙනවා වාගේ. මොකද කියන්නේ යාලුවනේ? (නි)
ඇත්ත කොහොමත් තිත්තය. පුලුවන්ද මොනවද බොරු කියලා ඔප්පු කරන්න? (නි)
අනේ මන්දා ලංකාවේ අයට මොනවා වෙලාද කියලා. (නි)
අපේ රටේ ප්‍රතිරුපය නගාලීම සඳහා පවුම් මිලියන ගණන්, ඩොලර් මිලියන ගණන් අපි ගෙවපු විදේශීය පී.ආර්. සමාගම් වලින් මීට පිළිතුරු සපයනවද? නැත්නම්, අපේ ඒ සල්ලිත් වතුරේද? (නි)
ලංකාවෙ වෙන මානව හිමිකම් අපරාධ පිලිබඳ දැනුවත් කිරීම මාධ්‍යවේදීන්ගෙ පරම යුතුකමක්. (නි)
සුද්දෝ බොරු කියන්නේ නැහැ. (නි)
මගේ රටේ කොච්චර ලස්සනට මිනිස්සු ජීවත් වෙනවද කියලා ඇවිල්ලා බලන්න. (නි)
මේ අදහස් කියවනකොට අපිට කියන්න පුළුවන් පිරුණු කළේ සහ නොපිරුණු කළේ අතර වෙනස. (නි)
ශ්රී ලංකන් ගුවන් සේවාවල ලාංකිකයන්ට සලකන හැටි හොඳ නැහැ.එම නිසා ලාංකිකයෝ කොහොමත් තෝරාගන්නේ වෙනත් ගුවන් සේවා. ලංකාවේ ඒවා නම් එපා කියනවා. කොපමණ නම්බුද? පාඩු ලබන එක අහන්නත් දෙයක්ද? (නි)
කුරේට පිස්සුද මන්දා? (නි)
මට හරිම කණගාටුයි දාලා තියෙන අදහස් කියෙව්වම. කිසිත් නොදැන ඔහේ කියවන එක මොන තරම් මෝඩකමක් ද කියලා හිතෙනවා. පොඩ්ඩක් සංචාරක කර්මාන්තය ගැන හොයලා බැලුවොත් හැමෝටම තේරෙයි අනිත් රටවල් එක්ක බැලුවහම අපි තාමත් ගොඩක් පස්සෙන් ඉන්නෙ කියලා. (නි)
මම මේක ටෙලෙග්‍රෆ් එකේ කියෙව්වා. ලිපියේ බැනල තිබ්බට ඒකට ඇවිත් තිබුන ප්‍රතිචාර දැක්කහම සතුටු උනා. එක සුද්දෙක් කියල තිබුන "මුළු ලංකාව පුරහම එයාට එංගලන්තේට වැඩිය ආරක්‍ෂිත බව දැනුන කියල" ඔබත් කියවන්න http://www.telegraph.co.uk/travel/destinations/asia/srilanka/10001113/Sri-Lanka-banks-on-return-of-British-Airways.html
ගුවන් නියමුවන් තමා කුඩු දියමන්ති මැණික් ට්‍රාන්ස්පෝර්ට් කරන්නේ එකට කොමිෂන් ගන්නවා උදාහරනේ මැඩගස්කර් ලංකාවේ කෙනෙක් කෝටි 40 ක ගලක් ගෙනාවෙත් එහෙමයි.(නදී)
කුරේ ගේ කතාව හරි. මුලින්ම හදන්න ඕනේ රටේ නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය. නැතුව ඔය සමහරු කෑ ගහන විදිහට එක එක ආගමට සහ ජාතියට බනින එක නෙමෙයි.(නදී)
මිනිහ ඇත්තනේ ලියල තියෙන්නේ.(නදී)
නිශාන්ත ඔයා හරියටම හරි. (නදී)
