IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


පෙම්වතාගේ චරිතය තාම ලැබෙනවා

2016-11-27-ent-122

සිනමාව, ටෙලිනාට්‍යය මෙන්ම වේදිකාවේ ද සිය රංගන ප‍්‍රතිභාවන් එළිදක්වමින් කලා ක්ෂේත‍්‍රය ඒකාලෝක කළ රංගන ශිල්පියෙක් තමයි රොෂාන් පිලපිටිය.

පේ‍්‍රක්ෂක හදවත්වල ලැඟුම්ගත් චරිත ඉදිරිපත් කරමින් චරිතාංග නළුවෙක් ලෙස ක්ෂේත‍්‍රයේ ඉදිරියටම ගිය ඔහු වැඩි කතා බහකට ලක් වූ චරිතයක්. පිට පිටම ජනප‍්‍රිය රංගන ශිල්පියා වශයෙන් හය වතාවක් සම්මානයට පාත‍්‍රවීමට ද රොෂාන්ට හැකියාව ලැබුණේ ඔහුගේ කඩවසම් රුව සහ විශිෂ්ට රංගන කුසලතාවන් නිසාමයි.

මේ දිනවල ඉහළ ප‍්‍රතිචාර මැද දිවෙන ‘‘සිදු’’ ටෙලිනාට්‍යයට දායක වන ඔහු සමඟ ඒ නාට්‍ය පිළිබඳවත් ඔහුගේ කලා දිවියේ නව තොරතුරුත් කතා කරන්නට මෙවර සඳැල්ලෙන් ඉඩක් වෙන් කරන්න හිතුවා.

 

රොෂාන් මේ දවස්වල කලා කටයුතු සිද්ධ වෙන්නෙ කොහොමද?

2016-11-27-ent-123මේ දවස්වල දෙරණ නාළිකාවෙ විකාශය වන ‘‘සිදු’’ ටෙලිනාට්‍යයටත්, ‘‘ආදරේ සුවඳ දැනුණා’’ නාට්‍යයටත්, සම්බන්ධ වෙලා ඉන්නවා. ඉදිරියේදී ‘‘සල් සපුනා’’ නාට්‍යයෙත් දකින්න ඉන්නවා. ඒ දේවල් එක්කම තුසිත ද සිල්වාගෙ ‘‘මන්දාරම්පුර’’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් අවසන් කළා. ඒ වගේම තවත් නිර්මාණ කිහිපයක් ඉදිරියේදී එන්න තියෙනවා. ඒවා තමයි සිද්ධ වෙන්නෙ.

 

මේ දවස්වල ‘‘සිදු’’ නාට්‍යයෙ රොෂාන්ගෙ චරිතයට ඉහළ ප‍්‍රතිචාර ලැබෙනවා නේද?

ඇත්තටම ‘‘සිදු’’ නාට්‍යය මේ කාලෙ ජනප‍්‍රියම නාට්‍යය බවට පත්වෙලා තියෙනවා. විශේෂයෙන්ම කුඩා දරුවන්ගෙ රඟපෑම් නිසා තමයි වැඩි ආකර්ෂණයක් ලැබිලා තියෙන්නෙ. ඒ සමඟම මේ කතා තේමාවත් ජනප‍්‍රියත්වයට හේතුවක්.

 

‘‘සිදු’’ සඳහා ඔබට ආරාධනා ලැබෙන්නෙ කොහොමද?

එහි අධ්‍යක්ෂක සහ නිෂ්පාදක තමයි මට මේ සඳහා කතා කළේ ඇත්තටම මේ කතාවටත් මට ආසා හිතුණා. ඒ නිසා පැකිලීමකින් තොරවම චරිතෙ භාරගත්තා.

 

රොෂාන් පිලපිටිය දැන් පෙම්වතාගෙ චරිතෙන් මිදිල ද?

එහෙම නෑ ලැබෙන හැම චරිතයක්ම කරනවා. තවම පෙම්වතාගෙ චරිතයෙන් මිදිලා නෑ. ‘‘ආදරේ සුවඳ දැනුණා’’ නාට්‍යයේ පෙම්වතාගෙ චරිතය රඟපාන්නෙ. මම මුල් කාලෙ ඉඳන්ම එකම රාමුවකට කොටුවුනේ නෑ. විවිධ චරිතවලට ගිහින් තියෙනවා.

 

වේදිකාවෙ වැඩ කොහොමද?

