IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ප්‍රභාකරන්ගේ බාල පුතාගේ සිරුර හමුවුනේ නෑ

තමා හමුදාපති වශයෙන් සිටියදී ප්‍රභාකරන්ගේ බාල පුත් බාලචන්ද්‍රන් හමුදාවෙන් ඝාතනය නොකළ බවත් 2009 මැයි 19 වැනිදා පෙරවරු 10.00 යුද්ධය අවසන් වූ බවත් බාලචන්ද්‍රන් මියගිය බව හෝ ඔහුගේ සිරුර හෝ හමුදාවට වාර්තා නොවූ බවත් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා අද රාත්‍රී බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සේවයේ සංදේශයට පැවසීය.

චැනල් ෆෝ රූපවාහිනියෙන් ද බ්‍රිතාන්‍යයේ හා ඉන්දියාවේ පුවත්පත් වල ද අද පළවූ ඡායාරූප තුනක් ගැන සංදේශය ඔහුගෙන් ප්‍රශ්න කළේය. බාලචන්ද්‍රන් සිටින බංකරය හමුදා බංකරයකට සමානයැයි ද එම ඇදුමින්ම ඔහු මැරී සිටින බව තවත් පින්තූරයක් ඇතැයි ද සංදේශය ඔහුගෙන් විමසූ විට ෆොන්සේකා කීවේ එවැන්නක් සිදුනොවූ බව හා ඒ ගැන හමුදාවේ කිසිම වාර්තාවක් නැති බවයි. මේ ගැන පරීක්ෂණයකට මුහුණ දීමට සූදානම්දැයි විමසූ විට ෆොන්සේකා කීවේ හමුදාවේ නොසිටියත් තමා සිටි කාලයේ සිදුවූ ඕනෑම දෙයක් ගැන නීත්‍යානුකූලව හා අපක්ෂපාතව පවත්වන ඕනෑම පරීක්ෂණයකට මුහුණදීමට සූදානම් බවයි.



අදහස් (0)

ප්‍රභාකරන්ගේ බාල පුතාගේ සිරුර හමුවුනේ නෑ

චන්දන Sunday, 24 February 2013 02:33 PM

ජෙනරාල්ට ස්තුතියි! (නි)

:       0       0

ගාමිණී Wednesday, 20 February 2013 11:57 PM

ප්‍රභාකරන්ගේ බාල පුතාගේ සිරුර හමුවුනේ නැහැ කියන්නේ මැරිලා නෑ කියන එකද? මාතර සුදා අල්ලන්න පොලිසිය ගියා වගේ මේකත් පොලිසියට බාර දෙමු.(නදී)

:       0       0

කරූ Tuesday, 26 February 2013 11:37 PM

හිටපු හමුදාපති තුමයි, ජනාධිපතිතුමයි දෙපැත්තකට නැතුව එක් පැත්තකට වෙලා රටගිනියනවා නම් අපි කැමතියි. ජීවත් වෙන ට්ක කාලේ හොදක් කරමු.(නදී)

:       0       0

අරවින්ද Wednesday, 20 February 2013 08:39 AM

බල තන්හාව උපරිමව ඔළුවට ගහලා වගේ.(නදී)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 22 February 2013 07:54 PM

මම කියන්නෙත් අවලා කියන එක හරියි කියලා තමයි. (නි)

:       0       0

ආකර්ෂා Monday, 25 February 2013 12:26 AM

මමත් මගේ හිත පිරෙන්නම අපේ රටට හරියට ගරු කරනවා. ඒ වගේම මේ මොහොතේදී සියළු දෙනාටම රට ගැන හිතලා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. (නි)

:       0       0

ඉලේපෙරුම Wednesday, 20 February 2013 08:43 AM

බුදු සරණයි! (නි)

:       0       0

මහේෂ් Wednesday, 20 February 2013 08:49 AM

ඒක කොහොමද හමුදාවෙ බංකර් එකක් වෙන්නේ? දෙවෙනි ඡායාරූපයේ පැත්තෙන් ඉන්න කෙනා ඇඳගෙන ඉන්නෙ කොටි නිල ඇදුමක්නේ. (නි)

:       0       0

චමින්ද Wednesday, 20 February 2013 08:50 AM

මොන දේ වුණත් ලාංකිකයින් ලාංකිකයින්ට ආදරෙයි. (නි)

:       0       0

කසුන් Wednesday, 20 February 2013 08:50 AM

අපේ රට යන්නේ කවදාවත් ගොඩගන්න බැරි ආගාධයකට. (නි)

:       0       0

ඩේවිඩ් Saturday, 23 February 2013 02:18 PM

බලමුකෝ ඔක්කොම එකතුවෙලා සටන අවසන් කරපු අයට මොකද කරන්නේ කියලා. හැම රටකම ඉන්න සිංහල හඬ ඔයිටවඩා බලගතුයි කියලා ඒ අයට දකින්න පුළුවන්වෙයි එතකොට (ස)

:       0       0

අසාන්ත Tuesday, 26 February 2013 06:39 AM

ඔබ හරි කුමාර, බොදු බල සේනාවට කියන්න තවත් හිස්බුල්ලා එකක් හදන්න එපා කියලා.(නදී)

:       0       0

ශ්‍රී Wednesday, 20 February 2013 09:03 AM

ඔය හදන්නේ යමෙක් මත වැරැද්ද  පැටවීමට  නොවේ නම්  ඔබට  ජය! (නි) 

:       0       0

නදී Wednesday, 20 February 2013 04:47 PM

මොනවාද මේ කරන වැඩ මහත්තයෝ (දී)

:       0       0

රවී Wednesday, 20 February 2013 09:10 AM

සදරුවන්, හැම දේම දේශපාලන ඇසින් බලන්න එපා . ජෙනරාල් තුමාකොහොද තියන්නේ රට පාවාදෙන රැස්වීමත්.(නදී)

:       0       0

පියල් Wednesday, 20 February 2013 09:15 AM

ලබන 2014දී තව මොන මොනවා වෙයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

ඩෑම් Wednesday, 20 February 2013 04:52 PM

සදරුවන් ගැන එච්චර හිතන්න එපා. (නි)

