IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


පිපාසෙට නළ ළිඳක්

හය මාසයක ගවේෂණයකින් පසු හිරියාලේ හිරිපිටියේ කළුගලක් විද අඩි 206 ගැඹුරේ දී ජල දරයක් මතු කැරගත් බවත් මිනිත්තුවට ලීටර් හාරදහසකට වැඩි ජල ප්‍රමාණයක් ඉන් නිකුත් වන බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණඩලයේ කුරුණෑගල ජල භූ අංශයේ ජ්‍යෙෂ්ඨ ජල භූ විද්‍යාඥ උපුල් වික්‍රමරත්න මහතා කියයි.  සියල්ල නිසි පරිදි සිදුවුවහොත් හිරියාල ජල සැපයුමට මෙම ජල දාරය හා ඒ අසල කැනීමට නියමිත තවත් ළිං ප්‍රයෝජනයට ගැනෙනු ඇත. එහි වතුරේ ස්වභාවය ද හොඳ බවත් එහෙත් තවත් පරීක්ෂණ කැරගෙන යන බවත් වික්‍රමරත්න මහතා පවසයි. ගල මැදින් වතුර මතුවීමත් සමග බොහෝ පිරිස් එහි ඇදී ආහ. ජල හඟයෙන් පීඩා විඳින කුරුණෑගලට ද මේ ජලය බවුසර්වලින් රැගෙන යයි.



අදහස් (0)

පිපාසෙට නළ ළිඳක්

නදුන් Wednesday, 10 October 2012 05:19 PM

ඇහුවට තරහා වෙන්න එපා. කොළඹ සන්නිය වගේ නෙමෙයි නේද? (නි)

:       0       0

චානක Thursday, 11 October 2012 07:04 AM

අර මන්නාරම් මුහුදේ හමු වූ ගෑස් නිදිය වගේද දන්නේ නෑ..(ස)

:       0       0

හසිත Wednesday, 10 October 2012 05:52 PM

හරිම සතුටුයි. (නි)

:       0       0

එස්.එල්.ටී.කේ. Wednesday, 10 October 2012 06:00 PM

කොහෙට හරි වතුර ගෙනියන බටයක් ද දන්නේ නැහැ මේ හිල් කරලD තියෙන්නෙ. වෙන පළාතකට වතුර සැපයීම අඩු වුණාද බැලුවා නම්. (නි)

:       0       0

සෙනරත් Wednesday, 10 October 2012 06:11 PM

මම නම් කියන්නේ දැං ලංකාවෙත් මුහුදු වතුර පිරිසිදු කිරීමට පටන් ගන්න කාලය ඇවිත්..!(නු)

:       0       0

නිශාන්ත Thursday, 11 October 2012 08:18 AM

ඉන්ද්‍රජිත් කියන‍ දේ හරි .මෙම ජල ධාරාව නිසිලෙස කළමණාකරනයට පිටවර ගත යුතුයි. එහෙම උනොත් මේ සතුට හැමදාම බුක්තිවිදින්න පුළුවන් වේවි (ස)

:       0       0

නිමල් Wednesday, 10 October 2012 06:29 PM

පින් සිද්ද වෙන වැඩක්

:       0       0

ෆයිසාල් Wednesday, 10 October 2012 06:42 PM

රට හොඳ උනත් මිනිස්සු හොඳ නෑ (ස)

:       0       0

නිෂු (ලන්ඩන්) Thursday, 11 October 2012 11:44 PM

අනේ ඉතින් මේකත් සල්ලි කරයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

ලක්සිරි Saturday, 13 October 2012 01:17 PM

මෙතන පීඩකයක් මගින් අධික පීඩනයක් යටතේ ළිද පතුලට යොදන නිසා තමයි වතුර උඩට විදින්නේ.. නැතිව ඔතරම් උඩට වතුර උඩට විදින්න විදියක් නැහැ..!(නු)

:       0       0

නිෂු (ලන්ඩන්) Thursday, 11 October 2012 11:55 PM

ෆයිරෝගෙ කතාව සහතික ඇත්ත. මේ ටිකට මෝටරයක් දාලා ඒ වතුර ටිකත් හොරාට අදිනවද දන්නෙ නැහැ. (නි)

