IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


පුදපු ගමන් කාපී යකා

බ්‍රිතාන්‍ය ගුවන්සේවයේ සමාරම්භක ගමන වාර්තාකිරීම සඳහා එම සමාගමේ ආරාධනාවෙන් ලංකාවට ගිය මාධ්‍යවේදීන් අතරින් "ඩේලි ටෙලිග්‍රාෆ්" පුවත්පතේ වාර්තාකරු ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය පිළිබඳව ලියා ඇත්තේ ඉතාම අසුභවාදී විස්තරයකි. 

අප්‍රේල් 17 වෙනිදා නිකුත්වූ පුවත්පතේ පලවී ඇති එම වාර්තාවේ දැක්වෙන්නේ සංචාරක කර්මාන්තය වේගවත්ව වර්ධනය කරගැනීම සඳහා විශාල රුකුලක් බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ නැවත පැමිණීම තුලින් ලැබේය යන බලාපොරොත්තුවක් ශ්‍රී ලංකා බලධාරීන් අතර තිබුණද එය එලෙසින්ම  සිදුවේද යන්න පිළිබඳව කිසිම විශ්වාසයක් තැබිය නොහැකි බවය.

සංචාරක හෝටල්වල නැවතී ඉන්නා විදේශ සංචාරකයින්ගේ ගමන් බලපත්‍ර අංක ඇතුළු පෞද්ගලික තොරතුරු තමන්වෙත සපයන ලෙසට ශ්‍රී ලංකා පොලිසිය නිකුත්කර ඇති ආඥාපත්‍රයක් පිළිබඳව පසුගිය දිනෙක කළ එළිදරව්ව විදේශ සංචාරකයින් වික්ෂිප්තභාවයට පමුණුවන කරුණක් බව එම වාර්තාව ආරම්භයේම දක්වා ඇත.

මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත්කිරීම මඟින් සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය බාර නිලධාරීන් උත්සාහ කරන්නේ සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමද නැත්නම් අනවශ්‍ය පරීක්ෂාකාරී වීමක්ද යන ප්‍රශ්නය මෙහිදී මතුවන බවද එහි දැක්වෙයි.

2011 නත්තල් දවසේ තංගල්ල හෝටලයකදී අමානුෂික අන්දමින් ඝාතනය කළ බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් සහ ගිය මාසයේ නුවර ප්‍රදේශයේදී සංචාරකයින් දෙදෙනෙකුට සිදුකල පහරදීම් පිළිබඳවද එම වාර්තාව උලුප්පා දක්වා ඇත. 

තමන් සමඟ මෙම සංචාරයට එක්වූ මාධ්‍යයවේදීන් කොළඹදී පිළිගත් උණුසුම් ආකාරය ඔහු දකින්නේ වැඩකට නැති දෙයක් ලෙසිනි. 

"මෙතරම් උනන්දුවකින් පත්තරකාරයෙක් පිලිගන්නවා අපි නම් ජීවිතේට දැක නැතැයි" එම වාර්තාකරු ලියා ඇත.

එම වාර්තාවේ තවදුරටත් දක්වා ඇත්තේ "ඉතාම දැකුම්කලු රටක් වුවත් ආර්ථික පරිහානියකට පත්ව ඉන්නා ශ්‍රී ලංකාව  මොන අන්දමකින් හෝ දියුණුවීමට උතසාහ කරන බවක් පෙනෙන්නට ඇති  බවයි.  හොඳ ආදායම් මාර්ගයක් ලබාගත හැකි සංචාරක කර්මාන්තය ඒ සඳහා හොඳ පිටුවහලක් වනබව රජය අඅවබෝධ කරගෙන ඇත. අපගේ පැමිණීම හැම පුවත්පතකම මුල් පිටුවේ පළවී තිබුණි. රුපවාහිනි සහ ප්‍රවෘත්ති වාර්තාකරුවවෝ ද කැමරා ශිල්පීහු ද  අප වටා වහවැටී සිටියහ.අප ගිය ගිය තැන අප පසු පස කැරකෙමින් සිටි ඔවුන්ගෙන් ගැලවීමක් නැතිවිය. මෙය අප පුදුමයට පත්කළ අත්දැකීමක් විය." කියාය.

බ්‍රිතාන්‍ය ගුවන්සේවයේ යානය කටුනායක ගුවන්තොටුපළට පැමිණීම දැක බලා ගැනීමට විශාල පිරිසක් රොක් වී සිටිබව කියන එම වාර්තාව "එතැන සිටි සංචාරක මඟපෙන්වන්නකුයානය ගුවන්පථය දිගේ ගමන්කරනු බලාසිටියේ දරාගත නොහැකි ප්‍රමෝදයකින් සතුටු කඳුළු සලමින් "බවද කියයි.

එම වාර්තාවේ ශ්‍රී ලංකාවට එරෙහිව එල්ලවී ඇති මානව හිමිකම් චෝදනා පිළිබඳවද සඳහන් කිරීමට උත්සාහයක් ගෙන තිබුණි. රජයේ බලවතුන්ගේ සම්බන්ධතාවයන් ඇතිව රට පුරා අලුතින් ඉදිකෙරෙන මහා පරිමාණයේ හෝටල් සංකීර්ණ නිසා කාලාන්තරයක් තිස්සේ විවිධ දුෂ්කරතා මැද්දේ පවත්වාගෙනගිය ස්වාධීන සංචාරක හෝටල් වැසී යාමේ තර්ජනයක් ඇතැයි කියන එම වාර්තාව "සදාචාරාත්මක නොවන සංචාරක ප්‍රවර්ධන ක්‍රියාදාමයන් හා ව්‍යාපෘතින් පිළිබඳවද" විවේචනයක් කරයි.

