පානදුර රාජකීය විදුහල සහ ශාන්ත ජෝන් විදුහල අතර පානදුර නගර සභා ක‍්‍රීඩාංගණයේදී පැවැති ‘හරිත සටන’ වාර්ෂික මහා ක‍්‍රිකට් තරගයෙන් පානදුර රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ ඉනිමක සහ ලකුණු 135 ක ජයක් ලැබුහ. තරගයේ අවසන් දිනය වු අද (17) තේනුක ධනංජය (23/5) සහ කවිදු අෂාන් ගේ (35/5) විශිෂ්ට පන්දු යැවීම හමුවේ ශාන්ත ජෝන් විදුහලේ දෙවැනි ඉනිම ලකුණු 74 කට සීමාවිය. තරගයේදී ධනංජය සහ කවිඳු කඩුලූ අට බැගින් ලබා ගැනීමට සමත්වුහ. මාධව නිමේෂ් (153) ලබාගත් ශතකය නිසා රාජකීය පිල පළමු ඉනිම සඳහා කඩුලූ 6 ක් දැවී ලකුණු 271 ක් ලබා ගැනීමට සමත්විය. පානදුර ශාන්ත ජෝන් විදුහල පළමු ඉනිම ඕවර 29 කදී සියලූ දෙනා දැවී 62 (හර්ෂ චන්ද්‍රෂාන් 15, තරිඳු විදුෂාන් 12, අසංක අල්විස් 8/2, තේනුක ධනංජය 25/4, කවිදු අෂාන් 18/3) සහ දෙවැනි ඉනිම සියලූ දෙනා දැවී 74 (විරාජ් ජයරංග 15, චමිල ජානක 14, ළහිරු සංජය 18, තරිඳු විදුෂාන් නොදැවී 14, තේනුක ධනංජය 23/5, කවිඳු අෂාන් 35/5) පානදුර රාජකීය විදුහල ඕවර 56 කදී කඩුලූ 6 ට 271 (මාධව නිමේෂ් නොදැවී 153, කවිදු අෂාන් 31, දමිඳු අෂාන් 19, හෂාන් විමුක්ති 17, අකිල ලක්‍ෂාන් නොදැවී 19, සසිඳු මධුෂංක 71/3)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd