කහවත්ත කොටකෙතනදී මවක සහ දියණියක මරා දැමීමේ දෙවැනි සිද්ධිය සම්බන්ධයෙන් සිවු දෙනෙක් පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත් චාන්දනී නිරංජලා ඩයස් මහත්මිය විසින් රිමාන්ඞ් කරනු ලැබූහ.
පොල් කඩන්නෙක් මැණික් ගරන්නෙක් හා ති‍්‍රරෝද රියැදුරෙක් ද ඒ අතර වෙති.
කහවත්ත කොටකෙතන පදිංචි නාමල් චමින්ද සිල්වා ආචාරිගේ සිරිපාල, ලොකුගම්හේවගේ මිතිල, ලොකුගමහේවගේ සිසිර හෙවත් නුසාර ඔවුහුය.
මේ අතරින් ආචාරිගේ සිරිපාල සැකකරු බදාදා (3) දක්වා බන්ධනාගාර ගත කිරීමටත්, ඔහු අනෙක් සැකකරුවන්ගෙන් වෙන්වූ බන්ධනාගාරයක තබන ලෙසත් මහේස්ත‍්‍රාත්වරිය නියෝග කළාය.
කහවත්ත කොටකෙතන පදිංචිවසිටි යූ.ජී. පේ‍්‍රමාවතී (65) සහ එච්.ජී. පුෂ්පා කුමාරි (32) මවත් දියණියත් ඉකුත් ජූනි 19 වැනිදා රාත‍්‍රි වක් පිහියකින් කපා ඝාතනය කර පුළුස්සා තුබූ බව පොලිසිය අධිකරණයට දැන්වීය.


1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔසාන් සලාම්, ඔයාට දෙයියන්ගේම පිහිටයි. (නි)
ප්‍රශ්න කරන්න දෙයක් නැහැ. මගදී පනින්න හැදුවයි කියලා වෙඩි තියලා දාන්න. (නි)
මෙවන් අය ලෝකයේ නොසිටිය යුතුය. එකවරම මරා දමන්න. (නි)
ඔවුන් එල්ලිය යුතුමයි. (නි)
මේ මිනිස්සු මුළු රටටම පිළිලයක් වෙලා තියෙන්නේ, උපරිම දඩුවම් දෙන්න (ස)
මේ අය පණ පිටින් මරන්න ඕනි (ස)
මෙයාලාව මහජනතාවගේ මුදල් වලින් හිරේ තියාගෙන නඩත්තු කරන එකත් පවක්. මරල දාන්න තියෙන්නේ (ස)
අපට ඕනෑ අක්‍රීයව පවතින මරණ දඬුවම ක්‍රියාත්මක කරලා මුන් වගේ ජරා මිනීමරුවන්ට දඬුවම් කරන්නයි. (නි)
මොවුන්ට ශාප වේවා! මුන්ව මැරුවට පවු නැහැ. (නි)
අනේ මෙයාල හංගපු ආයුධවත් නැද්ද පෙන්නන්න එක්කරන් යන්න. (ස)
මිත්‍රවරුනි, මේ සියලු දෙනා සැක කාරයෝ පමණයි. වැරදි කරුවන්ද කියල තීරණය කරන්නේ උසාවිය. එතකල් දඬුවම් නියම කිරීමෙන් වැලකුනොත් නේද හොඳ? (ස)
ලංකාවට අරාබි නීතිය තමයි සුදුසු (නි)
මෙහෙයවපු අයටත් හොඳට සලකන්න (ස)
බලාපල්ලකෝ කිසිම බයක් සැකක් නැතුව දේශපාලන මීටිමකට යනවා වගේ.(නදී)
අහිංසක ජීවිත ගණනාවක්ම නැති කළ මොවුන්ව එල්ලුම් ගහට යවන්න ඕනෑ. (නි)
මේ පවුකාරයන් මිනීමරුවන් බව ඔප්පු වෙලා නම් එල්ලුම් ගස් නොයවා තවත් මොනවා කරනවද? (නි)
පොලිසියට සුභ පැතුම්! ඔය විදියට හැම රාජකාරියක්ම හරියට කරන්න ඔබට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ලැබේවා! (නි)
අහිංසක මිනිස්සු මරලා තව කැමරාවට මුහුණ පෙන්නන ලස්සන බලන්න. හංගපු ආයුධ තිබුනේ නැද්ද? අපරාදේ. (නි)
දැන්වත් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන්න (නි)
