IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


පැරැණි සිසුන්ට කඩඉමෙන් වැදිලා

සරසවි පිවිසුම් සඳහා වන ඉසෙඩ්ස්කෝ  කඩඉම් ලකුණු  දෙවැන වර නිකුත් කිරීමේදි පැරැණි නිර්දේශ අනුව පිළිතුරු ලියු සිසුනට අසධාරණයක්  වුණැයි කියමින්  400 ක පමණ සිසුහු පිරිසක් අද උදෑසන   කොළඹ විහාරමහා දේවි  උද්‍යානයට  රැස්ව සිටියහ. දෙවන වර කඩඉම් අගයත් දිස්ත්‍රික් අගයත් වෙනස් වීම නිසා  සිසුන්ට සිදුවු අසාධාරණයට රජය මුළුමනින්ම වග කියයුතු බවත්  එම වගකීම බාර ගෙන පැරැණි නිර්දේශ අනුව පිළිතුරු ලියූ අසාධාරණයක් නෙවීම සඳහා සරසවි සඳහා ඇතුලු කර ගන්නා ප්‍රමාණය ඔවුහු කියති  



අදහස් (0)

පැරැණි සිසුන්ට කඩඉමෙන් වැදිලා

අනුරාධ Tuesday, 24 July 2012 03:24 PM

මේ අය සෙල්ලම් කරන්නේ රටේ අනාගතයත් එක්ක. දරුවන්ගේ මනස තේරුම් ගන්න බැරි ඇයි. ස්වභාව ධර්මයෙන් මේ අයට දඬුවම් ලැබෙනවා සිකුරුයි. (අ

:       0       0

සමන් Tuesday, 24 July 2012 03:30 PM

ඕක ඉතිං අමුතු දෙයක්ද? හැම කෙනාම සරසවියට ගන්න පුළුවංද? පහසුකම් තියෙනවාද? ගත්තා කියල වැඩේ මොකද්ද? ඊට වඩා හොදයි එන්.ඩී.ටී.හරි එච්.එන්.ඩී. වගේ වෘත්තීය පුහුණුවක් සමග අධ්‍යාපනයකට පෙළඹෙන එක...

:       0       0

අංජන Tuesday, 24 July 2012 04:01 PM

අපේ අහිංසක ළමයි (දී)

:       0       0

සමීර Tuesday, 24 July 2012 04:12 PM

පවු. අසරණ ළමයි. එහෙම කරන එක හොද නැහැ නේද? (නි)

:       0       0

සමන් Tuesday, 24 July 2012 04:12 PM

මෙවන් පාලකයින් පත්කළ අපේ වැඩිහිටියනුත් මේවාට වග කිව යුතුයි. (නි)

:       0       0

දයා,saudi Tuesday, 24 July 2012 04:14 PM

වගකිවයුත්තනි, කරුනාකර දරුවන් අසරණ නොකර වගකීමෙන් වැඩ කරන්න. (නි)

:       0       0

ජගත් චන්දන Tuesday, 24 July 2012 04:16 PM

මේ වගේ ආශ්චර්යමත් සිදුවීම් සිදුවන වෙනත් රටක් තිබේද ?(නු)

:       0       0

සිසිර Tuesday, 24 July 2012 04:19 PM

බන්දුල මහත්තයි එයාගෙ ගෝලයෝ ටිකයි එකතුවෙලා අධ්‍යාපනේට මොනවා කරන්න හදනවාද කියලා..??(නු)

:       0       0

පතිරණ Tuesday, 24 July 2012 04:31 PM

මොළය පාවිච්චි කරන්න දන්නා හදවතක් තිබෙන මිනිසුන් ඉහළ පු‍ටුවල හිටියා නම් මෙහෙම වෙන එකක් නැහැ කියලයි මට නම් හිතෙන්නේ. (නි)

:       0       0

එන්.එස්.පෙරේරා Tuesday, 24 July 2012 04:49 PM

ලාබ දේවල් කෙහොමත් බාලයි.. නිකං දෙන දේවල් ගැන මොන කතාද? (නු)