:       0       0

ප්‍රවීන් Wednesday, 20 February 2013 04:59 PM

පොන්සේකා මහත්තයගේ සුදුකොඩි කතාව නිසා අපි මේ වගේ වලකට වැටුනේ. බල තන්හාවයි, ජේ.වී.පී එකේ ලණු කාලයි හමුදාවේ කොල්ලෝ පන දීලා ගත්ත ජයග්‍රහණය නැති කළේ මෙයා. දැන් මෙතුමව කව්රුත් ගනන් ගන්නේ නැති නිසා කොහොම හරි පරික්ෂන කටයුත්තක් කියලා මොන මොන දේවල් කියලා තව වැඩ අවුල් කරයිද දන්නේ නැහැ.(නදී)

:       0       0

ෂාන් Wednesday, 20 February 2013 09:43 AM

මිනිහෙක් ඇත්ත කියනකොට ඇයි රට පාවලා දෙනවා කියන්නේ.(නදී)

:       0       0

අසංක Thursday, 21 February 2013 11:28 AM

ඔබ කිසිදා සත්‍ය කියන්න පසු බැස්සේ නැහැ (දී)

:       0       0

සේනක Wednesday, 20 February 2013 09:44 AM

මෙතුමගේ කෙලින් කතාව බලන්න පුළුවන් හමුදාපති කාලේ කරපු වීඩියෝ බැළුවොතින්.(නදී)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 22 February 2013 09:32 PM

ඉසුරන්දි-දෝහා වලින් අප සමඟ කතාබහට එකතුවන ඉසුරන්දි ගේ අදහසම මමත් දරමි. මොකද මේ අවස්ථාවේදී අපි පිල් බෙදී ඇණ කොටා ගන්න නරකයි. එකෙන් වෙන්නේ ප්‍රතිවාදී බටහිරයන්ට අප විසින්ම හොඳ අවස්ථාවක් ලබා දීම. මේ අවස්ථාවේදී අප සිදු කළ යුත්තේ වාද විවාද පිල් බෙදී කා කොටා ගැනීම නොවේ. අපි අතර මොන ප්‍රශ්න තිබුණත් අපි ඒවා ජාත්‍යන්තරයට ප්‍රදර්ශනය කරන්න මේක හොඳ වෙලාවක් නෙවෙයි. මේ රටේ ත්‍රිවිධ හමුදාවට සේනාධිනායකත්වය සපයන අතිගරු ජනාධිපතිතුමාට ඒ වගේම ගරු ආරක්ෂක ලේකම් තුමාට පක්ෂපාතීව රට ගැන අවංකව හිතලා තීරණ තීන්දු ගත යුතු ඉතා තීරණාත්මක හා බැරෑරුම් අවස්ථාවක අපි ඉන්නේ. ඒ නිසා අපට පළමුව රට ගැන හිතා සියළු වාද භේද ඉවතලා අප සමඟ අවංක අදහසින් එකතු වන මෙන් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මැතිතුමාගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබතුමා අතිගරු ජනාධිපති තුමා සමඟ එක්වන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ දෙපල එක්ව සිටීම මේ රටේ සාමය සමඟිය අගයන අහිංසක පුරවැසියන් වශයෙන් අපගේ පැතුමයි. ඔබ දෙදෙනා දෙපසට කලේ මේ රට විනාශ කරන්න කැස කවාගෙන ඉන්න මේ රටට වින කරන ජාත්‍යන්තර බලවේග. ඒවා පරාජය කරන්න නැවත වරක් ඔබ දෙපළට එක්ව කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි.(නදී)

:       0       0

රකිත් Wednesday, 20 February 2013 09:49 AM

ප්‍රභාකරන් කියපු එක කතාවක්නම් හරියට හරි. "සිංහලුන්ට තියෙන්නේ බොහොම කෙටි මතකයක්".(නදී)

:       0       0

සජිත් Wednesday, 20 February 2013 09:48 AM

නියම වීරයෙකුගේ ගතිය තමයි අවශ්‍ය තැනට අවශ්‍ය දේ කිරීම.(නදී)

:       0       0

ඉසුරන්දි-දෝහා Wednesday, 20 February 2013 09:53 AM

මේ ගැන එප්.බී එකෙන් ප්‍රචාරයක් යනවා හිටු කියලා. ඒ ප්‍රවෘත්තියට පක්ෂව ප්‍රතිචාර බොහොමයි. නමුත් මේ අවස්ථාවෙදි පක්ෂ, පාට නොතකා එකාමෙන් රටවෙනුවෙන් නැගී සිටිය යුතුයි.(නදී)

:       0       0

ආකර්ෂා Monday, 25 February 2013 01:55 AM

මම නම් ලංකාවේ සිංහල පත්තර බලනේනේම නැහැ. සිංහල පත්තර වලින් කියවන්නේම ලංකාදීප විතරමයි. මොකද ඒකේ සමබර ප්‍රවෘත්ති පළවෙන නිසා. අද බොරුවට සිංහල බෞද්ධයෝ පිළිබඳව කතාබහ කරන සිංහල බෞද්ධ පුවත් පත් යැයි ඔවුන් විසින්ම ලේබල් ගහගෙන ඉන්න සමහර පුවත්පත්වලින් සිදු කරන්නේම ජාතික සමඟියට බාධාකාරී වන වැඩ. නමුත් මම හිතන විදිහට මේ වගේ ප්‍රශ්නයකදී පටු අදහස් හා ආත්මාර්ථකාමී පුද්ගලික න්‍යාය පත්‍ර ඉවතට දාලා කවුරු කවුරුත් රට ගැන හිතලා වැඩ කරනවා නම් ඉතාම හොඳයි කියලයි මට නම් හිතෙන්නේ. (නි)

:       0       0

ඉන්දික Wednesday, 20 February 2013 10:09 AM

මේක එල්.ටී.ටී.ඊ. බංකරයක්. ඒක 100%ක් විශ්වාසයි. (නි)

:       0       0

ඉන්දික Wednesday, 20 February 2013 10:09 AM

එස් එෆ්ට ගොඩ එන්න හොඳ අවස්ථාවක්. (ත)

:       0       0

සමන් Wednesday, 20 February 2013 10:08 AM

මේ පින්තූර තුන දකින මිනිසුන්ට පේනවා ළමයා මැරෙන්න කලින් ඇදපු කොට කලිසමයි මැරුනට පස්සේ තියෙන කලිසමයි පාට දෙකක්?(නදී)

:       0       0

සෑම් Sunday, 24 February 2013 04:03 PM

අරන්තලාවේ පුංචි සාමනේර හිමිවරුන් ඝාතනය කරපු පින්තූර ට්ක බලන්න. එතකොට වෙනස තේරෙයි.(නදී)