එම වාර්තාවේ දැක්වෙන එකම ගුණාත්මක කරුණ වන්නේ ශ්‍රී ලංකාවේ ඔවුන් ගතකළ දින තුන ඇතුලත හමුවූ සියලුම ශ්‍රී ලාංකිකයින් කරුණාබර, ත්‍යාගශීලී, විශේෂයෙන්ම මිත්‍රශීලී හිතේ බරක් නැති ගුණ ගරුක මිනිසුන් බවයි. මුළු රටේම   ආරක්ෂා සහගත බවක් තමන්ට දැනුණ බව සඳහන් කැර ඇත.

බ්‍රිතාන්‍ය ගුවන්සේවය ශ්‍රී ලංකාවට පියාසර කරන්නේ ගැට්වික් ගුවන් තොටුපළෙන් වුවද ඩේලි ටෙලිග්‍රාෆ් වාර්තාවේ සාවද්‍ය ලෙසට දක්වා ඇත්තේ හීත්රෝ ගුවන්තොටුපළෙන් බවය.



අදහස් (0)

පුදපු ගමන් කාපී යකා

සමන්ත Friday, 19 April 2013 04:56 AM

ලංකාවෙ වෙන මානව හිමිකම් අපරාධ පිලිබඳ දැනුවත් කිරීම මාධ්‍යවේදීන්ගෙ පරම යුතුකමක්. (නි)

:       0       0

අනුර Friday, 19 April 2013 05:49 AM

සුද්දෝ බොරු කියන්නේ නැහැ. (නි)

:       0       0

ජයසුන්දර Friday, 19 April 2013 06:06 AM

මගේ රටේ කොච්චර ලස්සනට මිනිස්සු ජීවත් වෙනවද කියලා ඇවිල්ලා බලන්න. (නි)

:       0       0

සරත් Friday, 19 April 2013 06:34 AM

මේ අදහස් කියවනකොට අපිට කියන්න පුළුවන් පිරුණු කළේ සහ නොපිරුණු කළේ අතර වෙනස. (නි)

:       0       0

බමුණුසිංහ Thursday, 18 April 2013 06:26 PM

මට හිතෙන විදියට ඔවුන් කියන කතාව ඇත්ත. (නි)

:       0       0

ලංකාසිරි Friday, 19 April 2013 02:51 PM

මමත් ඉන්නේ ඔය කියන රටේ. අපේ රටේ කොටි ප්‍රශ්නේදී එන්ගලන්ත සුද්දා සිංහලයට විරුද්ධ බව අපි හොඳින් මතක තියගෙන කටයුතු කරන්න ඕනෑ. මම නම් සත පහකට ගණන් ගන්නෙ නැහැ. ලැබෙන හැම අවස්ථාවකම මුණටම කියනවා. අපේ රටේ පිළිගැනීම ඕනැවට වැඩියි. රටේ දුප්පතා වෙනුවෙන් කරන්න වැඩ තියාගෙන සුද්දටම ඉන්න හෝටලුයි, පාරවලුයි හදලා හරියන්නෙ නැහැ. 15% ඇරුනම අනෙක් සුද්දෝ සාමාන්‍ය දුප්පත් අය. පිදියයුත්තා පමණක් පුදන්න අපි ඉගෙන ගතයුතුයි. (නි)

:       0       0

හේරත් Thursday, 18 April 2013 06:31 PM

බල්ලෙක් බිරුවාට කන්දක් පෙරලේද? අදහසක් පමණයි හොදේ. (නි)

:       0       0

වසන්ත Thursday, 18 April 2013 06:37 PM

එයා කියලා තියෙන කතාව සම්පූර්ණ ඇත්ත.මගේ ගම වැලිගම. මේ පැත්තේ සුද්දෝ ඉන්නේ ගෙවල්වලින් ලාබෙට ගත්ත කාමරවල, කන්නෙ අපි කන හෝටල් වලින්, යන්නේ සාමාන්‍ය බස්වල. හුගාක් අය කඩේ ගිහින් දවසට ඕනෑ කරන බඩුත් ගන්නවා. හැබැයි ඔක්කොම සෙල්ලම් බලවතුන්ගේ අධීක්ෂණය ඇතිව ඉදිකරන හෝටල් පටන් ගන්නකල් විතරයි. ඊට පස්සෙ නීති දාවි ගෙවල්වල සංචාරකයෝ නතරකරගන්න බැහැ කියලා. (නි)

:       0       0

නිලුපුලී Friday, 19 April 2013 07:38 AM

ශ්‍රී ලංකන් ගුවන් සේවාවල ලාංකිකයන්ට සලකන හැටි හොඳ නැහැ.එම නිසා ලාංකිකයෝ කොහොමත් තෝරාගන්නේ වෙනත් ගුවන් සේවා. ලංකාවේ ඒවා නම් එපා කියනවා. කොපමණ නම්බුද? පාඩු ලබන එක අහන්නත් දෙයක්ද? (නි)

:       0       0

ලසන්ත Friday, 19 April 2013 03:28 PM

ලන්කාසිරි ඕකට කියන්නේ වර්ගවාදේ.(නදී)

:       0       0

දම්මි Friday, 19 April 2013 07:58 AM

කුරේට පිස්සුද මන්දා? (නි)

:       0       0

සම්පත් Friday, 19 April 2013 03:30 PM

හරියටම හරි. අපි ඕනෑ දේටයි එපා දේටයි ලොකු උත්සව තියලා රටේ සල්ලි නැති කරගන්නවා (නි)

:       0       0

රවිදු Thursday, 18 April 2013 06:47 PM

ලංකාවට විරුද්ධව වුනත් කියලා තියෙන්නෙ ඇත්ත නේද?(නදී)

