IMG-LOGO

2025 අප්‍රේල් මස 27 වන ඉරිදා


පන්නල මෝටර් රථ තරගමාලාවේදී තරිඳු - ප‍්‍රවීන්ගෙන් දස්කම්

ආසියානු මෝටර් රථ ධාවකයන්ගේ ක‍්‍රීඩා සමාජය මෙහෙයවන ෆෝමියුලා මෝටර් රථ තරගමාලාවේ (2012) දෙවැනි වටයේ තරගාවලියේදී තරිදු ගමගේ සහ ප‍්‍රවීන් මඩුගල්ල ඉසව් දෙක බැගින් ජය ගනිමින් දස්කම් දැක්වුහ. පන්නල ස්පීඞ් ඩ්‍රොම් ධාවන පථයේදී පසුගියදා (1) පැවැති මෙම තරගාවලියේදී තරිදු ගමගේ, ෆෝමියුලා මැක්ලරන්ස් 1300 සී.සී. ඉසව් දෙකම ජය ගනිමින් දස්කම් දැක්වීම කැපී පෙණුනි. මෙරට ෆෝමියුලා මෝටර් රථ පැවැත්වෙන එකම තරගමාලාව ද මෙයවන අතර එහිදී සකීර් වහබ් එම ඉසව් දෙකේදීම දෙවැනි ස්ථානය ලැබීය. ධාවකයන් 10 දෙනකු තියුණු තරගයක නිරත වු ෆෝමියුලා මැක්ලරන්ස් පළමු තරගයේදී ඉදිරියෙන්ම ධාවනයේ යෙදුණු චන්දිම ගුණරත්න වෙනත් රථයක ගැටීමෙන් අනතුරකට ලක්වීම නිසා ඔහුට අවාසනාවන්ත ලෙස තරගයෙන් ඉවත්වීමට සිදුවිය. එම අනතුරෙන් චන්දිමගේ මෝටර් රථයේ ඉදිරි රෝදය එහිදී ගැලවී ගොස් තිබිණ. මෙම වසරේදී තරගමාලාවට ඇතුළත් වු මැක්ලරන්ස් ඇල්ටෝ කේ 10 ඉසව් දෙකේම ජයග‍්‍රාහකයා වීමට ප‍්‍රවීන් මඩුගල්ල සමත්විය. තිවංක විජේසේකර එම ඉසව් දෙකේදීම දෙවැනි ස්ථානය හිමිකර ගත්තේය. ප‍්‍රවීණ මෝටර් රථ ධාවක දිනේෂ් ජයවර්ධන, ෆෝමියුලා ෆෝර්ඞ් 1600 සී.සී. (85 ට පසු* ඉසව්ව ජය ගත්තේය. මෙම ඉසව්වේ ශූරයකු වන අශාන් සිල්වා තියුණු සටනකින් පසුව දෙවැනි ස්ථානයට පත්විය. අවසන් තරග ප‍්‍රතිඵල: මැක්ලරන්ස් ඇල්ටෝ කේ 10 ඉසව්ව ( වැනි තරගය) 1.ප‍්‍රවීන් මඩුගල්ල, 2.තිවංක විජේසේකර 3.වරුණ රණතුංග මැක්ලරන්ස් ඇල්ටෝ කේ 10 ඉසව්ව ( වැනි තරගය) 1.ප‍්‍රවීන් මඩුගල්ල, 2.තිවංක විජේසේකර, 3.මොහාන් පෙරේරා ෆෝමියුලා මැක්ලරන්ස් 1300 සී.සී. (, වැනි තරගය) 1.තරිදු ගමගේ, 2.සකීර් වහබ්, 3.ක්ලෙමන්ට් සේනාරත්න ෆෝමියුලා මැක්ලරන්ස් 1300 සී.සී. (,, වැනි තරගය* 1.තරිදු ගමගේ, 2.සකීර් වහබ්, 3.රුමේෂ් රාජකුලේන්ද්‍රන් ෆෝමියුලා ෆෝර්ඞ් 1600 සී.සී. (85 ට පසු) 1.දිනේෂ් ජයවර්ධන, 2.අශාන් සිල්වා, 3.සෆ්රාෂ් ජුනයිඞ් ප‍්‍රවීන් මඩුගල්ලතරිඳු ගමගේ



අදහස් (0)

පන්නල මෝටර් රථ තරගමාලාවේදී තරිඳු - ප‍්‍රවීන්ගෙන් දස්කම්

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

විෂයන් තුනටම ‘ඒ’ ගත් සිසු සිසුවියන් 9,457 ක්
2025 අප්‍රේල් මස 27 256 0

මෙවර අපොස උසස් පෙළ විභාගයේදී (2024) සිසු සිසුවියෝ 9,457 ක් විෂයන් තුනටම ‘ඒ’ සාමාර්ථ ලබාගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ද (27) පැවසීය.


‘නොවැම්බරයේ ආර්ථිකය වැටෙනවා‘
2025 අප්‍රේල් මස 27 548 0

ලබන නොවැම්බර්-දෙසැම්බර් කාලය වන විට ලංකාවේ ආර්ථිකය කඩා වැටෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.


නියාමක නිවසේ සාදයේදී මත් ජාවාරම්කරුවෙකු මිය යයි
2025 අප්‍රේල් මස 27 813 0

මහර බන්ධනාගාර නියාමකවරයකුගේ නිවසේදී පැවති සාදයකින් අනතුරුව රෝගී වූ පුද්ගලයෙක් මියගොස් ඇතැයි මුල්ලේරියාව පොලිසිය කියයි.


වදයක් නැති අධ්‍යාපන ක්‍රමයක් අරඹනවා
2025 අප්‍රේල් මස 27 197 0

ළමයින්ට, ගුරුවරුන්ට සහ දෙමවිපියන්ටත් වදයක් නැති අධ්‍යාපන ක්‍රමයක් 2026 සිට පළමු ශ්‍රේණියට සහ හයවන ශ්‍ර්ණියට ආරම්භ කරන බවත් මෙය ජනප්‍රිය වීමේ හෝ ඡන්දේ ම


මහනුවර පිරිසිදු කළ නගර සභා කම්කරුවන්ට විශේෂ දළදා දැක්මක්
2025 අප්‍රේල් මස 27 976 0

මහනුවර නගරය පිරිසිදු කිරීමට අඛණ්ඩව දායක වූ මහනුවර මහ නගර සභාවේ කම්කරුවන් සඳහා දළදා වන්දනාවට විශේෂ අවස්ථාවක් අද පස්වරු 4 ට සලසා දී ඇතැයි රජයේ ප්‍රවෘත්ත


ඉණිමඟකින් වැටී අයෙක් මරුට
2025 අප්‍රේල් මස 27 233 0

තලවකැලේ, නානුඔය, ග්ලාස්ගෝ වත්තේ දේව පූජාවක් සිදු කිරීම සඳහා විවෘත භූමියක සකස් කරන ලද විශාල උසකින් යුත් කොටයකට සවි කරන ලද ලී ඉණිමගකින් බිමට ඇද වැටීම හේතු


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 905 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 396 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 555 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site