IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයට නිසි බලධරයෙක්

(අංජුල මහික වීරරත්න)

පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයට නිසි බලධාරියෙක් පත් කිරීමටත්,එම විශ්වවිද්‍යාලය “ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන කේන්ද්‍රයක්” බවට පත්කිරීමටත් කඩිනමින් කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මල්වතු පාර්ශ්වය සහ අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභාව සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර මහනුවර ජනාධිපති මන්දිරයේ දී අද (19) පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

පිරිවෙන් අධ්‍යාපනයේ ගුණාත්මක තත්ත්වය ඉහළ නැංවීම අත්‍යවශ්‍ය බවට කාරක සංඝ සභික ස්වාමීන් වහන්සේලා කළ යෝජනාව නියත වශයෙන්ම ක්‍රියාවට නංවන බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

රට තුළ බෞද්ධ ප්‍රබෝධයක් ඇති වන අන්දමින් 2023 වෙසක් උත්සවය රාජ්‍ය මැදිහත්වීමෙන් පවත්වන ලෙස මල්වතු අස්ගිරි කාරක සංඝ සභික ස්වාමීන්වහන්සේ කළ ඇරයුම ද ජනාධිපතිවරයා පිළිගත්තේය. බෞද්ධ භික්ෂුන් වහන්සේලාට සහ විහාරස්ථානවල පවතින ගැටලු සම්බන්ධයෙන් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කෙරුණු අතර ඒවාට ලබාදිය හැකි සියලු විසඳුම් ලබාදෙන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. ඉදිරි වසර එකහමාර ඇතුලත රටේ ආර්ථික ස්ථාවරත්වය ඇතිකිරීමට කටයුතු කරන බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා මෙම වසර අවසන් වීමට පෙර ජනතාවට සහන ලබා දිය හැකි ආර්ථිකයක් රට ගොඩනඟන බව ද පැවසීය.

 



අදහස් (2)

පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයට නිසි බලධරයෙක්

බිම්බිසාර​ Sunday, 19 February 2023 08:07 PM

විශ්වවිද්‍යාලවල ඉගෙනගෙන නම්බුනාම, තනතුරු සමග චීවරය​ දරන්නේ දෙව්දත්තගේ පිරිසයි​. ඔවුන් තර්කයේ කෙළ පැමිණියෝය​. එහෙත් සරල බුදුවදනක අරුතවත් නොරඳාගත්තෝය..​. කිරිගරුඬ පොළවක කැතකුණු වගුරවමින් හැසිරෙන නොදරුවන් සේම ශාසනය අපවිත්‍ර කරන්නෝය​​. ඉවක් බවක් නැති ස්වයං චින්තනයකට නැඹුරු නොවූ ජනයා ඔවුන් සුපෝෂණය කර ඒ කැතකුණු මත ඇවිදිමින් නිරන්තරව​ ලිස්සා වැටෙන්නේය​... ​

:       0       1

විජිත් Monday, 20 February 2023 03:33 AM

88-89 කාලයේ මිනීමරු ප්‍රේමදාසත් එක්ක එකතුවෙලා බටලන්දේ වධකාගාරයේදී තරුණ තරුණියන් සියගණනක් වදදී මරාදමපු වධකයා කියනවා 2023 වෙනසක් උත්සවය මහා ඉහලින් සමරන්න රාජ්‍ය අනුග්‍රහය දෙනවා' ( නායක හාමුදුරුවරුන්ගේ ඉල්ලීම අනුව ) කියලා.එතකොට අනවශ්‍ය වියදම් එපා කියලා ගහපු ගැසට් එකට මොකද වෙන්නේ ? මේකා අමු පිස්සෙක් !!!

:       2       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2473 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 604 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1196 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


වාර්තා බිඳ විජිත කප් එක ගනී
2024 නොවැම්බර් මස 15 6160 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 842 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 5197 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 301 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1728 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site