:       0       0

නන්දලාල් Wednesday, 10 October 2012 08:00 PM

මම දන්න තරමින් ඉන්ද්‍රජිත් හරි.ඒ කෙරෙහි අවධානය යොමු කිරීම යහපත් (ස)

:       0       0

සුමිත් කුවේට් Thursday, 11 October 2012 10:53 AM

එස්.එල්.ටී.තේ. මහත්තයෝ අඩි 206 යටින් බට දාලා යමලෝකෙට වතුර ගෙනියනවා කියලද ඔයා හිතන්නේ.. හැමදේකම වරදි පැත්ත විතරක් බලන්න එපා..!(නු)

:       0       0

සිරිමාල් Thursday, 11 October 2012 11:07 AM

නියමයි ! සුබ පැතුම් (ස)

:       0       0

ගිතා Thursday, 11 October 2012 11:07 AM

අනේ වාසනාවන් ! මෙහෙම වතුර ලබ්බෙන්නේ චින්තනේ බලයෙන්. දැන්වත් විස්වාස කරන්න! අදහන්න! වාසනාවන්! (ස)

:       0       0

නිලානි දම්මිකා ගුණරත්න - මුන්දලම Wednesday, 10 October 2012 02:44 PM

වටිනා ජල සම්පත වර්තමානයේ පමණක් පරිභෝජනය කර විනාශ නොකර මතු පරපුර උදෙසාද රැක ගැනීම කළ යුතුම වේ.(ස)

:       0       0

සින්ධු Wednesday, 10 October 2012 08:20 PM

හොද විදියට, ප්‍රයෝජනවත් දේකට ගත්තොත් තමයි හොද. (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 10 October 2012 08:20 PM

ඉන්ද්‍රජිත්ගේ පැහැදිලි කිරීමට ස්තූතියි. (නි)

:       0       0

දමිමික Wednesday, 10 October 2012 02:47 PM

අනේ වාසනාවන් (ස)

:       0       0

කුමාර Wednesday, 10 October 2012 02:49 PM

වාසනාව .........වාසනාව ...!(ස)

:       0       0

ෆයිරෝ Wednesday, 10 October 2012 02:51 PM

කියන්න බෑ අපේ මාමලා ගැන‍ , යටින් මෝටරයක් දාලද දන්නේ නෑ (ස)

:       0       0

වරුණ Wednesday, 10 October 2012 02:46 PM

මනුෂ්‍ය වටිනාකම දන්නා පිරිසක්

:       0       0

ලලිත් Wednesday, 10 October 2012 08:40 PM

සිතට සැනසීමක්. පිපාසයට දිය බිදුවක්. (නි)

:       0       0

සුමිත් Wednesday, 10 October 2012 08:35 PM

වාසනාවන්! (නි)

:       0       0

නිරාන් Wednesday, 10 October 2012 02:56 PM

මේ නිසා තමයි ලෝකේ උතුම්ම රට ලංකාව කියන්නේ (ස)

:       0       0

අසල්වැසියා Saturday, 13 October 2012 11:00 PM

හිරිපිටියෙ අයෙක් කියන කතාව හරි.. තාම ඉඩමේ අයිතිකරුවත් දන්නේ නැතිලු මොකද උනේ කියලා.. අනේ මන්දා එක්කෙනෙකුට රස අනෙකාට වස කියනවානේ..!(නු)

:       0       0

ගුණරත්න Wednesday, 10 October 2012 03:01 PM

වාසනාවන් (ස)

:       0       0

ලුම්බිණි Wednesday, 10 October 2012 03:02 PM

මෙතන කළුගල් පර්වතයක් නම් නැහැ. ඒ උනත් පොලොව යට තියෙන වතුර සීමා සහිත ප්‍රමාණයක්. ප්‍රවේශමෙන් ප්‍රයෝජනවත් විදියට පාවිච්චියට ගන්න විදියට හැදුවොත් ලොකු දෙයක්. (ස)

:       0       0

ගුණරත්න Wednesday, 10 October 2012 03:06 PM

අනේ කුරුණෑගලට වාසනාවන් (ස)

