කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතාට වෙඩි තැබූ තැන තිබී උණ්ඩ හයක් සොයාගත් බව පොලීසිය කියයි. රහස් පොලීසියේ සහකාර පොලිස් අධිකාරීවරයකු යටතේ පරීක්ෂණ පැවැත්වේ.
මහර මහේස්ත්‍රාත් සහන් යාපා බණ්ඩාර මහතා මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීය.
මඩවල මහතාගේ නිවෙස අසලට පොලීසිය සහ විශේෂ කාර්ය බළකාය ද පොලිස් සොකෝ නිලධාරීහු ද කැඳවනු ලැබූහ.
පෙර දින රාත්‍රී මහේස්ත්‍රාත් පරීක්ෂණය අවස්ථාවේ විශාල පිරිසක් පැමිණ හඩමින්, කෑකෝ ගසමින් සාධාරණය ඉටුකරණ ලෙස ඉල්ලා සිටියහ. ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීම සඳහා පෙර දින රාත්‍රියේ විශේෂ කාර්ය බලකායේ හා පොලීසියේ 200ක බළඇණියක් පැමිණියේය.
අද උදෑසන ද විශාල පිරිසක් නිවෙස අසල රැස්ව සිටියහ.
කැලණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති චමිල දුමින්ද මහතා මෙසේ පැවසිය.
‘අපි කැලණියේ හොද දේවල් කරන්න උත්සාහ කළා. හොරකමට වංචාවට දුෂණ වලට එරෙහි වුණා. ඒ හින්ද තමයි මේ වගේ දේවල් අපිට සිද්ධ වුණේ. අපි දැන ්කාටද කියන්නේ? අපි ආණ්ඩුවේ වෙලත් මෙහෙම වෙනවනම් ඉතින් තව මොනවද’.
කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඔෂාන් නන්දසේන මහතා මෙසේ පැවසිය.
‘ඉස්සර මේ පාරේ දැම්මේ නිල් කොඩි. අද දන්නේ සුදු කොඩි. පැමිණිල්ලක් වත් ලියන්න පොලිසියක් නෑ. අපි හැමෝගෙම ජීවිත අනතුරේ. කැලණියේ පොලිසිය හිටියට වැඩක් නෑ. මේ මරණය සිද්ධ වෙලත් විනාඩි 45 විතර යනකන් කැලණියේ පොලිසියවත් අවේ නෑ. ඊට කලින් පැලියගොඩ පොලිසිය ආවා. ‘
(ඡායාරූප ගයාන් මධුසංඛ හෙට්ටිආරච්චි)










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා මේ විදියට වෙන්නෙ ඒ ප්‍රදේශයට අධිපති දෙවියන්ගේ උදහසට වෙන්න බැරිද? (නි)
දැන් ඉතින් කෙසේ හෝ සොයා ගනිවි (දී)
දැන්නම් ලේසි වෙන එකක් නැහැ (දී)
දැන් ලංකාවේ සිදුවන දේවල් දකිද්දී පිටරට සිටින අපට ඇති වන්නේ ඉමහත් කළකිරීමකි. (නි)
කලබල වෙන්න එපා අපේ ඇමතිතුමා ඉන්නකල්. එතුමාට හොරෙන් ඔය වගේ වැඩකරන අයට හැංගිලා ඉන්න අමාරුයි, වැඩිකල්. (නි)
ගොඩක් අය කියනවා කරපු කෙනාව දන්නවා කියලා. මම හිතන කෙනාමද දන්නෙ නැහැ ඒ අයත් හිතාගෙන ඉන්නේ? (නි)
මඩවල මහතාගේ පරලොව ජීවිතය සාර්ථක වේවා! (නි)
මිනිසුනේ, ඉස්සර වෙයල්ලා. ප්‍රමාද වුණොත් ඕකම තමයි ආයිත් වෙන්නෙ.
