ගම්පහ ඉඹුල්ගොඩ දී අන්තර් විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනකු සැක කටයුතු ලෙස මිය යෑමේ සිදුවීම ගැන රහස් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ සාක්කි සම්පින්ඩන එකිනෙක පරස්පර බව මිය ගිය සිසුන් දෙදෙනාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රාජිකා සිල්වා මහත්මිය අද (17) ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතාට දැනුම් දුන්නාය.
ගම්පහ ඉඹුල්ගොඩ හංදියේ රිය අනතුරක් බව අලුයම 4.30ට පමණ වාර්තා වී එහි ගිය බව සහ ඒ වන විට සිසුන් දෙදෙනා අත පය සොලවනවා දුටු බවට පොලිසිය ප්‍රකාශ ලබා දී ඇතැයි ද, එම සිසුන් දෙදෙනා උදේ 7.30ට පමණ මිනී කාරයකින් රෝහලට ගෙන ගිය බවට හා ඒ වන විට දෙදෙනා මිය ගොස් සිටි බවට මල්ශාලා සේවකයන් ප්‍රකාශ ලබා දී ඇතැයි ද, උදෑසන 4.30 වන විට පණ පිටින් සිටි සිසුන් දෙදෙනා උදේ 7.30 වන තුරු රෝහලට ගෙන නොගොස් මිනී කාරයක් ගෙන්වාගෙන ඔවුන් රෝහලට රැගෙන යෑම ගැන බරපතල සැකයක් ඇතැයි ද නීතීඥ රාජිකා සිල්වා මහත්මිය ප්‍රකාශ කළාය.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරී සිසුන් දෙදෙනකු 2012 සැප්තැම්බර 27 වැනි දා මිය යෑමේ සිදුවීම සම්බන්ධ පැමිණිල්ල අද (17) ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ නීතීඥවරිය රහස් පොලිසියේ සාක්කි සම්පිණ්ඩන ඇසුරෙන් එම සැකකටයුතු තැන් මතු කළාය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ගෙන ගිය සියයට හයේ අරගලයට සහාය දීමක් ලෙස මහනුවර සිට කොළඹට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පාගමනක් සංවිධානය කර තිබිණි. එම පාගමන අතරතුර අත්පත්‍රිකා තොගයක් ගෙන ඒමට නුගේගොඩ දෙල්කඳට යද්දී මෙම සිදුවීම වී තිබිණි. සිද්ධියෙන් මිය ගියේ කැලණිය විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති ජනක බණ්ඩාර ඒකනායක සහ රුහුණ විශ්ව විද්‍යාලයයේ පළමු වසර ශිෂ්‍ය සිසිත ප්‍රියංකර සිල්වා යන දෙදෙනාය. ඔවුහු අනතරේ ක්‍රියාකාරී සාමාජිකයෝ වූහ.
මිය ගිය සිසුවකුගේ ජංගම දුරකතනයක් සම්බන්ධ වැරදි වාර්තාවක් දුරකතන සේවා සමාගමක් ලබා දුන් බවත්, ඒ ගැන නීතිමය කටයුතු කරන ලෙස මීට පෙර සිටි මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවත්, රහස් පොලිසිය එම සමාගමට නඩු පවරනවා වෙනුවට මෙය අතපසුවීමක් බවට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත්, නඩුවක තීරණාත්මක සාධයක් වන දුරකතන වාර්තා අතපසුවීමකින් වැරදිය නොහැකි බවත් නීතීඥවරිය අධිකරණයට දැනුම් දුන්නාය.
මෙතෙක් කළ විමර්ශන අනුව සැකකටයුතු යමක් අනාවරණය වී නැතැයි ද, ශ්‍රීපති සූරියආරච්චි සිදුවීම ඇතුළු සිදුවීම් කිහිපයක අත්දැකීම් අනුව බලන කළ මෙය සාමාන්‍ය රිය අනතුරක් බවට සැකයක් නැතැයි ද රහස් පොලිසිය වෙනුවෙන් පෙනී සිටි පොලිස් නිලධාරියා අධිකරණයට දැනුම් දුන්නේය.
කෙසේ වෙතත් මේ සිදුවීමේ සැකකටයුතු යැයි කියන තැන් ගැන නීතීඥ රාජිකා සිල්වා මහත්මිය පෙන්වා දුන් කාරණා සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතා රහස් පොලිසියට නියෝග කළේය.
වැඩිදුර කඳවීම දෙසැම්බර් අට වැනිදාට කල් තැබිණි.
