ආරියරත්න රණබාහු
බැඳුම්කර හා වංචා විමර්ශන සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදය බදාදාට (21) කතානායක කරු ජයසුරිය මහතා කල් තැබිණි.
බරපතල වංචා විමර්ශණ සම්බන්ධ වාර්තාව සිංහල භාෂාවෙන් පමණක් පැවතිමට එම්.ඒ.සුමන්තිරන් මහතා විරෝධය පළ කිරිම මෙයට හේතුව වේ.
ඒ අනුව අද පාර්ලිමේන්තුව විනාඩි 40 ක කාලයකින් අවසන් කැරිණි.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පාර්ලිමේන්තුව විනාඩි 40 න් අවසන්
tomy Tuesday, 20 February 2018 08:51 AM
බැරිද පාර්ලිමේන්තුව රැස් නොකර ඉන්න...........
rama Tuesday, 20 February 2018 09:07 AM
එහෙනම් මොන භාෂාවෙන්ද තියන්න ඕන ? ඔක්කොම භාෂා වලින් ද?
sena Tuesday, 20 February 2018 09:07 AM
පුදුමාකාර නොසැලකිලිමත් රැලක් අපේ පාර්ලිමේන්තුවේ ඉන්නේ ඉතින් අපේ රටට කවදා හරියයිද ?
upali Tuesday, 20 February 2018 09:24 AM
අපරාදේ අපේ සල්ලි...
sirimal Tuesday, 20 February 2018 09:30 AM
අද පාර්ලිමේන්තුවේ ඉන්නා එක් කණ්ඩායමක උත්සාහය වන්නේ හොඳින් හෝ නරකින් හෝ මහින්ද රාජපක්ෂ නැවත බලයට පත්කිරීම බව හොඳින්ම පෙනීයයි. ඒකාබද්ධය පාර්ලිමේන්තුවේ ඉල්ලාසිටි විවාදයද එවැනි අසාර්ථක උප්පරවැට්ටියකි. නමුත් අවසානයේ ඔවුන්ට කථිකයන් නොමැතිව ඉල්ලු විවාදය කල්තියා අවසන් කිරීමට සිදුවිය.
ජගත් ලියනගේ Tuesday, 20 February 2018 09:33 AM
ඔය බැඳුම්කරයට අන්තිමට කොහේවත් නැති අපි වැරදි කාරයෝ වෙයිද දන්නේ නැහැ . ඇයි පුදුම දේවල් නේද දැන් සිද්ධ වෙන්නේ ?
Raveendra Tuesday, 20 February 2018 10:08 AM
දැන් ඔය හමුවෙන්න මහජන මුදල් කෝටි කියක් වියදම් උනාද ? එතකොට මිලකල නොහැකි මිනිස් ශ්‍රමය කොච්චර නාස්ති උනාද ? එතකොට රෑන පාරේ ඉගිල්ලෙනකොට සාමාන්‍ය ජනතාවගේ ගමන් බිමන් පමාවිමට මේ අය ගත්ත පියවර මොනවාද ?
asanka suraweera Tuesday, 20 February 2018 10:55 AM
අද අපි එනකොට පාරවල් වල දිගට වාහන පෝලිම්, මම හිතුවා අද පාර්ලිමන්ට් ඇති කියල ඒගොල්ලන්ට යන්ඩ ඉඩදීලා අපිව නවත්තගෙන ඉන්නවනේ බොරැල්ලේදී. ඒගොල්ලෝ ගිහිල්ල විනාඩි හතලිහෙන් ඉවරකරලා මුකුත් නොකර ආයෙත් යනවා. මේක මහා අපරාධයක් යහපාලන ආණ්ඩුව එනකොට කිව්වේ මේවා නැති කරනවා කියලනේ.
Nimal Tuesday, 20 February 2018 11:13 AM
අපේ පාර්ලිමේන්තුවෙන් සිදු වන්නේ මහජන මුදල් කාබාසිනියා කිරීමක් පමණි. රටේ කිසිම ප්‍රශ්නයකට විසදුමක් නැහැ.
රවින් Tuesday, 20 February 2018 11:17 AM
කල් ගත්තා බොහොම වැඩියි. ඕක ඉවර කරන්න තිබුණේ තප්පර හතළිහෙන් .