ශිරාන් රණසිංහ
තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් පහකින් වැඩි කළේ යැයි කියමින් ආපනශාලාවල අලෙවි කරන පාන්,බනිස් ඇතුළු පිටි ආශ්‍රීත සෑම ආහාරයකම මිල රුපියල් පහකින් වැඩි කිරිමට ආපනශාලා හිමිකරුවන් මේ වන විට පියවර ගෙන ඇත.
තිරිඟු පිටි මිලට සාපේක්ෂව පාන් රාත්තලක හා කොත්තුවක මිල පමණක් ඉහළ දමන බවට ආපනශාලා හිමියන්ගේ සංගමය පසුගියදා ප්‍රකාශයට පත් කළද මේ වන විට පිටි ආශ්‍රිත සෑම ආහාරයකට මිල රුපියල් 5 කින්ම ඉහළ දමා ඇතැයි ආපනශාල හිමියන්ගේ සංගමය ද පිළිගනී.
පාරිභෝගිකයා ආරක්ෂා කිරිමට සිටින පාරිභෝගික අධිකාරිය නිසි පරිදි මැදිහත් වී අවශ්‍ය පියවර නොගැනීම නිසා මෙම තත්ත්වය ඇති වී ඇතැයි එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය.
මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර
ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය
අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම
පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය
පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත
සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පාන් - බනිස් ඇතුළු පිටි ආහාර රුපියල් 5 කින් ඉහළට
වසන්ත Sunday, 16 September 2018 02:03 PM
මේ වගේ මේවා මාසෙන් මාසෙට වැඩිවෙයි. තව නමින් නොදන්නා බොහොමයක් භාණ්ඩ හා සේවාවන් මේ සමගම වැඩිවේවි. මෙයට රුපියලේ අවප්‍රමාණය වීම අකාර්යක්ෂම මූල්‍ය පාලනය හා මහා පරිමාණ හොරකම් සෘජුව බලපානවා. කවුද ටයිකෝට් කල්ලියේ ආර්ථික විද්‍යා දේශපාලකයෙක් රුපියල අවපාලනය වීම රටේ ආර්ථිකයට හිතකරයි කිව්වා කියලත් මතකයි...
OMG Sunday, 16 September 2018 02:13 PM
පාන් ගෙඩියක් - බනිස් ගෙඩියක් හදන්න පිටි කිලෝ එකක් යනවා. ඉතින් සාධාරණයි. අනේ මෙහෙමත් කළු කඩ කාරයින්.
nuwan Sunday, 16 September 2018 03:46 PM
දැන් එතකොට රුපියල් 5කින් ඉහළ දැම්මේ බනිස් ගෙඩියට පිටි කිලෝවක් දාන නිසාද? මේවා මහා අසාධාරණ සහගහන වැඩ! පාලකයින් කියලා පඹයින් ටිකක් ඉන්නකොට මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?
Reality CheckMonday, 17 September 2018 02:42 AM
රටේ සම්පත් සහ බදු මුදල් මැනවින් පාලනය කර එහි අස්වැන්න ජනතාව වෙත යොමු කිරීම දක්ෂ, යහපත්, අවංක, දුර දකින නායකයන්ගෙන් යුතුකම, වගකීම, සලකුණු සහ ආඩම්බරය වේ. එය වෙනුවට අපේ කට්ටියගේ කෙරුවාවලින් මා හට දැනෙන්නේ අපේ සම්පත් වලින් වැඩි කොටසක් සොරා කෑම සඳහා ඔවුන් හට විශේෂ සුත්‍රයක් ලබා දී ඇති බවයි. මෙයින් ගැලවීමට 2020 දී අපට හැක. කොඩිතුවක්කු මහතාගේ නව වැඩ පිළිවෙලට සීරුවෙන් සවන් දෙන්න. නිහඬව අලුත් පිටුවක් පෙරලීමට ඔබට හැක.
OMG Sunday, 16 September 2018 04:02 PM
ආපනශාලා හිමිකරුවන් අනිත් පාරිභෝගික භාණ්ඩවල පාරිභෝගිකයෙක් කියලා හිතන්න මොලයක් නැති හැටි...
amila Monday, 17 September 2018 01:00 AM
බනිසයක් හදන්න පිටි කිලෝ එකක් යනවනම් කමක් නෑ. මම දන්නවිදිහට පිටි කිලෝ එකින් පාන් ගෙඩි දෙකක් හදන්න පුළුවන් එතකොට වැඩි වෙන්න ඕනේ දෙකයි පනහයි. මිනිස්සුන්ට තියෙන්නේ මේ පිටි ගුලි නොකා ඉන්න පුරුදු වෙන්න. එයාලට ඕනේ දෙයක් කරගන්න ඉඩ දීලා.
BakkareMonday, 17 September 2018 05:39 AM
පාන් රාත්තලක් සෑදීමට අවශ්‍ය පිටි ග්‍රෑම් 302 ක් වෙන අතර අවුන්ස 2.5 ක බනිස් ගෙඩියකට අවශ්‍ය පිටි ග්‍රෑම් 47කි.
chamith Monday, 17 September 2018 08:31 AM
මේ සේරම කලින් ආණ්ඩුවේ වැරදි........ ඒ අය තමා වගකියන්න ඕනේ..