:       0       0

සේනක Tuesday, 24 July 2012 04:51 PM

පසුවටවත් මෙවැනි දේවල් සිදුනොවෙන්න වගබලාගන්න ඕන..(නු)

:       0       0

බුද්ධික Wednesday, 25 July 2012 01:36 PM

අලුතෙන්ම උසස්පෙළ තිබ්බොත් හොද නැද්ද, ඔය දැන් තියන්න තියෙන ඡන්දෙ නවත්වල (දී)

:       0       0

පුබුදු Tuesday, 24 July 2012 05:24 PM

සේරම ළමයි සරසවියට ඇතුළත් කරගෙන ඕවා වරද්දපු පණ්ඩිතයෝ ගෙදර යවන්න.. නැත්නම් ආපසු වතාවක් අමාරුවෙ වැටෙන්නෙ අහිංසක ළමයි..(නු)

:       0       0

සිල්වා Tuesday, 24 July 2012 05:25 PM

රංජිත්, දැන් ඉන්න අය කරන්නේ අධ්‍යාපනය විනාශ කරන එකයි. (නි)

:       0       0

තුෂාන් Tuesday, 24 July 2012 05:30 PM

මේක අපට ඉතාම නරක තත්ත්වයක්.. රජය මෙය අවබෝධ කර ගත යුතුයි.. ළමයින්ගෙ අනාගතය සමග තමයි මේ සෙල්ලම් කරන්නෙ..?(නු)

:       0       0

ප්‍රසන්න Wednesday, 25 July 2012 08:27 AM

අයියෝ දෙයියනේ මොකද්ද මේ වෙන්නේ රටට (දී)

:       0       0

සඳුන් ලක්ෂිත Tuesday, 24 July 2012 06:06 PM

හෙට දවල් 2.00 ට මාතර නගරයේදී ප්‍රථිපල නිසා අසාධාරණයට ලක් වූ සිසුන් සාමකාමී උද්ඝෝෂණයක් දියත් කිරීමට තීරණය කර ඇත.මේ සඳහා ඔබ සැමගේ සහයෝගය අපේක්ෂා කරමු. (ත)

:       0       0

පෙරේරා Wednesday, 25 July 2012 09:03 AM

අදාල බලධාරීන් හිතන් ඉන්නේ සති දෙකෙන් විභාගය ලියන්න.අනේ මෙහෙමත් විහිළු? (නි)

:       0       0

රමේෂ් Wednesday, 25 July 2012 09:21 AM

මේවා මහ පව් වැඩ‍‍.......ළමයින්ව මෙහෙම මානසිකව වට්ටන එක වැරදියි...ඒක ලොකු ලොකු උදවිය තේරුම් ගන්න ඕන.....(ස)‍‍

:       0       0

තරිදු Wednesday, 25 July 2012 02:24 PM

උසස් පෙළ විෂය නිර්දේශ මාරු වූ පළමු අවස්ථාව මෙය නොවෙයිනේ. ඉසෙඩ් ස්කෝර් සමීකරණ නොදන්නා හැමෝටම හිතෙන්නේ දෙගොල්ලන්ගේ ඉසෙඩ් ස්කෝර් වෙන වෙනම ගණනය කිරීම සාධාරනයි කියල. නමුත් විභාගය පළමුවර කරපු ප්‍රමාණයට වඩා දෙවන වර තුන්වන වර කරපු ප්‍රමාණය අඩුයි. එම නිසා ඒ දෙගොල්ලන්ගේ ඉසෙඩ් ස්කෝර් වෙන වෙනම ගණනය කර දෙගොල්ලන්ව එකට පෙළ ගැස්සුවොත් දෙවනවර කරපු අයට විශාල අසාධාරණයක් සිදුවෙනවා. ඒ නිසා කළ යුත්තේ අලුත් හා පැරණි විෂය නිර්දේශ යටතේ විභාගය කරපු අනුපාතය අනුව දෙගොල්ලන්ගේම ඉසෙඩ් ස්කෝර් එකටම ගණනය කිරීමයි. දැන් මේකට ඇත්තේ එකම විසඳුමයි. ළමයින් සියලු දෙනාටම එකට ඉසෙඩ් ස්කෝර් ගණනය කර නිවැරදිව පෙළ ගැස්සවීමක් ලබාදීම කළ යුතුයි. එමගිනුත් අසාදාරනයක් සිදුවූ අය සිටිනවා නම් පාසලේ විදුහල්පති හෝ සාම විනිසුරුවරුන් මගින් විශේෂ ඉල්ලුම්පත්‍ර යොමුකර ඔවුන් සදහා විශේෂ උසස්පෙළ විභාගයක් පැවැත්විය යුතුයි. (නි)