:       0       0

චමින්ද Wednesday, 20 February 2013 10:25 AM

මේ වගේ වෙලාවක, මේ වගේ ප්‍රශ්ණයකදි රට වෙනුවෙන් ඔබ තුමා ඉන්න බව අපිට විශ්වාසයි.(නදී)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 22 February 2013 10:03 PM

දොහා වලින් ඉසුරන්දි කියන විදිහට මේ ගැන එප්.බී එකෙන් ප්‍රචාරයක් යනවා හිටු කියලා. ඒ ප්‍රවෘත්තියට පක්ෂව ප්‍රතිචාර බොහොමයි. නමුත් මේ අවස්ථාවෙදි පක්ෂ, පාට නොතකා එකාමෙන් රටවෙනුවෙන් නැගී සිටිය යුතුයි.යන අදහසට මමත් ගරු කරමි. මොකද මමත් ඇහුවා ඒ බොරු ප්‍රචාර. ඒ හැම විදේශ බලවේගයක්ම දැන් උදව් කරන්නේ බෙදුම්වාදයට බව මේ රටේ සාමාන්‍ය මහජනතාව තේරුම්ගත යුතුයි. මොකද අප අපේ රටට විරුද්ධව විශාල ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් මේ මොහොතේදීත් ක්‍රියාත්මක වෙනවා. අපේ ආරක්ෂක අංශ, බුද්ධි අංශ, ත්‍රිවිධ හමුදාව හා ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් හට බොරු අසත්‍ය චෝදනා එල්ල කරලා අධෛර්යමක් කරලා මේ රට විනාශය කරා ගෙන යන්න ජාත්‍යන්තරයට ඕන වෙලා තියෙන්නේ. ඒ වෙනුවෙන් ජාත්‍යන්තර බලවේග ඕනම දෙයක් කරාවි. අපි මේ මොහොතේ කොන්දේසි විරහිතව වහාම එකතුවෙලා අපේ පොදු සතුරාව පැරදවිය යුතු මොහොතක් අප ඉන්නේ කියලා ඔබ සැම සිහි තබාගත මැනවි. තෙරුවන් සරණයි !(නදී)

:       0       0

ෂාන් Wednesday, 20 February 2013 10:25 AM

අන්න නියම වචනයක් කිව්වා. රට පෙරට.(නදී)

:       0       0

අසන්ක Friday, 22 February 2013 12:34 PM

ඔච්චරම නිවැරදි කියලා හිතනවා නම් ජාත්‍යන්තර පරීක්ෂණයකට බය මොකද?මුහුණ දෙන්න වුණත් පුලුවන්නේ. නේද? (නි)

:       0       0

ෂපීක් Wednesday, 20 February 2013 10:39 AM

ඒ පාර මොකක්ද වෙන්න යන්නේ.(නදී)

:       0       0

රාජ් Wednesday, 20 February 2013 10:42 AM

සදරුවන්, ඔයාලා වගේ අය රටට බරක්. එතුමා කියලා තියෙන්නේ අවංකවම. ලෝකය ඉදිරියේ අපේ ප්‍රතිරූපය පෙන්වන්න ඕනේ එහෙම තමයි. දැනට මේ රටේ නාස්තිය, දූෂනය බෙරගන්න පුලුවන් එතුමට විතරයි.(නදී)

:       0       0

පහන් Wednesday, 20 February 2013 10:45 AM

මේක ඉන්දියාවේ හෝ කොහේ හෝ නිර්මාණය කල ඡායාරූපයක්. චැනෙල් 4 වීඩියෝ එකෙත් මේ වගේම කපටි විදිහට සිංහල වචන ඇතුලුකරලා තිබුනා. මෙතන යන්තම් යුධ හමුදා නිල ඇදුමක් පේන්න දාල තියනවා. එතකොට මිනිස්සු සැකකරන නිසා. මේක හොද රගපෑමක් .(නදී)

:       0       0

නිමල්-ලලිතා Wednesday, 20 February 2013 10:49 AM

මමත් ඔය පින්තූරය විදේශ රටකදී දැක්කා. පින්තූරය යුද්ධය ගැන දන්න කෙනෙකුට පිලිගත නොහැකි එකක්. ජෙනරල් හරියට හරි. තවමත් පරන හමුදාපතිමයි. යුද්ධය කාලේ සිදුවූ හැමදෙයකටම එතුමා මුහුණ දෙන්න සූදානම් බව කියනවනේ. එතුමට ජයෙන් ජය ලැබේවා!(නදී)

:       0       0

අනුර Wednesday, 20 February 2013 11:07 AM

ඇත්ත කියන එකට ඔබතුමාට ගොඩක් පින්. මොකද ඔබත් රණවිරුවෙක්. අද නිදහස් කියන එකට ඔබත් ඉන්නවා. ඒ නිසා හැමදේම අමතක කරලා රට ගැන හිතන්න.(නදී)

:       0       0

සරෝජ් Sunday, 24 February 2013 08:19 AM

රට විනාශ කළ අය ගැන දුක් වෙනවා. එහෙත් රට වෙනුවෙන් තමන්ගේ ජිවිතේ පුජා කළ අය ගැන ජිවිත කාලේම කැප කළ අය ගැන කතාකරන්න කවුරුත් නැහැ. ප්‍රබාකරන් ගැන කතාකරන කාලේ පහු වුණා.දැන් අලුත් විදියට හිතන්න ඕනෑ කාලේ ඇවිල්ලා. ආයෙත් මේ රට විනාශ කරන්න ඉඩ දෙනකල් ලාංකිකයෝ බලා ඉන්නේ නැහැ කියලා විශ්වාසයි. (නි)

:       0       0

නිරාන් Wednesday, 20 February 2013 11:18 AM

ලංකාවට ආදරය කරන සැබෑ වීරවරයාණෙනි, ලාංකික හැමෝම ඔබතුමාට ණයගැතියි. (ත)

:       0       0

නිමල් Thursday, 21 February 2013 05:23 AM

ප්‍රවීන්, නිකන් නොදන්න දේවල් ගැන කතා කරන්න එපා. (නි)

:       0       0

දිසා Sunday, 24 February 2013 09:15 AM

හරිම සංවේදී දසුනක්. (නි)

