උදයන් පුවත්පතේ කිලිනොච්චි ශාඛා කාර්යාලයට අද අලුයම පොලු ප්‍රහාරයක් එල්ල වී පුවත්පත් බෙදාහරින්නන් දෙදෙනකු සුළු තුවාල ලබා කිලිනොච්චි රෝහලට ඇතුළු කළ බව පොලිසිය කියයි.යාපනයේ මුද්‍රණය කළ පුවත්පත කිලිනොච්චි හා මුලතිව් දිසාවන්හි බෙදා හැරීමට සූදානම් වෙද්දී මේ ප්‍රහාරය එල්ලවූ බවත් උදයන් කාර්යාලයය කියයි. මේ වසරේ මීට පෙර උදයන් දිනකුරල් හා වාලම්පුරි පුවත්පත් බෙදාහරින්නට ප්‍රහාර තුනක් එල්ල විය. අද අලුයම ප්‍රහාරය කළ අය හෝ ඊට පෙර ප්‍රහාර එල්ල කර අය මෙතෙක් පොලිසියට අසු වී නැත.
.jpg)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහාම කමිටුවක් පත් කරන්න (දී)
කාගේ පුවත්පතක්ද මේක (දී)
දෙවියනේ... මොන වදයක්ද ? (ස)
මාධ්‍ය නිදහස ඇහිරිලා (දී)
අපි ලංකාදීපේ බලන්නේ අන්තර්ජාලයෙන් නිසා අපේ කොම්පියුටරේටත් පොලු පාරක් වදීවිද? (නි)
පොලුපහරට ඔහොම භය නම් වෙඩි පහරකට කොහොම භය වෙයිද? (නි)
ඉතින් මේ මිනිස්සු මෙහෙ ඉන්ට බෑ කියලා බෝට්ටු වලින් රට යද්දී කියන්න මේ යන්නේ කොටි කියලා.(නදී)
ජිනීවා යන එක අහන්ට දෙයක්ද?(නදී)
එයාලම ගහගත්තා වද්ද ? (නි)
දැන් ඉතින් කාලය හරි වෙනසක් දකින්න. (නි)
කිසි විටක මාධ්‍ය බය නොවිය යුතුයි (දී)
දෙමල සන්දානෙම චන්ඩි මේ වැඩේ කරලා දැන් එනව හමුදාවේ පිටින් යවන්න.(නදී)
ඔය රකින්නේ මානව හිමිකම් අපුරුවට. ඔහොම යමු. (නි)
මේ ප්‍රවෘත්තිය හැම විදෙස් මාධ්‍යයකම වගේ වාර්තා කරලා තිබුණා විතරක් නෙමෙයි, ලංකාව මාධ්‍යවේදීන්ට ලෝකේ තියන වඩාත් අනතුරුදායකම රට කියලයි කියලා තිබුණේ. (නි)