:       0       0

පී. රත්නායක Tuesday, 24 July 2012 06:31 PM

දැං මොකද කරන්නෙ.. විශාල පිරිසකට රැකියා දෙන්නත්, මෙතන නඩු කියලා දෙවියන්ට කියලා සරසවියට ගියාම ඒවා අමතක වෙලා උද්ඝෝෂණ, පිකටිං... රජයට කරදර හිංදා බලධාරින් නොයෙක් උපක්‍රම ගෙනාවා මේක අඩුකරන්න..(නු)

:       0       0

බුද්ධික Tuesday, 24 July 2012 06:37 PM

වෛද්‍යවරැ වර්ජනය කරන විට ජනතාව - අපෝ වෛද්‍යවරු රේගින් ගැන සිතන්නෙ නැහැ ලෙඩ්ඩු මරණවා‍‍‍ ගුරුවරු වැඩ වර්ජන කරන විට ජනතව - අපෝ ගුරුවරු හොද නැහැ ළමයින්ගෙ අනාගතේ ගැන නොසිතා වර්ජනය කරනවා කියා විදුලිබල මණ්ඩලය වැඩ වරන විට - අපෝ ආර්ථිකය කඩා වැටෙනවා විදුලිබල මණ්ඩලය හොද නැහැ. මාධ්‍ය වර්ජයනය කරන විට - අපෝ මාධ්‍ය විදේශ බලපෑම් වලට අසුවෙලා. ගොවියෝ වැඩ වරන විට - අපෝ ගොවියන් හොද නැහැ. අද ළමයින් ගොඩක ඉසඩ් ස්කෝර් ගැටලුවට මැදිවෙලා.. ඒගොල්ලන්ට තනියම තමයි මේ ඉල්ලීම් ලබා ගැනිමට වෙලා තියෙන්නෙ.. දැන්වත් ජනතාවගේ ඇස් ඇරේවා...!!(නු)

:       0       0

සමරපාල Tuesday, 24 July 2012 07:22 PM

මොන දේවල් වුණත් ඡන්දයක් තිබ්බොත් ඔය කට්ටිය හැ‍ම දෙනාම නැවත පත් වෙන එක ෂූවර්. (නි)

:       0       0

ශානිකා Wednesday, 25 July 2012 09:48 AM

අසාධාරණයක් වෙච්ච සිසුන්ට සාධාරණයක් ඉෂ්ඨ කරන්න......(ස)

:       0       0

pradeep Tuesday, 24 July 2012 07:29 PM

මේත් ජේවීපීයේ අරමුණු ඉටු කිරීමක්ද සැබවින්ම නැත මේ ශිෂ්‍ය සංගම් වල පෙලබවීමද නැත යථාර්ය හෙයමවේ අයුක්තිය ඉදිරියේ මිනිසා නැගෙනුයේ සිය කැමැත්තෙන්මය(වි)

:       0       0

චමින්ද Tuesday, 24 July 2012 07:44 PM

පසුව වෙන දේවල් ගැන කතා කරන්න කලින් මේ ළමයින් හට සිදූවූ අසාධාරණය ගැන සළකා බලා සුදුසු යමක් කළොත් නේද හොද? (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 25 July 2012 09:49 AM