:       0       0

නීල් Thursday, 18 April 2013 06:47 PM

හා බොරුද ??? (නි)

:       0       0

අරුණ Friday, 19 April 2013 08:19 AM

මට හරිම කණගාටුයි දාලා තියෙන අදහස් කියෙව්වම. කිසිත් නොදැන ඔහේ කියවන එක මොන තරම් මෝඩකමක් ද කියලා හිතෙනවා. පොඩ්ඩක් සංචාරක කර්මාන්තය ගැන හොයලා බැලුවොත් හැමෝටම තේරෙයි අනිත් රටවල් එක්ක බැලුවහම අපි තාමත් ගොඩක් පස්සෙන් ඉන්නෙ කියලා. (නි)

:       0       0

ෂන්කර් Thursday, 18 April 2013 06:55 PM

ගුවන් සමාගමකට මෙතරම් පිළිගැනීමක් අවශ්‍ය නැහැ . ඔහුගේ කතාව ඇත්ත . ලංකාව ලස්සන උනත් එකෙන් ප්‍රයෝජන ගන්න දන්නා කට්ටිය අඩුයි . (නදී)

:       0       0

මෙවන් Friday, 19 April 2013 08:19 AM

මම මේක ටෙලෙග්‍රෆ් එකේ කියෙව්වා. ලිපියේ බැනල තිබ්බට ඒකට ඇවිත් තිබුන ප්‍රතිචාර දැක්කහම සතුටු උනා. එක සුද්දෙක් කියල තිබුන "මුළු ලංකාව පුරහම එයාට එංගලන්තේට වැඩිය ආරක්‍ෂිත බව දැනුන කියල" ඔබත් කියවන්න http://www.telegraph.co.uk/travel/destinations/asia/srilanka/10001113/Sri-Lanka-banks-on-return-of-British-Airways.html

:       0       0

අරා Friday, 19 April 2013 08:22 AM

ගුවන් නියමුවන් තමා කුඩු දියමන්ති මැණික් ට්‍රාන්ස්පෝර්ට් කරන්නේ එකට කොමිෂන් ගන්නවා උදාහරනේ මැඩගස්කර් ලංකාවේ කෙනෙක් කෝටි 40 ක ගලක් ගෙනාවෙත් එහෙමයි.(නදී)

:       0       0

රූපා Friday, 19 April 2013 03:45 PM

අපේ මාධ්‍යවේදීන්ට දෙන වාහන බලපත්‍රය, ගෙවල් දොරවල් එහෙම දීලා මොකුත් ලියවා ගන්ට බැලුවේ නැද්ද.(නදී)

:       0       0

ශීලා Friday, 19 April 2013 03:48 PM

කට්ටිය හදන්ට ඇත්තේ මාධ්‍යවේදියෝ විසිකරලා සතුටු කරලා පක්ෂක්ග්‍රාහී ලිපියක් ලියගන්ට. මාධ්‍යවේදියෙක් මධ්‍යස්ථ විචාරයක් කරන එක වරදක් නෙවේ. ඒක තමා හරිම දේ. මේකේ නරක වගේම හොදත් ලියලා තියනවා.(නදී)

:       0       0

සෑම් Friday, 19 April 2013 03:51 PM

ඔය කියා තියෙන්නේ ඇත්ත. මම කියන්න කැමතියි අපේ රටේ පන්ති බේදය. ශ්‍රී ලංකන් එකේ ගියාම තේරෙනවා ගුල්ෆ් රටවලට යන ගෘහ සේවිකාවන්ට එයාල සලකන හැටි. හරිම නින්දිතයි. ගුවන්සේවිකාවෝ දන්නේ නැහැ එයාලත් කරන්නේ ඒකමයි කියලා.(නදී)

:       0       0

කිසාන්ත Thursday, 18 April 2013 07:03 PM

මේක ගුවන් යානයක්ද නැත්නම් පිටසක්වල යානයක්ද?(නදී)

:       0       0

ෆෙර්ණන්දෝ ලොස් අන්ජෙලිස් Friday, 19 April 2013 03:52 PM

කට්ටිය හිතන්න ඇති මාධ්‍යවේදියෝ කියන්නේ ඉස්සර මාලිගාවේ හිටපු පුරෝහිතලා වගේ ගුණ පමණක් වයන අය කියලා. යුරෝපේ නායකයෝ විවේචනේ කරන්නේ සත්තුන්ගේ නම් හිටන් දාලා. එහෙම කරයි කියල අතුරුදහන් වෙන්නෙත් නෑ.(නදී)

:       0       0

රජිත් ඉතාලිය Thursday, 18 April 2013 07:09 PM

ලංකාවේ වගේ පුංචි දේටත් සැණකෙළි තියන මෝඩ පාලකයෝ ඉන්න රටක් ලෝකේ කොහෙවත් නැහැ.(නදී)

:       0       0

සේන Friday, 19 April 2013 03:53 PM

මින්සුනේ වරදක් කිව්වම කිව්ව මිනිහගේ රටයි ජාතියයි හොයන්නේ නැතිව කිව්වේ ඇත්තද බොරුද බලන්න. අපේ රටේ නිතිය, සම්පත් පරිහරනේ,දේශපාලන සංස්කෘතිය, ප්‍රදර්සනවදේ ගැන මේ කිවේ බොරු නෙවේ නේ(නදී)

:       0       0

තුෂාර Friday, 19 April 2013 08:52 AM

කුරේ ගේ කතාව හරි. මුලින්ම හදන්න ඕනේ රටේ නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය. නැතුව ඔය සමහරු කෑ ගහන විදිහට එක එක ආගමට සහ ජාතියට බනින එක නෙමෙයි.(නදී)

