එංගලන්තයේ ඩර්බි ප්‍රදේශයේ ගේ ගිනි තබා තම දරුවන් 17 දෙනාගෙන් හය දෙනකු මරා දැමීයැයි මයික් පොල්පොට් (56), ඔහුගේ බිරියක මේරි ඇඩ් (31) හා මිතුරකු වූ පෝල් මෝස්ලි (46) අනියම් මිනී මැරීමට වරදකරුවන් කරමින් ලන්ඩන් උසාවියක් තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
මයික් එම ගෙට ගිනි තබා ඇත්තේ ඔහු හැර ගිය පෙම්වතිය ඊට අසු කිරීම සඳහාය.
මෙම ඝාතන දුෂ්ට, කාලකන්නි හා ලජ්ජා සහගත ක්‍රියා යැයි උසාවිය ප්‍රකාශ කළේය.
ගැහැණු සොඩකු වූ මයික් බිරියන් පස් දෙනකුගෙන් මේ දරුවන් ලැබී ඇත.
ගින්න පැතිරෙද්දී ඔවුන් බේරා ගැනීමට අසල්වැසියන් පැමිණියත් ගින්නත් දුමාරයත් නිසා ඔවුනට කිසිවක් කර කියා ගත නොහැකි විය.
දරුවන් පිළිස්සී මිය ගොස් සිටියදී ඝාතනයේ තෙවැනි සැකකරු වන මයික්ගේ අණ කිරීම අනුව ඔහුගේ බිරිය ඝාතනයේ තෙවැනි සැකකරු වන පෝල් සමග අඹුසැමියන් ලෙස හැසිරුණු බව ද උසාවියේදී කියැවිණි.
එංගලන්ත රජයෙන් ලැබෙන සුබසාධන මුදල් ලබා ගත් මයික් ඔහු වසඟයට ගත් ගැහැණුන්ගේ මුදල් හිමිකරගත් පුද්ගලයෙක් බවත්, නඩු තීන්දුව ගැන ඔහුගේ පවුලේ සාමාජිකයන් සතුට ප්‍රකාශ කළ බවත් කියැවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන්න ඕන දඩුවම මොකද්ද (දී)
ආගමක් දහමක් අදහන්නේ නැති මිනිස්සු.(නදී)
මෙහෙමත් පව්කාරයෝ ඉන්නවද?(නදී)
මේ විදියේ සත්තු වද දීල මරන්න ඕනනේ .(නදී)
සිය මන මලයා නාකි ඉලන්දරියා, දැන් එතින් කන්නකෝ.(නදී)
නෝනලා පහයි. දරුවෝ 17ක් ඉන්න පුදුම මිනිහෙක්. අධික රාගය නිසා තමන්ගේ දරුවන් ගිනිතබා මැරීමට ක්‍රියාකර ඇත. මේවා මෙලොවදීම පටිසන් දෙයි.(නදී)
මේ ක්‍රියා අප රට උනා නමි. මෙහෙමද අපට කියන කතන්දර.(නදී)
එල්ලා මරන්න ඕනෑනේ ඉතින්. (නි)
ඉතා පහත් වැඩක්.. (ස)
ඇසට ඇසක් දතට දතක්, මොවුන්වත් ගිනි තබා මරා දැමිය යුතුයි යන්නයි මගේ අදහස. (නි)
මිනිසුන් වෙලා ඉපදිලා කරන දේවල ද මේ ...??? (ස)
මේක අරාබි රටක වුනානම් බලන්න පුළුවන් අන්තවාදීන්ගේ අදහස් ටික,මුස්ලිම් යට බෙන බෙන ගෙහෙනු දුසිමක් තියාගෙන ඉන්නවා කියල ලියි,ඒවුනාට අරබින් මේවගේ ලමිව මරන්නේ නී,පුළුවන් හින්දි ගෙහෙනුන් තියාගෙන ඉන්නේ,නමුත් එංගලන්තයෙක් කොරපු නිසා,ලංකාවේඅයගෙ කට වෙහිලවගේ.
නමේ විදියට තමයි වැඩ. නේද පොල්පොට් (ස)