මේවට කියන්නේ මහදනමුත්තයි ගෝලයන්ගෙයි වැඩ කියල. නමට නම් මහාචර්ය ආචර්ය කම් තියෙනවා. මේකෙන් පේනවා වැඩවල හැටි. (දී)

:       0       0

පෙරේරා Tuesday, 24 July 2012 08:26 PM

නඩු මගට බසින ලද අය‍ගේ පරමාර්ථය වූයේත් ඔය දේමයි නේද? (නි)

:       0       0

ආනන්ද Tuesday, 24 July 2012 08:38 PM

මේක අසාධාරණ වෙන්නේ කොහොමද? කරුණාකර සුදුසුකම් ලැබූවන් සරසවි ගොස් සුදුසුකම් නොලැබූවන් තවත් වරක් උත්සාහ කර බලන්න. (නි)

:       0       0

කරුණා Wednesday, 25 July 2012 10:29 AM

අනේ අසරණ ළමයි. මහත් වරුනි, ඔයවගේ නැහැදිච්ච වැඩ කරන්න එපා. මොකද ඔය සෙල්ලම් කරන්නේ රටේ අනාගතයත් එක්කයි. අපිව අන්දන්න හදන්න එපා. අපි දන්නවා ඕවා කරන්නේ කව්ද කියල (දී)

:       0       0

සුගත් Tuesday, 24 July 2012 08:59 PM

රටේ අනාගතයත් සමග මේ විදියට සෙල්ලම් කරන්නේ ඇයි? (නි)

:       0       0

ජගත් Tuesday, 24 July 2012 01:29 PM

ගමේ ඉදන් නගරෙට ඇවිත් දුක් විදලා ජීවිතේ ජය ගන්න හදපු ළමයින්ට මේ දුක හොදට දැනෙනවා. (නි)

:       0       0

චමින්ද Tuesday, 24 July 2012 09:59 PM

කබලෙන් ලිපට (දී)

:       0       0

ජගත් Tuesday, 24 July 2012 02:05 PM

දුකින් පීඩිත වී සිටින ළමයි තව තවත් පාගා දමන්න එපා. (නි)

:       0       0

ගවේෂක Tuesday, 24 July 2012 10:23 PM

යන්න www.doenets.lk වෙත. මේ අංකයට ප්‍රතිඵල බලන්න. 1483161 කලා අංශයෙන් A 2, C 1 ලබා ගත් දැරියකගේ දිස්ත්‍රික් කුසලතාව 1 ත් සමස්ත ලංකා කුසලතාව 25ත් වන අපුරුව. සිදුව ඇති දෙය දැන්වත් ඔබ හට තේරෙනවාද? (දී)

:       0       0

බුද්ධික Tuesday, 24 July 2012 10:35 PM

සිසුන්ගේ වයස යනවා විතරයි වගේ.පවු, එයාලගේ අනාගත බලාපොරොත්තු........... (නි)

:       0       0

ෆාරු Tuesday, 24 July 2012 02:13 PM

මේ රටේ මිනිස්සු කරන්නෙම මේ වගේ වැඩ තමයි...!

:       0       0

ඒ.සී අජිත් Tuesday, 24 July 2012 02:13 PM

කරැණාකර z-score ගණනය කරන ආකාරය අපටත් දැණගැනීමට සළස්වන්න..(නු)

:       0       0

කණිෂ්ක Tuesday, 24 July 2012 02:17 PM

රටේ අනාගතය වන අධ්‍යාපනය විනාශ කරන්න එපා. (නි)

