ප්‍රංසයේ පැරිස් බෞද්ධ විහාරයේ කඨිණ පිංකම විහාරාධිපති කෝන්ගස්දෙනියේ ආනන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් පසුගියදා පැවැත්විණි.
ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක මුරුංගාගස් යායේ ඤාණිස්සර , ලන්ඩනයේ ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ආචාර්ය හාඳුපැල්පොල මහින්ද ,ලස්විට්සර්ලන්තයේ සුරිච් බෞද්ධ විහාරයේ වල්පොල කල්‍යාණතිස්ස, ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති හාලිඇලේ විමලරතන,ජර්මනියේ මියුනික් විහාරයේ මහදමනේ අස්සජි හිමිවරුද, බුරුම සහ කාම්බෝජ ජාතික ස්වාමීන්වහන්සේලා මෙන්ම ශ්‍රී ලංකා බංගලිදේශ වියට්නාම කාම්බෝජ සහ ප්‍රංශ ජාතික බෞද්ධයෝ ද සහභාගිවුහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු ගුණයයි කහ පැහැයයි හද සනසයි සිත සනසයි (ස)
මේක බලලා අපේ අයත් කෝට් ඇඳන් ධාතු කරඬුව වඩම්මවන්න හදාවිද දන්නේ නෑ (ස)
පින්කමට සහභාගි වෙන්න ඇත්නම්...? (නි)
බුදු සසුණ බැබලේවා! (නි)
බුදු ගුණ සම්බන්ධ වැඩ වලට අදහස් නැහැ. බුදු ගුණ සැමදා සත්‍යයයි. (නි)
අතිගරු ආනන්ද හිමි ඇතුලු සංවිධායක මඞුල්ල වසර ගණනාවක් පුරා කරගෙන යන කඨින පිංකම්, අනිකුත් ආගමික පිංකම්, අලුත් අවුරුදූ උත්සව ,ආදිය ඉතාම අලංකාර ලෙස කිසිදු අඩුපාඩුවකින් තොරව කරගෙන යැම ගැන සියලුම බෞද්ධයන්ගේ ප්‍රශංසාව පත්විය යුතුමය. සැම පිංකම් දිනවලදීම කාලගුණයෙන් පවා කිසිම බාධාවක් නොමැතිවීම මවිතයට පත් වන කරුණකි.ඇත්තටම මෙය හාස්කමක් විය හැකිද? (නි)
මේ ගොඩක් හාමුදුරුවරු ලංකාවේ අයනේ. ලංකාවේ සියලුම නිකාය වල හාමුදුරුවරු මේ වර්ෂයේ වස් වැසුවේ නිකිණි මාසේ. ඒක සංඝයා සම්මත කරගත් දෙයක්. ඒක විනයට අනුව කළ හැකි දෙයක්. ඉතිං මේ හාමුදුරුවරු කොහොමද කලින් වස්වසලා කලින් කඨින කරන්නේ. (නි)
හේෂානි ඔබ හොඳ දෙයක් පහදල දුන්නෙ.අපි මේ රටවල ඉන්න බෞද්ධයො වුනාට අනිත් ආගම් වල අය වගේ පිළිපදින්නෑ. (ස)
පැරිසියේ සංඝ පිතෘවරුන් සැමදෙනාගේ අකලංක සහයෝගය ද ලබාගෙන, අපගේ ගෞරවනීය ආනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සෑම වසරක් පාසාම කරගෙන යන මෙම මහඟු පින්කම ගැන ශ්‍රී ලාංකිකයන් හැටියට අප සැමදෙනා එතුමන් හට ගෞරව කළ යුතුයි. උන් වහන්සේ ඇතුළු ප්‍රංශයේ සියලුම භික්ෂුන් වහන්සේලාට අපගේ නමස්කාර් පුර්වක කෘතඥතාවය. (නි)
ග්‍රේෂාණි, වස් වසන්නේ ඇසළ පොහොයට පසුදින. මහ නා හිමිවරු මුලින් ඇසළ පෝයට වස් වසන ලෙස නියම කර නිවේදන එවුවා. ඒ අනුව විදේශවල ඇති පන්සල් වස් විසීම ඇතුලු සියලු වැඩ සටහන් සකස් කළා.මෙය මහ පෝය 13ක් ඇති වර්ෂ වල සිදුවන සාමාන්‍ය දෙයක්.ලංකාවෙ වෙනදා මේ ක්‍රම දෙකම හිමිවරු අනුගමනය කර කොටසක් එක් පෝයකටත් අනෙක් කොටස තවත් පෝයකටත් වස් වසනවා.මෙවර ලිතේ මේ ක්‍රම දෙකම පෙන්වා තිබෙනවා. මෙවර අන්තිම අවස්ථාවෙ මුලින් එවූ නිවේදනය අවලංගුකර මහ නායක හිමිවරු ඒකාබද්ධව තීරණයක් ගත්තෙ.එනිසා මෙහි ගැටලුවක් නැහැ.මෝඩකම තිබුණාට එය ප්‍රදර්ශනය කරන්න එපා.නොදන්නා දෙයක් වේ නම් දන්නා කෙනෙක්ගෙන් අසා මින් පසු මෙවෙනි දේ ලියන්න. එවිට අන් අයට ඔබේ මෝඩකම ප්‍රදර්ශනය වන්නේ නැහැ. (නි)