ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ විෂ බීජ ටික ඉවත් වූ පසු හරි ගමනක් පෙරට යා හැකියැයි එම පක්ෂයේ සභාපති පර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා කියයි. පක්ෂ නායක සරත් පොන්සේකා කිසිදා අතර මං නොකරන බවත් ඔහු සමග ඕනෑම විටෙක හිරබත් කෑමට වුවද සූදානම් බවත් මන්ත්‍රී පවසයි. මන්ත්‍රීන් වන ටිරාන් අලස් හා අර්ජුන රණතුංග මහත්වරු එම පක්ෂයෙන් ඉල්ලා අස් වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව එක්කෙනයි යන්න ඉන්නේ. එයත් ගියොත්? (නි)
ලුම්බිණි දවල් හින දකිනවාද (ස)
ඒහෙම කරන්නත් එපා
සරත් ෆොන්සේකා මහත්තයාත් එක්ක කළගුණ දන්නා ලාංකිකයින් බහුතරයක් අත්වැල් බැදගෙන සිටී. (නි)
විෂ බීජ රජ කරනව නේද මේ රටේ මිනිසුන්ට ඡන්දේ දෙන්න කීව. පොන්සේකා මහත්තයාව මුරැන්ගා අත්තේ තියලා යන එන මං නැති කළේ මේ මහත්තුරැ තමා (අ)
දැන්නම් ත්‍රීවිල් එකක යන්නත් කට්ටිය මදි වගේ (ස)
මේකට තමයි කියන්නේ හත්පොලේ ගාගන්නවා කියලා (ස)
එකය හිටිය අය ඒවා බලාගන්න ඕන
අහෝ දුකකි, ඉරකි, තිතකි. !!!!! (ස)
එක හොද වැඩක්
සන්තෝසයි....
දැන් කැටගොඩ මහත්තයා විෂබීජ කියලා කියන්නේ කාටද? (නි)
ෆොන්සේකා වෑනි උතුම් විරුවෙක් ඔය තත්වයට ඇද දමපු සියලුම අවස්තාවාදී දේශපාලුවන්ට සමාජය විසින්ම දඩුවම් දිනකදි ලබාදෙයි (ස)
කල ගුණ සැලකීම
සරත් ෆොන්සේකා මහත්තයා, ඉක්මණ් තීරණ ගන්න නරකයි. (නි)
සාදු ! සාදු (ස)
කෝ දැන් අර ෆොන්සේකාගේ පැත්තට කතාකරපු කට්ටිය එක්කෙනෙක්වත් නැහැනේ හොයා ගන්න. (නි)
අන්න හොදයි
අපි නම් දැනගන හිටියා කොයිමොහොතේ හරි ඔය දේ වෙන වග. අනුන් කි්යන දේවල් අහන්නේ නැතුව ඔබතුමා පොඩියට හරි තමන්ගේම පක්ෂයක් හදාගන බලන්න. ඊට පසු එනවිදියකට මුහුණ දෙන්න. නමුත් විපක්ෂය අමනාප කරගන්නේ නැතුව ඉදිරි කටයුතු කරන්න. ඔබතුමාට හොඳ දේශපාලන උපදේශක වගේම හොඳ මාධ්‍ය උපදේශකවරයකුද අත්‍යවශ්‍යව තිබේ. (නි)
අපිත් එහෙමයි
මෙතුමාට සිදු වෙලා තිබෙන දෙය හරිම කණගාටුදායකයි. හරි දේශපාලන අවබෝධයක් නැතිකම නිසා මෙතුමා තමන්ගේ වටේ ඉන්න අය කියන දේවල් අහලා තව තවත් අවුලෙන් අවුලට පත්වෙමින් යනවා. හැබැයි සමහරු මේ දේ බලාපොරොත්තු වුණා. මෙවන් මිනිසුන් වටකර ගන්නවා කියන්නේ තමන් අමාරුවේ වැටීමයි. (නි)
සුලු සුලු ප්‍රශ්න ඇතිවෙන එක ඇත්ත. නමුත් අමතක කරන්න එපා, රට බේරාගත් අභීත යුධ සෙන්පතියා ඔහුයි කියලා. (නි)
2008 - 2009දී ඔබ සැබෑ වීරයෙක්. නොදන්නා දේශපාලනයට ගොස් ඔබ කරගත් දෙයක්? (නි)
කරන්න දෙයක් නෑ ,දැනටමත් අතරමං වෙලා ඉවරයි (ස)
මුල අමතක කරන්න එපා..ඔබට ජය (ස)
කොහොම උනත් අපිට දවසක මෙහෙම කියන්න වේවි. " ඇස් දෙක වගේ හිටිය දෙන්නට මේ මොකද උනේ..." කියල.... (ස)
කකුල් දෙක දෙපැත්තේ තියන් ඉන්න අය වෙලාව ආවහම යනවා තමයි...ඕවා ලෝකේ හැටි..කම්පා වෙන්න එපා (ස)
අපිත් එහෙම තමයි
මට නම් ඔය කාවවත් වැඩක් නැහැ
අපිත් නැහැ
"ඔබට අවසානයේ කවුරුත් නැති වූ විට මා වෙත එන්න " කියා අරයා ඔයාට කිවුවා නේද ?
