කහවත්ත කොටකෙතන අවසන් ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි පොල් කඩන්නා පැල්මඩුල්ල අතිරේක මහේස්ත්‍රාත් චාන්දනී නිරංජලා ඩයස් මහත්මිය ඉදිරියේ දෙපැයක පාපොච්ඡාරණයක් කෙළේය. රක්වාන සංචාරක උසාවියේ නිලකාමරයේ දී එම පාපොච්ඡාරණය කෙළේ ආචාරිගේ සිරිපාලයි. පසුගිය ජූනි 19 වැනි දා මහා රෑ යූ.ජී. ප්‍රේමවතී (65) හා එන්ජී.පුෂ්පා කුමාරි (33) මවත් දියණියත් ඝාතනය ලක්වූහ. ඔහු එම නිවෙසේ පොල් කැඩූ පුද්ගලයා විය. සිරිපාල වැලිකඩ බන්ධනාගාරයේ තබන ලෙස ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොල් කඩනවා වාගෙම කඩල දාන්න ඕන..............(ස)
දක්ෂ පොලිස් නිලධාරීන්ට අපේ උත්තමාචාරය! (නි)
පවු දෙයියනේ අහිංසකයා. ලොකු සල්ලිකාරයෙක් හරි දේශපාලුවෙක් හරි නෙමෙයි නම් මේ වගේ පොඩි වැරැද්දක් කළත් පටස් ගාල අහුවෙනවා. (නි)
ඇයි මේ මිනිහට 'පොල් කඩන්නා' කියන්නේ? නම සිරිපාල නේද? (නි)
පොල් කැඩුවේ වත්තෙද ? , නිවසෙද ? (ස)
ආශ්චර්යයේ පිවිසුම. (නි)
හැමදාම පොල්ගස් නගින එකේ කිසි ජොලියක් නැති නිසා, හිතන්න ඇති එල්ලුම්ගහටත් ගිහින් බලන්න. පොල්ගහ වගේද එල්ලුම්ගහ කියලත් ?
මේ තක්කඩියන් ඉක්මණින් එල්ලා දමන්න. (නි)
පොල් කඩන්නට එම වැඩය බාරදුන් මැරයට දඩුවම් දෙන්න ඕන පොල් කඩන්න විස්තර කිව්ව නිසා තමයි සුල මුල සොයාගන්න පුළුවන් උනේ (ස)
මෙහි සියලු ගෞරවය අපේ පොලිසියට හිමිවිය යුතුයි. (නි)
සිරිපාලට දඩුවම් ලැබේවි . ඒත් අනිත් අයට ??.....(ස)
ගල් ගහලා මරන්න ඕනි (ස)
ධර්මසිරිගෙ හාම්පුතාට දඩුවම් නැද්ද? (නු)
මේ මිනීමැරැම්වලට සම්බන්ධ සියළු දෙනාටමමරණ දඩුවම දිය යුතුයි..! එය ක්‍රියාත්මක විය යුතුයි..!(නු)
අර මුකුත් මතක නැති කෙනාට මොකද උනේ හැබෑටම මටත් මුකුත් මතක නෑ (ස)
හැකි තරම් ඉක්මනට එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීමට ලැබේවා (ස)
ආයුධ පෙන්නන්න එක්ක යන්න ඕනි මේ තුන්දෙනාවම . මුලු රටටම බරක් මේ අයව (ස)
කෝ මේ අලුගෝසුවා මහත්තයා? ඇවි දන්නේ නෑ පරක්කු?
නිතිය දිනනවා (දී)
මෙයාව මරන්න ඕනි එළපිට (ස)
සිරිපාලට මිනිහගේ දරුපව්ල ගැනත් හිතෙනවා ඇති , ඔහොම විදවන්න අරින්නත් ඕනි (ස)
නිතිය ක්‍රියාත්මක කරන්න
රොහාන් ඕලුගල මහතා යනු ලක් මවට මහත් කීර්තියක් ලබාදෙන පොලිස් නිලධාරියෙකි. ඔහුගේ හැකියාවන් ස්කොට්ලන්යාඩ් රහස් පොලිසියද අභිබවා යන තරම්ය. ඔහු මෙම අපරාධ කරුවන් සොයා ගැනීමේ කටයුතු වලින් හදිසියේම ඉවත් කලා කියන්නේ ඇත්තද? අපේ රටේ එහෙම වෙන්නෙ ඇයි? (ස)
අයියෝ සල්ලි ....
