IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


පැරිස් බහක්මහ උළෙල

ප‍්‍රංශයේ පැරිස් බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධිත ශ්‍රී ලංකා අධ්‍යාපන, සංස්කෘතික සහ සුබසාධන සංවිධානය (සෙක්සා පදනම) මගින් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පරවාහැර චන්දරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි වසරක් පාසා පවත්වනු ලබන බක් මහ උළෙල අපේ‍්‍රල් මස 07 වැනිදා දවස පුරා  බුර්ශේ නගරයේදී පැවැත්විණි.
වසර 18ක් තිස්සේ නොකඩවා පවත්වන මෙම බක් මහ උළෙල මෙවර ප‍්‍රංශයේ ශ්‍රී ලාංකිකයින්ගේ උනන්දුව සහ උද්යෝගය මත උත්කර්ෂවත් ලෙස සංවිධානය කර තිබිණි.
පරවාහැර චන්දරතන නාහිමියෝ ජාතික කොඩිය එසවූහ. ධම්මචක්ක බෞද්ධ විහාරයේ දහම් පාසලේ සිසු සිසුවියෝ ජාතික ගීය ගායනා කළහ. මාපලගම ජිනානන්ද හිමියෝ පිරිස් පංචශීලයේ පිහිටැවූහ. සාහිත සමරසූරිය අවුරුදු පණිවිඩය කියවීමෙන් පසු ගීත ගායනයක්ද කෙරිණි. බුලත් හුරුළු පිළිගන්වා භික්ෂුන් වහන්සේලා සහ මාපියන්ට වැඳ නමස්කාර කිරීම සහ හිස තෙල් ගෑම වැනි ජාතික සිරිත් සඳහා ද මෙම බක්මහ උළෙලේදී ප‍්‍රමුඛස්ථානයක් දී තිබිණි.
ශ්‍රීලංකාවේ සිට වැඩම කළ මාලඹේ විජිතාරාමාධිපති මීවැල්ලාවේ ප‍්‍රඥාතිස්ස හිමි සහ ගැල්වාන පුරාන විහාරාධිපති ජිනරතන හිමි ඇතුළු භික්ෂුන් වහන්සේට දානය පිළිගැන්වීමෙන් පසුව පැමිණ සිටි සියල්ලෝම ආහාර අනුභව කළහ. මෙවරත් අවුරුදු ආහාර මේසය පිළියෙළ කර තිබුණේ සමරක්කොඩි යුවළ සහ මනික්පුර යුවලගේ පරිත්‍යාගයෙනි. අනතුරුව ආරම්භ වූ ජාතික ක‍්‍රීඩා එදින සවස් වන තුරුම පැවැත්විණි.
ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දායක දායිකාවන් පිළියෙළ කළ ආපන ශාලාව මෙවර ද සකස් කර තිබිණි. ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ  අභිනවයෙන් ගොඩනංවන බුද්ධ මන්දිරය සහිත ගොඩනැගිල්ල වෙනුවෙන් මුදල් ආධාර ලබාගැනීමේ අරමුණ ඇතිව මෙවර ආපන ශාලාව පැවැත්විණි.
මෙම ආපන ශාලාව කැවුම්, කොකිස්, කිරිබත් ආදී සියලූ අවුරුදු කෑමවලින් සමන්විත විය. ප‍්‍රංශයේ සහ ශ්‍රී ලංකාවේ ජාතික කොඩිවලින් උත්සව භූමිය සරසා තිබිණි. අජිත් ගමආරච්චි මහතා උත්සවයේ පසුබිම සකසා තිබිණි. මහින්ද හේරත් මහතා ශාලාව සැරසීමේ භාණ්ඩ සැපයීය.
මහා සංඝරත්නය සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති ස්වර්ණා පෙරේරා මහත්මිය සහ කිසාගෝතමී සරච්චන්ද්‍ර මහත්මිය පැමිණීමෙන් අනතුරුව දෙරටේම ජාතික ධජ එසැවූ අතර ආරාධිතයෝ පොල්තෙල් පහන දැල්වූහ.
බක් මහ උළෙල අවසානයේ ද මිත‍්‍රා පීරිස් මහත්මියගේ සංවිධායකත්වයෙන් පවත්වන ලද සංස්කෘතික සංදර්ශනය සහ ලහිරු ප‍්‍රභාශ්වර ඉදිරිපත් කළ වෙස් නැටුම් සියල්ලෝම ප‍්‍රශංසා කළහ.
මෙවර අවුරුදු උළෙලේදී පරවාහැර චන්දරතන හිමිපාණන්ගේ සංකල්පනාවක් අනුව ප‍්‍රංශයේ ධම්මචක්ක බෞද්ධ විහාරාධිපති කොන්ගස්දෙනියේ ආනන්ද මාහිමියන්ට සහ ප‍්‍රංශයේ ජේතවන විහාරාධිපති මුරුන්ගස්‍යයේ ඥානිස්සර නාහිමියන්ට සෙක්සා පදනමමගින් විශේෂ සම්මාන දෙකක් ප‍්‍රදානය කළ අතර ප‍්‍රංශයේ වාසය කරමින් ශ්‍රී ලංකා සංස්කෘතියට සහ කලාවට සේවය කරන රුවන්සිරි විතානගේ මහතාට සහ දමිත‍්‍රී පීරිස් මහත්මිය ද සම්මාන පිරිනැමිණි.

 



අදහස් (0)

පැරිස් බහක්මහ උළෙල

ජගත් වන්නිආරච්චි පැරිසිය Thursday, 18 April 2013 03:01 PM

අවශ්‍ය නම් මෙම මධ්‍යස්ථානය හා පුද්ගලයින් ගැන මට කරුණු ගෙනහැර දැක්විය හැක. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 1301 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 797 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 1328 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 943 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 774 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 451 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38522 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25364 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 917 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site