අපේ අම්මාගෙන් ඇහුවම කියනවා මාරයගෙන් බේරුණත් ලංකා පොලිස්කාරයින්ගෙන් බේරෙනවා බොරු කියලා. බලාගෙන යනකොට ඒකෙත් ඇත්තක් තියෙනවා වගේ. (නි)
දැන් පෝරකය නිවාඩු ගත්තා මදිද? (නි)
මෙයාලව මරලා දාන්නයි තියෙන්නේ. අතහැරියොත් ආයිත් තව කාවහරි මරයි. (නි)
ඇත්තටම මේ මිනිසුන්ට මොනවා වෙලාද මේ අසරණ මිනිසුන් මරන්නේ.. කොහොම අනත් මේ මිනිසුන් විතරක් නෙමෙයි මේක පිටුපස මේ අයව මෙහෙයවපු කට්ටියටත් උපරිම දඩුවම් දෙන්න ඕන.. රටටම ආදර්ශයක් වෙන්න..!(නු)
මොවුන්ට එල්ලුම් ගහ නියම කළ යුතුයි (නි)
දැක්කත් අපලයි මේ වැනි නොමිනිසුන් කැත්තත් පොල්ලත් අරගෙනලු දැන් ඉතිං මුන්ටත් හෙට හිරු පායන්නට කලින් යැවුවත් පවු නැහැ යම පුරයට හෙමින්... (නි)
මේ අය ලෝකයට බරක්. (නි)
කවුද මේ මිනීමරුවන්ගේ කරට අත දාගෙන යන්නේ. මිනීමරුවන් උසාවියට ගෙනියන්නෙ මෙහෙමද? මොනවද මේ වෙන්නේ? මේ වගේ අපරාධ නඩු කල් නොයවා විභාග කර මරණීය දණ්ඩනය දිය යුතුයි. එහෙම නොවන නිසයි අපරාධ වැඩිවී තිබෙන්නේ. (නි)
නංගී ඉනෝකා, කරට අතදාගෙන යන්නේ ආරක්ෂක නිලධාරීන්. තව මුන්ගෙන් දැනගන්න දේවල් ගොඩක් තියෙනවා. මම නම් මුලු හදවතින්ම සුභ පතනවා. (නි)
සියළු වර්ගයේ පාපතරයන් (මිනීමරුවන්, ස්ත්‍රී දූෂිතයින්, ළමා අපචාරකයින්, කුඩු ආනයනය හා අපනයනය කරන්නන්) යහතින් වැජඹේවායි ප්‍රාර්ථනා කරමු! ඔවුන්ගේ සිතුම් පැතුම් සියල්ල සර්ව ප්‍රකාරයෙන් ඉටුවේවා !!!!!! (නි)
නැවත මෙවැනි අපරාධ නොකරන්න ප්‍රසිද්ධියේ දඩුවම් දෙන්න ඕනෑ (නි)
පොල් කඩන කෙනා නිකං අහවලා වගේ. (නි)
සාක්කි හරිනම්, මෙයාලා වැරදිකරුවන් කියලා ඔප්පුකරන්න පුලුවන් නම්, වහාම එල්ලුම් ගහට නියම කරන්න. අනිත් පාපිෂ්ටයන්ට මරණ බය දැනෙන්න. සැ.යු ප්‍රමාදය පසුතැවිල්ලට මුලය කියලා කතාවක් තියනවා අමතක කරන්න එපා. (නි)
මෙතනට ඇවිල්ලත් තියෙන ලොකු කම මෙයාලගේ..!(නු)
එළියට ආවහම මෙයාලව මරලා දාන්න ඕනෑ. (නි)
අපරාදෙ මේගොල්ල උසාවියට ගෙනියන්නේ..!(නු)
මේ අයගේ මූණ බළන විටම පේනවා මැරයෝ කියලා.. කන්න දිදී තියා ගන්නවට වඩා මෙවැනි අපරාද නඩූ මාස ගණන් කල් නොයවා,විභාග කර මරණීය දණ්ඩනයම දිය යූතූයි. එසේ නොකලොත් මීට වඩා දරැනූ ගනයේ අපරාද සිදූවීමට ඉඩ ඇත. (නු)
කෝ එතකොට ධර්මසිරි..?(නු)
දෙව්න්දර තුඩුව සහ පේදුරු තුඩුව අතරමැද සිදුවූ චුටි මිනීමැරුම් ටිකක් සහ ස්ත්‍රී දුෂණ ටිකක්ද?(නු)
මෙහෙම අයව එක්කගෙන යන්න සගවපු ආයුධ හොයන්න. (නි)
පොල් කඩනවා වගේ මෙයාලගෙ අතපය කඩලා දාන්න ඕනෑ. (නි)
පොල් කඩන එක නවත්තලා මිනි මැරුවානම් ඈතුළටම යමල්ලා. දෙකේ පහේ මිනිස්සු හින්දා කවදාවත් පොදු සමාවක් නම් ලැබෙන්නෙ නැහැ. (නි)
පේනවා නේද ආශ්චර්යයයේ වැඩ වල හැටි? (නි)
ලංකාවට මරණ දඩුවම ගෙනෙන්න කාලයයි මේ... (නි)