ගම්පහ මහ නගර සභා භූමියේ රැස්විම් ශාලාවේ තම රැස්වීමට පැමිණි ගම්පහ නගරාධිපති, උප නගරාධිපති ඇතුළු මන්ත්‍රී පිරිසක් එහි පැමිණි පිරිසකට පහර දුන් බව පෙරටුගාමී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ මහතා කියයි.
අප්‍රේල් විරු සමරු උත්සවයක් පැවැත්වීම සඳහා නගර සභා ශ්‍රවණාගාරය මුදල් ගෙවා වෙන් කර ගත් බවත් ඔහු කියයි.
ගම්පහ නගරාධිපති එරංග සේනානායක පැවසුවේ සතියේ දිනයක් වූ නිසා නගර සභා පුස්තකාලයේ පාඩම් කරමින් සිටි සිසුන්ට බාධාවන නිසා ඒ පිළිබඳ විමසීමට එහි ගිය බවයි.
රැස්වීමක් මුවාවෙන් විරුදින උත්සවයක් පැවැත්වීමට කටයුතු කර තිබුණු බවත්, එහි සංගීත භාණ්ඩ ඇතුළු ඝෝෂාකාරී දේ තිබූ නිසා පුස්තකාල කටයුතුවලට හා නගර සභා මහා සභා රැස්වීමට බාධා වන අයුරින් එය නොපවත්වන ලෙස ඉල්ලා සිටි බවත්, එහි සිටි පිරිස නගර සභා නිලධාරියකුට පහර දුන් බවත් නගරාධිපති කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනට මේ සිංගල කොටි ටිකට ගහලම පන්නමු (ස)
මේ අයට 80 ගණන්වල දඬුවම් තමයි ගැලපෙන්නේ. (ත)
මෙහෙම නීත්‍යානුකුලව අවසර අරගෙන තියන රැස්වීමකට ගහපු එක හරිය කියන තරමට දැන් ඉන්න මිනිසුන් අමන වෙලා. දකුණු ඉන්දියාවේදී ලංකාවේ අයට ඒ මිනිස්සු ගහන එක වැරදියි, ඒත් මේ ගහන එක හරි. (නි)
හරි ෂෝක් ප්‍රවෘත්තියක්. (නි)
අරෙහෙ ඉන්දියානුවන් අපිට ගහනකොට එඅයට බනිනවා, දැන් හොදවැඩේ කියනවා, ලැජ්ජයි.., අපේ රටේ මිනිස්සු අන්තෙට පිරිහිලා, ඒ ගුටිකැවෙත් වෙනස් මතයක් දරපු අපේම මිනිස්සු (ස)
මේවා දැන ගත්තොත් මැරිච්ච අයත් නැගිටිනවා ආයුබොවන්ඩ (ස)
ඉස්සරනම් කිවුවේ අපේ මන්ත්‍රී,ගමේ මන්ත්‍රී , හිතවතා කියලා... මෙන්න දැන් ඒකටත් එක්ක? (නි)
අති විශිෂ්ටයි. (ස)
අපේ ගමේ කොල්ලෙක් ..පෙරටුගාමීන්ට ගහල මදි ..(ස)
මේ කට්ටිය කොහොමත් ගැහිල්ලට දක්ෂයි මේ ගොල්ලන්ට ගහන දාට දුවන්නටත් දක්ෂ වෙන්න ඕනේ . (ස)
මේ ගොල්ලන්ට ගහන්න මරන්න අදහස් දාන කට්ටියගේ කටවල් 88-89 කාලේ ඇරියා නම් අද අරින්න ඔය කටවල් ඉතුරු වෙන්නේ නැහැ (නි)
රටේ නීතිය බල්ලට ගිහින් කියල තේරෙන්නේ නැද්ද. ශාලාව සල්ලි දීල ගත්තනම් කරන්න ඉඩ දෙන්න ඕන. හරි ඔය ශාලාව ශ්‍රීලංකා නිදහස් පක්ෂේ අරන් ඔය දේම කරානම් කාටවත් පුලුවන්ද? යුධ ප්‍රකාශ කරන්න . මේවගේ නින්දිත වැඩ කරලා ලෝකෙට කියනවා අපි මානව හිමිකම් රකිනවා කියල.(නදී)
