ප්‍රභාකරන්නට දිනා ගැනීමට බැරි වූ දෙය වෙන විදියකින් දිනා ගැනීමට කැස කවන බව මහින්ද රාජපක්ෂ ජනපති කොළඹ ගාලු මුවදොර තුන්වැනි විජයග්‍රහණ සැමරුම අමතමින් ප්‍රකාශ කළේය.
ප්‍රභාකරන්ට තිස් වසරක් තිස්සේ අවි බලයෙන් ඉටු කර ගන්නට නොහැකි වූ දෙය වෙනත් විදියකින් ලබා ගන්නට උත්සාහ කරතියි ද, විදේශයන් කියන පරිදි හමුදාව උතුරු නැගෙනහිරින් ඉවත් කිරීම රට අනතුරට හෙළීමකියි ද ජනපති කීය.
‘සියලු ජාතීන්ට මරණ බියකින් තොරව නිදහසේ හුස්ම ගැනීමට පුළුවන්. උපන් දරුවන්ට සුභ අනාගතයක් උදා කර දී තිබෙනවා. අපේ රණවිරුවන් උදා කර දුන් සාමය තහවුරු කර ගැනීමයි අපි කළ යුත්තේ.‘
ඡායාරූප - යුද හමුදාව
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්...අගය කරනවා...
ඔබයි අපේ අභිමාණය...
ඔබගේ පරිත්‍යාගය නිසයි අද අපි සතුටින් ඉන්නේ. මෙය කවදාවත් රටේ ජනතාවට අමතක කරන්න එපා..
කොන්ද පණ තියන නායකයකු හැටියට අපි ඔබට කැමතියි.
දුන් නායකත්වය යුදගිනි නිවීමට අන් කිසිවෙකුටවත් සම කල නොහැක මට ඉන් ලැබ දිරිය නොසැලී ගොස් ඉදිරියට මින් ඔබ්බටත් ඔබමය ජනපති අපට බඩු මිල ටිකක් අඩුකරනට කල ඇරයුම් ඉටුකල මැනව ලැබදේ සැමගේ පැසසුම් තුටු කල යුතුය ජනමන එයවේ සැලකුම් පෙර කල රජිදු වනු මැන අපගේ පැරකුම්
අතිගරු ජනාධිපතිතුමනි යම් මොහොතක පැන නැඟිය හැකි ඕනෑම අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයකදී එකා වන්ව පෙළ ගැහෙන්න ඕනෑම මොහොතක ඔබතුමාට ශක්තියක් වෙන්න අපි ඹ්නෑම මොහොතක ඔබතුමා සමඟයි. ඔබතුමාට තෙරුවන් සරණයි ..!!!
ජනාධිපතිතුමනි බඩුමිල අඩු කරන්න, ඒක ලොකු සහනයක් අපිට.
පර සුද්දන්ට සහ කළු සුද්දන්ට වුවමනා දේට රටේ ජනතාව කැමති නැහැ. අප ඇතුළු රටේ ජනතාව සැමදාමත් ජනාධිපති තුමා සමගයි. ලංකාවට ජයවේවා!!!
සැබෑවටම ඒක ඇත්ත. ඒත් අපේ අයත් ඒකට උල්පන්දම් දෙනවා ජනාධිපති තුමණි.
ජනපති හිටියොත් ලංකාවට ජය හම්බ වෙයි. තව ටික දවසකින් හුස්ම විතරයි ගන්න වෙන්නේ. බඩගින්නේ මැරෙන්නත් වෙනවා.
ෆොටෝ දාන්නකෝ
සුද්ධන්ට ඕන දේ කළා නම් අපි ඉවරයි. කොන්ද පණ තියන නායකයකු හැටියට අපි ඔබට කැමතියි. ලංකාවට ජය වේවා
උතුමාණෙනි යුද්ධයේ ජයග්‍රහණය ඇති ශ්‍රේෂ්ටත්වය මත අපි සිංහල දෙමල හැමෝම නිදහසේ ජීවත් වෙනවා. එත් ඔබ තුමාගේ පාලනය යටතේ මේවිදියට දුෂණය පැවතුනොත් ලංකාව ලෝකෙටම ණය කලොත් ඔබතුමාගේ යට මේවිදියට අපේ ජාතික දේපල හොරකම් කරන්න දුන්නොත් ඔබතුමාත් ප්‍රභාකරන් වගේම ද්‍රෝහියෙක් වෙනවා නේද. අපිට හැබෑ නිදහසින් ජීවත් වෙන්න හැකි රටක් කරන්න ඔය තුමාගේ පාලනයට හැකිනම් ඔබතුමාත් දුටුගැමුණු රජතුමා වගේ ඉතිහාසයේ ලියවෙයි. නමුත් ඔබ කල සේවය තීරණය කරන්නේ ඔබගේ වන්දි භට්ටයන් නෙවේ....... රට වැසියා.
ඔව් ෆාරු ඔබේ කමෙන්ටුව මමත් ඒ විදිහටම අනුමත කරනවා.අතිගරු ජනාධිපතිතුමනි අපි ඔබතුමා සමඟයි.ඒ සියළු දේවලට සාර්ථකව මුහුණ දෙන්න අපි ඔබතුමාට සැම විටම ශක්තියක් වෙනවා.ජය වේවා.තෙරුවන් සරණයි..!!!
එරික් සෝල්හයිම් හිටියේ කොයි පැත්තේද කියලා දැන් දන්නවා කොහොමද ඒගොල්ලෝ කියපු දේවල් කලානම් ?
සුද්දන්ට ඕන දේ කළා නම් අපි ඉවරයි. කොන්ද පණ තියන නායකයකු හැටියට අපි ඔබට කැමතියි. ලංකාවට ජය වේවා
“දේවියනි මා මිතුරන්ගෙන් බේරාගන්න සතුරන්ට මුහුණ දෙනසැටි මම දනිමි“
යාපනයේ අලුතෙන් අරඹන ව්‍යපාර,අලුතෙන් පදිංචි වන සිංහල ජනතාවට බදු සහන ලබා දීමට කටයුතු කිරීමෙන්, කොලඹට පැමිණී කල යුතු රාජකරී කටයුතු යාපනයේ සිට කරගනීමට අවශ්‍ය පහසුකම් ලබා දීමත්, කලපු හා මුහුද ආශ්‍රිත විනෝදය ගෙන දෙන ක්‍රියාකාරකම් වලට පහසුකම් ඇති කිරීමත්, සුපිරි ජීවන කලාවකට පිවිසීමට අවශ්‍ය අය සදහා ආරාධනා කරන්නේ නම් යහපත් බව මතක් කර දීමට කැමැත්තෙමු.
යුධ ජයෙන් පසු රටේ සිදුවන විනාශයන්ට වගකියන්න බැරිද?
ඔබ තුමාටයි ,රණ විරුවන්ටයි මගේ නමස්කාරය..
ජනාධිපතිතුමනි අපි විමසිල්ලෙන් ඉන්නේ. ඒ වගේ ආණ්ඩුවේ වගතීමත් තියෙනවා විමසිල්ලෙන් වැඩ කරන්න. ඒත් කරුණාකර බඩුමිල අඩු කරන්න පුළුවන්නම් ලොකු සහනයක් අපිට.
ඔබ ඇති තැන, නැත බිය සැක