දුෂ්කර ගම්මානයක් වන පානම ශ්‍රාස්ත්‍රවෙල මණිනායග පබ්බත හෙවත් බෝධි ඝර විහාර පිරිවෙණේ සාමණේර හිමිවරුන් වෙසක් පහන් පත්තු කිරීමට යොදා ගත්තේ මැටි පහනක හැටය ගන්නා තෙලඹු ලෙල්ලයි.
කටු මැටි ගසා පොල් අතු එල්ලූ ගව මඩුවක් වැනි පන්ති කාමරයක උගෙන ගන්නා සාමණේර භික්ෂූහු අනේක විධ අඩුපාඩු මැද උගනිති.
කුඩුම්බිගල වන රක්ෂිතයේ අලි ඇත්තු වලස්සු , දිවියෝ , මොනරු, මුවෝ හා ගොන්නු මේ පුද බිමට අමුත්තෝ නොවෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරුත් ඕනේ නැහැ මම ගලෙන් බැදලා හොඳ වහලයක් ගහලා දෙන්නම්. මට යන පාර කියන්ට මේ ඊ මේල් ලිපිනයට. මම නිවාඩුවට ලංකාවට ආපුවම යන්නම්.(නදී)
ඒ වෙනස හොදයි
කොච්චර සරල සුන්දර ජීවිතද? නමුත් ආර්ථික අපහසුකම් නිසා පෙනෙන තරම් සුන්දරත්වයක් නැතුව ඇති. (නි)
මේ කුඩා දරුවන්ව සෙල්ලම් වයසේ හිරකරලා තියන්නේ ඇයි. ලොකු උනාම හිත් දරුනු වෙයි.(නදී)
ගුණරත්න , නමටම ගැලපෙන කතාව , මමත් එනවා ඔබ සමඟ. ලිපිනය එවන්න.(නදී)
ඔය පින්තූරේ අරන් තියෙන්නේ හිනාවෙන්න සාමනේරතුමනි කියල කිව්වට පස්සේ. ඒ හින්දා අපිට කියන්න බැහැ මෙතුමන් සතුටෙන් ඉන්නවා කියලා.(නදී)
ධම්ම, නිමල් ,හරි පොඩි හමුරුවරුන්ගේ සතුට මුහුණු වලම තියෙනවා. එහෙමම ඉන්නද්දී උදව් කරනවානම් තම හොද. (ස)
ඒ අයට පාඩුවේ ඉන්න දෙන්න. එයාලා ඉන්නේ සතුටින්.ඒ සතුට නගරයේ මේ තරගයේ ඉන්න අයට තේරෙන්නේ නැහැ. (නි)
සිරි ඔබට කෙසේද මෙම වීඩියෝ එක ලැබුනේ? ඇත්තෙන්ම මෙය සෙල්ලම් වයසට ඉන්නේ කොහොමද කියන්න පොඩි හාමුදුරුවනේ ගීතයට හොඳ විෂුවල් එකක්. (නි)
ප්‍රවෘත්තියත් එක්ක දාලා තියෙන අදහස් ටිකත් හරිම වටිනවා. (නි)
චන්දි, මේ මල් වල නම ''කොරකහ''. මේවා වියලි කලාපයේ වැව් ආශ්‍රිතව දකින්න පුළුවන්. ගහේ පුරාම මල් හටගන්නවා ගොඩක් ලස්සන ශාකයක්. (නි)
සෙල්ලම් වයසට ඉන්නේ කොහොමද කියන්න පොඩි හාමුදුරුවනේ. (ස)
අපිත් පොඩි කාලේ අමු පැපොල් ගෙඩිය දෙකට පලා තෙල් දමා පහන් ලෙස පත්තු කළා. ඒත් මෙහෙම අග හිග කන් ඇති පළාත් නිසි අවදානයට ලක් විය යුතුයි නේද? (නදී)
දුප්පත් වුණත් මේ මූහුනු වල තියන සුන්දර බව රුපියල් කෝටියක් දීලාවත් ගන්න බැහැ. බුරියානි වලදන්න ඇමරිකාවට යන වෙලේ ඒ සල්ලි දුප්පත් පන්සලකට දුන්නා නම් මේ පුවත මීට වඩා වෙනස් වෙනවා නේද? (නි)
මේ ගමට පළාත් සබා මන්ත්‍රී කෙනෙක් ඇතිනේ. ඒ අයගෙන් වෙන්න තියන දේවල් මේවා. (නි)
මේ පොඩි හාමුදුරුවරුන් වහන්සේලා ගැන කතා කරන මේකත් බලන්න. http://www.youtube.com/watch?v=0aoW6tN6l1k (නි)
ඒ අය එහෙමම හිටපුවාවේ.ගමට උදව් කරන්න.ගමේ ලස්සන දකින්න (නි)
තම තමන්ට හැකි අයුරින් මෙහි නායක ස්වාමින්වහසේට ලිපියක් ලියා එක පොතක් පැන්සලක් හරි යවන එක තමයි හරි කියන එක මගේ අදහස. මෙත් සිතින් දෙන දේවල්හි ප්‍රමාණය වැදගත් නැහැ.(නදී)
මම මේ පන්සල ගැන අහලා තියෙනවා. කව්රුන් හෝ උපකාර කරනවා නම් ගොඩක් පින්. ආරක්ෂක ලේකම් තුමනි, මේ ගැන ඔබගේ අවධානය යොමු වේවා!(නදී)
බලන්න අර අව්‍යාජ අහිංසක සිනහව. බලන්න නිකැලැල් පරිසරය ... නගරේ අපි මොනවද කරන්නේ? මොනවද අපිට නැත්තේ? නාස්තිය දුෂණය වංචාව බොරුව පමණි. යන්න. බලන්න නෙත් හැර. කරන්න යමක්. (නි)
අපි කුඩා කාලයේ මැටි පහන් තිබුනෙත් නැත .ඊට පසුව මැටි පහන්,ඉටිපන්දම්, බකට්, අටපට්ටම්, විදුලි බුබුළු, වෙසක් තොරන් විධියට ව්‍යාප්ත වුණා. අපේ අම්මලා පහන් දැල්වූයේ නාවා ගසේ , මල් පිපිලා ගෙඩිය 4 ට පැළුන පසු පහනක ආකාරයෙන් බිමට වැටුණු ලෙල්ලට තෙල් හා පහන් තිර දමා පහන් දැල්වීමෙන්. තෙලඹු හා නාවා ගසේ නාමය එක සමානවද? (නි)
ජනාධිපතිතුමනි, ඔබ තුමා මේ ගැන බලන්න පින් සිදුවෙයි.(නදී)
මේ කුඩා දරුවන්ව නගරයට ගෙනවිත් පාසැලකට යොමුකළා නම් හොද අධ්‍යාපනයක් ලබලා රටට වැඩදායි පුරවැසියන් බවට පත්කිරීම වගකිවයුත්තන්ගේ යුතුකමක් නේද?(නදී)
මේ කොළඹ කෝටි ගණන් වියදම් කර තොරණ් හදන සල්ලි මේකට දෙන්න. මේක පින්සිදු වෙන වැඩක්. නමුත් මේවා අපේ තොරණ් ගහන අයට නොතේරෙන්නේ මොකද? (නි)
අනේ හරිම ලස්සන මල් ටික. ඇත්තටම මම දන්නේ නැති නිසා අහන්නේ. මොනවද ඒ මල්? හැබැයි මාව අපහාසයට ලක් නොකර කියාදෙන්න හොදේ (නි)