කොළඹ මහජන බැංකු මූලස්ථානය ඉදිරිපිට මාර්ග බාධකය ඉවත් කිරීමට උසාවිය නියෝගයක් නොදෙන බව කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා ප්‍රකාශ කළේය.
එම මාර්ග බාධකය දැමීමට උසාවියෙන් අවසර නුදුන් නිසා ඉවත් කිරීමට ද උසාවි අවසරයක් අනවශ්‍ය බවත්, බැංකුවෙන් තීරණයක් ගත හැකි බවත් මහේස්ත්‍රාත්වරයා කීවේය.
බැංකුවේ පහළොස්වෙනි මහලේ කොන්ක්‍රීට් වහලේ කොටසක් කැඩී යෑමෙන් පසුව කොන්ක්‍රීට් කුට්ටි පාරේ බැංකුව පැත්තේ මන්තීරුවක තැබීමෙන් මෙම මාර්ග බාධකය ඉදි කර ඇත.
පාරේ අලුත්වැඩියා කිරීම සඳහා මෙම බාධක ඉවත් කරන ලෙස කොළඹ නගර සභාව ඉල්ලා ඇති හෙයින් උසාවි නියෝගයක් පතන බව බැංකුවේ නීතීඥවරු අධිකරණයට දැන්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම කියලා කොහොමද? හැමෝම හැම දෙයක්ම කරන්නේ උසාවියෙන් අවසර අරගෙනද? පොදු වැඩ වලට බාධා කරන ඕන දෙයකට සුදුසු පියවර ගැනීමට උසාවියට නේ අයිතිය තියෙන්නේ.. අනේ මන්දා(නු)
පිස්සු හැදෙනවා වගේ මට නම්. දැන් එතකොට කවුද මේවා තිබ්බේ? (නි)
මාර්ග භාදක මොකටද දැන් (දී)
බැංකුව ඒවා අයින් කරගත්තේ නැත්නම් නගර සභාව කොහොමද පාර හදන්නේ. ඒක තේරුම් ගන්න බැරිද?(නදී)
ලලිත්, පොඩිඩකට ලංකාවට එනවද මේක අයින් කරලා දාන්න. මට තනියෙන් අමාරුයි.(නදී)
ඒත් ඉතින් මිනිස්සු වැරදි කරන්නෙත් උසාවියෙන් අවසර අරගෙන නෙමෙයිනේ. මම මේ දන්නේ නැති නිසයි අහන්නේ.අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
වැඩේ හරියට කරලා ඉක්මණින් මේක අයින් කරමු. නැත්නම් බිල්ලට යන්නේ පාරේ යන අහිංසක මිනිස්සු. (නි)
පාරේ යන අහිංසක මිනිස්සු මරන්නෙ නැතුව ඉක්මණින් මේ වැඩේ ඉවර කරන්න. (නි)
කොළඹ - දෙකටන පාරේ මුස්ලිම් පාසැලක් ඉදිරිපිට විශාල බංකරයක් තියෙනවා. වාහනවල යට වදිනවා.(නදී)
චන්ද්‍රා මම නම් ලබන සතියේ ලංකාවට එනවා. ඔයා උසාවියෙද වැඩකරන්නේ. එහෙනම් නගර සභාවට කියන්න අපි දෙන්නා එකතු වෙලා ඒක අයින් කරනවා කියලා.(නදී)