නගරාධිපති ජේවිපී කාරයෙක් වෙන්ට ඇති.(නදී)
කාට හරි තඩි බාන්නේ නැත්නම් දේශපාලනයක් කොහෙද? (නි)
අර අහවල් සේනාවත් ඔහේ කොහේ හරි පැත්තකින් හිටියද කොල්ලෝ? (නි)
මෙයාලට ගහල මඳි.(නදී)
ඔය පෙරටු ගාමින්ගේ මුල් කාලේ මතකද? (නි)
නුගත්කමේ ලක්ෂණ... (නි)
දැන් ආයෙත් ඕස්ට්‍රේලියාවෙන් අත දාවිද? (නි)
අයි පොලිසියට කිවේ සේනාවට කියලා කුණු බිත්තර පාරක් ගස්සන්න. ඉක්මනට වැඩේ වෙයි. පොලිසි ගානේ ගිහින් ජරාව දෙන්න ඕනත් නෑ.(නදී)
එල, එල, මුන්ට ගහල මදි, රට කනවා.(නදී)
රට වටේ ත්‍රස්තවාදය පතුරපු මුන්ට මෙහෙම ගහල මදි.(නදී)
ඔහොම යන් .(නදී)
නියමයි.(නදී)
මෙන්න මානව හිමිකම් රකින හැටි. හැබැයි කියන්නේ අපි මානව හිමිකම් රකින්නේ නැහැ කියලා. විකල්ප අදහස් දැරීම වරදක් නොවේ. කලයුත්තේ විකල්ප අදහස් රටට අහිතකර නම් මතවාදී වසයෙන් පරද කිරීමයි.(නදී)
දැන් මේවා ලෝකෙට කිවම කාටද ලකුණු වැටෙන්නේ. අපටද එයාලටද. අපි ප්‍රසන විසදන්න දන්නේ අතපය පාවිච්චි කරලා විතරද. ලෝකේ මාධ්‍ය වේදියන්ට දරුණුම රට ලංකාව කියල සමහරු වාර්තා කරනවා.(නදී)
කවද හරි මිනිස්සු වෙනුවෙන් කතා කරන්න ඉන්නේ මේ අය විතරයි. එදා මානව හිමිකම් වෙනුවෙන් ජිනීවා ගිය අය සහ සූරියකන්දේ මිනි වලවල් හාරපු අය මාතලේ ඇටකටු හොයා ගද්දි බීරො වගේ. (නදී)
ගම්පහ කෑළණියට ලඟද?(නදී)
ඉතාමත් හොඳ වැඩක්. පාටියේ නායකයා ලෝකේ වටේ යනවා රටෙන් බාගයක් කඩල කොටින්ට දෙන්න. එලව එලව ගහන්න තිබුනේ. අවුරුදු 30 ක යුද්දය මතක නැති හැටි.(නදී)
මෙයාලට මෙහෙම ගහල මදි ? මෝඩයාගේ රට මෙන්න මානව හිමිකම් රකින හැටි. හැබැයි කියන්නේ අපි මානව හිමිකම් රකින්නේ නැහැ කියලා. විකල්ප අදහස් දැරීම වරදක් නොවේ. කලයුත්තේ විකල්ප අදහස් රටට අහිතකර නම් මතවාදී වසයෙන් පරද කිරීමයි.(නදී)
තිලක්, කථාකරනවා විතරයි, කළ දෙයක් නම් නැහැ.. (ස)
මුන්ගේ නායකයා එල්ලලා මරන්න ඕනා.(නදී)
අති විශිෂ්ටයි. (නි)
දියුණු රට වල නගරාධිපති කියන්නේ උගත් ශිෂ්ට සම්පන්න ක්‍රියාශීලී පුද්ගලයන්ට... (නි)
නගර සභාවට රැස්වීමක් සදහා මුදල් බැදලා නම් තිබුණේ මොන පක්ෂයක් වුණත් එයට අවස්ථාව දිය යුතුව තිබුණා. එයට බාධා කිරීම සහමුලින්ම වැරදි ක්‍රියාවක්. (නි)
තානාන්තර පව් කාරයෝ ටිකක් නම් ගහලා මදී. (ස)
දැන් මේකේ විජයග්‍රහනයත් පෙරටුගාමී පක්ෂයටයි. මේක දැන්මම ජාත්‍යන්තරයට ගිහිල්ලා හමාරයි. (නි)