පානදුර තන්තිරිමුල්ල තිලකා මාවතේ (කලින් පානදුර ෆොන්සේකා පාරේ අංක 58 නිවසේ) පදිංචිව සිටින චලනි සොයිසා (9) දැරියට පසුගිය අගෝස්තු 07 වැනි දා දකුණු ඉන්දියාවේ චෙන්නයි නුවර මියොට් රෝහලේ සිදුකළ දෙවනි සැත්කමෙන් පසු හදවත ඇතුළු අවයව පිරික්සීමේ පශ්චාත් පරීක්ෂණය ලබන දෙසැම්බර් දෙවැනි සතියට නියමිතව ඇති බව සැත්කම සිදුකළ විශේෂඥ වෛද්‍ය කේ ශිවකුමාර් දන්වා ඇත.
මෙම සමාලෝචන පරීක්ෂණයට ඇය සමග ඇගේ පියා වන ප්‍රදීප් නාලක සොයිසා හැන්නදිගේ මහතා සහ මව ගමගේ ශීරන්ති හර්ෂණි දැරිය සමග චෙන්නායි නුවරට යාමට සිදුවී ඇත.කොළඹ සමාගමක සුළු සේවකයකු වන නාලක සොයිසා කියනුයේ මුල් සැත්කම් දෙකට හිතවතුන්ගෙන් හා පරිත්‍යාගශීලින්ගෙන් ලැබුණ සහායෙන් තම දරුවා ජීවතුන් අතර සිටින බවයි.
හදවතට අමතරව ඇගේ දකුණු පාදයේ මිලිමීටර් 18.5කින් කෙටි වීම ගැන දොස්තර ශිවකුමාර්ගෙන් උපදෙස් ගත යුතු බවද නාලක සොයිසා කියයි.දෙසතියක් පමණ තමාටත් දරුවාටත් රැකියාවක් නැති බිරියටත් චෙන්නායි නුවර ගතකිරීමට සිදුවන හෙයින් පරිත්‍යාගශිලීන්ගේ සහය පතන බව ඔහු කියයි.
නවාතැන් ආදිය නොමැතිව රෝහලට පමණක් ඉන්දියා රුපියල් එක් ලක්ෂ හතළිස් දහසක (ශ්‍රී ලංකා රුපියල් තුන් ලක්ෂ නව දහසක්) පමණ වැය වනු ඇතැයි ද රෝහලට අය කරන මුදල කෙතෙක්දැයි දෙසැම්බර් මුල සතියේදී දන්වන බව රෝහල දැරියගේ පියාට දුරකථනයෙන් දන්වා ඇත.
ලංකා බැංකුවේ පානදුර ශෘඛාවේ එච්.පී නාලක සොයිසා නමින් ඇති 8124458 බැංකු ගිණුමට හෝ සම්පත් බැංකුවේ පානදුර ශාඛාවේ 102657129083 ගිණුමට අධාර යොමුකරන ලෙස ඔහු ආයාචනා කරයි.ඔහුගේ දුරකථන අංකය 071-4758595.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දරුවාගේ වෛද්‍ය සායනයට යාමට අවශ්‍ය කරන ඒ මුදල සොයාගන්න අපි එකතුවෙලා සහය දෙමු (නි)
ධම්ම, ඔබ ඔහුට උදව් කළා. ඒ ඔබ! සිංහලයා ගැන ඉස්සර පිටරැටියන් ලියූ පොත් කියවන්න. හොඳ හොඳ දේවල් අපි ගැන කියා තියෙනවා (නි)
ඇය සුවපත් වේවා! මමත් ආධාරයක් කළා (නි)
කලකට පෙර ලංකාදීපේ තිබුනා ඩුබායිවල ගාල්ලගේ කියලා කෙනෙක් තමාගේ අලුත උපන් බිලිඳාත් බිරියත් රෝහලින් නිදහස් කරගන්න රෝහල් බිල්පත ගෙවීමට නොහැකිව ආධාර ඉල්ලලා. මා නොහඳුනන ඔහු හමුවීමට ගොස් ඩිරාම් 5000කින් අධාරකර තවත් උපකාර අවශ්‍යනම් දන්වා සිටින ලෙසත් දන්වා මගේ ඩුබායි දුරකථන අංකයත් ඔහුට දී ආපසු ගියා. මහත් සේ පින් දී එම මුදල භාරගත් ඔහු ගැන අද වනතුරුත් ආරංචියක් නැහැ. (බ)
ලොකු පිනක් මහත්තයෝ.(හේ)