මම හිතන්නෙ අර ආරක්ෂාව ගැන කරුණ හැරෙන්න අනෙක් හැම දෙයක්ද ඇත්ත. මල් පැලයක් හිටෙව්වත් අපේ රටේ පාලකයො ඒකට කොටි ගණනක් වියදම් කරල උත්සවයක් තියෙනව. ඒ යන මුදලින් තවත් ප්‍රයොජනයක් වැඩක් කරන්න බැරි ඇයි. මම නම් හිතන්නෙ ඇත්තටම මේ අයට තියෙන්නෙ මානසික ලෙඩක්ය කියල.(නදී)
ඇමෙරිකාවට, එංගලන්තයට යන මුස්ලිම් මිනිස්සුන්ගේ ඇදුම් හිටන් ගලෝලා පරීක්ෂා කරනවා. ඒවා මෙයාලට පෙනෙන්නේ නැහැ. ඊට හපන් මේකේ අදහස් දාන කට්ටිය. එයාලට අපේ රටට වැඩිය හොඳ රටට බනින පිටරට අයව... (නි)
කටේ මසුරන් දාන්න වටිනා කතාව. සම්පුර්ණ ඇත්තනේ කියල තියන කතාව. (නි)
මේ අදහස් දාලා තියෙන ගොඩක් අයට ලංකාවට බනිනවා නම් පුදුම සතුටක් තියෙන්නෙ. එක මෝඩයෙක් කියලා තියෙනවා සුද්දො බොරු කියන්නෙ නැහැ කියලා. සුද්දො තරම් කපටි ජාතියක්, ලංකාව අවුරුදු 443 පාලනය කලේම බොරුවෙන් වංචාවෙන්. දැන් කරන්නෙත් ඒකමයි. (නි)
ශානිකා මසුරන් දාන්න ඕනෑ කියන්න ඇත්තේ මගේ අදහසට වෙන්න ඇති, නේද? (නි)
අපේ මාධ්‍යයට නොපෙනෙන දේ මොහු දැක ඇත.සම්පූර්ණ ඇත්ත නේද? (ස)
මම ලංකාවට පැමිණෙනවා සෑම වර්ෂයකට සැරයක්. යුරෝපය හරහා රෝයල් ජෝර්දාන් එයාර් ලයන් එකෙන් එන්නේ. අම්මාන් වලදී අපිට එයාර්ලයින් හොටෙල් පහසුකම් දෙනවා පහුවදා උදේ ප්ලයිට් එකට. අපිව හොටෙල් එකට යවනවා බස් එකෙන්, ඒත් අපේ පාස්පොර්ට් එක එයාර් පොර්ට් එකේම ඉමිග්‍රේෂන් එක තියාගන අපිට දෙන්නේ. හොටෙල් එකේ රූම් අංකය සටහන් කාර්ඩ් පත පමණයි දෙන්නේ. ලංකාවට එන අනිකුත් යුරෝපිකයින්ට හැබයි ඒ නිතිය නැහැ. ආසියානුවන්ට පමනයි. ඉතින් ලංකාවේ මේ වැඩි වැඩ වලට නම් වගකිවයුත්තෝ ලැජ්ජා විය යුතුයි නේද? (නි)
ඔය කියන තරම් ප්‍රශ්නයක් මම මේ ලිපියේ දකින්නේ නැහැ. කොහොම වුණත් මධ්‍යස්ත විචාරයකට අපි ගරු කළ යුතුයි. අපි අපේ ඇත්ත තත්වය තේරුම් ගන්නා තුරු අපිට දියුණු වෙන්න නම් බැහැ. මේ රටේ මිනිස්සු හිතාගෙන ඉන්නේ සංචාරකයෝ අපේ රටට එන්න පොරකනවා කියලා. නමුත් අනිත් රටවල් වලට ගියාම තේරේවි අපේ රටේ සංචාරක ව්‍යාපාරය බොහොම ප්‍රාථමික මට්ටමේ තියෙන්නේ කියලා. (නි)
මේ අපේ රටේ ආරක්ෂාව මදි කියලා ලංකාවට එන්න බැහැ කියපු ගුවන් සමාගමක්. ආයෙත් ආපු එක හොඳා. ඕනෑ වෙලාවට එනවා එපා වුණහම නතර කරනවා. (නි)
සහතික ඇත්ත. (නි)
