IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


පරණ තනතුර වෙනස් වෙයි

නගරයේ කසල අදින කම්කරුවාට ගෞරවයක් ලැබෙන ආකාරයට ‘අපද්‍රව්‍ය මෙහෙයුම් සහායක‘ ලෙස ඔවුන් හඳුන්වන ලෙස සියලු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටින බව පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා පවසයි.

ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට දිරි දීමනා ලබාදීමටත් සේවය ඇගයීම සඳහා වාර්ෂිකව සම්මාන ප්‍රදානය කිරීමටත් වැඩසටහන් ආරම්භ කරන ලෙස ඇමැතිවරයා ඉල්ලා සිටී.

ඔවුන්ගේ දූ දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබාදීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙසද ඇමැතිවරයා පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටී.

 



අදහස් (0)

පරණ තනතුර වෙනස් වෙයි

නාලක Wednesday, 30 November 2016 08:15 AM

නම විතරක් වෙනස් කරලා මදි... ඔවුන්ට නිසි වැදගත් පෙනුමක් ඇති නිල ඇඳුමක් දෙන්න ඕනේ ග්ලවුස් සහ බූට් වගේ සපත්තු ද සහිත ව අභිමානයත් පිරිසිදු බවත් පෙනෙන විදියට ... ඊටත් වඩා ආකල්පමය වශයෙන් ඔවුන්ට වෘත්තීය අභිමානයක් ලැබෙන මනෝ විද්‍යාත්මක පුහුණුවක් නිතරම ලබා දිය යුතුයි... ඔවුන් කරන සේවාව රටට ඉතාම වැදගත් දෙයක් බව ඔවුන්ට හැගෙන සහ ඔවුන්ගේ නුගත් සිරිත් විරිත් වගේ දේවල් නැති කළ යුතුයි... (බ)

:       0       0

සම්පත් පතිරණ Wednesday, 30 November 2016 08:43 AM

හොද වැඩසටහනක්.... මෙයාලාටත් සමාජයේ ගරුත්වයක් තිබිය යුතුය. (ම‍)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 30 November 2016 09:20 AM

මුලින්ම කළ යුත්තේ කසල ඉවතලන පිරිසිදු ක්‍රමයක් ගෘහස්ත වශයෙන් සහ ව්‍යාපාරික මට්ටමින් හඳුන්වා දීම. විවිධ අපද්‍රව්‍ය සඳහා විවිධ බහාලුම් ආදිය. ඉන්පසු එම බහාලුම් වල ඇති කසල ඉවත් කිරීම මෙම සේවකයන් මගින් කළ යුතුයි. සේවකයන්ට සහ ගෘහනියන්ට කසල කළමනාකරණයෙන් තොරව ඉවත දැමීමෙන් සිදුවන හානිය පිළිබඳව දැනුවත් කළ යුතු අතර සේවකයන්ට සෞඛ්‍ය සම්පන්නව සිටීමට අවශ්‍ය දැනුම සහ ආම්පන්න සැපයිය යුතුයි. (බ)

:       0       0

හිරාන් Wednesday, 30 November 2016 09:20 AM

වැඩේ නම් හොඳයි. ඒත් පළාත් පාලන ඇමතිතුමාට තියෙන දැවෙන ප්‍රශ්ණය එනම් මැතිවරණය මගහරිමින් වෙනත් දේවල් ගැන කථා කිරීම ඵලක් නැහැ. රජය තවත් අපකීර්තියට පත්වීම විතරයි වෙන්නේ. (බ)

:       0       0

දිමුත් Wednesday, 30 November 2016 10:45 AM

හොඳ වැඩක්. (බ)

:       0       0

ජයා Thursday, 01 December 2016 07:09 AM

ඒක නම් හොඳ වැඩක්. ඇමෙරිකාවේ ඉන්නේ සනිපාරක්ෂක ඉංජිනේරුවෝ බව කවුරුත් කිවුවට පිළිගන්න එකක් නැහැ නේද. ඒක ඇත්ත. අනෙක ඒ අය ඇඳගෙන ඉන්න ඇඳුම වුණත් හරිම ප්‍රියමනාපයි. මොන රැකියාව කළත් හොඳට ඇඳලා ඉන්නවා නම් කොච්චර හොඳද. බලන්න අප්පේ තේ කඩේ‍කට ගිහින් ඒ අය ඇඳගෙන ඉන්න හැටි, ආපහු හැරිලා එන්න හිතෙනවා. (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Wednesday, 30 November 2016 12:31 PM

දැන් මේ තනතුරු රට කන අන්තරේ උපාධිධාරීන්න්ට දුන්නානම් හොඳා, (බ)

:       0       0

දීපාල් නිරෝෂ් Wednesday, 30 November 2016 01:41 PM

ඉතාම හොඳ ගෞරවාන්විත තීරණයක්, ඒ වගේම ඔවුනට ප්‍රමාණවත් වැටුපකුත් ලබා දෙනවා නම් හොඳයි.(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 24 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1791 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1372 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 388 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 524 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 236 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40018 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25950 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 233 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1307 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site