ප්‍රංශයේ ශ්‍රී ලංකා අධ්‍යාපනික කේන්ද්‍රය විසින් පවත්වා ගෙන යන සිංහල භාෂා පාඨශාලාවේ දු දරුවෝ පසුගිය වෙසක් පෝයට සිල් සමාදන් වූහ.
පැරිස් කලාප අංක 18හී කතෝලික දේවස්ථානයකට අයත් ශාලාවක පවත්වා ගෙන යන මෙම සිංහල පාසලේ දරුවෝ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ මාපලගම ඡිනානන්ද හිමියන්ගෙන් සිල් ගත්හ.
ජාතක කථා, බුදුගුණ, පිරිත් ඇතුලත් දහම් වැඩ සටහන් දරුවනට ශ්‍රවනය කීරිමට අවශ්‍යය කටයුතු මනා ලෙස සලසා තිබිනි.
තම දු දරුවන්ගේ සිංහල භාෂා දැනුම වැඩි දියුණු කර ගැනීමට ඉහත පාසල ඛෙහෙවින් උපකාරීවී ඇති බවත්, ඒ සදහා තවමත් ඉඩකඩ විවෘතව ඇති බවත්, දරුවන් පාසැලට අනුයුක්ත කරන ලෙස පැරීසියේ බුද්ධිමත් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින බව එහි ප්‍රධානි රණවි බණ්ඩාර මහතා පැරීසියේ ලංකාදීප එසැණට පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු සරණයි ඔබට (දී)
කුමරිහාමිට නම් පිස්සු වගේ. ප්‍රංශයට අපේ ශ්‍රී ලාංකිකයන් ගියේ රැකිය කරන්න තමන්ගේ ආර්ථිකය හදාගන්න. ඒ අපේ රටේ තිබෙන ප්‍රශ්න නිසා මිසක් කළු සුද්දෝ වෙන්න නෙමේ. (නි)
සුභපතනවා හොද වැඩක් (දී)
ඉතා හොද වැඩක් (දී)
මුරුගන්, බලන්න අපේ ශ්‍රී ලංකාවේ සුළු ජාතික දෙමල අයට අපි සලකන ලස්සන.මොන රටේද එහෙම කරන්නේ? (නි)
වාද භේද විවේචන වලින් වැළකිලා අපි ඉන්න ටික දෙනා සමගියෙන් හිටියොත් හොඳයි නේද? (නි)
පන්සල් වැඩි වුණාට කමක් නැහැ , අවශ්‍ය සේවය සිදු වනවා නම්. එකට සිට බෙදී යන්නේ තනතුරු හා වෙනත් දේවල ආශාවන්ට. එකමුතු කමක් නැහැ අපේ සිංහල අය අතරේ. සිංහලු බෙදිලා ඉන්නේ ආගම නිසා. (නි)
කුමාරිහාමියේ මොකද මේ ටික සිංහලෙන් ලිව්වේ.? ප්‍රංශේ හිටියට ඔයාලට කලු හම වහන්න බෑ. (නදී)
ප්‍රංශයේ පදිංචි වෙලා ඉන්න අයට සිංහල ඉගෙනගෙන ප්‍රයෝජනයක් තියෙනවද? ඇයි ප්‍රංශ සංස්කෘතියට අනුගත වෙන්න බැරි? ලංකාව හොඳ නැති නිසා නේද ප්‍රංශයට ගියේ? මේ ගොල්ලෝ ප්‍රංශ පුරවැසියෝ මිසක් ලාංකිකයෝ නෙවෙයි. ලාංකික සම්භවයක් තියෙනවා විතරයි. (නි)
බටහිර රටවල ආගම බේද නැහැ. කරදර නැති ඕනෑම ආගමකට ඉඩ තිබෙනවා. උදව් ලැබෙනවා මුදල් සපයනවා.පල්ලි වලින් තමා ගොඩක් වෙලාවට දුප්පත් රටවලින් ඇවිත් ඉන්න ඉන්න තැනක් නැති කන්න නැති අයට ගොඩක් උදව් කරන්නේ. (නි)
අපි ඒ අයගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න ඕනේ. (ස)
බුදු සසුන බැබලේවා
ආගමික සහජිවනේ පේනවද. මොන එහෙකටද පැරිස් පල්ලියෙන් සුළුතර ආගම වලට ඉඩ දෙන්නේ. මේක නෙවේද මනුසසකම. (ස)
අනේ කරුණාකරල මේව බලල ගිනි තියාගන්නනම් එපා (දී)
මේ කට්ටිය ඔක්කොම එකට හිටියේ. දැන් බෙදිලා. පේනවා නේද? කණ්ඩායම් කීයක්ද? පන්සල් කීයක්ද? (නි)
මොන තරම් හොද දෙයක්ද (දී)
ආගමික නිදහස තමයි වැදගත්
ලෝකේ පුරා වෙසක් සිරිය
මොන තරම් පින් ඇති වැඩක්ද
ලක් මාතාවට තමයි ආඩම්බර
ලෝකෙම බුදු ගුණ සුවද පැතිරිලා
ළමයින්ගේ වැඩේට අපි සුභපතනවා
අර සේනා මේ සේනා මේවා නැවත නැවත කියවත්වා..... (ස)
උතුම් වැඩක්