:       0       0

සිල්වා Wednesday, 20 February 2013 11:49 AM

සදරුවන් ඔබලා වගේ අය අද දේශපාලන කරලියෙත් ඉන්නේ. එකම දේ කියාගෙන අවුරුදු ගානක් බලයේ ඉන්නවා. මෙතුමගේ උදව් ඇතුවයි ත්‍රස්තවාදය ඉවර කලේ. ඒක අද අපේ ජනතාවට අමතක වෙලා.(නදී)

:       0       0

අෂාන් Wednesday, 20 February 2013 12:01 PM

මෙතන සමහර අය අදහස් දාලා තියෙන්නේ වෙන්නේ මොකක්ද නොදැන. පොන්සේකා කියන නම දැක්කම ඔහේ හරක් වගේ බනිනවා. මෙතුමා හදන්නේ ජාත්‍යන්තර ප්‍රශ්ණයකින් රට බේරාගන්න. අදහස් දාන්න පෙර ලිපිය කියවන්න.(නදී)

:       0       0

සංජීව-කුවෙට් Wednesday, 20 February 2013 12:09 PM

සතුරු බංකරයකට පහර දෙනකොට ඕවා බලන්න කාටද පුළුවන්.(නදී)

:       0       0

සනි Monday, 25 February 2013 08:48 AM

ඔය ඇත්තමද (දී)

:       0       0

දිනේෂ් - සෟදි Wednesday, 20 February 2013 12:28 PM

පොඩ්ඩක් විමසිල්ලෙන් ඉන්න වෙයි. (ත)

:       0       0

මහේන්ද්‍ර Wednesday, 20 February 2013 12:36 PM

සදා අපි ණයගැතියි අපේ රට බේරාගත් රනවිරුවානන්ට. (ත)

:       0       0

දිලීප් Wednesday, 20 February 2013 12:41 PM

මෙතන හොඳම නම කිව නොහැකි අයෙක් තේරුවොත් ඒ තැන සඳරුවන් ඔබට හිමිවෙනවා නියතයි. මගේ සුබපැතුම්.

:       0       0

කුමාර Wednesday, 20 February 2013 12:50 PM

කවුරු මොනවා කිව්වත් ප්‍රභාකරන්ගේ පවුලේ සියළු අය යුධයේදී මොන ක්‍රමයකින් හරි නැසී ගොස් කියන එක අපට පිළිගන්න වෙනවා .යුද්ධය ඕන කලේ අපට නොවෙයි නේ .අවි ගත්තෝ අවියෙන්ම නසිති. අවිහිංසාවාදී යුද්ධයක් ලෝකයේ කොහෙවත් සිදුවී නැත .අපට බන කියන රටවල් යැපෙන්නේ යුද්ධයෙන් .යුද්ධ නැවත ඇති නොවන තැනට අප වැඩකළ යුතුය.(නදී)

:       0       0

සඳරුවන් Tuesday, 19 February 2013 10:29 PM

ෆොන්සේකා අයෙමත් ඉල්ලගෙන කන්න යන්නේ. රට ජාතිය පවා දෙන්න එපෝ. රජකම ඕනේනම් ඡන්දෙකින් දිනන්න ඔබට පුළුවන්. (ස)

:       0       0

රශ්මි Friday, 22 February 2013 02:18 PM

මහා ආන්දෝලනයකය තුඩු දුන් කතාවක් (දී)

:       0       0

ඉදුනිල් Tuesday, 19 February 2013 10:29 PM

අන්න හරි. මේ වගේ දේකදී එදිරිවාදකම් සහමුලින්ම අමතක කරල රට වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න ඕනි. (ස)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 19 February 2013 10:32 PM

මමත් දැක්කා ඡායාරූපය. තහනම් කළ වෙබ් අඩවියකින්. එක ෆොටෝ එකක ප්‍රභාකරන්ගේ පුතා බිස්කට් එකක් කමින් සිටිනවා. අනික ඒ බංකර් එක තුළම ඒ අවස්ථාවේදීනම් පපුවට වෙඩි තියලා මරළ දාල තියෙනවා (ස)

:       0       0

කීර්ති Tuesday, 19 February 2013 10:34 PM

යුද්ධය අවසන් කාලෙදී ජෙනරාල් සරත් ෆොන්සේකා හිටියේ චීනයේ. අපි තමයි යුද්ධය මෙහෙයුවේ කියලා ගෙඩිය පිටින්න්ම වලදාපු අය නේද මේකට වගකියන්න ඕනේ (ස)

:       0       0

දම්මික Wednesday, 20 February 2013 12:56 PM

දරුවානම් පව් තමයි. ඒත මෙයාගේ තාත්තා අපේ දරුවෝ කොච්චර නම් මැරුවද?(නදී)

:       0       0

සදරුවන් Wednesday, 20 February 2013 12:59 PM

පොන්සේකා විශ්‍රාම යන්න හිටියේ 2005. ජනාධිපතිතුමයි දූර කාලය දික්කරලා දක්ෂයාගෙන් වැඩ ගත්තේ. අන්තිමට ජ.වි.පෙ ලනුව කෑවා. කරන්න දෙයක් නැහැ.(නදී)

:       0       0

රොෂාන් Tuesday, 19 February 2013 10:38 PM

අනේ ආයෙත් කට වරද්දගන්න එපා. (ස)

:       0       0

තිලකගේ Tuesday, 19 February 2013 10:40 PM

රට වෙනුවෙන් කළ හොද ප්‍රකාශයක්. ඔබ තුමාට ස්තූතියි.

