මඟ දෙපස ලස්සන කිරීම සඳහා කොල්ලූපිටිය මහ පාර අයිනේ කොළඹ නගර සභාවෙන් වගා කැරුණු බතල වගාව සොරකම් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් දෙමටගොඩ ජේ. ආරියරත්න නමැත්තෙක් කොළඹ කොටුව වැඩබලන මහේස්ත‍්‍රාත් විසින් ලබන හයවැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය. එම වගාව රැුක බලාගත් හමුදා සැරයන්වරයකුගේ පැමිණිල්ලක් අනුව පොලිසිය ඔහු මනෝ වෛද්‍යවරයකුට ඉදිරිපත් කිරීමට නියමිතය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙවු රටේ....
මේ මනුස්සයාගේ ජිවන මට්ටම , පවුල් පසුබිම , සහ ජිවන රටාව සොයා බලා, අහිංසකයෙක් දරුවන්ට කන්න දෙන්න හෝ පවුල ජිවත් කරවීමට සිතා කියක් හෝ හොයාගැනීමේ අරමුණෙන් නගර සබාව විසින් හුදෙක් නගරය ලස්සන කිරීමේ අරමුණෙන් පමණක් හිටවපු බතල ටිකක් හාරගත්තනම් සානුකම්පිතව හිතා බලා වහාම නිදහස් කරන්න කියල ඉල්ලා සිටිමි .නැතුව කුඩ්ඩෙක් හෝ කලින් හොඳට හොරකම් කර සමාජයට හිසරදයක් වී ඇති හොරෙක් නම් හොඳ දඬුවමක් නියම කරන්නයි ද ඉල්ලා සිටිමි .....කෙසේ වෙතත් බතල යනු නගර ලස්සන කිරීමේ අරමුණින් සිටවිය යුතු ගසක් නොවේ .මේ මනුස්සයා අහිංසකයෙක් වී දැඩි දඬුවමකට මුණ දීමට සිදුවුවහොත් එම දඬුවම දුන් පුද්ගලයාද වහාම මානසික වෛද්‍ය වරයෙක් හමුවිය යුතුයැයි නිර්දේශ කරමි .
සුබ අනාගතයක්
මිනී මරණ අය නිදැල්ලේ ....අල ගලවන අය කූඩුවේ......කවුද මේවට වගකියන්නේ.....
මනුතාපයේ පාන් ගෙඩිය හොරා ගත්ත වගේනේද?? බඩගින්නේ කෑ ගගහා අඩන දරුවන්ට දෙන්නද දන්නෑ, අනේ පවු !!
කණගාටුදායක සිද්ධියක්...
බතල මල් පැල ටිකක් ඉල්ලගන්න යන්න කියල කොළඔ නගර සභාව පැත්තෙ
අයියෝ....අයියෝ....
ලංකාවේ දැන් අහන්න ලැබෙන්නේ අපූරු නඩු තමයි....අහෝ ආශ්චර්‍ය...........
දුප්පතෙක් විය යුතුමයි. ගලවා ගන්න ඇත්තේ එක්කෝ කෑමට හෝ විකිණීමට. බතල අල කිහිපයකින් කීයක් උපයා ගත හැකිද?
දැන් තියෙන්නේ නියඟලා අල කන්න...
අනේ මගේ ළමයි ටික බඩගින්නේ.ඉක්මනට ඇප දීලා එළියට දාන්නකෝ
දැන් පොලිසියේ හමුදාවේ රාජකාරිය වන්නේ බතල බැලීමයි
කටින් බතල හිටවන්නෙ නැතුව ඉන්න ළමයිනේ
කන්න නෙමෙයිද බතල හිටවලා තියෙන්නේ
ඌරෙක් හෑරුවනම් මොකද කරන්නේ ?
එතකොට කටු ගෙයි හොරකම් කර හොරා.....????
ඔන්න ඕකට තමයි නන්දා මාලිනී කිව්වේ "අපිටත් රජෙක් හිටියානම් කියලා"
බුදු පිළිම, රන්කඩුවගේ හොරකම්වලට ඉඩ.. එදා බත්වේල කන්න නැතිව ඉන්න එක්කෙනා ගලවපු බතල ගෙඩියට හිරේ දාලා..
පාරෙ මැණික් ඉල්ලම ලොරි ගණන් අරන් ගිය අය නිදැල්ලෙ..
තව ඉස්සරාහට බතල ගහත් හරි
අපේ රටේ සමහර පාරවල් නම් බතල වගාවට තමයි හොද...
මානව හිමිකම් කෝ? බතල අලයක් ගලවන්නත් බෑ හිරේ දානවා.
