ප‍්‍රංශයේ ශ්‍රී ලංකා සිංහල සංස්කෘතික සංවිධානය විසින් වසරකට වරක් ඉදිරිපත් කරන බක්මහ උළෙල මෙවරත් 2013 මැයි මස 04 හා 11 වෙනි සෙනසුරාදා පැරීසියේ කළාප අංක 20 හි පිහිටි ලූවි ලූමියෙර් ක‍්‍රීඩා පිටියේදී පැවැත්වේ. එයට ඇතුලත් දැල් පන්දු කාන්තා හා අත් පන්දු පිරිමි, පාපන්දු පිරිමි මූලික තරගාවලියන් මැයි මස 04 වෙනි සෙනසුරාදා උදේ 09 සිට පහත ලිපිනයේ සඳහන් ක‍්‍රීඩා පිටියේදී පැවැත්වේ. ඒ සඳහා අයදුම්කරුවන් පහත දුරකථන අංක අමතා තම අනන්‍යයතාවය සහතික කොට අයදුම්පත් බාරදිය හැක්කේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාර වැඩේ හොදට කරන්න පුළුවන් වෙනවා. හොද කට්ටියක් ඉන්නවා. කඩාකප්පල්කාරයා හැමදාම ලෙඩ අදිනවා වැරදි හොයනවා. ගණන් ගන්න එපා. අලුත් සභාපතිට අපෙන් සුබ පැතුම්! (නි)
ශ්‍රී ලංකා සිංහල සංස්කෘතික සංවිධානය කිව්වාට අපේ ජාතියට සංස්කෘතියට කිසිම සේවයක් වෙන්නේ නෑහෑ. සිංහල බක්මහ උළෙලට මස් පුලුස්සා විකුනමින් , මත් පැන් පානයකර ජාතික ගීතය විකෘතිකර ගායනය කරමින්ද සංස්කෘතිය ආරක්ෂා කරන්නේ.(නදී)
සභාපතිතුමනි, ඔබ අවංක කෙනෙක් නිසා මේ වැඩේ සාර්ථක වෙනවා සිකුරුයි (නි)
මොන තරඟය තිබ්බත් කමක් නැහැ. මැරතන් තරඟ නම් පිටරට වලට අශුභයි ගේ! මේ කාලයේ.(නදී)
අපි උද්ව්කරනවා ගනේවත්ත කියනදේ කරන්න දෙන්න ගියොත් හැමදාම ප්‍රශ්න. වව්ලෝ ඉන්නකන් සන්විදානේ වැඩ අවුල්.. (ස)
සිංහයෝ එකතුවෙයව්. සමගිය බලයවේ! අපි එක්වෙමු ! ජාතිය ගොඩනගමු ! බෙදීම පසකලා වැඩකරමු ! ජාතික කොඩිය බබළවමු ! ජය ශ්‍රී !!!! (ස)
නව සභාපතිට දිරිය ලැබේවා ! (ස)
කවුද මේ ස්වර්ණ අදහස් දාපු ස්වර්ණ? (නි)
සභාපතිතුමා වැඩකාරයා නිසා එයා කියන විදිහට කළොත් වැඩේ ගොඩ යාවි. භේද එපා. අපි ෆුල් සපෝට්. සංවිධාන ඔක්කොම ගෙන්නමු. ලංකාවේ අවුරුදු උත්සවයක් කරමු. ඕනෑ නම් මම තව කට්ටිය ගේන්නම්. ජයවේවා ! (නි)
මුළු සංවිධායක මඩුල්ල සහ සියලුම අපට සහයෝගය දෙන ලාංකිකයන්ට බක්මහ උළෙල සාර්ථක කරගන්න ධෛර්යය ලැබේවා! (නි)
සභාපති විතරක් නොවේ මේකේ නිලධාරී සියලුදෙනාම වැඩකාරයෝ.(නදී)
සිල්වා ඔයා බයිලා කියන්නේ නැතුව ටිකට් පොත් විකුණලා දෙන්න. (ස)