පැපිලියානේ රෙදි පිලි සාප්පුවක රෙදිපිළි ගබඩාවකට ගල් මුල් ගැසීමෙන් අලාභ හානි සිදුවී ඇතැයි පොලිසිය කියයි. මහල් කිහිපයකින් වූ ගොඩනැගිල්ලට අද රාත්‍රියේ මෙම ප්‍රහාරය එල්ලවී ඇති බවත් හිමිනමක් ඇතුළු පස්දෙනෙකු රෝහල් ගත කළ බවත් පොලිසිය කියයි.
කැරළි මර්ධන හමුදාව සහ යුධ හමුදාව එක්ව කලබලය සංසිදවීමට උත්සහ කළ නමුත් රාත්‍රී දහය පසුවන විටත් මහජනයා තැන තැන එක්වී සිටියහ.
පහරදුන්නේ කවිදැයි පොලිසිය නොකියන අතර සිද්ධිය සම්බන්ධයෙන් මේ වනතුරුත් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ ෆැෂන් බග් එකට වෙච්ච වැඩේ (දී)
මේ සිදුවීම් වලින් වන්නේ රට දෙකඩ විම පමණයි. (නි)
යුද්ධයක් නැතුව පාලුයි වගේ නේද මිනිස්සුන්ට ? හිමිනමට කවුද ගැහුවේ? (නි)
කිසිසේත් අනුමත කළ නොහැකි ,ජාතික නැගිටීම ආපසු හරවන , මෝඩ රැලකගේ අමනෝඥ වැඩකි. (නි)
මොකද මෙතෙන්ට මේ හාමුදුරු කෙනෙක්? (නි)
මේ සිද්දියෙන් පස්සේ වෙන වැඩේ ගැන හිතුවද
අවශය පියවර ගන්න (දී)
ආ.... එන්න එන්න පෝලිමේ ඇවිත් බඩු ටික අරගෙනම යමු. (නි)
වෙන කරන්න දෙයක් නැහැ නිතිය තමයි ඉටු කරන්න තමයි දැන් තියෙන්නේ (දී)
ඉවසිමටත් සීමාවක් ඇත. (නි)
මොනවා වුණත් වෙච්ච සිද්ධිය ගැන දුකයි. (නි)
හිමිනමක් රෝහල් ගතකරන්න, හිමිනමක් කොහොමද මෙතන හිටියේ? (නි)
අපි කවුරුවත් අනුමත කරන්නේ නැහැ (දී)
අනේ මන්දා, වත්මන් බහුතර සිංහලයා හොඳටම කුපිත වෙලා, නිහතමානී සිත් ගල් වෙලා. (නි)
කවුද මේ හාමුදුරුවන්ට ගල් ගහපු දේවදත්තයා? (නි)
මම කියන්නද කවුද කියලා. (නි)
හේතුව වෙලා තියෙන්නේ මෙතන වැඩ කරන ගෑණු ළමයෙකු සම්බන්ධ සිද්ධියක් කියලයි කටකතා පැතිර යන්නේ. (නි)
දෙමළ ඩයස්පෝරාව අපිට හිනාවෙනවා ඇති. (නි)
කවුරු ඇත්ත කියනවද කවුරු බොරු කියනවද කියලා අපි නම් දන්නෙ නැහැ. (නි)
ලිපිය 2000කට වැඩියෙන් බලලා තිබුණත් අදහස් දක්වලා තියෙන්නේ කීදෙනාද? (නි)
ඔන්න බලාපල්ලා සිංහල අපේ වැඩ... (නි)
ෂුවර් එකට මේක අහවලා වැඩක්. (නි)
මෙතන වෙලා තියෙන හැබෑ සිද්ධිය හැමෝම යටගහනවා. (නි)
අපේ රට නංවන එක දැන්නම් හීනයක්. (නි)
හා
83 ත් ඔහොම කරලා මුළු රටම පරිප්පු කෑවා දැන් අමතකද?(නදී)
මෙම ප්‍රහාරය පසුපස සිටින්නේ කවුදැයි දන්නෝ දනිති. (නි)