මෙයාලව ආයුධ පෙන්නන්න ගෙනියන්න. කවදාද එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්නේ? (නි)
අමිල ඔබ වැලිමඩට අපහාස කිරිම ගැන මම කණගාටුවෙනවා..!(නු)
අපේ රටේ වගකිවයුතු අය ඇයි දැන්වත් එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්නේ නැත්තේ..!(නු)
( http://www.paparasinewslanka.com/2012/10/blog-post_394.html#more ) (ස)
ධර්මසිරි වගේ අයව පළාත් සභාවට පත්කරන්න කතිරය ගහපු අයට දෙන දඩුවම මොකක්ද? (නි)
මේ මිනිහට ආයුධ පෙන්නන්න එක්ක යන්න. (නි)
දැනට රටතුල සිදුවන සිද්ධි ගැන බලනවිට සමාජය අාධ්‍යාත්මික පරිහානියක් කරා ගමන් කරන බව පැහැදිලියි.යුදධය නිමකලාෙස්ම අධ්‍යාත්මික සංවර්ධනයටද ප්‍රමුඛත්වයක් දී ක්‍රියා කිරීම ඉතා ශුභයි.(නු)
මමනම් හිතන්නේ දැන් ලංකාවේ අනිවාර්‍යයෙන්ම එල්ලුම්ගහ ක්‍රියාත්මක වෙන්න ඕනි...මොකද මේ දඩුවම නොදෙන නිසයි අපරාධ රැල්ල දැන් එන්න එන්නම වැඩි වෙලා තියෙන්නේ ..(ස)
පොලිසිය මෙහෙම දේවල් හොයගන්නකොට මිනිස්සුන්ට පොලිසිය ගැන තියෙන විශ්වාසය වැඩිවෙනවා. (නි)
නිසි දඩුවම් ලබාදෙන්න..!(නු)
පොල්කඩන්නාට නිසි දඩුවම් දියයුතුයි. (නි)
පොල් කඩන්නාටද නිසි දඩුවම් දිය යුතුයි..!(නු)
තව එලිවෙනවා.. කහවත්ත ජනතාවනි කළබල කරන්න එපා.. ඝාතකයන්ට කවදාවත් හැංගිලා ඉන්න බැහැ.. විදවලා මැරෙන්න දෙන්න ඕන.. ආරක්ෂක නිලධාරීන්ට ජය වේවා..!(නු)
අයියෝ සිරිපාල...(නු)
ඔය වගේ අපරාධ කොහොම කළත් අහුවෙනවා.. ස්වාභාවධර්මය හරි ඔවුන්ට දඩුවම් කරාවි..!(නු)
පොල් උලේම තැබිය යුතුයි...(නු)
කෝ මේ මිනිස්සුන්ව මෙහෙයවපු අය? (නි)
නිතිය ක්‍රියාත්මක කරන්න දැන් පහසුයි (දී)
සිරිපාලගේ රන්මැණිකාගේ නම් ප්‍රසිද්ධ කරනවා. අධිවේගී මාර්ගයේ ඊයේ ගිය නියෝජ්‍ය ඇමතිගේ නම තවම පළ වුනේ නැහැ. (නි)
වැලිකඩ නෙමෙයි, යවන්න ඕනෑ වැලිමඩට. (නි)
නියමයිනේ
උල තියන්න ඕනෑ. (නි)
ලලිත් සහ සම්පත්ගේ කීමට මමත් එකගයි. (නි)
මෙයාලගේ අධෝ මාර්ගය මහලා, බඩ යන්න බෙහෙත් දෙන්න ඕනෑ. (නි)
මේ අය එක පාරක් මරලා මදි..!(නු)
මෙයාලා නිසා යම රජුටත් වැඩ වැඩිවෙලා ඇති. (නි)
ජීවිත දෙකක් අමූ අමූවේ මරා දමපූ මේ තූන්පත් රෑනටම, දිය යූතූ ඉහළම දඩූවම, මරණීය දණ්ඩනය දිය යූතූයි. ඒ කවදාටද....?? (නි)
පොල්කඩන්නා පොලුත් කඩනවා. කුලියට මිනීත් මරනවා. (නි)
කොටකෙතන ගමේ සියළු අපරාධකරුවන්ටත් අනෙක් අයටත් ආදර්ශයක් වෙන විදියට දඩුවම් ලැබේවා..! අහිංසක ජීවිත බිලිගත්තාට..!(නු)
දැන් ඉතින් ඔක්කොම හරි නිතිය ක්‍රියාත්මක කරන්න (දී)
මහමොළකරුට නිසි දඩුවම් දෙන්න. (නි)
රජකාලේ දඬුවමක් තිබුනලු, එකළඟ හිටවපු පුවක් ගස 2 ක් කරටියෙන් එකට ළංකරලා ලණුවකින් ගැටගහලා, වැරදිකරුවන්ව අල්ලලා ඒ ගස්දෙකේ කරටියට පහළින් ගැටගහනවලු කකුල්දෙක. පස්සේ ගස්දෙක එකට අල්ලලා ගැටගහලා තියෙන ලනුව කපනවලු. මෙයත් පොල්ගස් නගින්නෙක් නිසා මෙයාට එම දඬුවම දෙමු, දෙකට පැලෙන්න. (නි)
ඇප නුදුන්නොත් තවත් මරනවද? (නි)
දෑන් ඉතින් අපි කොහොමද පොල් ටික කඩාගන්නෙ? (නි)
අනේ මෙහෙමත් ධර්මද්වීපයක්...? (නි)
පොල් පොල් පොපොල් පොල්.... පොල් කඩාගෙන හිටියා නම් ඉවරනේ. මෝඩයා. (නි)
නිතිය තමයි දැන් තියෙන්නේ
කෙනෙකුට දඩුවමක් දෙන්නේ තව කෙනෙකු නැවත එම වැරද්ද කිරිමට බියක් සිතතුළ ඇති කිරිමටයි. රජකාලේ දඩුවමක් දුන්නේ සමාජයේ ඉදිරිපිට [එළිමහනේ]අද බිත්ති හතරක් මැද සුඛෝපභෝගි දඩුවම්. මහජනයා ඉදිරියේ මෙවැනි අය කොළනැති ගහේ එල්ලුවොත් හොදයි. (නි)
රඳවා තබාගෙන මහජන මුදල් වියදම් නොකර, පාතාලයේ අය අල්ලා ගත්විට දෙන දඩුවම දුන්නා නම් තමයි හොද. (නි)