සිය ඉන්දියා ජාතික පෙම්වතා 2010දී දෙකොණ බර යෙදූ යටියකින් ගසා මරා දැමූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකට සිංගප්පූරු මහාධිකරණය දස වසරක සිර දඩුවම් නියම කළේය.
2007 දී මේ දෙදෙනා දැන හඳුනාගෙන ඇති බවත්, පෙම්වතා වන මුරුගයියා සෙල්වම් (32) 1998 වැඩට ආ බවත්, පෙම්වතිය කෝනේෂ්වරී තාමරලිංගම් (දැන් 34) 2004 වැඩට ආ බවත් ඉන්දියාවේ සිදුවන තමාගේ මගුලට සූදානම් වීම සඳහා මුදල් ගැනීමට හාම්පුතාගේ චෙප්පොත ඉල්ලා ඇති බවත් නඩුවේදී කියැවිණි.
කෝනේෂ්වරීගේ සැමියා හා දරුවන් ශ්‍රී ලංකාවේ ජීවත් වන බව ද, ඇය මුදල් ගැනීමට හා සල්ලාල කම් සදහා යොදා ගන්නට තැත් කළ බවත්, දෙදෙනා අතර ඇතිවූ ගැටුමෙන් පසු කෝනේෂ්වරී කිලෝ 5.6ක් බර යටියෙන් ඔහුට පහර දී ඇති බවත් වාර්තා වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැඳලා ඉන්න මිනිහ ලංකාවේ ඉන්දැද්දී මැරුණු කෙනා පෙම්වතා නෙමෙයි වෙන නමකින් හැදින්වූවා නම් තමයි හොද. (නි)
කෝ පම්පෝරිලා? 450 කියවලත් අදහසක් නැහැ. (නි)
ගල්ෆ් වලත් කොන්ත්‍රාත් ක්‍රමයට තාවකාලික කසාද බැඳපු අය වැහි වැහැලා. (නි)
සිංගප්පූරුවෙ සිංහල නංගිලත් එහෙම තමයි. මුලින්ම ලංකාවේ අයියා කෙනෙක් එක්ක, ඊලගට බංගලිදේශ හරි ඉන්දියන් හරි මල්ලි කෙනෙක් එක්ක, ඊලගට ඕනෑ කෙනෙක් එක්ක. ඒ නිසා ගෘහසේවයට ගෑනුන්ව යවන්න එපා. එහෙටම නාකිවෙලා ජීවිතේ නැතිවෙනවා (නි)
අද හෙටම සිංගප්පූරුවට සරියා නිතිය එයිද දන්නේ නැහැ.(නදී)
සරත් දන්නා දේවල්...(ස)
දෙමල ඩයස් පෝරුවේ මේ ගැන දරන අදහස මොකක්ද දන්නේ නැහැ. කෝනේෂ්වරී එල්.ටී.ටී සාමාජිකාවක්ද කියලා සොයා බැලිය යුතුයි.(නදී)
කමල් - ද්‍රවිඩ ජාතිකයෙක් වෙරදී කළා නම් ත්‍රස්තවාදී ? තම්බියෙක් කරා නම් ජාතිවාදිය? එතකොට හැමදාම ලංකාවේ අහිංසක සිංහල බෞද්ධයා අය අතින් වෙන මිනීමැරුම්? (නදී)
ලාංකිකයන් හැටියට හිතන්න පුරුදු වෙන්න, ජාති වාදය පතුරවන්නේ නැතුව. (නි)
මෙන්න ගෘහ සේවිකාවන් කියල රට යවන සමහර අයගෙන් රටට ලැබෙන කීර්තිනාමය... කෙසේවෙතත් ජීවිතයක් නැති කිරීම ලොකු වරදක්.(ස)
ඔය වගේම සෞදි වලත් වෙනවා. අහුවුණහම කියන්නේ බුදුන් වදින්න ගිහින් අහුවුණා කියලා. අපේ මිනිස්සු ගැන ඉතින් කියන්න ඕනෑ නැහැ නේ. මේ වැඩ හින්දා රටේ නම ඉවරයි. (නි)