මේ වසරේ හත් වැනි වතාවටත් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු විවෘත කළ බව වාරි ඉංජිනේරුවෝ කියති. දින තුනක් තිස්සේ පොළොන්නරුවට වැසි පවතී.
වාන් දොරටු දහයෙන් හයක් අඟල් හය බැගින් විවෘත කර ඇත.
දැනට ජලාශයේ ධාරිතාව අක්ක්කර අඩි එක්ලක්ෂ දස දහස ඉක්මවයි.
මෙම පිටාර ජලය අඹන් ගඟ ඔස්සේ මනම්පිටියෙන් මහවැලි ගඟට එක්වී මුහුදට ගලා බසී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වාන් දානවා නෙමේ හැම වැවකම මඩ පිරිලා නැත්නම් එක දවසට වැව් පිරෙනවා නම් කොච්චර ශෝක් ද ...අපේ උන් මේවා දැක්කම අනේ හරි ශෝර්ක් කිව්වට කවුරු හරි දැක්කද ලඟදි වැවක් එහෙම පිළිසකර කරනවා. (ස)
මහා පරාක්‍රමබාහුලා අහස් කුසේ ඉඳගෙන හූල්ලනවා ඇති අපේ ජාතියට වෙච්ච දේ ගැන හිතලා. (නි)
ඇත්තටම මඩ පිරිලා නම් ඒවටත් තියෙනවා නේද මඩ ඉවත් කිරිමට දොරටු. ? (ස)
ඉස්සර කාලේ රජවරු අනාගත පරපුර වෙනුවෙන් හිතලා කරපු දේවල් තමයි මේ. ඒත් ඒකට දැන් ඉන්න අය ජලාශ වල ජලය හොරෙන් ඇරලා ජලාශ හින්දනවා කොමිස් ගහන්න ඉන්ධන බලාගාර වලින් (නි)