ඉතාලියේ පාදෝවා නුවර ශ්‍රද්ධ වූ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දී සෑම වර්ෂයක මැයි පළමුවැනිදා පත්වනු ලබන දේව මෙහෙයට දස දහසකට අධික ශ්‍රී ලාංකිකයෝ පිරිසක් මෙවරද එක් වූහ. දෙව මෙහෙයෙන් අනතුරුව ඔවුන් දේවස්ථානය ඉදිරිපිට ඇති උද්‍යානයට එක් රැස්ව ගී කියමින් විනෝද වූහ. ඉතාලියේ වොරෝනා නගරයේ පිහිටා ඇති වෙන්නප්පු ජොසප් විද්‍යාලයයේ ආදි සිසුහු සියුම දෙනාට නොමිලේ පානිය ජල බෝතල් ලබා දුන්හ. මෙම අවස්ථාවට සමාජ සේවා හා සුබ සාධන ජ්‍යෙෂ්ඨ අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු මහතා ද සහභාගී විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපේ රටේ ඉන්න සමහර මෝඩ මිනිසුන්ට වෙලා තියෙන හේනේ මේකනේ. කොහේ හරි හොඳ දෙයක් වෙනවා නම් ඒකේ මොනම වරදක් හරි පේනවා. ඕක තමයි අපේ රටට ගහලා තියෙන හේනේ. මේ වගේ මෝඩ මිනිසුන් ඉන්න රටක් කවදාවත් දියුනු වේද ? ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ ඔහේ කියව කියවා ඉන්නවා. කවදා මේ ම්නිසුන් දියුනු වෙයිද මන්දා. (නි)
චතුරිකා, ඔයාලා දැන් මාළු එහෙමත් පූජා කරනවලු නේද? මොකක්ද අනේ එතකොට කියන ගාථාව? (නි)
චතුරිකා, නිකන් බොරු කියන්න එපා මෙතන ඉන්නේ බෞද්ධයෝ කියලා. පූජාවෙන් පස්සේ වෙන දේ අපිට හිතාගන්න පුළුවන් (නි)
නාරද, ඇයි ඔයා ඒක ඒ වෙලවේ කිව්වෙ නැතුව මෙතන කියන්නෙ. තම්න්ගෙ චැනල් එකට පබ්ලිසිට් ගන්න ඒ වාසෙ අහද්දි ඔහොම කියන්න කොන්ද පණ තිබ්බෙ නැද්ද ?(නදී)
ජගත් 2013-05-05 වතුර වල වටිනා කම මිල කරන්න බෑ. උඹ හැමදේම සල්ලි වලින් මනින ඉතාලියේ බාඥ්ඥො පිරිසිදු කරන , මිනිස් කමක් අඳුනන්නෙ නැති කුහකයෙක් බව පැහැදිලීයී.(නදී)
ජගත්, ශත 5 ට හෝ ගත්ත වතුර නොමිලේ දීම, අගය කරන්න නොදන්නේ හද්ද මෝඩයෝ, මේ වගේ හොඳ දේවල් ඉදිරියටත් කරන්න ඔයාලගේ සංගමයට අපි සුභ පතනවා. (නි)
මේ කරන්නේ දෙවියන්ට අපහාසයක්. ලංකාවට අගෞරවයක්. අපි දන්නවා කට්ටිය මැයි පළවෙනිදා පාදෝවා යන්නේ පාර්ටි දාන්න. පෙරදා ඉදන් බයිට් හදන් වාහනවල විස්කි බ්‍රැන්ඩි පුරවාගෙන ගිහින් ඉස්සරවෙලා කරන්නේ. පාර්ක් වල තැන් අල්ලන එක. දවසේම බිලා පාදුවා කැලි කසළ පුරවලා එනවා. මේවාට දේව මෙහෙය කියන්නේ කොහොමද.? කතෝලික බෞද්ධ හැම දෙනාම පව් කරගන්නේ මැයි පළමුදා පාදුවා ගිහින්. (නදී)
