ඕස්ටේ‍්‍රලියානු පිලේ හිටපු නායක රිකී පොන්ටිංට විවේකය අවශ්‍ය නමුත් නිත්‍ය නායක මයිකල් ක්ලාක් තුවාල ලබා සිටින හෙයින් මේ අවස්ථාවේදී ඔහුව කණ්ඩායමෙන් ඉවත් කිරීම එතරම් නුවණට හුරු නොවන බව ඕස්ටේ‍්‍රලියානු පුහුණුකරු මිකී ආතර් මහතා පවසයි. මෙවර ඕස්ටේ‍්‍රලියානු ගිම්හානයේදී ඉන්දියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේ තරග හතරටම කී‍්‍රඩා කළ රිකී පොන්ටිං එහිදී හොඳ දස්කම් දැක්වූ නමුත් කොමන්වෙල්ත් බැංකු කුසලාන එක්දින තරගාවලියේ තරග හතරකදීම අසාර්ථක වී තිබේ. පුහුණුකරුවා පවසන්නේ ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරගයේදී නාකයත්වය දරණවාට වඩා විවේක ගැනීම පොන්ටිංට වඩාත් යෝග්‍ය බවයි. එහෙත් මයිකල් ක්ලාක් තුවාල ලබා සිටින හෙයින් ඉන්දියාවට එරෙහිව ඉරිදා (19 වැනිදා) පැවැත්වෙන තරගයේදීත් ඕස්ටේ‍්‍රලියානු පිල මෙහෙයවීමට පොන්ටිංට සිදුවී තිබේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd