ඉන්දියාවේ සරණාගත කඳවුරු වල වෙසෙන ලාංකික සරණගතයෝ 150 දෙනෙක් කේරළයේ කොල්ලම් වෙරළ තීරයේ දී අද (04) එරට පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබූහ. ඉන්දියා රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ පහ බැගින් ගෙවා මුහුදු මගින් ඔවුන් ඕස්ටේ‍්‍රලියාවට පනින්නට හැදු බව ඉන්දියාව කියයි. මෙලෙස අත් අඩංගුවට ගනු ලැබුවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ සරණාගත කඳවුරු වල වෙසෙන ලාංකික සරණගතයින් පිරිසකි. අත් අඩංගුවට පත්වූවන් අතර ලාංකික කාන්තාවන් 19 දෙනකු හා ළමුන් 22 දෙනකු සිටින්නේ යැයි එම තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී. මොවුන්ගෙන් එක් අයකු ඡාවාරම්කරුට ඉන්දිය රුපියල් ලක්ෂය හා ලක්ෂ පහ බැගින් මුදල් ලබාදි ඇතැයි පැවසේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියල්ලම ලංකාවට ගේන්න... මේක අපේ රටට ලැජ්ජාවක්...
නීති විරෝධී දේ කිරීම හොඳ නැත.