:       0       0

සීදේවි Friday, 19 April 2013 09:00 AM

මිනිහ ඇත්තනේ ලියල තියෙන්නේ.(නදී)

:       0       0

අප්පුහාමි Thursday, 18 April 2013 07:38 PM

ලංකාව ඉන්නේ 65% ක්ම 'බත් කන' අය නිසා මොනවා කළත් ප්‍රශ්නයක් නැහැ (නි)

:       0       0

කසුන් ධර්මවංශ Friday, 19 April 2013 09:12 AM

නිශාන්ත ඔයා හරියටම හරි. (නදී)

:       0       0

රවිදු Thursday, 18 April 2013 07:42 PM

මේ යානයෙන් අපේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පහරක් වදින්නේ නැද්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

අශාන් Monday, 22 April 2013 12:38 PM

ශ්‍රී ලාංකිකයෙක් හැටියට මම නම් දකින්නේ ඒ ලියලා තියෙන ලිපිය බොහොම විනිවිද භාවයකින් යුතුව ලියලා තියෙන එකක්. අනිත් කාරණය, අපේ ලංකාවෙයි ඒ රටෙයි මාධ්‍ය නිදහස ගැන හොඳ අදහසක් ගන්න පුළුවන් මේ වෙලාවේ.. ලංකාවේ මාධ්‍යවේදියෙක් ඔය වගේ ලිපියක් ලිව්වා නම් එහෙම දවස් දෙකක්වත් ජිවත් වෙයිද දන්නේ නෑ.(නදී)

:       0       0

චමින්ද ජයනාත් Friday, 19 April 2013 09:30 AM

මම හිතන්නෙ අර ආරක්ෂාව ගැන කරුණ හැරෙන්න අනෙක් හැම දෙයක්ද ඇත්ත. මල් පැලයක් හිටෙව්වත් අපේ රටේ පාලකයො ඒකට කොටි ගණනක් වියදම් කරල උත්සවයක් තියෙනව. ඒ යන මුදලින් තවත් ප්‍රයොජනයක් වැඩක් කරන්න බැරි ඇයි. මම නම් හිතන්නෙ ඇත්තටම මේ අයට තියෙන්නෙ මානසික ලෙඩක්ය කියල.(නදී)

:       0       0

බුද්ධි Thursday, 18 April 2013 07:49 PM

හරියටම හරි. පෙරහරේ ලස්සන පෙනෙන්නේ ඉන්න අයට මිසක් පෙරහරේ යන අයට නෙමෙයි. (නි)

:       0       0

රංජිත් Thursday, 18 April 2013 07:52 PM

මෙම ගුවන් යානයෙන් ලංකාවට එන සංචාරකයන් ප්‍රමාණය වැඩි වීමක් වෙන්නේ නැහැ . මොකද ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සහ වෙනත් ගුවන සමාගම් ලංකාවේ සිට යුරෝපයට පියාසර කරනවා. මේකෙන් වෙන්නේ ලංකාවේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අදායම අඩු වෙන එක විතරයි. (නදී)

:       0       0

හර්ෂ Thursday, 18 April 2013 07:59 PM

සැණකෙළි දාන්න තිබුනේ බ්‍රිටිෂ් යාර්වේය්ස් එක ලංකාවට ආවේ නැත්නම්. මේකෙන් වෙන්නේ අපේ එයාර් ලයින් එක වැටෙන එක. ලංකාවට එන සංචාරකයන්ගේ ගුවන් ටිකට් වලින් එන සල්ලි යන්නේ එංගලන්තෙට. (නි)

:       0       0

ඩෑම් Friday, 19 April 2013 09:53 AM

ඇමෙරිකාවට, එංගලන්තයට යන මුස්ලිම් මිනිස්සුන්ගේ ඇදුම් හිටන් ගලෝලා පරීක්ෂා කරනවා. ඒවා මෙයාලට පෙනෙන්නේ නැහැ. ඊට හපන් මේකේ අදහස් දාන කට්ටිය. එයාලට අපේ රටට වැඩිය හොඳ රටට බනින පිටරට අයව... (නි)

:       0       0

ගාමිණී Thursday, 18 April 2013 08:07 PM

අවුරුදු 15 කට පස්සේ බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ යානයක් ලංකාවට පැමිණීමත්, ගුවන් නියමු ලංකික කපිතාන් මැදිවක පුතත් නිසයි මේ හරසර පිලිගැනිම කරලා තියෙන්නේ. අනාගත සංචාරක කර්මාන්තයට රුකුලක් වන පරිදි. ගුවන් සමාගමේ පිනා ටිනට් එකකින් ඇවිත් කොහොමද මාධ්‍ය කාරයාගේ වැඩ.(නදී)

:       0       0

ගමගේ Thursday, 18 April 2013 08:15 PM

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන අදායම් මාර්ග දෙකක් මේ නිසා අඩු වෙනවා නේද? එකක් මාලදිවයින අනෙක යුරෝපයේ සිට ලංකාව හරහා ඉන්දියාවට යන මගීන්. (නි)

:       0       0

කසුන් Thursday, 18 April 2013 08:19 PM

ලංකාවේ ගුවන් නියමුවෝ ඕන තරම් එමිරේට්ස්, එතිහාර්ඩ් සහ අනිකුත් ගුවන් සමාගම් වල සේවය කරනවා. (නු)

:       0       0

පාල Thursday, 18 April 2013 08:26 PM

නියමයි (නු)

:       0       0

ශානිකා Friday, 19 April 2013 10:17 AM

කටේ මසුරන් දාන්න වටිනා කතාව. සම්පුර්ණ ඇත්තනේ කියල තියන කතාව. (නි)

