IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


පේ‍්‍රක්ෂක ආදරය ලැබීමට මම පින් කරලා තියෙනවා

2016-11-19-ent-16

අවුරුදු පහකට විතර පසුව සංගීතා රඟපෑ චිත‍්‍රපටයක් මේ දිනවල තිරගත වෙනවා. නිශාන්ත ප‍්‍රදීප් මොහොට්ටිගේ නිෂ්පාදනයෙන් ප‍්‍රදීප් මහේෂ්ගේ අධ්‍යක්‍ෂනයෙන් නිර්මාණය වූ ‘‘හීරෝ - නීරෝ’’ එම චිත‍්‍රපටයයි. කාලයකට පසුව නැවතත් සිනමාවට ආ තරු පරපුරේ ජනප‍්‍රිය සිනමා තාරකාව වන ‘‘සංගීතා’’ අප සමඟ පිළිසඳරකට එක්වුණේ මේ විදියටයි.

 

සංගීතා මොනවද මේ දිනවල විස්තර?

2016-11-19-ent-12රොෂාන්තගෙ වැඩ කටයුතුවලට දායකත්වය දෙන අතරේ ‘‘රිදී රැයක්’’ වෙනුවෙන් සූදානම් වෙනවා. මේ දිනවල එහි පුහුණුවීම් කරනවා. ඒත් එක්කම මගේ ඊළඟ චිත‍්‍රපට නිෂ්පාදනයටත් ලැහැස්ති වෙනවා.

 

පසුගිය කාලයේදී සිනමා රංගනයට එක් නොවූ ඔබ ‘හීරෝ-නීරෝ’ සමග එක්වුණේ ඇයි?

මෙහි අධ්‍යක්‍ෂ වගේම නිෂ්පාදක මම හොඳින් හඳුනන දෙදෙනෙක්. ඒ මිත‍්‍රත්වය මුල්වුණා. ඒ වගේම අධ්‍යක්‍ෂ එක්ක මීට පෙර වැඩ කරලා තියෙනවා. ඉතින් එයාට සහයෝගයක් ලෙස ප‍්‍රධාන චරිතයක් නොවුවත්, මෙහි චරිතයකට දායක වුණා. චරිතය ප‍්‍රධාන එකක් නොවුවත් මම ආසාවෙන් එය රඟපෑවා.

 

ඔබ රඟපෑ චිත‍්‍රපට අතරින් අන්තිමට තිරගත වුණේ?

දෝනි.

 

ඉදිරියේ තිරගත වීමට තියෙන්නෙ?

බූඞීගෙ ‘‘නිම්නයක හුදෙකලාව’’ සහ එයාගෙම තවත් චිත‍්‍රපටයක්.

 

ටෙලිනාට්‍ය රඟපෑමට ඇයි නොඑන්නේ? බොහෝදෙනෙක් ටෙලි නාට්‍ය වෙතින් ඔබගෙ රඟපෑම් බලාපොරොත්තු වෙනවා නේද?

ඇත්තටම ටෙලිනාට්‍ය මාධ්‍ය වෙතින් එකවර විශාල පේ‍්‍රක්‍ෂක පිරිසක් අතරට යන්න පුළුවනි. ඉල්ලීම් නිසාම රූපවාහිනී නාට්‍යවලට සම්බන්ධ වෙන්න හිතාගෙන ඉන්නෙ. එහෙම වුණොත් අවුරුදු 12කට විතර පසුව නැවතත් ටෙලි තිරයේ මගේ රඟපෑම් පේ‍්‍රක්‍ෂකයින්ට දැකගත හැකිවේවි. තවම තීරණයක් ගෙන නැතත් නැවත ටෙලිතිරයේ රඟපානවා කියන තැන අද ඉන්නෙ.

 

රඟපෑමෙන් ඈත්ව ගෙවන ජිවිතය ඔබට දැනෙන්නෙ කොහොමද?

ජීවිතයේ වැඩි කාලයක් රංගනයට සම්බන්ධව කටයුතු කළ නිසා එයින් ඈත්ව සිටින විට පාළුවක් දැනෙනවා. නමුත් ජීවිතය හරි අවබෝධයක් ඇතිව ගමන් කළ යුතුයි. අවිවාහකව සිටි කාලයේදී රඟපෑම උදෙසා ශ‍්‍රමය සහ කැපවීම කරන්න පුළුවන් වුණා. නමුත් විවාහයෙන් පසුව මවක ලෙසx බිරිදක ලෙස ඉටුවිය යුතු වගකීම් සියල්ල සමග ඒ ගැන විශේෂයෙන් හිතුවා. විශේෂයෙන්ම දරුවාගෙ වැඩ කටයුතු ගැන විශේෂ අවධානය යොමු කළ යුතු වුණා. ඒක මම බොහෝම ආසාවෙන් කළේ. දැන් පෝෂිට අවුරුදු 6යි. ඉතින් දැන් මට මගේ රංගනය ගැන සහ ඊට නියැලී කටයුතු කිරීමේ අවකාශය පෙරට වඩා තිබෙනවා.