:       0       0

දුන්ග Tuesday, 19 February 2013 10:53 PM

ඔන්න නියම ජාතික වීරයා, ඔබතුමාට ජයවේවා

:       0       0

චාමි Sunday, 24 February 2013 10:29 AM

එතකොට කලින් මියගිය අ‍පේ ළමයි? (නි)

:       0       0

සුමිත් Tuesday, 19 February 2013 11:07 PM

ඔබතුමාට අපේ ප්‍රණාමය! මේ තමයි නියම සරත් ෆොන්සේකා! (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 20 February 2013 01:27 PM

අභීත රණවිරුවෙක් වන ඔබතුමා රටට ශක්තියක්. (නි)

:       0       0

ලාල් Saturday, 23 February 2013 06:47 PM

ප්‍රභාකරන් එතකොට ලංකාවේ පුත්තු කී දෙනෙක් නම් මැරුවද? (නි)

:       0       0

ජිනා Tuesday, 19 February 2013 11:14 PM

මෙහිදී සරත් ෆොන්සේකා නියම සිංහල සෙන්පතියකුගේ එඩිතරබවත්, තම රටට, ජාතියට සහ තමන් සේවය කළ යුද හමුදාවට ඔහු තුළ පවතින ආදරයත් පෙන්වයි. මොහුට අසීමිතව වදදුන් අය අද ඉතා විශාල අවුලක පැටලී සිටින මොහොතක, පටු දේශපාලන පළිගැනීම් නොකර රටේ කීර්ති නාමය රැකදීමට එඩිතරව කළ ප්‍රකාශයට එතුමාට අපේ උපහාරයයි මේ. (නි)

:       0       0

සදරුවන් Wednesday, 20 February 2013 01:35 PM

නිමල්, මම ණයත් නැහැ. බයත් නැහැ. මමත් මේ සියලු ජයග්‍රහණ වල අභිමානවත් කොටස්කරුවෙක්. (නි)

:       0       0

දේවප්‍රිය Tuesday, 19 February 2013 11:22 PM

නියම ජාති ද්‍රෝහියෝ දැන් හෙළිවෙන්න වගෙයි යන්නේ. (නි)

:       0       0

සුසන්ත Tuesday, 19 February 2013 11:25 PM

ආයෙමත් මොනවාහරි කරගන්නවද්ද හදන්නේ? (නි)

:       0       0

පෙරේරා Wednesday, 20 February 2013 01:48 PM

යම් දිනයක ඇත්ත හෙළි වේවි. දැන් ඊට අඩිතාලම වැටීගෙනයි යන්නේ. (නි)

:       0       0

චමිලා Wednesday, 20 February 2013 01:48 PM

සරත් ෆොන්සේකා මහත්තයා යුද්ධ කරන්න නම් දක්ෂයි තමයි. (නි)

:       0       0

රංග Tuesday, 19 February 2013 11:46 PM

සදරුවන්, මේ මෝඩයෙක් වගේ අදහස් ප්‍රකාස කරන්න එපා. ඉස්සෙල්ලාම එතුමන් ප්‍රකාශ කරලා තියෙන උතුම් ප්‍රකාශය තේරුම් ගන්න. (නදී)

:       0       0

කුමාරන් Tuesday, 19 February 2013 11:53 PM

ආපහු මොකද වෙන්නේ.(නදී)

:       0       0

පුබුදු Tuesday, 19 February 2013 11:56 PM

ජෙනරාල් කියලා දාන්න බැරිනම් අඩුම ගනනේ ෆොන්සේකා මහතා කියලා දාන්න.මේ මනුස්සයා මේ රටේ ජාතික වීරයෙක් කවුරු මොනවා කිවුවත්.(නදී)

:       0       0

චිමක Saturday, 23 February 2013 08:31 AM

අපි හැමෝම අ‍පේ රට වෙනුවෙන් කතා කළ යුතුයි. (නි)

:       0       0

උදය Wednesday, 20 February 2013 12:03 AM

ආයේ වෙට්ටුවක් දාලා ආණ්ඩුවට ප්‍රශ්ණ දාන්නද හදන්නේ.(නදී)

:       0       0

අවන්ත Wednesday, 20 February 2013 12:07 AM

සදරුවන්, කොහේද මෙතන ලියැවිලා තියෙන්නේ ෆොන්සේකා රට විකුණලා කියලා. ඒ මනුස්සයා කියලා තියෙන්නේ දැන් හමුදාවේ නැතත්, තමා සිටිය කාලයේදි සිදුවුනු ඕනෑම දෙයක් ගැන කරුණු කියන්න සුදානමි කියලා. මේ ගැන නොදන්නා අය ජිනිවා නොයවා ෆොන්සේකා ඇතුලු කණ්ඩායමක් ජිනීවා යැවිවොත් නරකද? මොකද යුද්දේ කරපු උදවිය දන්නවා අරුන් අහන දේට දෙන්න ඕනා කරන උත්තර මොනවද කියලා අහන එවුන්ට උන්හිටි තැන් අමතක වෙන්නත් එක්ක.(නදී)

:       0       0

දිසා Wednesday, 20 February 2013 08:57 PM

අයියෝ මහත්තයෝ (දී)

:       0       0

ඉෂාන් Wednesday, 20 February 2013 12:11 AM

එදා වෙච්ච දේවල් දන්නේ එයා විතරයි. ගරහන්න එපා. පොන්සේකා ජාතිය වෙනුවෙන් කැපවුනු නිර්භීත නායකයෙක්.(නදී)

:       0       0

චතුර Wednesday, 20 February 2013 12:12 AM

ඔබතුමා කවදත් වැදගත් උතුමාණෙනි. ජය වේවා! මමනම් හැමදාමත් ඔබ සමඟයි.(නදී)

:       0       0

දිසානායක Wednesday, 20 February 2013 08:57 PM

එතකොට කෝ ඒ ළමයා (දී)

:       0       0

සේනක Wednesday, 20 February 2013 08:57 PM

සත්‍ය කියන්න මොකටද බය වෙන්නේ (දී)

:       0       0

සේනානායක Wednesday, 20 February 2013 09:00 PM

මට නම් තේරෙන්නේ නැහැ කොහෙන් කෙලවර වෙයිද කියල (දී)

:       0       0

සිල්වා Wednesday, 20 February 2013 12:20 AM

මම සරත් ෆොන්සේකා මහත්තයාව අගය කරන්නේ ඔහු යුධ හමුදාවට දුන් විශිෂ්ට නායකත්වය නිසයි. (නි)

:       0       0

සේකර Wednesday, 20 February 2013 09:00 PM

ඉතා ප්‍රබල කියමනක් (දී)

:       0       0

රසාංගනී Wednesday, 20 February 2013 12:25 AM

රට තුල ප්‍රශ්ණ ඇති කරන්න එපා.(නදී)

:       0       0

අශෝක Wednesday, 20 February 2013 02:16 PM

උපතින්ම අන්ධවූ නීතියේ අත් පා බිඳදැමූ කල, හොරාගේ අම්මගෙන් නඩු අසා පාළු ගෙයි වළං බිඳින්නට කාගේ තහනමක්ද? (නි)

:       0       0

පනාගොඩ Wednesday, 20 February 2013 12:23 AM

සරත් ෆොන්සේකා මහත්තයාණෙනි, රට බේරා දුන්නා මෙන් මේ රට යහමගට යවන්න. ඔබට පින්! (නි)

