IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


පෙරටුගාමීනට ගම්පහදී ගහලා

ගම්පහ මහ නගර සභා භූමියේ රැස්විම් ශාලාවේ තම රැස්වීමට පැමිණි ගම්පහ නගරාධිපති, උප නගරාධිපති ඇතුළු මන්ත්‍රී පිරිසක් එහි පැමිණි පිරිසකට පහර දුන් බව පෙරටුගාමී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ මහතා කියයි.

අප්‍රේල් විරු සමරු උත්සවයක් පැවැත්වීම සඳහා නගර සභා ශ්‍රවණාගාරය මුදල් ගෙවා වෙන් කර ගත් බවත් ඔහු කියයි.

ගම්පහ නගරාධිපති එරංග සේනානායක පැවසුවේ සතියේ දිනයක් වූ නිසා නගර සභා පුස්තකාලයේ පාඩම් කරමින් සිටි සිසුන්ට බාධාවන නිසා ඒ පිළිබඳ විමසීමට එහි ගිය බවයි.

රැස්වීමක් මුවාවෙන් විරුදින උත්සවයක් පැවැත්වීමට කටයුතු කර තිබුණු බවත්, එහි සංගීත භාණ්ඩ ඇතුළු ඝෝෂාකාරී දේ තිබූ නිසා පුස්තකාල කටයුතුවලට හා නගර සභා මහා සභා රැස්වීමට බාධා වන අයුරින් එය නොපවත්වන ලෙස ඉල්ලා සිටි බවත්, එහි සිටි පිරිස නගර සභා නිලධාරියකුට පහර දුන් බවත් නගරාධිපති කීය.



අදහස් (0)

පෙරටුගාමීනට ගම්පහදී ගහලා

ලාල් ගලබඩ ලේක්කෝ නගරයේ සිට Saturday, 06 April 2013 09:39 PM

මෙයාලට ගහල මඳි.(නදී)

:       0       0

දම්මි Friday, 05 April 2013 06:42 PM

නියමයි.(නදී)

:       0       0

රීටා Friday, 05 April 2013 06:54 PM

මෙන්න මානව හිමිකම් රකින හැටි. හැබැයි කියන්නේ අපි මානව හිමිකම් රකින්නේ නැහැ කියලා. විකල්ප අදහස් දැරීම වරදක් නොවේ. කලයුත්තේ විකල්ප අදහස් රටට අහිතකර නම් මතවාදී වසයෙන් පරද කිරීමයි.(නදී)

:       0       0

ශීලා Friday, 05 April 2013 06:49 PM

දැන් මේවා ලෝකෙට කිවම කාටද ලකුණු වැටෙන්නේ. අපටද එයාලටද. අපි ප්‍රසන විසදන්න දන්නේ අතපය පාවිච්චි කරලා විතරද. ලෝකේ මාධ්‍ය වේදියන්ට දරුණුම රට ලංකාව කියල සමහරු වාර්තා කරනවා.(නදී)

:       0       0

උපාලි Saturday, 06 April 2013 10:21 PM

ඔය පෙරටු ගාමින්ගේ මුල් කාලේ මතකද? (නි)

:       0       0

තිලක් Friday, 05 April 2013 06:58 PM

කවද හරි මිනිස්සු වෙනුවෙන් කතා කරන්න ඉන්නේ මේ අය විතරයි. එදා මානව හිමිකම් වෙනුවෙන් ජිනීවා ගිය අය සහ සූරියකන්දේ මිනි වලවල් හාරපු අය මාතලේ ඇටකටු හොයා ගද්දි බීරො වගේ. (නදී)

:       0       0

චතුල වෙරෝනා Friday, 05 April 2013 07:09 PM

ගම්පහ කෑළණියට ලඟද?(නදී)

:       0       0

ඉරේෂ් Saturday, 06 April 2013 09:42 AM

අරෙහෙ ඉන්දියානුවන් අපිට ගහනකොට එඅයට බනිනවා, දැන් හොදවැඩේ කියනවා, ලැජ්ජයි.., අපේ රටේ මිනිස්සු අන්තෙට පිරිහිලා, ඒ ගුටිකැවෙත් වෙනස් මතයක් දරපු අපේම මිනිස්සු (ස)