හිමිනමක් රෝහලේ? (නි)
මම නම් දන්නවා මේ වෙළදසැළේ නම. (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. නිවන් දකින්න පෙරුම් පුරන අයගේ සම්බන්ධයක් එහෙම තියෙනවද? (නි)
ගල්මුල් ගහනවට වැඩිය හොද නැද්ද ගණුදෙණු නොකර හිටියා නම්? (නි)
කරුණාකරලා ජාතිවාදය අවුස්සන මේ වැඩ නවත්තන්න. (නි)
වෙන කවුද ඉතින්...? (නි)
හිමිනමට ගහන්න ඇත්තේ කව්ද?(නදී)
මොකක්ද මේ වෙළදසැළ? (නි)
සත්‍යය කරුණ කීමට මාධ්‍යය මැලිවන්නේ ජාතිවාදය ඇවිස්සීම වැළැක්වීම සඳහා මෑතකදී මාධ්‍යයට දැමු තහංචිය හේතුවෙන්ද? (නි)
රාත්‍රිෙය් හිමිනම රෙදිපිලි කඩයක මොනවා කරනවද?(නදී)
මෙතන වැඩ කරන සිංහල ගෑනු ළමයෙක් සම්බන්ධ ප්‍රශ්නයක් කියලයි අපිට නම් ආරංචි. (නි)
අපි ජීවත්වන්නේ මෝඩයන්ගේ පාරාදීසයේ.(නදී)
අයියෝ සල්ලි.(නදී)
නිතිය අතට ගෙන ඉක්මන් ක්‍රියා හොද නැත. සාමකාමී පෙළපාලිතුලින් රටත් ලෝකයත් නියම තතු අවබෝධ කරගැනී. කලහකාරී දේ වලින් සත්‍ය යටගොස් අසත්‍ය ටික කලකට හෝ ජයගන්න පිළිවන්, 81 දී ටික දෙනෙකුගේ මෝඩ ක්‍රියාවන් නිසා ලෝකයෙන් අසත්‍යට අනුකම්පා ලැබිණි. එම ශාපයට අපි හැමෝම බොහෝ කාලයක් යුද්දයෙන් අතරමං කරන්නට පිළිවන් විනි. අතීතයේ පාඩම් වර්තමානයට ගෙන කල්පනාකාරීව හැසිරිය යුතුයි.(නදී)
ජාති වාදය අවුළුවන්න එපා.(නදී)
කට්ටිය හා හා පුරා කියලා අලුත් අවුරුදු සමරන්න වගේ හදන්නේ.(නදී)
මුස්ලිම්වරුන් ගහලා තිබුණා නම් මුස්ලිම් අන්තවාදීන්ගෙන් ගල් ප්‍රහාර කියා දාන්න පුළුවන් නේද? (නි)
ඇයි හිමිනම ගුටිකෑවේ? (නි)
ගහපු අයම රෝහල් ගත වෙලාද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
පොලීසිය කිසිවක් නොපවසන්නේ ඇයි? (නි)
මෙතන තියෙන්නේ ගෑණු ළමයෙක් ගැන ප්‍රශ්නයක්ද? (නි)
නිකන් නැති ප්‍රශ්න ඇති කරන්න එපා (දී)
අපි නම් දැනගෙන හිටියා ගිය විදියට අවසාන ප්‍රතිඵලය මෙහෙම එකක් වෙයි කියලා. (නි)
දැන් මේකෙ ඇත්ත කතාව මොකක්ද? (නි)
වගකිවයුතු සියළුදෙනා ඇස් කන් පියාගෙන. අපේ රටේ අපි අනාත වෙලා. ලෝකයේ ක්‍රිස්තියානි, මුස්ලිම්, හින්දු රටවල් තියෙනවා. අපි බුද්ධාගමේ රටක් කියලා හැමෝම පිළිගත්තොත් ඔය ගැටළු සියල්ලම ඉවරයි. (නි)
මේකත් අන්තර්ජාතික කුමන්ත්‍රණයක්ද ? අපේ ඇමතිතුමා මේ ගැන මොනවද කියන්නේ ?