:       0       0

ලලිත් Wednesday, 20 February 2013 02:18 PM

අබුද්දස්ස කාලේ.... (නි)

:       0       0

සන්ධ්‍යා Wednesday, 20 February 2013 12:29 AM

අනේ මහත්තයෝ ! ගෙදරට වෙලා හිටියා නමි හොදයි නේද?(නදී)

:       0       0

රොෂාන්-සෞදි Wednesday, 20 February 2013 12:30 AM

ආයේමත් පරණ කුනු අවුස්සන්නේ ඇයි.?(නදී)

:       0       0

සුනිල් Wednesday, 20 February 2013 12:32 AM

බුදු පුතුන් කී දෙනෙක් නම් ප්‍රභා මැරුවද? ඒ ගැන කිසි කෙනෙක් කතා නැහැ. (නි)

:       0       0

චන්ද්‍රා Friday, 22 February 2013 05:35 AM

සදරුවන් කියන ඒවාට කලබලවිය යුතු නැත.(නදී)

:       0       0

සමන් Saturday, 23 February 2013 08:18 PM

ඔබතුමා මෙහෙම කතා කිරීම අපිට ලොකු සතුටක්. (නි)

:       0       0

ගූප් Wednesday, 20 February 2013 12:54 AM

එතකොට ඒ ළමයා හොදින් සිටිද්දී විතරද දැකලා තියෙන්නේ? (නි)

:       0       0

තිසල් Wednesday, 20 February 2013 01:01 AM

මිනිස්සු මොනවා කියනවද කියලා මට නම් තේරෙන්නෙ නැහැ. සමහරු කියනවා යුද්ධය දිනුවේ ෆොන්සේකා මහත්තයා කියලා. සමහරු කියනවා එයා ඒ වෙලාවේ හිටියේ රට කියලා. සමහරු ජය වේවා කියනවා. තව සමහරු තව එක එක දේවල් කියනවා. අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

ක්‍රිෂාන් Wednesday, 20 February 2013 01:17 AM

ළමයෙක් නෙමේ සතෙක්වත් මේවගේ මරලාදානවට අපි විරුද්දයි ! ඒත් අද වෙනකන් ප්‍රභාකරන් ජීවත් උනානම් කීදෙනෙකුට මේවගේ මරනයක් අත්වෙයිද ?(නදී)

:       0       0

සුනිල් Wednesday, 20 February 2013 02:34 PM

මොකටද ඕවා කියන්න ගියේ (දී)

:       0       0

ග්‍රෙග් Wednesday, 20 February 2013 01:59 AM

මෙය වගකිවයුත්තන් දැනසිටිය යුතුයි නේද? (නි)

:       0       0

සමිපත් Wednesday, 20 February 2013 02:06 AM

ආයෙත් කූරු ගනිනන්න ආසා හිතිලා.(නදී)

:       0       0

ෂෙරිෆ් Wednesday, 20 February 2013 02:25 AM

මමත් දැක්කා ඡායාරූපය නව තාක්ෂනය අනුව පින්තුර සකස්කිරීම හරිම පහසුයි. කොටියට කඩේ යන ඕනෑතරම් අය ඉන්නවා. අපි කිසිදින ලක්මව පාවා නොදෙන්නෙමු.(නදී)

:       0       0

රකිත් Wednesday, 20 February 2013 03:00 AM

ප්‍රභාකරන්ගේ පුතා වෙනුවෙන් කිඹුල් කඳුළු සලන විදේශීය ජනමාධ්‍ය, දහස් ගණන් අහිංසක දෙමව්පියන්ගේ දරුවන් බලෙන් පැහැරගෙන ගොස් කරේ සයනයිඩ් මාල දමනවිට ඇයි නිශ්ශබ්දව සිටියේ? අහිංසක සිංහල ගම්මානවලට පැන අතදරුවන් පොළොවේ ගසා මරණ කොට කොහෙද හිටියේ? ප්‍රභාකරන් අණදී තිබුනේ අතදරුවන් වෙනුවෙන් වෙඩි උණ්ඩ නාස්ති නොකරනු කියායි.(නදී)

:       0       0

අමිල Wednesday, 20 February 2013 03:06 AM

ඔබතුමා ගැන ලොකු පැහැදීමක් තිබුනා. ඒත් බල තන්හාව ඔලුවට ගහපු එකෙන් ඒ පැහැදීම ඔබතුමාම නැති කර ගත්තා. දැන් ආයෙත් මොකක්ද කරන්න යන්නේ. පුතා නෙමේ ප්‍රභාකරන් නැගිටලා ආවත් ආයෙනම් ඉස්සර සෙල්ලම් බෑ.(නදී)

:       0       0

පවන් Wednesday, 20 February 2013 03:17 AM

ත්‍රස්තවාදීන්ට කිසිදා දිනුම දිය නොහැකියි. (නි)

:       0       0

මංගල Wednesday, 20 February 2013 03:22 AM

සදරුවන්ට වලිගේ පෑගිලා. යන්නේ කොහෙද මල්ලේ පොල්.(නදී)

:       0       0

අමර Wednesday, 20 February 2013 03:08 PM

කිසිදා අප ඔබ හැර නොයනෙමු (දී)

:       0       0

සුමිත් Wednesday, 20 February 2013 04:12 AM

ඒ අහංසක ළමයව මරලා දාලා තිබුන විදිහ දකිනකොට ඕනෑම ළමයි ඉන්න මනුස්සයෙකුගේ හදවත් කඩාවැටෙනවා. බිස්කට් එකක් කමින් ඉන්න කොට අරන් තියෙන පින්තූරය එක්ක වෙඩි වැදිලා මැරිලා ඉන්න එන දැක්කම මාර දුකයි. කවුරු උනත් මොකුත් නොදන්න පොඩි ළමයෙක්නේ.(නදී)

:       0       0

බමුණු Wednesday, 20 February 2013 04:15 AM

යුද්ධය පරදින බව දැනගෙන පොඩ් එකා වෙඩි තියාගන්න ඇති.(නදී)

:       0       0

සුනිල් Wednesday, 20 February 2013 03:21 PM

ඔබතුමා ඇත්ත කියන්න (දී)

:       0       0

තරංග Wednesday, 20 February 2013 04:23 AM

නියම මිනිහෙක්.(නදී)