:       0       0

ප්‍රියංක Saturday, 06 April 2013 10:52 AM

මේවා දැන ගත්තොත් මැරිච්ච අයත් නැගිටිනවා ආයුබොවන්ඩ (ස)

:       0       0

ප්‍රියංක Saturday, 06 April 2013 10:59 AM

ඉස්සරනම් කිවුවේ අපේ මන්ත්‍රී,ගමේ මන්ත්‍රී , හිතවතා කියලා... මෙන්න දැන් ඒකටත් එක්ක? (නි)

:       0       0

සුකිරි Friday, 05 April 2013 07:23 PM

අයි පොලිසියට කිවේ සේනාවට කියලා කුණු බිත්තර පාරක් ගස්සන්න. ඉක්මනට වැඩේ වෙයි. පොලිසි ගානේ ගිහින් ජරාව දෙන්න ඕනත් නෑ.(නදී)

:       0       0

විපුල Friday, 05 April 2013 07:44 PM

මෙයාලට මෙහෙම ගහල මදි ? මෝඩයාගේ රට මෙන්න මානව හිමිකම් රකින හැටි. හැබැයි කියන්නේ අපි මානව හිමිකම් රකින්නේ නැහැ කියලා. විකල්ප අදහස් දැරීම වරදක් නොවේ. කලයුත්තේ විකල්ප අදහස් රටට අහිතකර නම් මතවාදී වසයෙන් පරද කිරීමයි.(නදී)

:       0       0

ලංකා Saturday, 06 April 2013 11:55 AM

අති විශිෂ්ටයි. (ස)

:       0       0

හේවාවිතාරණ Sunday, 07 April 2013 02:59 AM

නුගත්කමේ ලක්ෂණ... (නි)

:       0       0

දම් Sunday, 07 April 2013 04:46 AM

දැන් ආයෙත් ඕස්ට්‍රේලියාවෙන් අත දාවිද? (නි)

:       0       0

ධනු Saturday, 06 April 2013 01:02 PM

අපේ ගමේ කොල්ලෙක් ..පෙරටුගාමීන්ට ගහල මදි ..(ස)

:       0       0

අජිත් Saturday, 06 April 2013 12:58 PM

මේ කට්ටිය කොහොමත් ගැහිල්ලට දක්ෂයි මේ ගොල්ලන්ට ගහන දාට දුවන්නටත් දක්ෂ වෙන්න ඕනේ . (ස)

:       0       0

කුරුවිට Friday, 05 April 2013 08:46 PM

තිලක්, කථාකරනවා විතරයි, කළ දෙයක් නම් නැහැ.. (ස)

:       0       0

චින්තක Saturday, 06 April 2013 02:26 PM

දැනට මේ සිංගල කොටි ටිකට ගහලම පන්නමු (ස)

:       0       0

ලලිත්-සෞදි Saturday, 06 April 2013 02:33 PM

රටේ නීතිය බල්ලට ගිහින් කියල තේරෙන්නේ නැද්ද. ශාලාව සල්ලි දීල ගත්තනම් කරන්න ඉඩ දෙන්න ඕන. හරි ඔය ශාලාව ශ්‍රීලංකා නිදහස් පක්ෂේ අරන් ඔය දේම කරානම් කාටවත් පුලුවන්ද? යුධ ප්‍රකාශ කරන්න . මේවගේ නින්දිත වැඩ කරලා ලෝකෙට කියනවා අපි මානව හිමිකම් රකිනවා කියල.(නදී)

:       0       0

කැටවල Friday, 05 April 2013 09:13 PM

මුන්ගේ නායකයා එල්ලලා මරන්න ඕනා.(නදී)

:       0       0

මහේෂ් Friday, 05 April 2013 09:31 PM

අති විශිෂ්ටයි. (නි)

:       0       0

හේවාවිතාරණ Friday, 05 April 2013 09:42 PM

දියුණු රට වල නගරාධිපති කියන්නේ උගත් ශිෂ්ට සම්පන්න ක්‍රියාශීලී පුද්ගලයන්ට... (නි)

