රත්නපුර කැරෝකේ සමාජ ශාලාවක් වැටලූ හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතාගේ පවුල් පිටින් මරා දමණ ලෙසටත්, මිනී පෙට්ටි ලෑස්ති කර ගන්නා ලෙසටත් ගාල්ලේ දුරකතන කුටියකින් දුන් මරණ තර්ජනයෙන් පසුව ඔහුට විශේෂ පොලිස් ආරක්ෂාවක් සලසා ඇත.
පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතාගේ උපදෙස් පරිදි අද සිටම එම ආරක්ෂාව දී තිබේ.
පොලිස් ආරක්ෂාවට හිමිකම් තිබුණත් ඔහු මෙතෙක් එම ආරක්ෂාව ලබාගෙන තිබුණේ නැත.
දුරකතන කුටියකින් දෙන ඇමතුමක අංකය සටහන් වුවත් ඇමතුම දුන් තැනැත්තා සොයා ගැනීමට ලේසි පහසු නොවන බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරයගේ කෙනෙක්ද?(නදී)
කැරොකේ එකට බලපත්‍ර නැත්නම් බලපත්‍රයක් ගත්තා නම් ඉවරනේ.මේ මිනිස්සුන්ට කරදර නොකර.බලපත්‍ර නොගන්නේ බදු ගෙවන්න වෙන නිසාද නැත්නම් වෙන හේතුවක් නිසාද.... (නි)
මෙතුමාට ආරක්ෂාව දෙනගමන්ම මේ සමාජ ශාලාව පවත්වන්න බලය දුන් දේශපාලු බළල් හස්තය සොයා දුවන්න කියා වෙඩි තබන්න. රටේ අනාගත දරුවන්ගේ සුබ සිද්ධිය තකා මෙය කරන්නාවූ කෙනෙක් ඇත්නම් මාගේ ප්‍රණාමය. (නි)
මහත්තයෝ, බය වෙන්න එපා ඔය තර්ජන වලට. (නි)
වැඩි කලක් සැඟවිය නොහැක. එනම් හිරු එලිය සඳ එලිය සහ සත්‍යය. (නි)
කියන්න කණගාටුයි. අපි අද ජිවත්වෙන්නේ දුෂිත සමාජයක. වයස පහ හයක පොඩි දරුවෙක්ව තනියෙන් පාසැල් යවන්නත් බයයි. රටේ නීති පද්ධතිය අයාලේ ගිහින්. දිනෙන් දින අපරාධ රැල්ල වැඩිවෙනවා. කොහේ බැලුවත් තර්ජන, මිනීමැරුම්, දුෂණය,කොල්ලකෑම් පළිගැනීම් ඉහල යමින් පවතියි. (නි)
මැර දේශපාලන ක්‍රමයේ අතුරු ප්‍රතිපල මේවා. චන්දය දෙනකොට මොලය පාවිච්චි කරන්න මිනිසුනේ. (නදී)
පොලිසියටට් පොලිස් ආරක්ෂාව දෙන්න වෙලා නම් නම් අනේ අපේ රට කොහාටද?(නදී)
වාස් ගුණවර්ධන මහත්තයා රත්නපුරේ ඉන්නකොට ඕක තිබුනේ නැද්ද? (නදී)
මිනී මරුවන් පළාත් සභා වල ඉන්න රටක සාධාරණ පුරවැසියන්ට ඉඩක් නැහැ.(නදී)
මහත්තයෝ අපේ රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට යෑම දැලි පිහියෙන් කිරි කනවා හා සමාන වැඩකි. එවිට සිද්දවන්නේ විශ්‍රාම වැටුපත් නැතුව ගෙදර යාමටයි. එමනිසා පරිස්සමින්. (නදී)
ප්‍රිශාන්ත ජයකොඩි විරුවාට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය ලැබේවා! සමන් දෙවිදු පිහිටයි! (නි)