:       0       0

ප්‍රියන්ත Wednesday, 10 October 2012 03:06 PM

මෙහෙම මතු උනා කියන්නේ තව තැනකට වතුර නැති වුණා කියන එකයි (ස)

:       0       0

සේනානායක Wednesday, 10 October 2012 03:17 PM

බොහොම හොඳයි , ඒත් ඉහාගෙන කන දේ පිහාගෙන නොකා අර පරිස්සමින් පාවිච්චි කරන්න (ස)

:       0       0

දයා, සෞදියේ සිට Wednesday, 10 October 2012 03:13 PM

පොලවේ තියෙන වතුර ටිකත් ගොඩට ඇදලා ඉවරකරයිද කියලත් කියන්න බෑ (ස)

:       0       0

ඇන්ඩි Wednesday, 10 October 2012 11:36 PM

වංශය කබල් ගාන කට්ටිය අවදි වෙලා හැඩයි. (නි)

:       0       0

සංජි Wednesday, 10 October 2012 03:44 PM

අපේ මව් භූමියේ වටිනාකම දැක්කද ? ලෝකෙන් උතුම් රට ලංකාවයි (ස)

:       0       0

කුමාර Wednesday, 10 October 2012 11:45 PM

ආසියාවේ ආශ්චර්යය, ඇතුගල් පුරයෙන්... (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 10 October 2012 03:48 PM

මේ අධික පීඩනයක් යටතේ ඉහලට එන්නේ භූමියේ මීට ආසන්නතම ඉහල මට්ටම් වල පාෂාණ සතර අතරේ කාලාන්තරයක් තිස්සේ රැඳවී පැවැති සංචිත ජලයයි. මේවා මෙහෙම හැමදාම ගොජ දමමින් ගලායන්නේ නැහැ. තැඹිලි ගෙඩිය හිල් කරපුවාම වගේ තමා. මේ සංචිත පිරිමහගෙන පාවිච්චි කරන්න දැනුවත් කරනවා මිස මහා නොනවතින නිධානයක් පහල වීමක් හැටියට සලකා නාස්ති කරන්න අනුබල දීම අයහපත් දෙයක්. අනික් කාරණේ, පාෂාණ සතර අතර පැවැති ද්‍රවස්ථීතික පීඩනය මෙසේ අඩු වත්ම භූමියේ ස්ථාවර බව බිඳ වැටීමට සුළු ඉඩකඩකුත් පවතිනවා. මේ සියල්ල අඩංගු වුනොත් තමා මේ පුවත සම්පූර්ණ වන්නේ. කෙසේ වුනත් මෙය ජනතාවගේ යහපතට යෙදවෙවා කියා පතමු. (ස)

:       0       0

අමීෂා Wednesday, 10 October 2012 11:58 PM

ලක් දෙරණට වාසනාවන්, කුරුණෑගලින්. (නි)

:       0       0

තුල්සි Wednesday, 10 October 2012 03:52 PM

"නිරාන් මේ නිසා තමයි ලෝකේ උතුම්ම රට ලංකාව කියන්නේ" 'මේ නිසා' කියන්නේ.., අධික පෑවිල්ල හේතුවෙන් ඇති වූ ජල හිඟය දුරලන්න මිහිකත සතුව පරිස්සමට තියාගෙන හිටි දේවල් පවා හූරගෙන කන්න බොන්න සිදු වීම නිසාද? (ස)

:       0       0

සමන්ත Wednesday, 10 October 2012 04:06 PM

අපේ ලිංවල වතුර අඩුවෙන්නේ මේ නිසානෙ..!(නු)

:       0       0

ශිෆ්රාන් Wednesday, 10 October 2012 04:12 PM

අන්තිම බිංදුව ලංකාවට (ස)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Wednesday, 10 October 2012 04:26 PM

ගොඩක් සතුටුයි. අහිංසක සත්තූන්ට ප්‍රයෝජණය පිණිසත් යම් ක්‍රියා මාර්ගයක් ගත්තොත් නේද හොද...? (ස)

:       0       0

වජිර Thursday, 11 October 2012 01:14 AM

ඉන්ද්‍රජිත්ගේ අදහස ගොඩක් වටිනවා. (නි)

