ශ්රී ලංකා ප්‍රවාහන හා සංචාරක ව්‍යාපාරයේ පුරෝගාමියකු වූ ඊබට් සිල්වා (79) මහතා අභාවප්‍රාප්ත විය. සිය පියාවන නෝමිස් ද සිල්වා මහතාගේ අඩි පාරේ යමින් ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් විශිෂ්ට සේවයක් පවත්වාගෙන ගිය ඔහුගේ බස් සමාගමේ නම රටේ අස්සක් මුල්ලක් නෑර කීර්තියක් දිනා සිටියේය. ඔහුගේ වියෝවෙන් බිරිය සුධර්මා ද, රාජිනී හා රාජින්ද යන දරුවෝ ශෝක වෙති. මහජන බුහුමන් සඳහා දේහය දෙහිවල හිල් වීදියේ අංක 25 දරණ ස්ථානයේ තැන්පත් කැර ඇත. ගල්කිස්ස සුසාන භූමියේ දී සෙනසුරාදා (31) ආදාහනය සිදු කිරීමට නියමිතය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd