IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


පෙම් ජවනිකා Hit වුණේ රොෂාන් දුන්න support එකෙන්

2016-11-26-ent-08

නිරූපණ ශිල්පිනියක් හා රූපවාහිනී වෙළඳ දැන්වීම් හරහා ඔබට සමීප ටනාෂා මේ දිනවල ජනප්‍රිය වෙලා ඉන්නේ රිදී තිරය හරහා. ඒ මේ දිනවල තිරගත වන නලීන් රාජපක්ෂගේ "රන් දේදුන්නක්" චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතයක් සමඟ. හදසර මේ කතා බහ සිනමාවට පෑයූ රැවැත්තිය ටනාෂා හතරසිංහ සමඟ.

 

රන් දේදුන්නක් චිත‍්‍රපටය සඳහා ලැබෙන ප්‍රතිචාර කොහොමද?

2016-11-26-ent-11ඇත්තටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම ටිකක් බයෙන් හිටියේ මේ මගේ පළමු සිනමා රංගනය නිසා. නමුත් මම හිතුවට වඩා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ චිත්‍රපටය බලපු කලා ක්ෂේත්‍රයේ අයගෙන් වගේම ප්‍රේක්ෂකයින්ගෙන්.

 

මේ අවස්ථාව ඔබට ලැබුණේ කොහොමද?

රොෂාන් අයියා තමයි රන් දේදුන්නක් චිත‍්‍රපටයේ අධ්‍යක්ෂ නලීන් රාජපක්ෂ අයියාට මාව හඳුන්වලා දුන්නේ. ඒ හරහා තමා මට මේ අවස්ථාව ලැබුණේ.

 

අද මොකද හිතෙන්නේ ඒ ගැන?

මම ඇත්තටම වාසනාවන්තයි කියලා හිතෙනවා. මොකද පළමු චිත්‍රපටයෙන්ම මට ප්‍රධාන චරිතයක් ලැබුණේ. ඒ වගේම මම අසාවෙන් හිටපු චරිතයක් මට කරන්න ලැබුණෙත්. ඉතින් ඇත්තටම සතුටුයි ඒ ගැන හිතද්දීත්.

 

අපි පාසැල් කාලය ගැනත් මතක් කරමු

ඔව්, මම සාමාන්‍ය පෙළ දක්වා ගියේ කොල්ලුපිටියේ සෙන් ඇන්තනීස් විද්‍යාලයට ඊට පස්සේ උසස් පෙළ දක්වා නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයට ගියා.

 

පවුලේ විස්තර?

මට නංගිලා තුන්දෙනෙක් ඉන්නවා. ඒ තුන්දෙනයි අම්මයි තාත්තයි මමයි තමා පවුලේ ඉන්නේ. මගේ අම්මා තමා මගේ හෙවනැල්ල වගේ මගෙත් එක්කම ඉන්නේ.

 

පාසැල් කාලෙත් කලාවට සම්බන්ධයිද?

එහෙම ලොකුවට මම පාසැලේ කලා කටයුතුවලට නම් සම්බන්ධවෙලා නැහැ. නමුත් පාසැල් කාලෙදිත් මම වෙළඳ දැන්වීම්වලට සම්බන්ධවෙලා හිටියා.

 

ටනාෂා නිරූපණ ශිල්පිනියක් විදියට ක්ෂේත්‍රයට අාෙව් කොහොමද?

මම දෙරණ මිස් ශ්‍රී ලංකා තරගයෙන් දෙවැනි තැන ලබාගත්තා. ඊට පස්සේ තමයි මම මිස් ග්ලෝබ් තරගයට ඉදිරිපත් වුණෙත්. ඒ අතරවාරයේදී රූපවාහිනී දැන්වීම් මෙන්ම මියුසික් වීඩියෝ සඳහා දායක වුණා. එහෙම තමා ආරම්භය.

 

ගෙදරින් කැමැති වුණාද නිරූපණ ක්ෂේත්‍රයට එනවට?

ඔව් ගෙදරින් කැමැත්තක් තිබ්බා. මගෙත් පුංචි කාලේ ඉඳන් කැමැත්ත තිබ්බේ නිරූපණ ක්ෂේත්‍රයට නිසා. ගෙදරින් මට උපරිම සහයෝගය ලබාදුන්නා.

 

මුල්ම රංගනය පුංචි තිරයට නේද?