:       0       0

චානක Wednesday, 20 February 2013 03:28 PM

ඔබ තුමා සිංහයෙක් වගේ (දී)

:       0       0

විජිත් Wednesday, 20 February 2013 04:33 AM

එතුමා යුධ ජයග්‍රහණයට ඉහළින්ම දායක වූ බව අපිට පැහැදිලියි. (නි)

:       0       0

ඉන්දික-රෝමය Wednesday, 20 February 2013 04:39 AM

සදරුවන්, එස්.එප් හදන්නේ අපිව බේරගන්න. ඔයා වැරදියට හිතාගෙන ඉන්නේ.(නදී)

:       0       0

හේරත් Wednesday, 20 February 2013 04:59 AM

රටට ආදරේ කරන ජාතික වීරයෙක් කවදාවත් රට පාවලා දෙන්නෙ නැහැ. (නි)

:       0       0

රූපසිංහ Wednesday, 20 February 2013 05:04 AM

ඔන්න දැන් දයස්පෝරාවට සරත් පොන්සේකා මහත්තයා ලොකු පට්ටපල් බොරුවක් හදන්න චාන්ස් එකක් දුන්නා. දැන් ඔව්න් කියාවි එල්.ටී.ටී එකට ප්‍රබාකරන් ගේ පුතා ඉන්නවා කියලා. ඔහු කලේ ලොකු වරදක් බව අපේ අයට තේරුම් යන්න ටික කලක් යාවි. ද්‍රවිඩ ජනතාවට හරි නායකත්වයක් පෙන්වන්න DIASPORA එකට අවස්තාවක් නැතුවයි හිටියේ සරත් පොන්සේකා මහත්තයා ඒකට අවස්තාවක් ප්‍රසිද්ධියෙ ලබා දීල තියෙන හැඩයි. (නදී)

:       0       0

සිල්වා Wednesday, 20 February 2013 05:22 AM

මොකද මේ ප්‍රභාකරන්ගේ බාල පුතා ගැන විතරක් හොයන්නේ? (නි)

:       0       0

ඩෙන්සිල් Wednesday, 20 February 2013 05:43 AM

සදරුවන්, නියම යුධ වීරයන්ට අපහාස කරන්න එපා.(නදී)

:       0       0

ෂෙහාන් Wednesday, 20 February 2013 05:49 AM

ජෙනරල් කිව්වා තව කෙනෙකුට යුද්ධ කරන්න දෙන්නේ නැහැ කියලා. ඒ වගේම ප්‍රභාට තව උපන් දිනයක් සමරන්න දෙන්නේ නැහැ කියලා. එහෙමනම් දැන් කියන දෙයත් ඇත්ත වෙන්න ඇති.(නදී)

:       0       0

බස්තියන් Wednesday, 20 February 2013 06:08 AM

කාගේ වුණත් පොඩි දරුවෙක්නේ. (නි)

:       0       0

මලින්ද Wednesday, 20 February 2013 06:45 AM

සරත් ෆොන්සේකා කියලා තියෙන දේ කිසි වරදක් නැහැ. නිවැරදි බව ඔප්පු කරන්න තියෙන හොඳම ක්‍රමය පරීක්ෂණ වලට මුහුණ දීම.. (නි)

:       0       0

සමන් Wednesday, 20 February 2013 06:56 AM

මේවා සහගහන අපරාධ. අපි සිංහලද, දෙමළද කියන දේ අදාල නැහැ. කරපු අයට කවදා හෝ විදින්න වෙනවා නියතයි. මේ දරුවාට නිවන් සැප ලැබේවා ! (නි)

:       0       0

මංගල Wednesday, 20 February 2013 07:10 AM

සදරුවන්, ඔයා යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ නැතුව, ඉස්සැල්ලාම ජෙනරාල් කියලා තියෙන්නේ මොකක්ද කියලා බලලා ඉන්න.(නදී)

:       0       0

සජීන් Wednesday, 20 February 2013 07:10 AM

ජෙනරාල් ෆොන්සේකා කියන්නේ කෙලින් කතා කරන කෙලින් වැඩ කරන චරිතයක්. අපේ රටේ අයට ඕවා තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

දහම් Wednesday, 20 February 2013 07:34 AM

ජෙනරාල් බී.බී.සී එකට කතා කරන්න එපා. එයාලා එල්.ටී.ටී එකට පක්ෂවයි කටයුතු කරන්නේ හමුදාවට පක්ෂව කතාකරන්නේ නැහැ. අනිත් කාරණය තමයි ෂවේන්ද්‍ර සිල්වා තමයි යුද්ධය තිබුන දවස්වල මුලතිව් වල හිටියේ. ඔහු තමයි සත්‍ය දන්නේ.(නදී)

:       0       0

වරුණ Wednesday, 20 February 2013 07:35 AM

සදරුවන්ලා වගේ අය ඉන්නකල් අපිට ගොඩයන්න බැහැ. (නි)

:       0       0

ජානක Wednesday, 20 February 2013 04:01 PM

නැවතත් ෆොන්සේකා මහත්තයගෙන් දරුණු ප්‍රකාශයක් (දී)

:       0       0

සුරංග Wednesday, 20 February 2013 07:47 AM

රට වෙනුවෙන් ජීවිතේ කැප කරපු ඔබතුමන්ට බුදුන්ගේ සරණයි! (නි)

:       0       0

ජීව Wednesday, 20 February 2013 10:52 PM

පොන්සේකා මහත්තයා කවදාවත් රට පාවලා දුන්නෙ නැහැ. නමුත්...?? (නි)

:       0       0

රංජිත් Wednesday, 20 February 2013 07:49 AM

ශ්‍රී ලංකා ආමි අය කවදාවත් රබර් සෙරෙප්පු දාන්නෙ නැහැ. (නි)

:       0       0

නිවන්ත Sunday, 24 February 2013 01:39 PM

ප්‍රවෘත්තියත් සමග ඔය ඡායාරූප තියෙන තැනට ලින්ක් එකකුත් දාන්න බැරිද? (නි)

:       0       0

තිලක් Wednesday, 20 February 2013 07:55 AM

සදරුවන්, ඔබ පුත්තලමේද? (නි)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 20 February 2013 07:59 AM

සදරුවන්, ෆොන්සේකා මහත්තයා කවදාවත් රට පාවාදුන් කෙනෙක් නෙමෙයි. (නි)