 

රඟපෑමෙන් නිතර දකින්න නැති ඔබට ලැබෙන පේ‍්‍රක්‍ෂක ප‍්‍රතිචාර මොන වගේද?

මම අන්තිමට රඟපෑ ‘දෝනි’ චිත‍්‍රපටය තිරගත වුණේ 2011 දී විතර. නමුත් ඉන්පසුව රඟපෑවෙ නැතත් පේ‍්‍රක්‍ෂකයින්ගෙන් ලැබෙන ප‍්‍රතිචාර සහ ආදරය එදාටත් වඩා ඉහළයි. ඒ ගැන ඇත්තටම මට පුදුමයි. මිනිසුන් අතරට යන අවස්ථාවලදි ඒ ආදරය මට දැනිච්ච දෙයක්. මෑතකදී ළමා දිනයදා වැඩ සටහනකට දායක වෙන්න ගියාම ළමයින් මාව වටකර ගත්තා. දෝනිx දෝනි නේද කියලා ඇමතුවා. මට හරි සතුටක් ඇති වුණේ. ඒ පේ‍්‍රක්‍ෂක ආදරය ලබන්න තරම් මම පින් කරලා තියෙනවා.

 

සැබෑවට ඔබ කරන පින් අතේ වැඩ මොනවද?

බොහෝ සමාජ සත්කාරක උපකාර සේවාවල යෙදෙනවා. නමුත් ඒ එකක්වත් ප‍්‍රසිද්ධ කරන්න කැමැති නැහැ.

 

දැන් ඔබගෙ ‘දෝනි’ ගැන ඔබට හැෙඟන්නෙ කොහොමද?

පෝෂි මගේ දෝනි හරිම දක්‍ෂ හරිම හොඳ ළමයෙක්. ඒ ගැන හරි සන්තෝෂයි මට. ඇයට ඇයගෙ ජීවිතය සාමාන්‍ය විදියට ගත කරන්න ඉඩ දීලා කියන්නෙ.

 

දේශපාලනය ගැනත් ඔබ එක්ක කතා නොකළොත් අඩුවක් වේවි නේද?

දේශපාලනය කියන මාතෘකාවට මම ආසයි. වෘත්තීය ජීවිතය හෝ සාමාජයීය ජිවිතය දේශපාලන දැනුම්වත් තොරව ගෙවන්න අමාරුයි. රටේ ලෝකයේ සිදුවන දේ ගැන දැනගැනීමේ අවශ්‍යතාවය මට තියෙනවා. කලාකාරියක ලෙස කලාවේ ප‍්‍රශ්න විසඳා ගැනීමට දායක වීම වැදගත්. මේ ක්‍ෂේත‍්‍රයේ වෙනස් කම් කීපයක් වෙන්න යන බවට අපට ආරංචි ලැබුණා. ඒ වෙනස් කම් සිදු නොවේවා කියා මා ප‍්‍රාර්ථනා කරනවා. කලාවට යහපත් දේ ගැන විතරයි මම හිතන්නෙ. නමුත් සමහර අය මුදලට විකිණෙනවා. එයාලා ඔවුන් ගැන විතරයි හිතන්නෙ. කලාවත් එයාලට වැඩක් නැහැ. නමුත් අපි මේ වෙනස නොකරන්න මහන්සි ගන්නවා.

 

මොකක්ද ඒ වෙන්න යන දේ?

ඉදිරියේදී ඒ ගැන ප‍්‍රකාශ වේවි.

 

සටහන/ඡායාරූප - සඳුන් ගමගේ

 

2016-11-19-ent-15
2016-11-19-ent-14
2016-11-19-ent-13
2016-11-19-ent-11



අදහස් (0)

පේ‍්‍රක්ෂක ආදරය ලැබීමට මම පින් කරලා තියෙනවා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1310 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


සංවර්ධන වැඩවල වගකීම රාජ්‍ය නිලධාරීනුත් ගත යුතුයි
2024 ඔක්තෝබර් මස 11 115 0

මින් ඉදිරියට රටේ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාව හා ඉන් ජනතාවට අත්වන ප්‍රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකිව යුතු බව අග්‍රාමාත්


අපරාධ බුද්ධි විශ්ලේෂණ කොට්ඨාසයට නව අධ්‍යක්ෂවරයෙක්
2024 ඔක්තෝබර් මස 11 799 1

අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ම


රජයට කෝටි පහමාරක් අහිමි කල ජීප්රිය රාජසන්තක කරයි
2024 ඔක්තෝබර් මස 11 1121 0

රුපියල් කෝටි පහමාරක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිට්ෂුබිසි වර්ගයේ සුඛෝපභෝගී මොන්ටේරෝ ජ


රාජ්‍ය සාහිත්‍ය සම්මානය උළෙල තාවකාලිකව අවලංගු කරයි
2024 ඔක්තෝබර් මස 11 311 0

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි තාවකාලිකව අවලංගු කළ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘත


ආසනික් විෂ රට සැමන් හරවා යවයි
2024 ඔක්තෝබර් මස 11 675 1

ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39943 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25922 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 207 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 400 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1288 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site