ගල් ගහන්න මුල් වුණ හේතුව වසන් කරන්නෙ ඇයි? (නි)
ගහල තියෙන කඩය මොකක්ද කියලා ඇයි නොකියන්නේ? (නි)
කටකතා ඇත්ත නම් පහරදීම සාධාරණයි (නි)
මේවා අපි අනුමත කරලා අදහසක්වත් දාන්න එපා (දී)
මේකට අදහස් දාන්නේ සිද්ධිය හරියට දැනගෙන නෙමෙයිනේ. කවුරුත් දන්නේ නැහැ මොකද වුණේ කියලා. (නි)
ශ්රී ලංකාව තුල කිසිම මුස්ලම් කඩයකට ගල් ගසා විනාශ කරලා නැහැ. එහෙම නේද?? (නි)
අද නීති මාර්ගයෙන් කිසිම දඩුවමක් නොලැබෙන නිසයි ජනතාව නීතිය අතට අරගෙන තියෙන්නේ. (නි)
ප්‍රතිචාර දක්වලා තියෙන මුස්ලිම් අයගේ අදහස් කොහොමද? අනේ අපේ ඇස් ගෙඩි වලට හෙන ගැහිච්ච සිංහලයෝ. (නි)
ඔය කවුරු කවුරුත් ඇත්ත දැනගෙන කතාකළොත් තමයි හොද. (නි)
මෙම සිද්ධිය ජාත්‍යන්තර කුමන්ත්‍රණකාරීන් විසින් අපේ රට තුළ ඇති කළ සහ තවමත් ඇතිකරමින් පවතින තත්ත්වයක්. (නි)
ඇයි දන්නෙ නැහැ නේද ගැහුවේ? (නි)
ලෙහෙසි පහසු පැත්තක් නෙමෙයි වගෙයි පැපිලියානත්. (නි)
අනුර, අපි බුද්ධාගමේ රටක් කියලා හැමෝම කඩවල් කුඩුකරන එක නවත්වන්නෙ නැද්ද? (නි)
මේකෙන් වෙන්නේ ජාත්‍යන්තරය තුල ලංකාව තවත් කොං වීමක් පමණි. ජෙනීව වල ලංකාවට සහයෝගය දුන් රටවලට ස්තුති කිරීමක්, ලජ්ජයි මේ ක්‍රියාව, ඒ අයගේ උත්සාහය සහ ආගමික භක්තිය නිසා දියුණු වෙනවා. අපෙ අයගේ අාගමික භක්තියක් නොව ඇත්තේ ඉරිසියාවයි.(කදී)
අපි බලමු ඉදිරියට වෙන්නේ මොකක්ද කියලා? (නි)
මිනිස්සු නැති කරදර දා ගන්නවා (දී)
මේ ප්‍රශ්න වලට හේතුව අපේ සිංහලයින්මයි. (නි)
ගැටුමට මුලික හේතුව ඇයි යටගහන්නේ? එයට වගකිව යුත්තන් අත්අඩංගුවට ගන්න මෙතෙක් ප්‍රමාද ඇයි? බොහෝවිට බෞද්ධයන් අතින් සිදුවන වැරදිවලට නිසි ලෙස ක්‍රියාත්මක වන නීතිය අන්‍යආගමිකයන් සම්බන්දයෙන් අලසව කටයුතු කරන්නේ මන්ද? (නි)
චෙන්නායි ගිහිල්ලත් ගුටිකනවා. දැන් ලංකාවේ ඉදගෙනත්ගුටිකනවා. (නි)
ලක්මව දිනේවා! (නි)
මේ වගේ සිද්දි අපි හෙලා දකින්න ඕනේ (දී)
නූගත් මිනිසුන්ගේ වැඩ. (නි)
මෙවැනි වැඩ කරන්න එපා
නම කැත වෙනවා විතරයි (දී)
හාමුදුරුවරු මොනවා කරනවද මේ රෙදි ගබඩාවේ? (නි)
මොකද්ද දැන් ඔය කල වැඩෙන් ලැබුනේ (දී)
ගැහැව්වේ කවිද කියලා හැමෝම දන්නවා.(නදී)
කවුරු කෙරුවත් මේක අසික්කිත වැඩක්. ඉහලම දඩුවම් දිය යුතුයි.(නදී)
මේක ජාති වාදී ප්‍රශ්නයක් නෙමෙයි.(නදී)
මෙතන සිංහලයින්ට බනින කීදෙනෙක් දැකලා තියෙනවද මුස්ලිම් අය සිංහල කඩේකින් බත් කනවා? කාගේද ජාතිවාදය තියෙන්නේ? සිංහල කඳ පනුවෝ වගේ ජාතිය කන්න එපා. කට වහගෙන ඉන්න (නි)