මට නම් හිතෙන්නේ යුද්ධ කරලා දින්න වගේ දේශපාලනය කරලා දින්න බැහැ.. ඒකට තෙම්පරාදු වෙලා ඉන්න ඕන.. පොන්සේකා නොමගට යවපු කට්ටිය මේකට වග කිව යුතුයි.. දැංවත් මෙතුමාට ඉතිරිවෙලා තියෙන ජනප්‍රියත්වය නැතිවෙන්න කලින් බුද්ධියෙන් වැඩකලොත් හොදයි.. හැමෝම ඔහුව දාලා ගියොත් ඔහු තනිවෙනවා.. ඒකනිසා ටිකකාලෙකටවත් දේශපාලනයෙන් ඉවත්වෙලා හිටියානම් තමයි හොද.!(නු)
කන්න දුන්නු අත හපාකන්න ගියාම දන්නෙම නැතිව තමන්ගේ අතත් නැති වෙලා..!(නු)
අපේ රටේ අතරමන් නොවුන දේශපාලකයෙක් ඉන්නවද ?? (ස)
තව මොනවා අතරමං වෙන්නද ? අද රටේ කොන්ද කෙලින් තියන් වැඩ කරන අය කීයෙන් කී දෙනාද ඉන්නේ ? තව ටික දවසකින් මෙතුමගෙත් කොන්ද කඩලා දාවිද දන්නේ නෑ (ස)
තව අතරමං වෙන්න දෙයක් නෑ (ස)
අවස්ථාවාදී නොවීම ගැන සතුටුයි (ස)
අහෝ.........ඛේදයකි (ස)
ජනතාව ඉන්නකම් ඔබතුමා අතරමං වෙන්නේ නැ (ස)
සරත් ෆොන්සේකා මහත්තයා කියන්නේ රට බේරාගත් උදාර සෙන්පතියෙක්. එතුමාට චෝදනා කරන්න කාටවත් බැහැ. (නි)
මෙතුමාට සිදු වෙලා තිබෙන දෙය හරිම කණගාටු දායකයි. හරි දේශපාලන අවබෝධයක් නැති කම නිසා මෙතුමා තමන්ගේ වටේ ඉන්න අය කියන දේවල් අහල තව තවත් අවුලෙන් අවුලට පත්වෙමින් යනවා සමහරු බලාපොරොත්තු උන විදියටම. බංකොලොත් වෙච්ච මිනිසුන් වට කර ගන්නවා කියන්නේ තමන් අමාරුවේ වැටීමයි. හරි දර්ශනයක් තියෙන උගතුන් කණ්ඩායමක සහය මෙතුමාට අවශ්‍යයි. (ස)
මේ වගේ ලංකවේම ජනප්‍රිය . රටම පිළිගත් , කෙනෙක් නිසා මේ මහත්තයා ගොඩ යාවි නේද අනේ ..........(ස)
පොන්සේකා මහත්තයාට තමන්ගේ ගරුත්වය රැකගෙන සැපසේ ඉන්න තිබුණා නොදන්න වැඩ කරන්න යන්නේ නැතිව...(නු)
ඔබගේ වටිනාකම දැන් නැතිව යන්නයි එන්නේ..!(නු)
සනී මල්ලී ඔයාට මුල මතකද ?? (ස)