:       0       0

ලක් Friday, 19 April 2013 10:33 AM

මේ අදහස් දාලා තියෙන ගොඩක් අයට ලංකාවට බනිනවා නම් පුදුම සතුටක් තියෙන්නෙ. එක මෝඩයෙක් කියලා තියෙනවා සුද්දො බොරු කියන්නෙ නැහැ කියලා. සුද්දො තරම් කපටි ජාතියක්, ලංකාව අවුරුදු 443 පාලනය කලේම බොරුවෙන් වංචාවෙන්. දැන් කරන්නෙත් ඒකමයි. (නි)

:       0       0

නතාෂා Monday, 22 April 2013 01:07 PM

සහතික ඇත්ත ලියලා තියෙන දේවල් අනිත් එක ලංකාවේ ඉන්නේ දුටු තැන හුරා කන්න හදන මිනිස්සු. සුද්දෝ දැන් ගයිඩි කෙනෙක් වත් ගන්නේ නැතුව තනියම දේවල් කරගන්නේ. ලංකාවේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න හදන මිනිස්සු වැඩි නිසා. සුද්දෝ අපිට වැඩිය හොදට ලංකාවේ ගණන් දන්නවා.(නදී)

:       0       0

ෂෙහාහිරි Thursday, 18 April 2013 08:57 PM

ඔව් කතාව ඇ.ත්ත.(නදී)

:       0       0

තුෂාර Friday, 19 April 2013 10:48 AM

ශානිකා මසුරන් දාන්න ඕනෑ කියන්න ඇත්තේ මගේ අදහසට වෙන්න ඇති, නේද? (නි)

:       0       0

වල්පිට Thursday, 18 April 2013 09:01 PM

මේකත් නිකම් හරි මත්තලටත් යනවලුද ? දන්නේ නැති නිසයි අහන්නේ.(නදී)

:       0       0

සදරුවන් Thursday, 18 April 2013 09:18 PM

මේකට හේතුව හෙන්චයි බේරා ගැනීමට මිනි මැරුම් යට ගැහීම. වර්ණනාවක් ලියා ගැනීමට අනවශ්‍ය සත්කාර නමැති අල්ලස් දීම .(නදී)

:       0       0

අමිල Thursday, 18 April 2013 09:20 PM

මේ මෝඩයෝ දන්නේ නැහැ නියම මාධ්‍යෙව්දියෝ එක්ක ගනුදෙනු කරන්න. ඒ ගොල්ලෝ එක්ක ගනුදෙනු කිරීම හරියට දැලි පිහියෙන් කිරි කපනවා හා සමානයි. ඒකයි මාධ්‍යෙව්දීන්ගෙයි පත්තරකාරයන්ගෙයි වෙනස.(නදී)

:       0       0

උපුල් Thursday, 18 April 2013 09:27 PM

පසුගිය කාලෙ ලංකාවට ආපු හිපියොත් අපේ කට්ටිය රතු පලස එලලා මල් මාලා දාලනේ පිළිගත්තේ. ලංකාවට එන හුඟක් සංචාරකයෝ ඔය කියන තරම් වියදම් කරන්නේ නැහැ. අපේ රටේ වැඩියෙන්ම තියෙන්නේ සරුව පිත්තල වැඩ නිසයි අපිට කවදාවත් දියුණුවක් දකින්න නොලැබෙන්නේ. සෞදියේ එහෙම ඉන්න අය දකිනවා ඇතිනේ මෙහෙ තියෙන සුවිසල් සංවර්ධන වැඩ. හවස ගෙදර එනකොට හදමින් තිබුණු අධි වේගී මාර්ගය පහුවෙනිදා උදේ යනකොට ජනතාවට විවෘතයි. හැබැයි රජ තුමාවත් වෙන ප්‍රභූ වරයෙක්වත් නෙවෙයි. වැඩ බිමේ ඉන්න බර යන්ත්‍ර ක්‍රියාකරුම කොන්ක්‍රීට් බාධක ඉවත් කරනවා, පාර විවෘතයි. ඒත් අපේ රටේ පොදු වැසිකිලිය විවෘත කරන්නත් ජනාධිපති හෙලිකොප්ටර් එකෙන් වඩින්න ඕනේ. (නදී)

:       0       0

සෙනරත් Thursday, 18 April 2013 09:44 PM

මේ මිනිහව උල තියන්න ඕන. ඩුබායි වල පාස් පෝර්ට් කොපි සී.අයි.ඩී යොමු නොකර හෝටල් කාමරයකට යන්න වත් බෑ.(නදී)

:       0       0

පාලිත Friday, 19 April 2013 11:27 AM

අපේ මාධ්‍යයට නොපෙනෙන දේ මොහු දැක ඇත.සම්පූර්ණ ඇත්ත නේද? (ස)

:       0       0

අමල් Tuesday, 23 April 2013 03:01 PM

සැබෑ ලාංකිකත්වය .... (නි)

:       0       0

ස්ට්ව් Thursday, 18 April 2013 10:02 PM

මම වැඩ කරන්නේ ඩුබායි හොටෙල් එකක. මෙහෙ නවතින්න එන හැම විදෙශිකයෙකුම තමන්ගේ විදේශ ගමන් බල පත අනිවාර්යයෙන්ම තමන්ගේ තොරතුරුත් සමග තමන් නවතින හෝටලයට ලබා දිය යුතුයි. මෙය අනිවාර්යයි අපි එම තොරතුරු චිඩ් එකට යැවිය යුතුයි. එහෙම නම් එහාට ඔය බ්‍රිතාන්‍ය ජාතිකයෝ කොයි තරම් එනවාද ? මෙම මාධ්‍යවේදියා තනිකරම බොරුවක් පල කර තිබෙන්නේ.(නදී)

:       0       0

මානෙල් Thursday, 18 April 2013 10:04 PM

හෙන්චයියෝ බේරාගන්ට මිනීමැරුම් යට ගැහුවම ඔහොම වෙනවා.(නදී)

:       0       0

රූපවතී Friday, 19 April 2013 11:36 AM

මම ලංකාවට පැමිණෙනවා සෑම වර්ෂයකට සැරයක්. යුරෝපය හරහා රෝයල් ජෝර්දාන් එයාර් ලයන් එකෙන් එන්නේ. අම්මාන් වලදී අපිට එයාර්ලයින් හොටෙල් පහසුකම් දෙනවා පහුවදා උදේ ප්ලයිට් එකට. අපිව හොටෙල් එකට යවනවා බස් එකෙන්, ඒත් අපේ පාස්පොර්ට් එක එයාර් පොර්ට් එකේම ඉමිග්‍රේෂන් එක තියාගන අපිට දෙන්නේ. හොටෙල් එකේ රූම් අංකය සටහන් කාර්ඩ් පත පමණයි දෙන්නේ. ලංකාවට එන අනිකුත් යුරෝපිකයින්ට හැබයි ඒ නිතිය නැහැ. ආසියානුවන්ට පමනයි. ඉතින් ලංකාවේ මේ වැඩි වැඩ වලට නම් වගකිවයුත්තෝ ලැජ්ජා විය යුතුයි නේද? (නි)

:       0       0

අරුණ Thursday, 18 April 2013 10:05 PM

මොනවා උනත් සුද්ද ඇත්ත කියලා තියෙනවා.(නදී)

:       0       0

අසංක Tuesday, 23 April 2013 03:03 PM

බලන්න හසන්ත මහත්තයෝ මේ කියන මුසාවාද (ස)

:       0       0

නන්දා Thursday, 18 April 2013 10:06 PM

නැති වර්නනා අනවශ්‍යයි. පිළිගැනීම් නමැති අල්ලස දුන්නේ ඇයි?(නදී)

:       0       0

හිල්මි Thursday, 18 April 2013 10:07 PM

සුද්දන්ටත් ප්‍රදර්ශනවාදේ පෙන්නුවද? . දැන් කියන්න ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියලා.(නදී)

:       0       0

සදරුවන් Thursday, 18 April 2013 10:10 PM

ගාමිණී මැදිවක පුතා විතරද පිටරට ගුඋවන් සේවාවේ ඉන්නේ. ඕකට කියන්නේ පන්ති බේදය.(නදී)

:       0       0

තරින්ද Friday, 19 April 2013 11:42 AM

ඔය කියන තරම් ප්‍රශ්නයක් මම මේ ලිපියේ දකින්නේ නැහැ. කොහොම වුණත් මධ්‍යස්ත විචාරයකට අපි ගරු කළ යුතුයි. අපි අපේ ඇත්ත තත්වය තේරුම් ගන්නා තුරු අපිට දියුණු වෙන්න නම් බැහැ. මේ රටේ මිනිස්සු හිතාගෙන ඉන්නේ සංචාරකයෝ අපේ රටට එන්න පොරකනවා කියලා. නමුත් අනිත් රටවල් වලට ගියාම තේරේවි අපේ රටේ සංචාරක ව්‍යාපාරය බොහොම ප්‍රාථමික මට්ටමේ තියෙන්නේ කියලා. (නි)

:       0       0

හේරත් Thursday, 18 April 2013 10:12 PM

අපේ රට මොන තරඟ සන්දර්ශන වාදේට යට වෙළාද කියන දේනේ මේකෙන් කියන්නේ.(නදී)

:       0       0

මංජුල Thursday, 18 April 2013 10:15 PM

අලුත් තෙල් ඇමති පිළිගන්ට ලක්ෂ 100 ක් ගියාලු. ඔන්න අපේ ප්‍රදර්සන වාදී කම.(නදී)

:       0       0

උදිත් Thursday, 18 April 2013 10:18 PM

2012 ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාඩුව කෝටි2050.(නදී)

:       0       0

තුවාන් Thursday, 18 April 2013 10:22 PM

ගාමිණී සුද්දන්ට ප්‍රදර්ශවාදේ, අල්ලස හුරු නෑ.(නදී)

:       0       0

කුරේ Thursday, 18 April 2013 10:27 PM

අර කෝකටත් කෑ ගහන බෞද්ධ කට්ටිය ප්‍රදර්ශනවාදෙට මොකෝ කියන්නේ.(නදී)

:       0       0

සම්පත් Thursday, 18 April 2013 10:31 PM

දිට්ටදම්ම වේදනීය කර්මේ.(නදී)

:       0       0

ලලින් Thursday, 18 April 2013 10:31 PM

කියල තියන කතාව සම්පුර්ණ ඇත්ත.(නදී)

:       0       0

කිස්ස Thursday, 18 April 2013 10:33 PM

ඕනෑම රටක හෝටල් වලින් ගමන් බලපත් කොපියක් ගන්නවා. නමුත් පොලිසියට විස්තර නම් දෙන්නේ නෑ.(නදී)

:       0       0

මහේෂන් Thursday, 18 April 2013 10:36 PM

මිනිස්සු කිරිබත් කෑවේ නෑල්ලුද. අරක්කු බාගෙට බත් පැකට් එකට ආපු මිනිස්සු හිටියේ කියල ලියල නෑල්ලුද ?(නදී)

:       0       0

සුනිල් Friday, 19 April 2013 12:19 PM

මේ අපේ රටේ ආරක්ෂාව මදි කියලා ලංකාවට එන්න බැහැ කියපු ගුවන් සමාගමක්. ආයෙත් ආපු එක හොඳා. ඕනෑ වෙලාවට එනවා එපා වුණහම නතර කරනවා. (නි)