මේ කතාව කියෙවුවම මට මතක් වුණේ ඉස්සර අපේ ඉස්කෝලෙට ගුරුවරු හරියට උගන්නනවද බලන්න එන ගුරු උපදේශකලට වෙන දේ. එහෙම කට්ටියක් ආපු දවසක අපේ ගුරුතුමෙක් කිව්වේ "ළමයි බය වෙන්න එපා. අපි එයාලව බලාගෙන තියෙන්නේ" කියලා. නිකමට ගුරුවරුන්ගේ කැන්ටිම ලඟින් ගියපු අපිට දකින්න ලැබුනේ, අර ආව කියපු උපදේශකවරු කඳු ගහගෙන එක එක කෑම ජාති ගිලිනවා. ඒ එක උපදේශකයෙක්වත් අපේ පන්තියට නම් ආවේ නැහැ. හැම තැනකම කෙරෙන මේ වැඩේ සුද්දටත් දාන්න ගියා අපේ කට්ටිය (නි)
ක්ෂීරපථයේ කොනක සිට ලංකාවට පැමිණි මේ අද්භූත යානයේ විස්තර දැම්මට පින්. (නි)
අපි අමාරුවේ ඉන්නකොට එන්න බැහැ කියපු කට්ටිය දැන් වාසියට එනවා. අපේ කට්ටිය මල් දාලා පිලිගන්නවා .අපි කවදත් හොර සුද්දන්ට අහු වෙනවා. (නි)
ලෝකයේ ප්‍රථම වතාවට ලංකාවට පිටසක්වල ජීවීන් පැමිණිලා??? (නි)
මිත්‍රවරුනි, අපේ රටට බනින පිටරට අයට අපිත් කැමති නැහැ. ඒත් ලංකාවෙන් පිට ඉන්න අපට අපේ රටේ තොරතුරු දැනගැනීමේ පහසුව ලංකාවේ ඉන්න අයට වඩා තිබෙනවා. කරුණාකර ලෝකය ගැන මීට වඩා ගැඹුරෙන් දකින්න අපට කාලය ඇවිත්, මෙගා නාට්‍යය වල හිරවෙලා සිහින දකින්නේ නැතුව. (නි)
මෙය කියන කතා වල වැරැද්දකුත් නැහැ බලාගෙන යනකොට (නි)
හෝටල් වල නවතින අයගේ විස්තර පොලිසියෙන් ගන්නේ එයාලගෙම ආරක්ෂාවට. (නි)
ඒක සුද්දගේ මතය වුණාට මුළු එංගලන්තේ මතය නෙමෙයිනේ. එහෙනම් සියලු ශ්‍රී ලාංකිකයන් කරුණාබර ත්‍යාගශීලී, විශේෂයෙන්ම මිත්‍රශීලි හිතේ බරක් නැති ගුණගරුක මිනිසුන් සිටින බව ලියලා තියෙන්නේ. රටට බැන බැන රට වැසියන්ගේ ගුණ කියනවානේ. (නි)
මිනිසුනේ, සරල වෙයවූ! සුද්දෝ බෞද්ධයෝ නොවුණත් ගොඩක් සරලයි. (නි)
මේක සතුටු වෙන්න පුළුවන් දෙයක් නොවුණත් සහතික ඇත්ත. (නි)
පල්ලව, අර ණයට ඉල්ලන්න ගිහින් දෙන්න බැහැ කිවුවම කියනවා, ණයට සල්ලි එපා කියලා ගිහිල්ලම කියලයි ආවේ කියලා. අන්න එහෙමයි අපේ අය (නි)
සුද්දන්ගේ විස්තර පොලිසියෙන් ගන්නේ එයාලගෙම ආරක්ෂාවට කියල කියන්න එපා.එහෙම වුණොත් තව බය වෙනවානේ. (නි)
ඔය කියන තරම් වැරදි දෙයක් කියලා නැහැ.මොනවා වුණත් හරිනේ ... (නි)
මේ ගැන අපිට පැමිණිලි කරන්න බැරිද? (නි)
මමත් ඉන්නේ ඔය කියන රටේ. අපේ රටේ කොටි ප්‍රශ්නේදී එන්ගලන්ත සුද්දා සිංහලයට විරුද්ධ බව අපි හොඳින් මතක තියගෙන කටයුතු කරන්න ඕනෑ. මම නම් සත පහකට ගණන් ගන්නෙ නැහැ. ලැබෙන හැම අවස්ථාවකම මුණටම කියනවා. අපේ රටේ පිළිගැනීම ඕනැවට වැඩියි. රටේ දුප්පතා වෙනුවෙන් කරන්න වැඩ තියාගෙන සුද්දටම ඉන්න හෝටලුයි, පාරවලුයි හදලා හරියන්නෙ නැහැ. 15% ඇරුනම අනෙක් සුද්දෝ සාමාන්‍ය දුප්පත් අය. පිදියයුත්තා පමණක් පුදන්න අපි ඉගෙන ගතයුතුයි. (නි)