:       0       0

නිපුණ Tuesday, 24 July 2012 11:00 PM

ඉසෙඩ් ස්කෝර් එක හදන්නේ යම් විෂයකට එම ළමයා ගත් ලකුණු , එම විෂය සඳහා සියලුම ළමුන් ගත් ලකුණු වල මධ්‍යයනයෙන් අඩු කර එය සම්මත අපගනයෙන් බෙදීමෙනි. මෙහිදී ඇතිවන ගැටලුව නම් සාමාන්‍යයෙන් විශ්ව විද්‍යාලයට වැඩිපුරම යන්නේ විභාගය දෙවන වර කරන ළමයින් වීමයි. (මා දන්නා පරිදි) එසේ වන්නේ දෙවන වර විභාගය කරන අයගේ මධ්‍යනය හා සම්මත අපගමනය වැඩි වීම නිසාය. ඒ අනුව ගණිතමය ලෙස තර්ක කළහොත් දෙවන වර කරන අයගේ ඉසෙඩ් අගය පළමු වර කළ අයගේ ඉසෙඩ් අගයට වඩා අඩුය. ඒ අනුව මෙය සිදුවූවා විය හැකිය. මා වැරදි නම් නිවැරදි කරන්න. (නි)

:       0       0

පෙරේරා Tuesday, 24 July 2012 02:34 PM

ඉසෙඩ් ස්කෝර් මුල් ගණනය සහ අවසන් ගණනය පිළිබදව පැහැදිලිව හෙලි කළ යුතුයි. (නි)

:       0       0

නසිර් Tuesday, 24 July 2012 11:45 PM

බුද්ධික, ජනතාවගේ ඇස් ඇරුණ කියලා මොනවා කරනවාද?(නු)

:       0       0

රානා Tuesday, 24 July 2012 02:38 PM

Z score ගැන දැනගන්න අපිවත් දැනුවත් කරන්න.(නු)

:       0       0

එස්.එල්.ටී.කේ. Wednesday, 25 July 2012 05:06 PM

ගවේෂක, කරුණාකර තව ටිකක් පැහැදිලි කරන්න. (නි)

:       0       0

ශහිවාල් Tuesday, 24 July 2012 02:49 PM

අනේ අහිංසක ළමයි.... මේ රටේ මිනිස්සු... තනිකර කෙළින්නේ පිස්සු. (නි)

:       0       0

කාංචනා Wednesday, 25 July 2012 12:01 PM

අනේ දුවේ පුතේ, සරසවියට නම් එන්න එපා. කොහොම හරි පළාත් සභාවකට හරි ප්‍රාදේශීය සභාවකට හරි යන්න බලන්න. (නි)

:       0       0

අරිස් Tuesday, 24 July 2012 02:54 PM

අනේ මේ ළමයින්ට පිස්සු හැදෙන කම් නම් ඉන්න එපා.. කීදෙනෙක්ට පිස්සු හැදෙයිද? හිතාගන්න බැහැ කදිනම් විසදුමක් දෙන්න...(නු)

:       0       0

මොහොමඩ් රිස්වාන් සෞදිඅරා‍බිය Tuesday, 24 July 2012 03:00 PM

මේකට මොකුත් ඕන නැහැ.. පරණ ක්‍රමයට ලබා ගත් ළකුණු අනුව තේරුව නම් ඉවරයි.. මොන ස්කෝර්වත් ඕන නැහැ..(නු)

:       0       0

මදූ Thursday, 26 July 2012 09:17 AM

මොහම ගියොත් පුතේ - අපට හෙටක් ...................??????? (ස)

:       0       0

ලාල් ගලබොඩ ඉතාලිය Wednesday, 25 July 2012 01:28 AM

අවුරුදු 35 ගිහිල්ලත් තවම බැරි වුනානේ එක විභාගයක් හරියට තියාගන්න...(නු)

:       0       0

රන්ජිත් Tuesday, 24 July 2012 03:18 PM

2011 අ‍ගෝස්තු පවත්වන ලද විභාගයේ ප්‍රථීඵල දැනගන්න 2012 විභාගයටත් ලියල 2013 වෙනකල් ඉන්න ඕනද?. සී.ඩබලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමාට අපිනම් කියන්නේ නිදහස් අධයාපනයේ පියා කියලා. දැන් ඉන්න අයට මොකක් කියලද අපි කියන්නේ.......???????? (ස)

:       0       0

පුලස්ති Tuesday, 24 July 2012 03:21 PM

අපේ ඇමතිතුමාලා දෙන්නම ඉතිං කටකාරයොනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 352 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 533 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 329 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 273 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 868 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 171 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40221 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26021 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 284 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1336 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site