පේරාදෙණිය සරසවිය අසළ අඩි දහයක පමණ පෙදෙසක් නාය ගොස් ඇත. පේරාදෙණි මහනුවර මාර්ගයේ වාහන ධාවනය වනුයේ එක් තීරුවක පමණි.
අයහපත් කාළගුණයත් සමග ඉදිරි පැය 24 තුළ නායා යෑම්, ගල් පෙරළීම්, ගිලා බැසීම් හා කණ්ඩි කඩා වැටීමේ අවදානමක් මාතලේ මහනුවර, නුවරඑළිය, බදුල්ල දිස්ත්‍රික්කවල ඇතිවිය හැකි බව ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානයේ නාය යෑම් පර්යේෂණ හා අවදානම් කළමනාකරණ අංශයේ ප්‍රධානී ආර්.එම්.එස්. බංඩාර මහතා පැවසීය.
මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොටල උකුවෙළලමාතලේල ප්‍රාදේශීය ලේකම්
කොට්ඨාශවල සියලු ම මාර්ග, විල්ෂියාර්, ආදාවෙල, හා නිකොලොය ගිලා බැසීමේ
ප්‍රවනතාවක් ඇති බවත් මහනුවර දිස්ත්‍රික්කයේ පාත හේවාහැට, මැද දුම්බර, ගඟවට
කෝරලේ, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල ඇති මහනුවර, මහියංගන මාර්ග ඇතුලු
ගොඩනැගිලි, කදු බෑවුම් ප්‍රදේශය ද නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, නුවරඑළිය,
කොත්මලේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ කන්දේකැටිය, රාගල, හාලි ඇල,
නුවර එළිය හැටන්, ගම්පොල නුවරඑළිය යන මාර්ගද බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගණය හැර සියළුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෙරගල, හපුතලේ, වැල්ලවාය, ඇල්ල
වැල්ලවායල මීගහ කිවුල, බදුල්ල බදුල්ල, වැලිමඩ වැලිමඩ, මස්පන්න, හග්ගල, අඹගස්දෝව යන මාර්ග ඇතුළු සියලු මාර්ගයන් හි මෙම අවදානමක් ඇති බව අද (10) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හදපු හොද කම තමයි (දී)
මොකද්ද ඒකට හේතුව (දී)
මේවා කවදා සිද්ධවුණු දේවල්ද ? (ස)
තව හොදට ගස් කපන්න. පස් ඔක්කොම හෝදගෙන ගිහිල්ලා ගල් වලින් පිරුණු කදුකරයක් ඉතුරු වේවි. (නි)
මේ රටේ වෙන දේවල් වලට පාරවල් විතරක් නෙමෙයි, මුලු රටම ගිලා බහීවි. (නි)
මේ වෙන දේවල් වලට පොළව ගිලාබැහැල නැවතුනොත් ඇති (ස)
මම මොකද කරන්න එකට(දී)
පාර හදපු හොද කම් තමයි (දී)
පාරේ යන්න බැරි තත්වයක් තමයි තියෙන්නේ (දී)
මේ දිනවල කඳුකර ප්‍රදේශවල ගමනාගමනය හරිම භයානකයි වගේ. රියදුරන්, පදිනයින් සැමදෙනාම ප්‍රවේසමෙන් කටයුතු කල යුතුයි (ස)
පේරාදෙණිය කොළඹ මහවැලි ගග පාරේ කඩ සාප්පු සියල්ල ඉවත්කල වෙනත් ස්ථානය ඔවුනට කඩසාප්පු ලබා දිය යුතුයි. බලධාරීනි අප මෙය කියන්නෙ 2000 වර්ෂයේ සිටයි (ස)