ලන්කාසිරි ඕකට කියන්නේ වර්ගවාදේ.(නදී)
හරියටම හරි. අපි ඕනෑ දේටයි එපා දේටයි ලොකු උත්සව තියලා රටේ සල්ලි නැති කරගන්නවා (නි)
අපේ මාධ්‍යවේදීන්ට දෙන වාහන බලපත්‍රය, ගෙවල් දොරවල් එහෙම දීලා මොකුත් ලියවා ගන්ට බැලුවේ නැද්ද.(නදී)
කට්ටිය හදන්ට ඇත්තේ මාධ්‍යවේදියෝ විසිකරලා සතුටු කරලා පක්ෂක්ග්‍රාහී ලිපියක් ලියගන්ට. මාධ්‍යවේදියෙක් මධ්‍යස්ථ විචාරයක් කරන එක වරදක් නෙවේ. ඒක තමා හරිම දේ. මේකේ නරක වගේම හොදත් ලියලා තියනවා.(නදී)
ඔය කියා තියෙන්නේ ඇත්ත. මම කියන්න කැමතියි අපේ රටේ පන්ති බේදය. ශ්‍රී ලංකන් එකේ ගියාම තේරෙනවා ගුල්ෆ් රටවලට යන ගෘහ සේවිකාවන්ට එයාල සලකන හැටි. හරිම නින්දිතයි. ගුවන්සේවිකාවෝ දන්නේ නැහැ එයාලත් කරන්නේ ඒකමයි කියලා.(නදී)
කට්ටිය හිතන්න ඇති මාධ්‍යවේදියෝ කියන්නේ ඉස්සර මාලිගාවේ හිටපු පුරෝහිතලා වගේ ගුණ පමණක් වයන අය කියලා. යුරෝපේ නායකයෝ විවේචනේ කරන්නේ සත්තුන්ගේ නම් හිටන් දාලා. එහෙම කරයි කියල අතුරුදහන් වෙන්නෙත් නෑ.(නදී)
මින්සුනේ වරදක් කිව්වම කිව්ව මිනිහගේ රටයි ජාතියයි හොයන්නේ නැතිව කිව්වේ ඇත්තද බොරුද බලන්න. අපේ රටේ නිතිය, සම්පත් පරිහරනේ,දේශපාලන සංස්කෘතිය, ප්‍රදර්සනවදේ ගැන මේ කිවේ බොරු නෙවේ නේ(නදී)
ශ්රී ලාංකිකයෙක් හැටියට මම නම් දකින්නේ ඒ ලියලා තියෙන ලිපිය බොහොම විනිවිද භාවයකින් යුතුව ලියලා තියෙන එකක්. අනිත් කාරණය, අපේ ලංකාවෙයි ඒ රටෙයි මාධ්‍ය නිදහස ගැන හොඳ අදහසක් ගන්න පුළුවන් මේ වෙලාවේ.. ලංකාවේ මාධ්‍යවේදියෙක් ඔය වගේ ලිපියක් ලිව්වා නම් එහෙම දවස් දෙකක්වත් ජිවත් වෙයිද දන්නේ නෑ.(නදී)
සහතික ඇත්ත ලියලා තියෙන දේවල් අනිත් එක ලංකාවේ ඉන්නේ දුටු තැන හුරා කන්න හදන මිනිස්සු. සුද්දෝ දැන් ගයිඩි කෙනෙක් වත් ගන්නේ නැතුව තනියම දේවල් කරගන්නේ. ලංකාවේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න හදන මිනිස්සු වැඩි නිසා. සුද්දෝ අපිට වැඩිය හොදට ලංකාවේ ගණන් දන්නවා.(නදී)
මට හිතෙන විදියට ඔවුන් කියන කතාව ඇත්ත.(ස)
සැබෑ ලාංකිකත්වය .... (නි)
බලන්න හසන්ත මහත්තයෝ මේ කියන මුසාවාද (ස)