දික්වැල්ල නගරයේදී ජංගම දුරකතනයක් පැහැරගත් තරුණයෙක් මූදට පැණ පීනන්නට විය. පොලිස් කොස්තාපල්වරයෙක් ද මූදට පැණ ඔහු ලුහු බැන්දේය. පොලිස් කණ්ඩායමක් බෝට්ටුවකින් මූදට ලොස් දෙදෙනාම ගොඩ ගත්හ. (එස් ගලප්පත්ති)
අම්පාර එරගම - මීහරකුන් හොරෙන් පටවාගත් ලොරියක් හා සහල් පටවාගත් ලොරියක් එරගම මිනීමරු හන්දියේදී අද අලුයම ගැටී ලොරියක සිටි තිදෙනක් බරපතල තුවාල ලබා බේරාගෙන රෝහල් ගත කරනු ලැබූහ. මීහරකුන් ටික බේරාගෙන ගිය බව ද කියති. (වසන්ත චන්ද්‍රපාල, නවරත්න සමරතුංග)
කරන්දෙණිය - මාසයක් ඇතුළතදී 16 වැනි හොර ගිනි අවියත් සොයා ගත් බව පොලීසිය කියයි.(සුසිල් ප්‍රියන්ත)
කළුතර - කළුතර නගර සභා පිටියේ සංගීත සංදර්ශනයක් බැලීමට පැමිණි පුද්ගලයකු සංගීත භාණ්ඩ ප්‍රවාහන ලොරියකට යටවී අද අළුයම මියගොස් සිටි බව පොලීසිය කියයි. (රත්නසිරි ප්‍රේමලාල්, සුනිල් තන්ත්‍රිආරච්චි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් එකයි.(නදී)
පුවත් කිහිපයක් එකවර, එකත් හොද අදහසක් (දී)
පවු අසරණයා (කළුතර - කළුතර නගර සභා.....) (දී)
ලංකාදිපෙන් තවත් අලුත් වැඩක් (දී)
මුදට මුකුත් නෑ.. (ස)
බී.බී.සී. සන්දේශය වගේ ලංකාදීප සංදේශය කියලා නම්කලානම් වඩාත් හොඳයි මේ ප්‍රවෘත්ති පෙල (ස)
හොරුන්ටම ගිය රට... (නි)
මාතර සුදා අල්ලන්න ගිය රාළහාමි ලිඳේ ගිලී මියගියා. මේ හොරා අල්ලන්න ගිහින් මුහුදේ ගිලිච්ච නැති එක ලොකු දෙයක්. ලුණු වතුරෙන් තෙමිච්ච මොබයිල් එක නියමෙට වැඩ ඇති! (නි)
පොලිස් නිලදරුවන්ටත් ලැජ්ජා නැහැනේ. මොරටුවේ කෙනෙක් හොරු පස්සේ ගිහින් වෙච්ච දේ අමතක වුණාද? (නි)
පොලිස් නිලධාරින්ට ලැජ්ජා නැහැ. මොරටුවේ පිස්සා පස්සේ ගිහික් වෙච්ච දේ අමතක වුනාද?(නදී)
දැන් අම්පාරේ පාරවල් කාර්පට් කරලනේ ඒකයි මේ... (ස)
නිකන් නෙමෙයිනේ කියන්නේ පොලිසියේ ඉන්නේ අට පාස් කට්ටිය කියලා.(නදී)
මේ වැඩේ කාලෝචිතයි. දිගටම ප්‍රවෘත්ති සංදේශය පල කරන්න.(නදී)
ප්‍රවෘත්ති සංදේශය හොඳ වැඩක්.දිගටම පල කරන්න (ස)
පොලිස් නිලධාරින් මේවගේ පීනලා හරි ගිහින්, වරෙන්තු පිට ඉන්න යකඩ හොරුත් අල්ල ගත්තොත් නරකද? (ස)
සරා ගොයියා හරි මිනිහා... (ස)
මීහරක් කට්ටියට හරිම සන්තෝස ඇති මී හරක් හොරුන්ට තුවාල වුණ හින්ද (ස)
ලංකාවේ දැන් මීහරකුන් ඉතුරු වෙලා මිනිස්සු මැරෙනවා. අනේ අපොයි! (නි)
මොනවා කියනවද? එහෙම නොකළා නම් මිනිහා වෙන පැත්තකින් ගොඩට එන්න පුළුවන්නේ! (නි)
පොලිස් නිළධාරියා මුහුදට පන්නින ඕනේ නැහැනේ ඌ පීනලා ඉන්දියාවට යන්නද ගොඩට එනකන් බලන් ඉන්න තිබ්බනේ (ස)