ගරු තුමාගේ චන්ද කෑගි වැඩි හරියක් ඉන්නේ ඉතාලියේනේ. එන චන්දෙට දැම්ම ඉදලම වැඩ වගේ.(නදී)
එහෙ පන්සල් වල ඉන්න බෞද්ධයෝ ගහ ගන්නවා. ඉතින් නලින් වගේ අයට ඉරිසියා හිතුනට අපි මක් කරන්නද? (නි)
නාරද ඔයා පරණ කෝට් බැයකුත් දාගෙන, බේබද්දන්ගෙන් වොයිස් කට් හිඟා කෑවේ ඇයිද දන්නෙනෑ නේද ? (නදී)
අයියෝ ශත 5 නේ වතුර බෝතලේ. ඇයි මේ දගලන්නේ? (නි)
කෝ අපේ පාදෝවා ලොක්කෝ ටික? (නි)
ලස්සනම දර්ශනය තමයි ආපසු මිලානෝ වලට රාත්‍රියේ බසය පැමිණියාම කට්ටිය බහින හැටි බලා ඉන්න එක. (නි)
අන්න එහෙම සුහදව සිටීම හොද දෙයක් (නි)
සමහරු ඊරිෂ්‍යාවෙන් මොකෝ? එයාලගෙ ආගම් වල අය දෙකට බෙදිලා මෙහෙ ගහගන්න හැටි මෙහෙ ඉන්න අය ඔක්කොම දන්නවා. කුහකකම ඕකට කියන්නෙ. (නි)
නාරද ඔයා හරියටම හරි.(නදී)
මමත් කිතුනුවෙක්. ඔය වගේ වැඩ කරන්න එපා. දවස මොකක්ද? වැඩ කරන ජනතාවගේ දවස... ප්‍රශ්න ගොඩක අපි ඉන්නේ. වැඩකරන ජනතාව සමග එක්වී සටන්කරමු. අපි ගැන කතාකරන්න කවුරුත් නැහැ. (නි)
සම්පත් ඉතාලියේ ඉන්නවා ශ්‍රී ලාංකිකයෝ අසන්න වශයෙන් 300,000-350,000 අතර ප්‍රමාණයක්. ඒ අතර කිතුනුවන් දස දහසක් නැති වෙන්න විදියක් නැහැ නේ. නිකම් බොරුව දාන්නේ නැතුව ඉන්න.(නදී)
නාරද ඔයා ඇල්වතුරත් නිවල බොන මිනිස්සු විතරක් ඉන්න රටක නම් ඉන්නේ ඔහොම කිව්වට කමක් නෑ.(නදී)
කිතුනුවන් විතරක් නෙවෙයි නලින්. මේ වගේ උතුම් අවස්ථාවකට බෞද්ධයොත් ඕන තරම් සහභාගී වෙනවා. කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි පල්ලියේ මංගල්ලෙට බලන්න කොච්චර බෞද්ධයෝ සහභාගී වෙනවද කියලා.(නදී)
සම්පත් මිලානෝ , ඔයාට ඉරිසියාද කිතුනුවෝ මෙහෙම එක්වෙන එකට? සමහර ආගම්වල කට්ටිය දෙකට බෙදිලා ඉන්න හින්දා වෙන්ඩ ඇති ඔබ තුමා මෙහෙම කියන්නේ.(නදී)
අනේ චතුරිකා, ඔය රට එවිල්ල බලන්න ලංකාවේ දේවල් වලට එකතු වෙන්න. ජාති ආගම් හින්දා නෙමෙයි අපේ කමට. (නි)
ඇයි නාරදට අවුල්ද ?(නදී)
බලනකොට අපේ බෞද්ධයෝ නේ ඉඳලා තියෙන්නේ (නි)
බොරුව කරන්න එපා. මෙහෙ කොහෙද දස දහස් ගණන් කිතුනුවන්.(නදී)
ගී කියමින් හොදට වෙරි වෙමින් බේබද්දෝ වගේ විනෝද උනා කිවොත් හරියට හරි.(නදී)