ඕන කරන විස්තර ඔක්කොම වගකීමෙන් දාල තියෙනවා (හේ)
ලංකාදීප ආයතනය වගකීමක් ඇතුව බැංකු ගිණුම් අංක දාන එක වටිනවා ඒකට ස්තූතිවන්ත වෙනවා... උදවු කරන අයට ඒක හරි පහසු වෙනවා.... සමහර වෙබ් අඩවි මෙහෙම දේවල් දැම්මට විස්තර හොයාගන්න දස අතේ දගලන්න ඕන.... ඒගොල්ලෝ බලන්නෙ උදවු කරන කෙනාවත් විකුණන් කාල ගොඩ වැඩි කරගන්න....(හේ)
මිනිසුන්ගේ අනුකම්පාව ලබාගැනීමට වාසනාව ලැබුණු දැරිවියක්. නිරෝගී වේවා! (නි)
බොහොම හොඳ ආරංචියක්. ඒ දරුවා හරිම වාසනාවන්තයි. (නි)
රාජගිරිය නාවල පාරේ සොල්ට්‍රිම් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ සුරේන් ඔබේසේකර මහතා- ඔබ සැබෑ මනුෂ්‍යක්. ඔබට ජය වේවා හැමදාම ! (ම)
ඔන්න අපි දැම්ම සල්ලි (බ)
මම මේ දරුවට ඔපරේෂන් එකට සහ පෞද්ගලිකවත් උදවු කළා පසුගිය අගෝස්තුවේ ...ඉතින් මේ අවස්ථාවේත් අපි හැකි අයුරින් උදවු කරමු නේද ..? ජීවිතේ කියන්නේ මහා පුදුම තැනක් එතන කවදාවත් අපිට වුවමනා අයුරින් අපිට සැප පහසු අයුරින් තිබෙනා සිතට සතුට ගෙන දෙන තැනක් නොවේ ..මේ සසරින් අපිත් එගොඩවෙමු තවෙකෙකුටත් අත දෙමු ..කවදාවත් අපි අතරමන් නොවනු අත ..!!! (බ)
ජාති ජාති පින් සිද්ධවෙන වැඩ මේවා (නි)
අසරණ නංගියාට අපිත් උදව් කරමු (නි)
මමත් දැන් මුදල් ප්‍රමාණයක් දැම්ම! මේ වගේ උදව් අවශ්‍ය කරන අය පිළිබද පලකරන්න.ලංකාදීප කියවන විශාල පිරිසක් ඉන්නවා. මේ වගේ අසරණ උනු වෙලාවට උදව් කරන්න පුළුවන්! (අ)
අපි හැකි පමණින් උදවු කරමු (නි)
මම උදව් කරනවා. රූපා නංගියේ, හැමෝම එකතුවෙමු කලින් වාගේ..... (නි)
රත්තරන් වැනි හදවත් ඇති හැමදාම ..අසරණයට උදව් කරන ..දයාබර අපේ පාඨකයින් අද නිහඩයි ..?මේ දරුවට ඔපරේෂන් එකට ඒ මුදල හොයාගන්න අපි හැමෝම පසුගිය අගෝස්තුවේ උදව්කළා ..?ඒ වගේම ඒ ඔපරේෂන් එකත් කළා. ඒ දරුවා ව නැවත ඒ වෛද්‍යවරයාට පෙන්වීමට යාමට ඒ මුදල සොයාගන්න අපි උදව් දෙමු ..තියෙනවානම් ඒ මිනිසුන් කාටවත් අතපානේ නැහැ දුප්පත් කම නිසා ඒ අතපාන්නේ ..?අපි හැමෝම සුළුවෙන් උදව් කරමු ..අපිට කවදාවත් වරදින්නේ නැහැ ..!! (බ)
අපි හැමගේ සහය ලබදිය යුතුයි මේ දරුවාගේ .වෛද්‍යය සායනයට ඉන්දියාවට යාමටෛ.අවශ්‍ය ඒ මුදල සොයාගන්න ..? සහෝදර ඔබ අපි හැමෝම උදවු කරමු (අ)
රුපවතී කොතනද අපි එතැන.....අපි රූපට.... රූප අපිට........(බ)
රූපවතීටත් ගොඩක් පින්. මේ දරුවට ඉක්මනින් සුවය ගෙනදෙන්න ඔබ සමඟ අපිත් එක්වෙමු. චූටි දුවට ඉක්මනින් සුවවේවි (නි)
අපිත් රූපවතී සමඟ එකඟයි (නි)