:       0       0

පද්මසිරි Thursday, 18 April 2013 10:41 PM

ලංකාවේ වැඩ කරන්නේ චින්නුයි ඉන්දියන් කාරයොයි කියල ලියලා නැද්ද?(නදී)

:       0       0

ජානිස් Thursday, 18 April 2013 10:51 PM

ගමගේ බ්‍රිතාන්‍ය ගුවන් සේවය ආවත් නැතත් අපේ සේවේ පාඩුවටයි දුවන්නේ. ගිය අවුරුද්දේ පාඩුව කොටි 2050 කියල වාර්තා කියන්නේ.(නදී)

:       0       0

ගිම්හානි Friday, 19 April 2013 12:27 PM

සහතික ඇත්ත. (නි)

:       0       0

කුමාර Thursday, 18 April 2013 11:02 PM

මේ රට ලෝකෙන් ගන්න ණය ගැන එහෙම කියලා නැද්ද? (නි)

:       0       0

අමිල Friday, 19 April 2013 12:29 PM

මේ කතාව කියෙවුවම මට මතක් වුණේ ඉස්සර අපේ ඉස්කෝලෙට ගුරුවරු හරියට උගන්නනවද බලන්න එන ගුරු උපදේශකලට වෙන දේ. එහෙම කට්ටියක් ආපු දවසක අපේ ගුරුතුමෙක් කිව්වේ "ළමයි බය වෙන්න එපා. අපි එයාලව බලාගෙන තියෙන්නේ" කියලා. නිකමට ගුරුවරුන්ගේ කැන්ටිම ලඟින් ගියපු අපිට දකින්න ලැබුනේ, අර ආව කියපු උපදේශකවරු කඳු ගහගෙන එක එක කෑම ජාති ගිලිනවා. ඒ එක උපදේශකයෙක්වත් අපේ පන්තියට නම් ආවේ නැහැ. හැම තැනකම කෙරෙන මේ වැඩේ සුද්දටත් දාන්න ගියා අපේ කට්ටිය (නි)

:       0       0

ෂෙරිෆ් Thursday, 18 April 2013 11:03 PM

ඕනෑම දෙයක් ඕනෑවට වැඩිය ඕනෑම නැහැ කියන්නේ ඕවට තමයි. අපි ආගන්තුක සත්කාර දන්නා නිසා පැමිණි සැම දෙනාව සාදරයෙන් පිළිගත් නිසා අපිට ඔහොම වෙලා මදි. (නි)

:       0       0

නෝමන් Thursday, 18 April 2013 11:04 PM

ඇයි අපේ ලොකු ලොක්කන්ගේ විස්තර දාලා නැද්ද? (නි)

:       0       0

සුනිල් Thursday, 18 April 2013 11:48 PM

සමහරුන්ට නම් හරි සතුටුයි වගේ. (නි)

:       0       0

ජගත් Thursday, 18 April 2013 11:53 PM

මට හිතෙන විදියට නම් ඒ වාර්තාව මේ කියන තරම් අසුබවාදී එකක් නෙවෙයි. මෙතනින් කියවලා බලන්න. …http://www.telegraph.co.uk/travel/destinations/asia/srilanka/10001113/Sri-Lanka-banks-on-return-of-British-Airways.html

:       0       0

කමල් Friday, 19 April 2013 12:38 PM

ක්ෂීරපථයේ කොනක සිට ලංකාවට පැමිණි මේ අද්භූත යානයේ විස්තර දැම්මට පින්. (නි)

:       0       0

බ්‍රිටිෂ් Friday, 19 April 2013 12:06 AM

ලංකාවට බැන්නට අපි කලබල වෙන්න නරකයි. (නි)

:       0       0

පල්ලව Friday, 19 April 2013 12:47 PM

අපි අමාරුවේ ඉන්නකොට එන්න බැහැ කියපු කට්ටිය දැන් වාසියට එනවා. අපේ කට්ටිය මල් දාලා පිලිගන්නවා .අපි කවදත් හොර සුද්දන්ට අහු වෙනවා. (නි)

:       0       0

ජනක Friday, 19 April 2013 12:50 PM

ලෝකයේ ප්‍රථම වතාවට ලංකාවට පිටසක්වල ජීවීන් පැමිණිලා??? (නි)

:       0       0

ලැම්බට් Friday, 19 April 2013 12:26 AM

මේ කියන මැදිවක පුතා මොන දේශපාලනයකට සම්බන්ද කෙනෙක්ද ?(නදී)

:       0       0

උපුල් Friday, 19 April 2013 01:20 PM

මිත්‍රවරුනි, අපේ රටට බනින පිටරට අයට අපිත් කැමති නැහැ. ඒත් ලංකාවෙන් පිට ඉන්න අපට අපේ රටේ තොරතුරු දැනගැනීමේ පහසුව ලංකාවේ ඉන්න අයට වඩා තිබෙනවා. කරුණාකර ලෝකය ගැන මීට වඩා ගැඹුරෙන් දකින්න අපට කාලය ඇවිත්, මෙගා නාට්‍යය වල හිරවෙලා සිහින දකින්නේ නැතුව. (නි)

:       0       0

බණ්ඩාර Friday, 19 April 2013 01:42 AM

බටහිර රටවලට ඇතුල්වන ඕනෑම සංචාරකයකු පිළිබඳව සියලුම විස්තර එම රටවල ආරක්ෂක අංශ වලට ලබා ගතහැකි ක්‍රමවේද සකස්කර ඇත. ලංකාව වැනි රටකද එවන් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම කිසි ලෙසකින් වරදක් නොවේ. (නි)