ළගදීම මතට තිත වගේ , වෙඩි වලට තිත.... (නි)
මම හිතන්නේ තාමත් කැළණිය පොලිසියේ අය දැනුවත් වෙලා නැතුව ඇති නේද? (නි)
කන්ගැට්ටත් දැන් රිමාන්ඩ් එකේනේ. ඒ නිසා මේක කවුරු කළා වෙන්න පුලුවන්ද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
මෙම අපරාධය කළ අයට ඉක්මණින් මෙම කර්මය පටිසන් දේවා! (නි)
කමිටුවක් පත්කරයි. අපිටත් ටිකෙන් ටික අමතක වෙයි. තව ඉදිරියටත් වෙයි... (නි)
ඔබට නිවන් සුව! (නි)
හසිත මෙවර සමරන්නේ කොහොමද දුරුතු පෙරහැර ඔබේ මරණය උඩින්.. විභීෂණ දෙවියන්ට මේ අපරාධ පෙනේවා..!(නු)
භාතකයන් ඉක්මනින් සොයා ගන්න (දී)
ඔහු ඔහුටම වෙඩි තියාගත්තා වෙන්න බැරිද ? (ස)
ඉතා හොද තීරණයක් (දී)
අනේ! පොලිසියට බලතල නැතුව ඇති. (නි)
අර කටුගේ හොරකම දැන් අල්ලලා ඉවරද? (නි)
අහෝ කැළණිය! (නි)
පොලිසියට දීමනා එහෙමත් වැඩි කළා නේද? ඉතින් ඇයි රහස් පොලිසියට දෙන්නේ? (නි)
ඉතා වටිනා වැඩක්, මේ සිද්දියේ සැක කරුවන් ඉක්මනට සොයා ගන්න (දී)
වහං මේ අපරාධය ගැන සොයා බලන්න (දී)
මෙවන් අපරාධ් අකර සැඟවී සිටීමට නොහැක (දී)
අන්න හරි.... ඒක හොදයි (දී)
නියමයි හොද වැඩක් (දී)
බුදුන්වැඩිය භූමියක් මේ (දී)
විශිෂ්ටයි. (නි)
හොද වැඩක්
ඕක හොයන්න ඔච්චර වෙහෙසුනාට අපිට නම් හිතාගන්න පුලුවන්. (නි)
කොළොම්බියාවෙවත් නැතුව ඇති මෙහෙම දේවල් වෙන්නේ. මොන පක්ෂයක කෙනෙක් වුවත් ඔබට නිවන් සැප ලැබේවා! (නි)
අධිකරණය නැගීසිටියා සේ පොලිසියද නැගී සිටිය යුතුය. (නි)
මේක හරියට චිත්‍රපටියක් වගෙයි. (නි)
රටකට ගිය කල... (නි)
කැළණිය පිහිටලා තිබෙන්නේ ලංකාවේ නෙමෙයි වගේ, සමහර අයගේ කතාව. (නි)
අපරාධ කරුවන්ට නිදැල්ලේ ඉන්න දෙන්න එපා (දී)
දැන් නම් ලංකාවේ වෙන දේවල් හරියට තමිල්ණාඩුවේ හදන චිත්‍රපටියක් වගෙයි. (නි)
ඉතා හොදයි...ඉතා හොදයි... (දී)
ලාංකිකයින් දැන්වත් මෙම අසාධාරණ වලට එරෙහිව නැගී සිටිය යුතුයි. (නි)
ඉක්මන් පරීක්ෂණයක් අවශ්‍යයි (දී)
පියා දරුවා මැරූ වරදට මවත් රිමාන්ඩ් කරලා. පොලිසියෙ අවංක නිලධාරීන් නැතුවා නොවෙයි. ඒත් ඔවුන්ට රාජකාරි කරන්න ඉඩක් නැහැ. හරියටම කියනවා නම් බොරලුපාර ටේලිඩ්‍රාමා එකේ වගේ. (නි)
භාරත ලක්ෂ්මන් ඝාතනය, ලසන්ත වික්‍රමතුන්ග ඝාතනය, විජේදාස රජපක්ෂගේ ගෙදරට වෙඩි තැබීම, තංගල්ලෙ විදේශිකයා ඝාතනය වගේ ඕනෑම ඝාතනණයක් හරි වෙඩි තැබීමක් හරි ගැන හොයන්න බාර දෙන්නේ රහස් පොලීසියට තමයි. (නි)
සාධාරණ මිනිසුන්ට අත්වෙන්නෙ මේ ඉරණමමද? (නි)
කැළණියෙ පාක්ෂිකයින්ට වෙන හිරිහැර දැන්වත් නතර කළ යුතුයි. මුළු රට පුරාම ඉන්න සියළුම මන්ත්‍රීවරු මෙම ඝාතනයට ඵරෙහිව නැගි සිටිය යුතුයි. (නි)
අබුද්දස්ස කාලේ... (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. ඇයි කැළණිය පොලිසියට භාර නොදෙන්නේ? (නි)
පොලිස් කවුරුත් ආවේ නැහැ කිව්වේ...?? (නි)
මේක කළේ කවුද කියලා අපිට අනුමානයෙන් කියන්න පුලුවන්. කොයිකටත් හැමෝම පරිස්සම් වෙන්න. (නි)
ආසියාවේ ආශ්චර්යය මෙය නොවේද? (නි)
"අපි ආණ්ඩුවේ වෙලත් මෙහෙම වෙනවනම් ඉතින් තව මොනවද" (නි)
අපරාධයක් කරලා බේරිලා ඉන්න නම් ලැබෙන්නේ නම් නැහැ (දී)
මේකට තමයි ආසියාවේ ආශ්චර්යය කියන්නේ. (නි)
දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා යහළුවන් දෙන්නෙක් අතර ඇතිවුණු පොඩි නෝක්කාඩු වීමක් වගේ??? මම මේ දන්නෙ නැති නිසයි ඇහුවේ ආයුබෝවන්ඩ! (නි)
ඉස්සර කාලේ කැළණිය ප්‍රසිද්ධ බුදුන් වැඩි දේශයකට. දැන්? (නි)
පුළුවන් ඉක්මනින් සොයා බලන්න (දී)
මම අගය කරනවා ඒ වැඩේ (දී)
මේවා දකින්න ජීවත්වෙලා ඉන්නවට වැඩිය හොදයි දැන්ම මැරෙන එක. (නි)
ප්‍රසන්න ඔබ හරි. ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතානෙණි, නිහතමානී සේවයකින් ඔබ කළ සේවය කැලණිය ජනතාව සැමදා අගය කරයි. ඔබතුමාට නිවන් සැප ලැබේවායි මහජනතාව සමගම මමත් පතමි. (නි)
ඔන්න බලාගන්නකෝ.... ඉස්සරහට වෙන්නේ මොකක්ද කියලා. (නි)