වේදිකාවෙ මේ දවස්වල දිගටම සම්බන්ධවෙලා ඉන්නවා. ඒ වගේම ඒ නාට්‍යය ලංකාව වටේම දුවනවා. සිකුරාදා, සෙනසුරාදා දවස් දිගටම වෙන්කරලා තියෙන්නෙ ‘‘බල්ලොත් එක්ක බෑ’’ සහ ‘‘අලූත් හොරෙක් ඕනෑ’’ නාට්‍යය දෙකට ඉතින් ඒ නාට්‍යත් එක්ක අපි ලංකාව වටේම යනවා.

 

වැඩිපුර වැඩ කරන්න පහසු වේදිකාවෙද? පුංචි තිරයෙද?

එහෙම විශේෂයක් නෑ. ලැබෙන හැම නිර්මාණයක්ම මම මට පුළුවන් උපරිමෙ කරගෙන යනවා. චිත‍්‍රපට, ටෙලිනාට්‍ය, වේදිකා නාට්‍යය කියලා වෙනසක් නෑ.

ඒ ඕනෑම නිර්මාණයක් මම තෝරාබේරාගෙන තමයි භාරගන්නෙ.

 

වේදිකාවෙන් ලැබුණු අද්දැකීම් කොහොමද?

ඇත්තටම ඒක හැමෝම අහන ප‍්‍රශ්නයක්, නමුත් ඉතින් ඕනෑම දේකින් අපේ ජීවිතවලට අද්දැකීම් ලැබෙනවා. වේදිකාවෙන් කියලා විශේෂ දෙයක් නෑ. අපි කොහේ ගියත්, හැම තැනකදීම, හැම මොහොතෙම හැම තත්ත්පරේකම ජීවිතේට අද්දැකීම් තමයි ලැබෙන්නෙ.

 

ඔබ ටික කාලයක් පේන්න හිටියෙ නෑ නේද?

මම අවුරුදු 30 ක් පුරාවට ක්ෂේත‍්‍රයෙ ඉන්නවා. අපි සම්බන්ධ වෙන නිර්මාණ එක ළඟ විකාශය වෙද්දි හිතනවා අපි වැඩ කරනවා කියලා. නැත්නම් නෑ. අපි කරන සමහර නාට්‍යය විකාශය වෙන්න අවුරුද්දක්, දෙකක් තුනක් වගේ කාලයක් ගත වෙනවා. ඒ නිසා තමයි අපිව පේන්නෙ නෑ වගේ හිතෙන්නෙ. නැත්නම් මම ක්ෂේත‍්‍රයේ හිටියෙ නැත්තෙ නෑ. හැම කාලෙකම වගේ වැඩ කටයුතු කරගෙන ගියා.

 

දැන් විකාශය වන ටෙලිනාට්‍ය ගැන මොකද හිතෙන්නෙ? සමහරු දර්ශන තලයට ඇවිල්ලා තිර පිටපත ලියනවා කියනවා. ඒ වගේ දේවල් ඇත්තටම සිදුවෙනවද?

මම සම්බන්ධ වෙලා ඉන්න එක නාට්‍යකවත් ඒ වගේ දේවල් සිදුවෙන්නෙ නෑ. නමුත් යම් යම් ගැටලූ කාරණා තියෙනවා. ටෙලිනාට්‍යය ක්ෂේත‍්‍රයේ සහ සියලූම ක්ෂේත‍්‍රවල. ඉතින් ඒ සඳහා ජාතික ප‍්‍රතිපත්තියක අවශ්‍යතාවය අනිවාර්යයි. ඒ දේ මම හිතනවා මේ ආණ්ඩුවෙන් හරි කරයි කියලා. මුද්‍රිත මාධ්‍යයට, විද්‍යුත් මාධ්‍යයට මේ සියලූම දේවල්වලට ජාතික ප‍්‍රතිපත්තියක අවශ්‍යතාවය දැඩි ලෙස පවතිනවා. ඒ දේවල් නිසි ලෙස සිදුවුණොත් හොඳයි කියලා හිතෙනවා.

 

ජනප‍්‍රිය නළු නිළියො රියැලිටි වැඩ සටහන්වලට සම්බන්ධවෙලා ඉන්නවනෙ. රොෂාන්ට ඒ සඳහා ආරාධනා ලැබුණ ද?

නාළිකා දෙකක මේ වැඩසටහන් පැවැත්වෙනවා. ඒ දෙකෙන්ම මට ආරාධනා ලැබුණා. නමුත් සහභාගි වුණේ නම් නෑ. මම ඒකෙ වරදක් දකින්නෙ නෑ. නමුත් මම සහභාගි නොවුනෙ එකක් තමයි කාලය පිළිබඳ ප‍්‍රශ්නය. ඒ වගේම මම කියන්නෙ ඒ වැඩසටහන් වරදක් කියනවට වඩා මම ආසයි තරුණ තරුණියන්ගෙ දක්ෂතා බලන්න. මම රසිකයෙක් විදියට තරුණ පරම්පරාවෙ සහෝදර නළු නිළියන්ගෙ රංගනයන්, නර්තනයන්, ගායනයන් දකින්න කැමතියි. මේ වැඩසටහන් යෞවනයන්ට හොඳ තෝතැන්නක්

ඒ සඳහා යන අය දැනගන්න ඕනෑ ඒක තමුන්ට ගැළපෙනවද? නැද්ද කියන දේ. ඒ ගැන පෞද්ගලිකව මම මොකුත් කියන්නෙ නෑ.

 

ජනප‍්‍රියම නළුවා සම්මානය රොෂාන්ට කී වතාවක් ලැබුණ ද?

මට හය වතාවක් ලැබිලා තියෙනවා.

 

ඉදිරියට ඒ සම්මාන ගැන බලාපොරොත්තුවක් නැද්ද?

එහෙම සම්මාන කවුරුත් බලාපොරොත්තු වෙන්නෙ නෑ. සම්මාන බලාපොරොත්තුවකින් නිර්මාණවලට සම්බන්ධ වෙන කවුරුත් ඉන්නවා කියලා මම හිතන්නෙ නෑ. මේ මොහොතෙ නම් සම්මානවලට වඩා ජාතික ප‍්‍රතිපත්තියක අවශ්‍යතාවය තමයි අවශ්‍ය වෙන්නෙ. නැත්නම් ඉදිරියට අපිට දකින්න වෙන්නෙ නාළිකාවලින් නයි, පොළොංගු වගේ සර්පයො තමයි.

 

රොෂාන් කලා ක්ෂේත‍්‍රයෙන් ලබාගත් අද්දැකීම් එක්ක ක්ෂේත‍්‍රය වෙනුවෙන් මොනවත් කරන්න අදහසක් නැද්ද?

මගෙ කාර්ය රංගනය පමණයි. ඒ නිසා වෙන දෙයක් ගැන හිතලා නෑ.

 

එතකොට රොෂාන් තවම විවාහය ගැන හිතලා නැද්ද?

එහෙම නෑ. විවාහ විය යුතුමද? නැද්ද? කියන දේ ඉදිරියෙදි බලන්න ඕනෑ. දැන්නම් මගෙ වැඩ කටයුතු කරගෙන සතුටින් ඉන්නවා.

 

දැන් පෙම්වතෙක්ද?

ඉදිරියෙදි බලමු. එහෙම වුණොත් කියන්නම්. පෞද්ගලිකව ලොකු දේවල් මගෙ ජීවිතේ බලාපොරොත්තුවක් නෑ.

 

කලාව වෙනුවෙන් ඉදිරි බලාපොරොත්තුත් නැද්ද?

මම කලා රසිකයෙක් හැටියට මීට වඩා කලාව හොඳ තැනකට ගේන නිශ්චිත වැඩපිළිවෙලක් සිද්ධවෙයි කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒක මගෙ පැත්තෙන් විතරක් නෙමෙයි. රසික රසිකාවියන්ගෙ පැත්තෙන් සමස්ත දේශයක් විදිහට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වෙනුවෙන් නිශ්චිත වැඩපිළිවෙලක් ඇවිල්ලා වේදිකාවෙ, සිනමාවෙ හැමදේකම අර්බුද නැතිවෙලා කලාවෙ ඉදිරිය වෙනුවෙන් හොඳ දෙයක් සිදුවෙයි කියලා හිතනවා. ඒක කොළ පාට, රතුපාට, කහ පාට මාරු වෙනකොට මාරු වෙන්නැති නිශ්චිත මාර්ග නීති වගේම ආණ්ඩු මාරු වුණත් නිශ්චිතව පවතින ජාතික ප‍්‍රතිපත්තියක් කලාව සඳහා සිදුවෙයි කියන දේ තමයි මගෙ හිතේ තියෙන්නෙ. මම මැරෙන්න කළින් හොඳ දෙයක් සිදුවෙනවා දකින්න කැමතියි.

 

රොෂාන් නළු ජීවිතේ ගැන තෘප්තිමත්ද?

මම මුළු ජීවිතය ගැනම තෘප්තිමත්, මගේ ජීවිතේ නළුකමත් නෙමෙයි. කිසිම දෙයක් නෙමෙයි. ජීවිතේ සතුටින් ඉන්න මම කැමතියි. ඉතින් ජීවිතේ සම්බන්ධව මම තෘප්තිමත්

 

ධනු විජේරත්න

 

2016-11-27-ent-121



අදහස් (0)

පෙම්වතාගේ චරිතය තාම ලැබෙනවා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1654 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 730 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 245 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 347 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 157 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 106 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40001 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25943 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 227 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 403 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1302 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site