ඔව්, මම දෙරණ නාලිකාවෙන්ම කරපු "තිමිරගිර" ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑවා.

 

වැඩිපුර කැමති සිනමාවටද? පුංචි තිරයටද?

සිනමාවට තමා වැඩිපුර කැමති.

 

රංගනය නිසා නිරූපණය අත්හරියිද?

නැහැ. මම සිනමා රංගනයට වගේම නිරූපණයටත් කැමැතියි. ඒ නිසා මේ රංගනය වගේම නිරූපණ කටයුතුත් දිගටම කරනවා.

 

ඔබේ ඉදිරි නිර්මාණ මොනවාද?

මොහාන් නියාස්ගේ ‘බඹර වසන්තය’ සහ චන්න පෙරේරාගේ ‘පුංචි වීරයෝ’ රඟපෑවා. මේ චිත්‍රපටවල නම් වැඩ කටයුතු අවසන් ඉදිරියේදී තිරගතවෙයි.

 

ඒ හැරැණාම අලුත් නිර්මාණ ලැබුණාද?

ඔව් නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබුණා. ඒ අතර එක නිර්මාණයක නම් රූගත කිරීම් ළඟදීම ආරම්භ වෙන්න තියෙනවා.

 

කොහොමද ටනාෂා චරිත තෝරා ගන්නේ?

මුලින්ම මම පිටපත තමා බලන්නේ. ඒ අනුව නිකම්ම තිරයේ දකින පෙම්වතියකට එහා ගිය, යමක් කරන්නට පුළුවන් චරිතයක් නම් මම භාර ගන්නවා.

 

කට කතා ගැන අදහස?

අපි ඉන්න ක්ෂේත්‍රය ගැන අපි මොකක්ද කරන්නේ සහ කළයුතු මොකක් ද කියලා හරි හැටි අවබෝධයකින් කරනවා නම්, කට කතා ගැන ඒ තරම් හිතන්න ඕනේ නැහැ. මොකද අපි දැන ගන්න ඕනේ ඕනෙම ක්ෂේත්‍රයක ඉන්න.

 

කොහොමද රොෂාන්ගෙන් ලැබුණු සහයෝගය?

ගොඩක් හොඳ සහයෝගයක් ලැබුණා. රොෂාන් කියන්නේ සිනමාවේ අත්දැකීම් බහුල කෙනෙක්. ඉතින් මට එයාගෙන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තිබ්බා. මට පෙම් ජවනිකා කරන්න තිබ්බේ රොෂාන් එක්ක. ඉතින් නිර්මාණය ලස්සන වෙන්න කරන්න ඕනේ ගොඩක් දේවල් කතා කරන්න ඕනේ විදිය එහෙම කියලා දුන්නා.

 

තිරයේදී පෙම්වතා ගැන කිව්වා වගේම සැබෑ ජීවිතේ පෙම්වතා ගැනත් කියමු

හ්ම්ම් මම ඉදිරියේ දවසක කියන්නම්

 

එයා කලා ක්ෂේත්‍රයේම කෙනෙක්ද?

හ්ම්... ඒ ගැනත් පස්සේ කියන්නම්කෝ

 

අනාගත බලාපොරොත්තු?

සිනමාවෙන් වගේම නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න. මට ඕනේ ටනාෂා හතරසිංහ කියන නමට මේ ක්ෂේත්‍රයන් තුළ ස්ථාවරත්වයක් හදාගන්න.

 

අවසාන වශයෙන් කියන්න යමක් ඇති?

ඔව්, විශේෂයෙන්ම මම හදසර අවස්ථාවක් කරගන්නවා ස්තූතීවන්ත වෙන්න නලීන් රාජපක්ෂ අයියා ඇතුළු මා එක්ක රංගන දායකත්වය ලබා දුන් සියලු දෙනාට සහ මට මේ තරම් දුර එන්න සහය ලබා දුන්නු මගේ පවුලේ සියලු දෙනාටම.

 

නීෂා

සේයාරූ - සුමුදු හේවාපතිරණ

 

2016-11-26-ent-10
2016-11-26-ent-09



අදහස් (0)

පෙම් ජවනිකා Hit වුණේ රොෂාන් දුන්න support එකෙන්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1600 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 507 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 187 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 279 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 131 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 87 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39994 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25943 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 222 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 403 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1299 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site