:       0       0

නලින් Wednesday, 20 February 2013 04:10 PM

බුද්ධියක් තිබෙන මිනිහෙක්ට ජෙනරාල් ෆොන්සේකාගේ වචන වලින් තේරුම් ගන්න පුලුවන් අවංක බව.රට හදන්න පුලුවන් එකම කෙනා එ‍යා තමයි. (නි)

:       0       0

චන්දන Sunday, 24 February 2013 10:26 PM

මොකද්ද මේ එක පාරටම ඇදිලා ආපු කතාව (දී)

:       0       0

උමේෂ් Wednesday, 20 February 2013 08:13 AM

කවුරු මොන දේ කිවුවත් ඔබතුමා අපට සම්පතක්. ඒක තමයි ඇත්ත. මුලදී ඔබතුමාට වැරදුණාට මේ පාර නම් වරදින එකක් නැහැ කියලා අපට හිතෙනවා. දැන් ඔබ ඉදිරියට තියපු කකුල ආයෙත් ආපස්සට නම් ගන්න හදන්න එපා. අපි වෙනදා වගේම අදත් හෙටත් ඔබතුමා සමගයි. ජය වේවා! (නි)

:       0       0

ලාල් Thursday, 21 February 2013 04:53 PM

හිටපු හමුදාපතිතුමාට ජය ශ්‍රී! (නි)

:       0       0

සරත් Wednesday, 20 February 2013 08:17 AM

මෙතුමා කවදත් කෙළින් කතාකළා. ඇත්ත තිත්ත වුණත් ඇත්තනේ. (නි)

:       0       0

වසන්ත නාත් බිබිලේ Wednesday, 20 February 2013 08:17 AM

මහත්මයා, දැන්වත් අපේ රටට ආදරය කරමු. (නි)

:       0       0

බණ්ඩාර වෙල්ලස්සේ Wednesday, 20 February 2013 08:21 AM

වරදාන,පළිගැනීම් ඉදිරියේ අභිමානය රැකගත් රණවිරුවාණෙනි, ඔබට සදා ජය වේවා! (නි)

:       0       0

නිමල් Wednesday, 20 February 2013 08:24 AM

සදරුවන්, කට පරිස්සමින් කතා කළොත් හොදයි. (නි)

:       0       0

අංජන Wednesday, 20 February 2013 08:25 AM

මෙතන ගොඩක් අය අදහස් පළකරලා තියෙන්නේ ප්‍රවෘත්ති‍යෙන් කියන දේ හරියවට තේරුම්ගන්නේ නැතුවයි. (නි)

:       0       0

ලෙසිලි-ලුවී Wednesday, 20 February 2013 08:31 AM

රූපසිංහ, ප්‍රභාකරන්ගේ පුතා මැරිලා බව මුළු ලෝකෙම දන්නවා. ජෙනරාල් කියන්නේ තමන් අනදුන් අවස්ථාවේ සිට යුද්ධය නිමකරනතුරු ඔහු මැරී නැති බවයි. මේක තේරුම් ගන්න බැරිද? ජෙනරල් ඔබගේ නිර්භීත ප්‍රකාශයට අපගේ ප්‍රනාමය.(නදී)

:       0       0

ඩේවිඩ් Wednesday, 20 February 2013 11:43 PM

කොහේද යන්නෙ අනේ? මල්ලෙ පොල් මෙයා. (නි)

:       0       0

තිලක්‌ - ඖස්ට්‍රේලියාව Wednesday, 20 February 2013 08:30 AM

අපේ කස්ටිය ජෙනරාල් ෆොන්සේකා ට මඩ ගහන්නේ නැතුව හිතා බලා ප්‍රයෝජනවත් දෙයක් ලියන්න. මම ඊයේ වෙබ් සයිට් එකක තිබුණු පින්තුර තුනක් දැක්කා . දෙකක් පිරිමි ළමයෙක් බංකරයක වාඩිවී මොනවදෝ කන එකක් . අනික බිම වැටී තිබෙන පිරිමි ළමයෙකුගේ දේහයක්. වෙබ් සයිට් එක කියල තිබුන ෆොටෝ බාලචන්ද්‍රන් ගේ කියල. නමුත් කවුරුවත් කියල නැති දෙයක් මන් දැක්කා . බිම වැටී සිටින දේහය වෙඩි තියා මර දමපු එකක් නම් ඒ අසල ලේ විලක් වෙන්න ඕනේ. නමුත් අඩු ගානේ ලේ පැල්ලමක් වත් පෙන්න නෑ . අනික වාඩි වෙලා ඉන්න ලමයගේත් , වැටිලා ඉන්න ලමයගේත් මුහුණුවර ටිකක් වෙනස් වගේ. ඒ නිසා මට හිතෙන්නේ ෆොටෝ ටිකේ මොනවා හරි හොරයක් තියෙනවා කියල. ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉහල පුටු වලට මේ ගැන අවදානය යොමු වේවා!(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය විදේශ ඇමැති එයි
2024 ඔක්තෝබර් මස 04 155 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක් දින ශ්‍රී ලංකා නිල සංචාරයක් සදහා (04 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේ


කොල්ලකෑමේ යෙදුණු යුවළ අත් බෝම්බයක්ද සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 04 202 0

විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් අත් බෑගයේ දමාගෙන සිය සැමියා සමඟ තීරෝද රථයේ යමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී රහස් ප


එජා සංවර්ධන වැඩසටහනේ නියෝජිතවරිය ජනාධිපති ලේකම් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 191 0

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා


වාද්දූව මුහුදු වෙරළේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 04 226 0

වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ පිරිමි නිරුවත් මළසිරුරක් පාවෙමින් තිබෙන බව වාද්දුව පොලිසිය පවසයි .


ඇමරිකාව ඉරාන තෙල් පිරිපහදුවට බැට දෙන්න යයි
2024 ඔක්තෝබර් මස 04 1267 1

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉරාන තෙල් පිරිපහදුවලට පහර දීම පිළිබඳව සාකච්ඡා කළ බවත් කෙසේ වෙතත් එම ප්‍රහා


ප්‍රබල සූර්ය ගිනිදැල් නිකුත් වෙයි
2024 ඔක්තෝබර් මස 04 813 0

ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් හේතුවෙන් අප්‍රිකාවේත් යුරෝපයේත් සන්නිවේදන කටයුතුවලට බාධා එල්ල විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38838 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25492 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1007 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 355 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site