:       0       0

නිමල් සෞදි අරාබිය Friday, 05 April 2013 09:44 PM

නගර සභාවට රැස්වීමක් සදහා මුදල් බැදලා නම් තිබුණේ මොන පක්ෂයක් වුණත් එයට අවස්ථාව දිය යුතුව තිබුණා. එයට බාධා කිරීම සහමුලින්ම වැරදි ක්‍රියාවක්. (නි)

:       0       0

රුවන් Saturday, 06 April 2013 03:21 PM

නගරාධිපති ජේවිපී කාරයෙක් වෙන්ට ඇති.(නදී)

:       0       0

කසුන් Friday, 05 April 2013 10:06 PM

තානාන්තර පව් කා‍රයෝ ටිකක් නම් ගහලා මදී. (ස)

:       0       0

මුතුකුඩ Friday, 05 April 2013 10:07 PM

දැන් ‍මේකේ විජයග්‍රහනයත් පෙරටුගාමී පක්ෂයටයි. මේක දැන්මම ජාත්‍යන්තරයට ගිහිල්ලා හමාරයි. (නි)

:       0       0

කුමාර Friday, 05 April 2013 10:30 PM

මේ ගොල්ලන්ට ගහන්න මරන්න අදහස් දාන කට්ටියගේ කටවල් 88-89 කාලේ ඇරියා නම් අද අරින්න ඔය කටවල් ඉතුරු වෙන්නේ නැහැ (නි)

:       0       0

පිටිගල මිලානෝ` Friday, 05 April 2013 11:26 PM

මේ අය‍ට 80 ගණන්වල දඬුවම් තමයි ගැලපෙන්නේ. (ත)

:       0       0

සිල්වා Saturday, 06 April 2013 05:49 PM

කාට හරි තඩි බාන්නේ නැත්නම් දේශපාලනයක් කොහෙද? (නි)

:       0       0

සිල්වා මල්ලී Saturday, 06 April 2013 05:58 PM

අර අහවල් සේනාවත් ඔහේ කොහේ හරි පැත්තකින් හිටියද කොල්ලෝ? (නි)

:       0       0

ඇසල Friday, 05 April 2013 04:47 PM

ඉතාමත් හොඳ වැඩක්. පාටියේ නායකයා ලෝකේ වටේ යනවා රටෙන් බාගයක් කඩල කොටින්ට දෙන්න. එලව එලව ගහන්න තිබුනේ. අවුරුදු 30 ක යුද්දය මතක නැති හැටි.(නදී)

:       0       0

ලුම්බිණි Saturday, 06 April 2013 03:10 AM

මෙහෙම නීත්‍යානුකුලව අවසර අරගෙන තියන රැස්වීමකට ගහපු එක හරිය කියන තරමට දැන් ඉන්න මිනිසුන් අමන වෙලා. දකුණු ඉන්දියාවේදී ලංකාවේ අයට ඒ මිනිස්සු ගහන එක වැරදියි, ඒත් මේ ගහන එක හරි. (නි)

:       0       0

සම්පත් Friday, 05 April 2013 05:46 PM

එල, එල, මුන්ට ගහල මදි, රට කනවා.(නදී)

:       0       0

අමර Saturday, 06 April 2013 03:37 AM

හරි ෂෝක් ප්‍රවෘත්තියක්. (නි)

:       0       0

චින්තක Friday, 05 April 2013 05:46 PM

රට වටේ ත්‍රස්තවාදය පතුරපු මුන්ට මෙහෙම ගහල මදි.(නදී)

:       0       0

රජිත් - ඉකාලිය Friday, 05 April 2013 05:46 PM

ඔහොම යන් .(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති - බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හමුවක්
2024 ඔක්තෝබර් මස 02 0 0

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick) අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 827 3

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


කොස්තාපල් බිරියට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 289 0

බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්


රොෂාන් - චන්න - මිලාන් දිලිත් හේත්තු වෙති
2024 ඔක්තෝබර් මස 02 1542 4

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු


නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 2732 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 222 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38622 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25405 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 277 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 942 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site