බලපිටිය ප‍්‍රාදේශීය සභාවේ අවුරුදු කෑම මේසයේදී බලපිටිය ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රී අජිත් අසේල ද සොයිසා මහතා බලපිටිය ප‍්‍රාදේශීය සභා සභාපති ඒ. දයාරත්න සිල්වා මහතාට කිරිබත් කැවීය.
මීට වසරකට පමණ පෙර අසේල ද සොයිසා මහතා සභාපතිට පිදුරු කවන්නට උත්සාහ කෙළේය. තෙල් මිල වැඩිකිරීම ගැන රජයට විරෝධය පළ කිරීම එහි අරමුණ විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න තවත් වැදගත් ප්‍රවෘත්තියක් (නි)
කොහොමටත් දැන් කන්නෙත් ඒ පිදුරුගස් වල කොටසකම තමයි.(නදී)
පරණ කියමනක් තියෙන්නේ බල්ලා පිදුරු කන්නෙත් නැහැ කන ගොනාට දෙන්නෙත් නැහැ කියලා.(නදී)
මේ දෙගොල්ලොම එකතුවෙලා රටේ අහිංසක ජනතාවට පිදුරු කවනවා. (නු)
අර එක්කෙනා කිරිබත් කාලාම දත් කඩාගෙන.(නදී)
දැන් පිදුරු හිග ඇති... (නි)
අනිත් පැත්තට පනින්නවද්ද? ඔන්න එවුවා බැහැ හොදේ (නි)
කිරිබත් රස නිසාද? හැමදාම කන දේට වඩා...(නු)
දම්මික හරි දෙගොල්ලොම එකයි. 1948 ඉදලා ජනතාව ගොනාට අන්දලා පිදුරු කවලා ඒගොල්ල බත් කාපු එක තමා කරේ?(නදී)
බලන්න. සමහරවිට අත මාරුවෙලා ඇති... (නි)
තෙල් මිල වැඩි වෙලා කියලා පිදුරු කවන්න හැදුවා නම්, තෙල්, ගැස්, විදුලිය සහ බස් ගාස්තු ඔක්කොම වැඩිවෙන කොට මොනවා කවන්න හදයිද? (නි)
මම මේ අත් වලින් පිදුරුත් කැව්වා.(නදී)
මේක තමයි නියම සහෝදර ප්‍රේමය.(නදී)
මිනුස්සු පිදුරු කන එක හරක්ට කරන අපහාසයක්. ඒක නිසා කිරිබත් කනවා ඇති.(නදී)
දැන් අපිට වෙලා තියෙන්නේ දේශපාළුවෝ කනවා බලන් සිටින එකයි.(නදී)
ඒක තමයි දේසපාලනය කියන්නේ. පරන දේවල් අමතක කරලා දාලා අළුත් දෙයක් කරන්න බලන්න. ලෝකේ රටවල් එක්ක බලනකොට අපි ඉන්නේ ගව්වක් දුර.(නදී)