(විනීතා එම් ගමගේ)
පාසල් නැවත පටන් ගැනීමේදී ප්‍රතිශක්ති ඌණතා ඇති සහ ප්‍රතිශක්ති ඌණතා සඳහා ඖෂධ ලබා ගන්නා සිසුන් පාසලට ගෙන්වීම ප්‍රමාද කරන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇත.
එමෙන්ම කෙටිකාලිනව ඇති වූ උණ කැස්ස නාසයෙන් සොටු දියර ගැලීම හා උගුරේ ආසාදන ඇති දරුවන් පාසලට එවීමෙන් වැළකිය යුතු බවට මව්පියන් සහ පාසල් සංවර්ධන සමිති හා ආදි ශිෂ්‍ය සංගම් ද දැනුවත් කරන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබේ.
ඉකුත් දින 14 දී නව කොරෝනා ආසාදනයපිළිබඳ සැක සහිත හෝ තහවුරු කළ පුද්ගලයකු සමග සම්බන්ධතා පැවැත්වූ පවුලක දරුවෙකු නම් හෝ කොරෝනා ආසාදනයට ඇති අවදානම හේතුවෙන් නිරෝධායනයට ලක්කර ඇති පවුලක දරුවෙකු නම් පාසලට එවීමෙන් වළකින ලෙසත් උපදෙස් දෙන මෙන් ද විදුහල්පතිවරුන්ට දන්වා තිබේ.
සෑම විටම අවශ්‍ය දුර ප්‍රමාණය තබාගනිමින් ක්‍රිියා කිරීමට ද හැකිතාක් පුද්ගලික ගමනාගමන ක්‍රම අනුගමනය කරන්නේ නම් පුද්ගල දුරස්ථභාවය පිළිබඳ සැළකිළිමත් වීම පා ගමනින් පැමිණිය හැකි දුරක් නම් ඒ සඳහා යොමුවීමේ වටිනාකම් පිළිබඳව මෙන්ම පාපැදි භාවිතයේ වටිනාකම පිළිබඳව මව්පියන් දැනුවත් කරන මෙන් අමාත්‍යංශය විදුහල්පතිවරුන්ට නිකුත් කරන ලද චක්‍රලේඛයේ සහ උපදෙස් සංග්‍රහයේ සඳහන් කර තිබේ.
මුඛ ආවරණ පළඳවා පාසලට එවීම නිසි ලෙස මුඛ ආවරණ පැළඳවීම, නැවත භාවිතා කරන මුඛ ආවරණ නම් ඒවා පිරිසිදු කර දීම හා සමාජයේ පවතින තත්ත්වය පිළිබඳව දරුවන් දැනුවත් කිරීම ද ඔවුන්ගේ සුරක්ෂිත බව තහවුරු කිරීම ද පිළිබඳව මව්පිය අවධානය යොමු කරන ලෙස එමගින් උපදෙස් දී ඇත.
පාසලට එනවිට දෛනිකව සෝදා පිරිසිදු කරන ලද ඇඳුම් ඇඟළුම් ඇඟලා එවීම, නිවසට පැමිණි පසු පාවහන් ගලවා අව්වේ වේලා ගැනීම, නිවසට පැමිණි වහා අත් සෝදා ගැනීමට හුරු කිරීම, අත් ඔරලෝසු වැනි ආභරණ පැළඳීමෙන් වැළකීම නිවසට පැමිණි පසු පොත් බෑගය අව්වේ තැබීම හෝ හැකිනම් විෂබීජ නාශක වලින් පිරිසිදු කිරීම ද ඇඳුම් ඇඟළුම් සබන් දියරයක ගිල්වා තබා සෝදා දැමීම ද නිවසට පැමිණි පසු පවුලේ අන් අය හා සම්බන්ධ වීමට පෙර ඇඟ සෝදා ගැනීම හෝ නා ගැනීමට ද දරුවන් හුරු කරවන මෙන් මව්පියන්ට එම දන්වන්නැයි එහි සඳහන් වේ.
ළමයින්ට, ගුරුවරුන්ට සහ දෙමවිපියන්ටත් වදයක් නැති අධ්‍යාපන ක්‍රමයක් 2026 සිට පළමු ශ්‍රේණියට සහ හයවන ශ්‍ර්ණියට ආරම්භ කරන බවත් මෙය ජනප්‍රිය වීමේ හෝ ඡන්දේ ම
මහනුවර නගරය පිරිසිදු කිරීමට අඛණ්ඩව දායක වූ මහනුවර මහ නගර සභාවේ කම්කරුවන් සඳහා දළදා වන්දනාවට විශේෂ අවස්ථාවක් අද පස්වරු 4 ට සලසා දී ඇතැයි රජයේ ප්‍රවෘත්ත
තලවකැලේ, නානුඔය, ග්ලාස්ගෝ වත්තේ දේව පූජාවක් සිදු කිරීම සඳහා විවෘත භූමියක සකස් කරන ලද විශාල උසකින් යුත් කොටයකට සවි කරන ලද ලී ඉණිමගකින් බිමට ඇද වැටීම හේතු
දෙවියන් ආරූඪ වන බව පවසමින් අනවසරයෙන් පොලිස් ස්ථානයෙන් පිටව ගොස් මැදවච්චිය, කනදරාව ප්‍රදේශයේ මාර්ගයේ ගමන්කරමින් තිබූ වාහන වලට කලාකාරී ලෙස පහර දුන් බව
ජාතික ජන බලවේගයේ මෙවර මැයි රැලිය කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට තීරණය කර ඇත.
රුපියල් ලක්ෂ 56 ක මුදලකට විකිණීම සඳහා රැගෙන ආ ගජමුතු දෙකක් සමඟ පුද්ගලයන් දෙදෙනකු ජා ඇල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ප්‍රතිශක්ති ඌණතා ඇති දරුවන් පාසලට ගෙන්වීම ප්‍රමාද කරන්න උපදෙස්
සත්‍යපාල - මාතර Saturday, 13 June 2020 04:58 AM
දරුවන් විතරක් නොවෙයි, කැස්ස උණ හෙම්බිරිස්සාව වැනි සෙම රෝග තියෙන අධ්‍යයන හා අනධ්‍යන කාර්ය මණ්ඩලවලිනුත් ඒ ඉල්ලීම කරන්න. කාලයක් තිස්සේ සෙමට හෙම්බිරිස්සාවට කැස්සට බෙහෙත් ගත්ත අධ්‍යයන හා අනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයින්ගේ වෛද්‍ය වාර්තා සැලකිල්ලකට ගෙන ඒ අයගෙනුත් සමාජය බේරා ගන්න වැඩ කරන්න. නැත්නම් පඩි කැපනෙවට බයේ කොරෝනා තිබුණත් සේවයට වාර්තා කරාවි.
Suga Sunday, 14 June 2020 03:53 AM
ප්‍රතිශක්ති ඌණතා ඇති දරුවන් ඉගෙන ගන්න අවශ්‍ය නැද්ද? මේ ළමයින්ගේ වරදක් නෙමේ ප්‍රතිශක්ති ඌනතා තත්වය ඇතිවන එක. ළමයින්ගේ මානසිකත්වය බිඳ වැටෙන්න පුළුවන්. බුද්ධිමත්ව හිතලා, තව මාස කීපයක් මේ විදියට ඉඳලා පසුව පාසල් පටන් ගමු. හැම ළමයෙකුටම අධ්‍යාපනය හැදෑරීමේ අයිතියක් තියෙනවා.