මීළග පාප් වහන්සේ බොහෝ දුරට කළු ජතිකයෙකු විය හැකි යැයි ඉතාලි වෙබි අඩවියක් කියයි.
නයිජිරීයාවේ ප්‍රැන්සිස් ඇරින්සේ, ඝානාවේ පීටර් ටර්ක්සන් , මෙක්සිකෝවේ නොබර්ටෝ රිවේරා කැරේරා, හොඳුරාස් හි ඔස්කා රොඩ්රිගස් මරඩියාගා, බ්‍රසීලයේ ඔඩ්ලෝ ප්‍රෙඩ්රෝ ෂෙරර්, බ්‍රසීලයේ අන්ද්‍රියා ක්විරිනේ, මොරොක්කෝවේ පිලිප් සේවියර්, ශ්‍රී ලංකාවේ ඇල්බට් රංජිත් මැල්කම් පටබැදිගේ,ඉතාලියේ රෙනාටෝ රැපියෙල් මාර්ටිනෝ , ඇන්ජලෝ ස්කෝලා ටාර්සිසි සියෝ බර්ටෝන්, ගියන් ප්‍රැන්කෝ රවසි, හා ඇන්ජලෝ බග්නස්කෝ යන කාදිනල් වරු මීළග පාප් වහන්සේ වීමට සුදුසුකම් ලබන බව එම වෙබ් අඩවිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු පත් වුනත් එතුමාට අල්ලා දෙවියන් වහන්සේගේ පිහිටයි...!(ස)
ලංකාවට ලැබුනොත් හොදයි (දී)
පාප් පදවිය සඳහා නාම යෝජනා කිසිවක් නැත. දැනට ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති කාඩිනල් වරුන් 118 දෙනා අතරින් 2/3 ක ප්‍රතිශතයක් ගන්නා කතෝලික පිරිමි අයෙකුට පාප් පදවිය ලැබේ. එය තීරණය වන්නේ කාඩිනල් වරුන් මතයි. පාප් පදවිය ලැබීමට කාඩිනල් වරයෙකු ම විය යුතු නොවේ.(නදී)
කතෝලික ආගම විවේචනය කරලා අදහස් දක්වන්න එපා. රංජිත් පියතුමා මී ලග පාප් උනොත් අපිට තොච්චර වාසනාවක්ද?(නදී)
වරුණ, ඔයාට ඉල්ලුම්කරන්න පුලුවන් කෙලෙස් දුරුකරගෙන නම්.(නදී)
මීලග පාප් වහන්සේ කවුද (දී)
රංජිත් පියතමාට ලැබෙනවානම් විශාල ගෞරවයක් . ලෝක බලවත් රටවල් අපිට දෙන්න කැමති වේවිද (දී)
වරුණ ඔය මෝඩ වුණාට කමක් නැහැ. ඒ මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. සුසන්, එහෙනම් කාගේ පනිවිඩයද ලෝකයට අරන් ගියේ? ඕනෑ තරම් උදාහරණ තියෙනවා. ඕනෑ නම් කියන්නම්. ඒ නිසා දන්නා කෙනෙක්ගෙන් අහගන්න හොදේ. මගේ නම් විශ්වාසයක් තියෙනවා මීළග පාප් වහන්සේ ආසියාවෙන් පත් වෙයි කියලා. අපි උන්වහන්සේ වෙනුවෙන් අපේ දෙවි පියාණන්ට යාඥා කරමු . (නි)
අපේ මැල්කමි රංජිත් පියතමන්ට පාප් පදවිය ලැබෙනවනමි ලංකාවෙ අපිට මොන තරමි සතටු වෙන්න පුලුවන්ද ආගමි බෙදයක් නැතිව නේද (ස)
අනිත් ආගම් වලට නිගරු වෙන විදියට කරැණාකර අදහස් දමන්න එපා. එවිට ඔබගේ ආගමේ තත්ත්වය පේනවා. ලංකාවේ ජනාධිපතිකම වගේ නෙමෙයි. ගරු සරුව අදහස් දක්වන්න කියා ඉල්ලා සිටිමි. (ස)
කතෝලික ආගම ගැන දන්න සහ කතෝලික ආගමට ගරු කරන අය පමණක් මේකට අදහස් දැම්මොත් හොදයි. (නි)
පාප්තුමා තෝරද්දී නම් යෝජනා කිරීමක් හෝ සුදුසුකම් ලැයිස්තුවක් ගෙනඒම සිදුවෙනවද? (නි)
තෙරුවන් බලෙන් පාප් පදවිය අපේ මැල්කම් පියතුමන්ට ලැබේවා... (ස)
ලංකාවට ලැබෙන්න (දී)
කතෝලික සභාවේ නීතිය අනුව වෙනම ක්‍රමවේදයක් තිබෙනවා පාප් තුමෙක්ව පත් කරන්න. කාටවත් කියන්න බැහැ මේ අය සුදුසුයි හෝ මේ අය නම්කර තියෙනවා කියලා (ස)
ශ්රී ලංකාවේ ඇල්බට් රංජිත් මැල්කම් පටබැදිගේ පියතුමන්ට ලැබුනොත් අපිටත් සතුටුයි.(ස)
මට මේකට ඉල්ලුම් කරන්න පුළුවන්ද ? (ස)
වතිකානුවේ නිල වශයෙන් ප්‍රකාශ කලාලු මේ වනතුරුත් කිසිම නාමයක් යෝජනා වී නැති බව. යම් යම් වෙබ් අඩවි ඔවුන්ගෙ මනාපයට කමති නම් යෝජනා කරනවා අනුමානයට. මේ ගැන එතරම් ගනන් ගත යුතුත් නැහැ. හැබැයි වෙනස්වන ලෝකේ ..මනාප ක්‍රමයක් ලංකාවේ වගේ ආවොත් ඉතාලියේ 60 ගානක් ඉන්නවා. (නි)
බුලත්සිංහල, මේක ලංකාවේ තියෙන තරගයක් වගේ නෙමෙයි. (නි)
දෙවියන් වහන්සේගේ කැමැත්තක් මෙතැනට මොකටද? (නි)
ඉතිහාසය තුල පාප් කෙනෙක් කවදාවත් ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මය ලෝකයට ගෙන ගියේ නැහැ නේද? (නි)
දෙවියන් දෙනකල්ම බලාගෙන ඉදලා හරියන්නෙ නැහැ. ලංකාවෙ අපිත් ෆුල් ට්‍රයි එක්ක දෙන්න ඕනෑ. (නි)
මීළග පාප් වහන්සේ ශ්‍රී ලංකාවෙන්ද? (නි)
මේ සියල්ලම දේව කැමැත්ත අනුව විසදේවි. (නි)
ලොකු තරගයක් වගේ වෙයි. (නි)
දෙවියන් වහන්සේ විසින් සුදුස්සාට සුදුසු තැන දෙනු ඇත. (නි)
දළදා සමිදු පිහිටෙන් රංජිත් පියතුමාට ලැබුණොත්... (නි)