:       0       0

වසන්ත Friday, 19 April 2013 01:21 PM

මෙය කියන කතා වල වැරැද්දකුත් නැහැ බලාගෙන යනකොට (නි)

:       0       0

විහග Friday, 19 April 2013 01:27 PM

හෝටල් වල නවතින අයගේ විස්තර පොලිසියෙන් ගන්නේ එයාලගෙම ආරක්ෂාවට. (නි)

:       0       0

මනෝජ් Friday, 19 April 2013 01:28 PM

ඒක සුද්දගේ මතය වුණාට මුළු එංගලන්තේ මතය නෙමෙයිනේ. එහෙනම් සියලු ශ්‍රී ලාංකිකයන් කරුණාබර ත්‍යාගශීලී, විශේෂයෙන්ම මිත්‍රශීලි හිතේ බරක් නැති ගුණගරුක මිනිසුන් සිටින බව ලියලා තියෙන්නේ. රටට බැන බැන රට වැසියන්ගේ ගුණ කියනවානේ. (නි)

:       0       0

හේවාවිතාරණ Friday, 19 April 2013 02:12 AM

එම ගුවන් සමාගමින්ම නේද මාධ්‍යවේදීන්ට ආරාධනා කළේ? (නි)

:       0       0

උදය Friday, 19 April 2013 02:35 AM

සුද්දන්ව උඩින් තියන්න යන අයට මේක හොද පාඩමක්. (නි)

:       0       0

බන්දුල Friday, 19 April 2013 02:42 AM

එයාල අපේ රටේ සම්පත් සුරාගෙන කෑවා මදිවට තව විවේචනය කරන්නත් එනවා. (නි)

:       0       0

දෙව්මිණි Friday, 19 April 2013 02:45 AM

ශ්‍රී ලංකන් සේවයේ ගුවන් ආගන්තුක සත්කාරයන් හොද නැත. ආදායම අඩුවීමට හේතුව ලෙස මා දකින්නේ එයයි. (නි)

:       0       0

ෂාම් Friday, 19 April 2013 02:48 AM

උපුල්,ඔයා හරියට හරි. (නි)

:       0       0

කාලිංග Tuesday, 23 April 2013 11:20 AM

මට හිතෙන විදියට ඔවුන් කියන කතාව ඇත්ත.(ස)

:       0       0

මාලක Friday, 19 April 2013 01:40 PM

මිනිසුනේ, සරල වෙයවූ! සුද්දෝ බෞද්ධයෝ නොවුණත් ගොඩක් සරලයි. (නි)

:       0       0

බමුණුසිංහ Friday, 19 April 2013 03:26 AM

මෙයාලා හවායි දූපත් වල සංචාරක ව්‍යාපාර කොපි කරන්න ගිහිල්ලා කියලයි මට නම් හිතෙන්නේ. (නි)

:       0       0

පාල Friday, 19 April 2013 01:44 PM

මේක සතුටු වෙන්න පුළුවන් දෙයක් නොවුණත් සහතික ඇත්ත. (නි)

:       0       0

ලසන්ත Friday, 19 April 2013 01:46 PM

පල්ලව, අර ණයට ඉල්ලන්න ගිහින් දෙන්න බැහැ කිවුවම කියනවා, ණයට සල්ලි එපා කියලා ගිහිල්ලම කියලයි ආවේ කියලා. අන්න එහෙමයි අපේ අය (නි)

:       0       0

පාර්වතී Friday, 19 April 2013 01:47 PM

සුද්දන්ගේ විස්තර පොලිසියෙන් ගන්නේ එයාලගෙම ආරක්ෂාවට කියල කියන්න එපා.එහෙම වුණොත් තව බය වෙනවානේ. (නි)

:       0       0

විජේ Friday, 19 April 2013 01:53 PM

ඔය කියන තරම් වැරදි දෙයක් කියලා නැහැ.මොනවා වුණත් හරිනේ ... (නි)

:       0       0

සුමුදු Friday, 19 April 2013 04:18 AM

කෙනෙක් සැළකුවත් වැරදියි නොසැළකුවත් වැරදියි. ඔය හිතේ බරක් නැති අපේ මිනිස්සුන්ගෙන් ඉගෙන ගන්න දේ බොහොමයි. (නි)

:       0       0

සෙනරත් Friday, 19 April 2013 02:08 PM

මේ ගැන අපිට පැමිණිලි කරන්න බැරිද? (නි)

:       0       0

නිශාන්ත Friday, 19 April 2013 04:38 AM

කුරේ , මොකද මේ බෞද්ධකම මේවට ගාවගන්නේ? ඔයාට දැන් මානසික ලෙඩක් තියෙනවා වාගේ. මොකද කියන්නේ යාලුවනේ? (නි)

:       0       0

දම් Friday, 19 April 2013 04:42 AM

ඇත්ත කොහොමත් තිත්තය. පුලුවන්ද මොනවද බොරු කියලා ඔප්පු කරන්න? (නි)

:       0       0

රංජනී Friday, 19 April 2013 04:42 AM

අනේ මන්දා ලංකාවේ අයට මොනවා වෙලාද කියලා. (නි)

:       0       0

රකිත් Friday, 19 April 2013 04:44 AM

අපේ රටේ ප්‍රතිරුපය නගාලීම සඳහා පවුම් මිලියන ගණන්, ඩොලර් මිලියන ගණන් අපි ගෙවපු විදේශීය පී.ආර්. සමාගම් වලින් මීට පිළිතුරු සපයනවද? නැත්නම්, අපේ ඒ සල්ලිත් වතුරේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 3 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 1322 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 804 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 1340 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 950 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38522 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25364 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 917 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site