ඉංගිරිය - බුලත්සිංහල ප්‍රධාන මාර්ගයට සම්බන්ධ වනල හල්වතුර එපිටවත්ත පාර සදා දෙන ලෙස ඉල්ලමින් හල්වතුර ශ්‍රී සුධර්මවර්ධනාරාමයේ කොස්ගොඩ සිරිධම්ම හිමියන් මෙහෙයවීමෙන් ගැමියෝ අද (26) විරෝධතා ව්‍යාපාරයක් ඇරැඹුහ.
මේ නිසා ඉංගිරිය බුලත්සිංහල ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයද අද උදෑසන සිට සම්පුර්ණයෙන් අඩාල විය.
විරෝධතා පුවරු රැගත් උද්ඝෝෂකයයෝ පාර මැද වාඩි වී කෑ ගසමින් උද්ඝෝෂණයේ නිරත වූ අතර හල්වතුර කනිටු හා ඌරුගල ධර්මාලෝක විදුහල් පාසල් සිසුහුද ඊට එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක හම්බන්තොට පැත්තේ පාරක් වුණා මෙලහකට කාපට් කරලා. (නි)
දීප්ත සීයට දෙසීයක් හරි (නි)
මට පුදුමේ හාමුදුරුවෝ උද්ගෝෂණ මෙහෙයවනවා කියද්දී. අපි සංසාරෙන් එතෙරවෙන්න යන්නේ කාපට් පාරෙන් ගිහින්ද.(නදී)
ආශ්චර්යයේ තරම කියන්නේ රටේ ජනතාව ඔක්කොම පාරේ. (නි)
දීප්ත, වරුණ, ඔයාලා හම්බන්තොට ආවද? අපිත් ඉස්සර ඔහොම කිවුවා. ඒත් දැන් නම් නැහැ (නි)
දීප්ත , දැන් අපටත් කිරි. කැකිරි ඉවරයි. (නි)