නඩු විභාගය දැක බලා ගැනීමට මිය ගිය සිසිත ප්‍රියංකර සිසුවාගේ ඥාතීහු ද, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර ඇතුළු පිරිසක් ද පැමිණ සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුයම 4.30ට අතපය සොලවපු කොල්ලො දෙන්නා උදේ 7.30ට පමණ මිනී කාරයකින් රෝහලට ගෙන ගියා... දැන්නම් කතාකරන්නෙ බුදුවෙලා වගේ. (නි)
තාජුඩීන් සහ ප්‍රගීත්ගෙ මරණ ගැන හොයනකොට මෙතන කෙනෙක් අහලා තිබුනා, මොකට හොයනවද, ඒ දෙන්නා විතරද ලංකාවෙ මැරුනෙ කියලා. ඔන්න තව දෙන්නෙක් එකතුවෙලා, දැන් හතරයි. (නි)
දිලිප් , ඔබ කියන දේ මම පිළිගන්නවා (බ)
තවත් දඟලන්නේ රට හදන්න එන්න....මේ මිනිස්සුන්ව බලයට ගෙන්න උඩු බුරන රැළකුත් මේ රටේ ඉන්නවනේ...(බ)
වැරැද්දක් කළොත් දඬුවම් සොබාදහමින් හරි ලැබෙනු ඇති (නි)
මම 2015 ජනවාරි 8 වෙනිදා හංසයාට ඡන්දෙ දුන්නේ හොරු අල්ලන්න ඕනෑ නිසා නෙමෙයි, මෙන්න මේ වගේ අහිංසකයන්ට මරණ බියෙන් තොරව ජීවත්වෙන්න නිදහස දෙන්න ඕනෑ නිසා. අද එ්ක ඉෂ්ට වෙමින් පවතින බව පෙනෙනවා. (නි)
අලුයම 4.30 ට අත පය සොලවමින් සිටින අයුරු පොලිසිය දුටු බව හා උදේ 7.30 වනතුරුත් රෝහලට ගෙන නොගිය බව තුළම සාමාන්‍ය පුද්ගලයෙකුට වුණත් සැකයක් මතුවන අතර මේ පිළිබඳව නීතිය සැළකිල්ලට නොගන්නේ කිමද යන්න හා මෙතුවක් එයට එරෙහි ක්‍රියාමාර්ග යට ගැසීමත් තුළ අපට නම් සිද්ධිය පැහැදිලියි. (නි)
අහිංසක දෙමාපියන්ගේ රටක් වටිනා දරුවෝ දෙන්නෙක් මහපාරේ මැරුනා කියපු සිද්ධිය අපිට හොඳට මතකයි. සොබාදහමින් අනිවාර්යෙන් දඬුවම් ලබාදෙනවා ඇති නීතිය වල්වැදුණු රටේ. (නි)
අනේ මේ අහිංසකයින්ට සාධාරණය ඉටුකරන්න (නි)
හා...හා... බලාගෙනයි! රණවිරුවෝ අත්අඩංගුවට ගන්නවා කියයි. (නි)
අයියෝ...අම්මෝ....! මෙන්න මිනීමරුවෝ හොයනවෝ. මෙහෙම කියන්නේ නැතුව වෙන වෙන එ්වා කියමින් ළඟදීම විරෝධතා පටන් ගනීවි (නි)
මෙන්න පළිගන්නවෝ! (නි)
සෑම්, මම එහෙම කිව්වේ අපිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්, පාර්ලිමේන්තුවක් නමට හරි සුද්දෝ නිසා හම්බවුණ රටක් නිසා. නීතියක් නොතිබුණු කාලවකවානුවක් කියලා ඇත්ත ඇතිසැටියෙන් දකින අය දන්නවා. (නි)
දිලිප්, ඔබගේ ප්‍රකාශයේ අන්තිම වාක්‍යය 'නීතියක් කියලා දෙයක් නොතිබුන රටක ජීවත්වුණු දෙදෙනෙක්' කියලා වෙනවා නම් මම කැමතියි (නි)
මේ මියගොස් ඇත්තේ බල්ලෝ බළල්ලු නොවේ මහත්තයෝ. කාගේ හරි අම්මෙක් තාත්තෙක්ගේ පුත්තු දෙන්නෙක්. නීතියක් කියලා දෙයක් තියෙන රටක ජීවත්වුණු දෙදෙනෙක්. (නි)
යහපාලනයට ඇතැම් අය බැන්නත් පසුගිය ආණ්ඩු කාලයේ සැකකටයුතු අන්දමින් මියගිය අය පිළිබඳව නිදහසේ අධිකරණයට කරුණු ගොනු කරන්න නීතිඥයින්ට දැන් නිදහසක් හා ආරක්ෂාවක් තියෙනවා. මේ තත්වය දිගටම ආරක්ෂා කරගන්න ඕනෑ. (නි)
මේ ළමයින්ගේ මරණය ගැන මුළු ලංකාවේම සැකය එල්ලවෙන තැනක් තිබෙනවා. නමුත් වැඩක් නැහැ (නි)
අපිත් බලාගෙන ඉන්නේ මේක එළියට එනකම් තමයි. පොඩි රහසක් තියෙනවා වගේ (නි)