මිනිසා යහමගට ගත යුතු වගකීම් පවරලා තියෙන්නේ ආගමික නායකයන්ටයි. රටක යහපාලනය වගකීම ඇත්තේ ඒ රටේ පාලකයෝ සහ ඒ රටේ පාලක පක්ෂයටයි. මේ දෙකම පිරිහිලා.(නදී)
මෙහෙම වැඩ ගැන ලැජ්ජයි. (නි)
මෝහෙන් මුලාවෙලා මානෙන් උදම්වෙලා තණ්හාව ක්‍රෝධ ද්වේශ පාරේ මිනිසා කොහෙද මේ ... රත්තරන් කෙන්ඩියේ සිංහ තෙල් වගේ මිනිස් ගුණේ සැමදා බැබලේ එය රැකීම අප උරුමේ වේ .... (නි)
රට බෙදන්නේ මුස්ලිම් අය නොව සිංහලයින්මය. ඒ දිනය අත ළගය. (නි)
බලසේනවට කියන්න බැරිද මැද පෙරදිගින් එවන සල්ලි ගන්න එපා කියලා. මමත් අවරුදු 12ක් සව්දි අරාබියේ සේවය කරමින් එවන සල්ලි වලින් මගේ පවුලේ සාමාජිකයන් ජීවත් වෙනවා. ඇයි මෙහෙම ජාතිවාදී ලෙස අපේ සිංහලයන් හැසිරෙන්නේ. මුස්ලිම් අයගේ නිහතමානි සහ සාදරනය නිසා ඒ ය දියුණු වෙනවා. අප ළඟ එහෙම එකක් නැහැ ක්‍රෝදය ,තණ්හාව , පලිගැනීම නිසා අපේ අය එකම ස්ථානයක ඉන්නවා. වෙලන්දාමින්, අධයාපනයෙන් වගේ සියලු දේ වලින් ඉදිරියට සිටීමට හේතුව දේව භක්තිය සහ දෙවියන්ව 5 වතාවක් නැමදීමය. මගේ අවරුදු 12 සව්දි ජීවිතයෙන් මම ලබපු අත්දැකීම් මේවා. එම නිසා කරුනකර අනවශ්‍ය දේවල් අතහැර අපගේ බුද්දාගමට අනුව ජීවන මග හදා ගනිමු.(නදී)
තිසිත්, ඔබ හරි. ගොඩක් අය මේ ප්‍රශ්නේ ඇත්ත දන්නේ කැතිව ඔහේ දගලනවා. චතුරිකා වගේ සිංහලකම කන අය වැඩියි.(නදී)
ශිහාන්, මුස්ලිම් අය සිංහල කඩ වලට අකමැති හලාල් නොමැති නිසයි. (නි)
ගිහාන් ඇත්ත කිවුවහම තද වෙනවා නේද? කොන්ද කෙලින් තියාගෙන හම්බ කරලා මුස්ලිම් මිනිස්සු වගේ දියුණු වෙන්න බලන්න. (නි)
බුද්ධාගමටත් නින්දා වෙන වැඩක්. (නි)
සේපාලට තේරෙන දේවල් ලංකාවෙ අනෙක් අයට තේරෙන්නෙ නැහැනේ. (නි)
හිරිම පුදුමයි අවිහිංසාවාදය වපුරන විදිය... (නි)
සිංහල, දෙමළ, මුස්ලිම් අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ. (නි)
සේපාල නියම සිංහලයෙක්. ඔබට තෙරුවන් සරණයි! (නි)
කහවත්ත ප්‍රදේශයේ අර දරුණු මිනීමැරුම් සිදුවෙද්දී මේ ගල් ගහපු උදවිය හිටියේ ලංකාවේ නෙමෙයිද? (නි)
අනේ ජනතාවනි, අතීතයේදී අපි එක්ව සිටියා වගේ ඇයි දැනුත් එකට සිටින්න බැරි? (නි)
රංජිත්.ඔබ හරියටම හරි
ලංකාව ලෝකයා ඉදිරියේ අසරණ කරන්න එපා (දී)
මේවා නිකන්ම සිද්ධ වෙන දේවල් නෙමෙයි. (නි)
දැන් රටේ බහුතරයක් දෙනා කොන්ක්‍රීට් සංවර්ධනය ගැන කළකිරිලයි ඉන්නේ. (නි)
කෝ දැන් අර ස්ප්‍රීතු කන්ටේනර් ගැන කතා අවසානද? (නි)