අනේ මිනිසුනේ.. මිනිහෙක් කන්න තියෙනවානම් මේ වගේ වැඩ කරයිද? දැන් ඉතිං දෙයි හොද තීන්දුවක්..
සමහරවිට මේ මනුස්සයා බඩගින්නට ළමයන්ට කන්න දෙන්න ගැලවවුද දන්නේ නැහැ, දැන් රටේ තියන තත්වයත් එක්ක !. අනිත් එක අල ගලවලා දරු පවුලකට කන්න දුන්නනම් මොකද. ඕනිම මිනිහෙකුට ආත්ම ගරුත්වයක් තියනවා.
බඩගින්නට බතල අලයක් හාරපු එක හිරේ යන්න තරම් වරදක්ද? දුප්පතාට තමයි නීතිය.. මිනී මරණ අය තවම එලියෙ.. බතල අලේට හිරේ.. මනුතාපය වගේ තමයි....
මාරම නීති තමයි තින්නෙ.. බතල නෙවෙයි හෙට අනිද්ද පරෙ තීන වෑටවලුත් කපන් ගිහිල්ල විකුනන්න වේයි මේ වෑඩිවෙන බඩු වෑඩිවිල්ලට..... අනික් එක අපේ ඉන්න අයියලන්ටත් ඔය වගෙ අහින්සක හොරු තම්යි අල්ලන්න පුලුවන්.
පව් කන්න නැති මිනිහෙක් වෙන්න ඇති. අර ඇමතිතුමා කිව්ව 2500 මදි වෙලා වගේ.
මග දෙපස ලස්සන කරන්න බතල ඇරෙන්න වෙන මොකුත්ම තිබුනෙ නැතිද ඇත්තටම??
ඔන්න ලංකාවේ නීතිය කුඩු කාරයන්ට මිනිමරුවන්ට සමාව අහිංසක දුප්පත් මනුස්සයෙක් බඞවියතරැක ගන්න පුන්චි සොරකමක් කෙරුවොත් රිමාන්ඩ් කරනව මේ අවනඩු කිසිම කෙනෙකුට පේන්නෙ නැහැ කතා කරන්නෙවත් නැහැ අර මනුස්සයට දෙවියන්ගෙම පිහිටයි
අනේ පව් අහිංසකයෙක් වෙන්න ඇති.. පව් නිදහස් කලානම් හොදයි නේද??
බඩගිනි උනාට ආණ්ඩුවෙ දේවල් ගන්න එපා.. තමන්ගෙ මහන්සියෙන් හදා ගන්න පුළුවංනෙ... අත වෙහෙසා කට සොලවන්න..
කවුද මේ අල ගලවන්න ආවේ
කවුද ලස්සනට බතල වවන අදහස දුන්නේ? බතල තියෙන්නේ බඩගිනි වෙලාවට තම්බල කන්න. අනේ පව්. අපිට මතක් වෙන්න මනුතාපයේ බඩගින්නෙන් ඉන්න නංගිට කන්න පාන් ගෙඩියක් හොරකම්කලාට වසර පහකුත්, හිරෙන් පනින්න ගියාට වසර දහහතරකුත් දුක්වින්ද 'ජන වර්ජන' ව
අපොයි අපේ රටේ නීතිඥවරැන් මොකටද මන්ද?
නිදන් හාරන උන් නිදැල්ලෙ.. බඩගින්නට බතලයක් හාරපු කෙනා අත්අඩංගුවෙ...
වරදක් නම් පේන්න නැහැ.. මේකද නීතිය..
හෙවත් මනුතාපය කතාව පටන් ගත්තෙත් ඔහොමනෙ. අනේ පව්.
අසිරිමත් ශ්‍රී ලංකාවෙ ආශ්චර්යය..
මිනිස්සුන්ට බඩගිනි වෙන්නෙ ඇයි කියල මනෝ වෛද්‍යවරයා සොයා බලාවි....!
රොලෙක්ස් ඔරලෝසුව(ලක්ෂ4) හොරකම් කරපු කෙනත් එළියෙ නේ...
නීතිය කාටත් පොදුයි.. බතල ගලවපු කෙනාටත් නිතිය නීතිය මිනී මරනවටත් නීතිය නීතිය විය යුතුයි. ඒගොල්ලො නිදැල්ලෙ ඉන්නයි මේගොල්ලන්ට දඩුවමයි මොකටද? අපි අප ගැන දුක්වෙමු..
පාර ලස්සන කරන්න නම් මල් නෙ හිටවන්නෙ.. බතල හිටවන්න තැනක් ඇත්තටම නැද්ද?
ලස්සනට බතල හිටවන ලෝකෙ එකම රට...
දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනි...
දඩුවම් දෙන්න කලින් හොයල බැලුවනම් අනේ පව් දරැවො බඩගින්නෙද කොහෙද??