:       0       0

මුතු Wednesday, 10 October 2012 04:33 PM

සමහරවිට අහලපහල ජලාශවලට බලපෑමි ඇතිවීමට පුලුවන් .ඒසේ නොවීමට කටයුතු කරන්නේ නම් ඉතා හොදයි. (ස)

:       0       0

නිශාන්ත Wednesday, 10 October 2012 04:46 PM

මේ කරන්නෙ එතරම් හොද වැඩක් නෙමෙයි. ස්භාව ධර්මය සගවාගෙන සිටින දේවල් බලෙන් උදුරා ගන්න හොද නැහැ.. මේවාගේ ප්‍රතිවිපාක අනාගතයේ දවසක විදින්න වෙයි..!(නු)

:       0       0

මනම්පේරි Friday, 12 October 2012 09:30 AM

රටේ තියෙන වනාන්තර ජුන්ඩත් කපලා විකුණා ගන්නවා වගේ පොළව යට තියෙන ගල් ජුන්ඩත් කඩලා විකුණා ගත්තොත් මොනද වෙන්නේ? (නි)

:       0       0

කුමාර Wednesday, 10 October 2012 04:46 PM

අපේ මිනිසුන් හරි හදිසි කාරයොනේ.. ඉස්සරත් ඔහොම නළ ලිං හෑරුවා ටම මතකයි.. ඒවගෙමුත් ඔහොම ආවා.. අනේ ඒ වගේ දැං හුලං එන්නෙ.. සමහර ඒවගේ කටේ තියන්න බැහැ කිව්ල් රහයි.. මේකත් එහෙම වෙන්න බැරි නැහැ.. කුරුණෑගල හුණුගල් තට්ටුවක් තියෙනවා ඒ පැත්තේ..!(නු)

:       0       0

හිරිපිටියේ අයෙක් Wednesday, 10 October 2012 05:08 PM

දැක්කම ආස හිතෙනවා. වාසනාවන්! කුරුණෑගල හිරිපිටිය ප්‍රධාන මාර්ගය අසළ හිරිපිටිය වැව් ඉස්මත්තේ වෙල් යාය... දැක්කම ගමේ යන්න හිතුණා. ගිය මාසේ ගියාම ගමේ හැමෝම හූල්ල හූල්ලා හිටියේ වැස්ස නැහැ කියලා. ඊයෙ නම් වැස්සලු. අද මෙහෙම වෙලා. ගෙදරට කතා කළා. තාම ඒ අයවත් දන්නේ නැහැ. ඉන්ටනෙට් මැජික් එකක් නම් නොවේවා! (නි)

:       0       0

උපුල් Wednesday, 10 October 2012 05:11 PM

ඉන්ද්‍රජිත් කියන කතාව හරියටම හරි. මේක මහා මෝඩම මෝඩ වැඩක්. වැස්සක් වැසසහම හිදුන වැවක් පිරුණාට, භූගත ජලය එහෙම වැඩි වෙන්නේ නැහැ. අපි පාවිච්චි කරලා ඉවර කළොත් ආයෙත් ඇති වෙන්න බොහොම කාලයක් ගත වෙනවා. හරියට තෙල් නිධියක් ඇති වෙනවා වගේ. දැන් පුත්තලම පැත්තේ නළ ලිං හදලං හදලම භූගත ජලය නැති වෙලා තියෙන්නේ. කුරුණෑගලටත් මෙයාලා ඒ ටිකම තමයි මේ කරන්නේ. රටකට ප්‍රතිපත්ති තීරණ ගන්න බුද්ධිමත් පාලකයන් වගේම ජල කළමනාකරණ පනතක් ඕනෑ කියන්නේ, මෙන්න මේ වගේ මෝඩ වැඩ නවත්වලා අනාගතය වෙනුවෙන් ජලය සුරක්ෂිත කරන්න. එත් අපේ රට කවදා මේවා ඉගෙන ගනියි ද ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 42 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 228 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 1102 0

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි
2024 ඔක්තෝබර් මස 10 167 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී


රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 2879 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


කණ්ඩලම වැව් ඉස්මත්තේ වන සංහාරයක්
2024 ඔක්තෝබර් මස 10 341 0

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39677 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25800 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 369 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1222 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site